කැසිනෝ බදු සහන ගැසට් පත්‍ර

සිංගප්පූරුවේ සෙන්ටෝසාහි කැසිනෝහලක්
කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ හා ග්ලෙනි වීදියේ යෝජිත කැසිනෝ ව්‍යාපාර සඳහා බදු සහන යෝජනා කරන ගැසට් පත්‍රයට ලින්කුව මෙන්න.

අධ්‍යයනය කර අදහස් දැක්වීම සඳහා පක්ෂ, විපක්ෂ, පතෝල සියලු පාර්ශ්ව වෙනුවෙනි.

අප වෙත ලබා දුන් නීතිඥ ජගත් ලියනඅාරච්චි සොයුරාට ස්තුතියි. 

පසුගිය දවසක මම එක්තරා ආයතනයක් වෙනුවෙන් කැසිනෝ සම්බන්ධ පරිවර්තනයක් කළා. එය වනාහි සිංගප්පූරු අගමැති ලී හ්සියන් ලූං විසින් 2005 අපේ‍්‍රල් 18 දින එරට පාර්ලිමේන්තුවේදී පවත්වන ලද කතාවකි.

සිංගප්පූරුවට කැසිනෝ හඳුන්වා දුන්නේ විස්තීර්ණ නිකේතන කියන නමින්. එයින් කියැවුණේ ඒවා හුදු කැසිනෝහල් නො වන, කැසිනෝහල එක් කොටසක් පමණක් වන හෝටල්, නිකේතන, සම්මන්ත්‍රණ ශාලා ආදියෙන් සමන්විත පුළුල් මධ්‍යස්ථානයක් බවයි. 

දැන් ජේම්ස් පැකර්ගේ ලංකා නියෝජිත රවි විජේරත්නත් කියන්නේ ඔය කතාව ම තමයි. ඔහු කියන්නේ ඔහු ලොකු හෝටලයක් හදනවා. එතැනට තමන්ගේ ලියාපදිංචි කැසිනෝව ගෙන යනවා කියලායි.

සිංගප්පූරුවේදී දක්නට ලැබුණු වෙනස වුණේ ඒ රටේ ආණ්ඩුව කොළේ වහලා ගහන්නේ නැතිව ප්‍රශ්නය ජනතාව එක විවෘතව සාකච්ඡා කිරීමයි. ඔවුන් කියනවා, ඇයි ඔවුන්ට මේ වැඩේ කරන්න සිදු වෙන්නේ කියලා. ඒ පසුපස තිබෙන අදහස වන්නේ නවීන ධනේශ්වර ලෝකයත් සමග තරගකාරීව පැවැත්ම සඳහා ඔවුන්ට කැසිනෝ ගෙන එන්නට සිදු වන බවයි. එහි අහිතකර පැති නැති කරන්නත් ඔවුන් යෝජනා ඉදිරිපත් කරනවා. ඒ විතරක් නොවෙයි, කැසිනෝවලට විරුද්ධව කතා කරන අයවත් අගය කරනවා.

මේ සිංගප්පූරු අගමැතිවරයාගේ කතාවේ කොටස් කීපයක්:

"සිංගප්පූරුවේ ද සංචාරක සංඛ්‍යා ඉහළ යමින් තිබේ. එහෙත්, අනාගතය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් තිබේ. 1998දී 8%ක් වූ ආසියාවේ අපේ සංචාරක වෙළඳපොළ පංගුව 2002 වන විට 6%ක් දක්වා පහත වැටිණි. සංචාරකයන් සිංගප්පූරුවේ ගත කරන කාලය අඩු වී තිබේ. 1991දී සාමාන්‍යයෙන් දින හතරක් මෙහි රැුඳුණු සංචාරකයෝ දැන් රැුඳෙන්නේ දින තුනක් පමණි. සන්සන්දනාත්මකව බැලූ කල සංචාරකයෝ සාමාන්‍යයෙන් දින හතරක් හොං කොංහි ද, දින පහක් ලන්ඩන්හි ද, පුරා සතියක් නිව් යෝක් නගරයේ ද රැඳෙති. අපේ සංචාරක ආකර්ශනය ගිලිහෙමින් තිබේ.
"පළමුව අපි ස්වදේශිකයන්ගේ පිවිසීම සීමා කරන්නෙමු. එ් සඳහා විකල්ප ක‍්‍රම ගණනාවක් ම අපි අධ්‍යයනය කර තිබේ. ඉහළ ඇතුළුවීමේ ගාස්තුවක් අය කිරීමට අපි තීරණය කළෙමු. එය දිනකට ඩොලර් 100ක් හෝ වසරකට ඩොලර් 2000කි. ඩොලර් 100ක් යනු බටම් වෙත යාත‍්‍රාවකින් යාමට අය කරන ගාස්තුවටත් වැඩි වටිනාකමකි. එයින් බොහෝ සාමාන්‍ය සූදුකරුවන් අධෛර්යය කෙරෙනු ඇත. මෙය අදාළ වන්නේ සිංගප්පූරු ජාතිකයන්ට හා ස්ථිර පදිංචිකරුවන්ට පමණි.
"දෙවනුව අපි බැහැර කිරීමේ ක‍්‍රමවේදයක් අනුගමනය කරන්නෙමු. ආර්ථික දුෂ්කරතා ඇති හෝ සමාජ ආධාර ලබන අයට ඇතුළුවීම තහනම් කරනු ලැබේ. සිංගප්පූරු ජාතිකයන්ට තමන් හෝ තමන්ගේ සමීප පවුල් සාමාජිකයන් ඇතුළු වීම වැළැක්විය හැකි ය.
"එසේම, ස්වදේශිකයන්ට ණය දීම කැසිනෝවලට තහනම් කරනු ලැබේ. එමගින් ඔවුන්ට පරාජය වීමට හැකි වන්නේ තමන්ට හැකි ප‍්‍රමාණය පමණි.
"සිව්වනුව, විස්තීර්ණ නිකේතනවල සූදු ආදායමෙන් යම් සමාජ සත්කාර්යයක් වනු ඇතැයි අපි වග බලා ගනිමු. අශ්ව රේස් වැනි වෙනත් සූදුවලදී ද එසේ කරනු ලැබේ. කැසිනෝහල්වල ඇතූළුවීමේ ගාස්තුව අපි එ් සඳහා යොදා ගන්නෙමු.
"පස්වනුව, සූදු ප‍්‍රශ්නය විසඳීම පිණ ිස අපි ජාතික රාමුවක් සකස් කරන්නෙමු. එයට සූදු ක‍්‍රීඩා පිළිබඳ ජාතික සභාව හා දුක්ඛිත තත්වයට පත් සූදු අන්තුවන් වෙනුවෙන් උපදේශන හා වෙනත් වැඩසටහන් ඇතුළත් වේ.
"විස්තීර්ණ නිකේතන ආරම්භ කිරීමෙන් ඇති විය හැකි අනෙක් ප‍්‍රශ්නය වන්නේ අප අමාරුවෙන් ගොඩ නඟා ගත්, අපේ මහාර්ඝ සම්පතක් වන, සිංගප්පූරුවේ ජාත්‍යන්තර කීර්තිය නැති වීමයි. සිංගප්පූරුව පිරිසිදු, අවංක, ආරක්ෂිත, නීති ගරුක, සමස්තයක් ලෙස ජීවත් වීමට හා පවුලක් හදා වඩා ගැනීමට හොඳ තැනක් ලෙස ලෝකයේ ලබා තිබෙන කීර්තිය අහිමි කර ගත යුතු නැත."
මෙන්න මේ කෑල්ල නම් ලංකාවට අදාළ නැත. මන්ද, ලංකාවට සිංගප්පූරුව මෙන් කීර්ති නාමයක් නැත.
"විස්තීර්ණ නිකේතන ආරම්භ කිරීමෙන් ඇති විය හැකි අනෙක් ප‍්‍රශ්නය වන්නේ අප අමාරුවෙන් ගොඩ නඟා ගත්, අපේ මහාර්ඝ සම්පතක් වන, සිංගප්පූරුවේ ජාත්‍යන්තර කීර්තිය නැති වීමයි. සිංගප්පූරුව පිරිසිදු, අවංක, ආරක්ෂිත, නීති ගරුක, සමස්තයක් ලෙස ජීවත් වීමට හා පවුලක් හදා වඩා ගැනීමට හොඳ තැනක් ලෙස ලෝකයේ ලබා තිබෙන කීර්තිය අහිමි කර ගත යුතු නැත."
දැන් මේක ලිව්වාම අපි කැසිනෝවලට පක්ෂ ද කියා අසන අයට අපට කියන්නට සිදු වන්නේ මෙයයි. ලංකාවේ ආණ්ඩුව කැසිනෝ හා එහි හොඳ නරක සියලු පැති ගැන විවෘතව සාකච්ඡා කර ප්‍රජාතන්ත්‍රවාදී අන්දමින් තීරණයකට එළඹිය යුතුයි. 

සූදු ක්‍රීඩා ඈත අතීතයේ සිට ම සමාජයේ තිබුණා. එය ඇතැම් ජන කණ්ඩායම්වලට විනෝදය සපයන අවදානම් ක්‍රියාවක්. මිනිසුන් සතුට ලබන සෑම ක්‍රියාවක් ම ආරක්ෂාකාරී නැති බව විමසා බැලුවොත් පෙනෙනවා. ජනතාව සූරා කන ධනවතුන්ගේ මුදල් සංසරණය වන්නත්, ගනිකා වෘත්තියත් ඇතුළත් සියලු රැකියා මාර්ග හරහා ඒවා පහළ සමාජ පංතීන් වෙත කාන්දු වන්නත් කැසිනෝ යම් අන්දමකින් ඉවහල් වෙන්න පුළුවන්. 

මේවා යහපත් ජීවිතයකට බාධාකාරී අවකල්ක්‍රියා බව අපි පිළිගන්නවා. ඒත්, තහනම් කිරීම් මගින් සමාජය ශික්ෂණය කිරීම නිවැරදි ක්‍රියාමාර්ගයක් නොවෙයි. ඒවායින් මිදෙන්න නම්, කම්කරු පංතිය බුද්ධිමත් කිරීමේ අධ්‍යාපනික හා සමාජ ක්‍රියාවලියක අප දිගට ම නියැලිය යුතුයි. බුද්ධිමත් සමාජයක මිනිසුන්ට තෝරා ගැනීමේ අයිතිය ලබා දීමයි සිදු විය යුත්තේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. පැරාගෙ අදහස මොකක්ද?

    ReplyDelete
    Replies
    1. මගේ අදහස ලිපියට අප්ඩේට් කර තිබේ.

      Delete
  2. මේ පෝස්්ට් එක බ්ලොග් රෝල්වල අප්ඩේට් වෙලා නැත.
    මා දැක්කේ FB එකෙනි.

    කතන්දර කාරයා

    ReplyDelete
    Replies
    1. Kohoma hari ubata kiyawanna puluwan wuna ne Kari kathaa

      Delete
  3. මම ඉගෙන ගන්නා කාලයේ රාත්‍රියේ අමතර මුදලක් හොයා ගන්න කොලඹ කැසිනෝවක වැඩ කළා. රුපියල් 40,000 කට කිට්ටු මුදලක් මටත් ලැබුනා මාසෙකට.

    මම හිතන්නේ සිංගප්පූරුවේ වගේ දැඩි රෙගුලාසි යටතේ මේක කෙරුවට කමක් නෑ. ඒත් ලංකාවේ නිතිය වල් වැදිලා හින්ද ඔය මොන නීති දැම්මත් එව්වා හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑනේ.

    මෙතැනදී අජිත් පැරකුම් කැසිනෝ වලට සෘජුව විරුද්ධ නොවන්නේ මෙව්වට යන්නේ ධනපති පන්තියේ අය හින්දද? ඒ කියන්නේ පැරකුම් කියන්නේ ධනපති පන්තියේ අයට ඕනා දෙයක් උනාට කමක් නෑ කියන එකද?

    ..

    මම හිතං ඉන්නේ කැසිනෝ එකේ වැඩ කරද්දී සිදුවූ දේවල් ගැන ලිපි කිහිපයක් ලියන්න. ගොසිප් 9 වෙබ් අඩවිය තිබුනා නම් ඒකට ලියන්න තිබුනා.
    මම ඒ ගැන ලියලා එව්වොත් මේකේ පල කරන්න පුලුවනිද ?

    ReplyDelete
    Replies
    1. ලියා එවන්න. පළ කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ‍

      මා අදහස් කරන්නේ අප ජීවත් වන්නේ සමාජවාදී සමාජ ක්‍රමයක නො වන නිසා, පවත්නා පාරිභෝජනවාදී ධනේශ්වර සමාජයේ එක් ලක්ෂණයක් පමණක් වන කැසිනෝවලට පමණක් රුද්ධ වීම අරුත් සුන් දෙයක් බවයි.

      ලංකාවේ පීඩිතයන්ට රැකියා ලබා ගන්නට තිබෙන, සංචාරක ආදායම් වැඩි දියුණු කර ගන්නට තිබෙන මාර්ගයකට විරුද්ධ වෙන්න මට නම් හේතුවක් නැහැ.

      අනෙක කැසිනෝ විතරක් නැති වෙන්න තරම් සුචරිතවාදී රටක් නෙමෙයි මේ ශ්‍රී ලංකාව.

      Delete
    2. අජිත්....
      මම නම් විරුද්ධ වෙන්නේ මේ ණය බරින් මිරිකිලා ඉන්න,ආර්ථික අර්බුධයකින් විසිවෙලා යන්ඩ ලග සහ නියමිත මේ තුප්පහි ආන්ඩුවට මේක හොද ආවරණයක් වෙලා යාන්තමට ගැට ගහ ගන්ඩ පුලුවන් වෙයි කියන බයට
      ඉන්දික

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා