2013 පුවත්පත් නිදහස පිළිබඳ දර්ශකයේත් ලංකාව කළු පැල්ලමක්

ලොකු කර බලන්න පිංතූරය මත ක්ලික් කරන්න
ආසියාවේ ආශ්චර්යය ශ්‍රී ලංකාව ‍'දේශ සීමා නැති වාර්තාකරුවෝ' හෙවත් Reporters Sans Borders සංවිධානයේ 2013 වසරේ පුවත්පත් නිදහස පිළිබඳ දර්ශකය අනුව ලෝකයේ රටවල් 179ක් අතරින් ජයග්‍රාහී 162වන ස්ථානය හිමි කරගෙන තිබේ. 

ගිය අවුරුද්දට සාපේක්ෂව ප්‍රගතියක් නැත්තේ ද නැත. ගිය අවුරුද්දේ ශ්‍රී ලංකාව සිටියේ 163වන ස්ථානයේ ය. 

161වන ස්ථානයේ සිටින්නේ රුවන්ඩාවයි. 163 ස්ථානයේ සිටින්නේ සවුදි අරාබියයි. අප සිටින තැන සිතා ගැනීමට එය ම ප්‍රමාණවත් ය. අපගේ පරමාදර්ශී රාජ්‍යයක් වන චීනය සිටින්නේ 173වන ස්ථානයේ ය. 1,2,3 ස්ථානවල සිටින්නේ ෆින්ලන්තය, නෙදර්ලන්තය හා නෝර්වේ ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. මේ පෝස්්ට් එක බ්ලොග් රෝල්වල අප්ඩේට් වෙලා නැත.
    මා දැක්කේ FB එකෙනි.

    ReplyDelete
    Replies
    1. ඉතින් අපිට පාන්ද?........

      පැරාගෙ නම්බර් එක උඩ තියෙන්නෙ ඔය වගේ ප්‍රශ්න දැනුම් දෙන්න......

      කොමෙන්ට් සෙක්ශන් එක තියෙන්නෙ ඒවාට නෙවෙයි.....

      බුද්ධියෙන් අදහස් පළ කරන්න. Comment Wisely.

      Delete
  2. ආන්න බලන්න ආස්චරිය, හසංත මහත්තයෝ ආන්න බලන්න ආස්චරිය...අපේ මේ සදහං දිවයින ආසියාවෙ නෙමෙයි මුලු ලෝකෙම ආස්චරියක් වෙලා. ඇමරිකාව එංගලන්තෙ ඉන්නෙත් අපිට පල්ලෙහායිං...කවුද අපි එක්ක උරෙනුර ගැටී ඉන්නෙ..චිනෙ, කියුබාව, සුඩානය. සිරියාව, ඉරානය, සෝමලියාව, සවුදි අරාබිය..මොන තරම් ආඩම්බරයක්ද මහත්තයෝ...ඕක තමයි පුරාණ ඉරිසිවරු කිව්වෙ දාර්මික රජුන් පාලනය කරන යම් දේසයක්වේද එහි කීර්තිය උදෑසන නැඟෙන හිරුගේ රැස් මෙන් දසත විහිදී යන්නේය. මේ වෙලා තියෙන්නෙ ඒක නෙවෙයිද මාත්තයෝ?..ඒක නෙවෙයිද?

    …………………………………………………………………….

    හෙට දීනමින කතු වැකිය -

    ත්‍රස්තවාදීන් පරදවා අප ලැබූ අනුපමේය ජයග්ගරහනිය බටහිර රටවල ඇහැට කටු අනින්නාක්මෙන් වන බවට සාදක යලිත් වරක් පෙන්නුම් කොට ඇත. Freedom Of The Press Worldwide 2013 නම් දර්ශකයේ ශ්‍රී ලංකාව පුවත්පත් නිදහස ඉතාම භයානක ලෙස පහළ වැටී ඇති රටක් ලෙස වර්ග කොට ඇත.මේ පිළිබඳව අපගේ බලවත් විරෝධය සහ අප්‍රසාදය පලකල යුතුව ඇත.මොවුන් මේ පිළිබඳව සමීක්ෂණයේහිදී ( එසේ සමීක්ෂණයක් කලේ නම් ) අපගෙන් හෝ අපගේ කාර්ය මණ්ඩලයෙන් හෝ අප සහෝදර පුවත්පත වල සෙළුමින කාර්ය මණ්ඩයයෙන් කිසිදු විමසීමක් නොකල බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමි.

    සත්‍යය වශයෙන්ම අද මේ රටේ පුවත්පත් නිදහස උපරිමව ඇත්තේය. කිසිවකුත් නොදන්නා කලකට ඉහත මියගිය ප්‍රාදේශීය දේශපාලනඥයින් පිළිබඳව ( ඔහු පිළිබඳව කවුරුත් දැන සිටි එකම කරුණ වූයේ කලකට පෙර සිදුවූ සුප්‍රසිද්ධ ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගැනීමකදී එසේ කල පුද්ගලයා පසුපස යාම පමණකි )පුවත්පත් අතිරේක සම්පාදනය කිරීමේ නිදහස අපට නොඅඩුව ඇත.රටේ කිසිවකුට කිසිදු වැදගැම්මක් නොමැති ඉහලපෙලේ දේශපාලකයින් පිළිබඳව ඕපාදූප ලිවීමේ නිදහස අපට නොඅඩුව ඇත. රජයට විරුද්ධව අදහස් පලකරන සියල්ලන් කොටි හිතවාදීන් ලෙස හංවඩු ගැසීමේ නිදහස අපට නොඅඩුව ඇත. එසේ හෙයින් අප රටේ පුවත්පත් නිදහස නැතැයි පැවසීම සම්පූර්ණ අසත්‍යයකි. ඒ ශ්‍රී ලංකාවට මඩ ගැසීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයේම එක අංගයක් බව මනාසේ පැහැදිලිය,

    එසේම මේ ප්‍රවෘත්තිය උපුටා දක්වන බ්ලොග් ලියන්නන් නොදන්නා තවත් කරුණක් ඇත. එනම් ඉංග්‍රීසි භාෂාවෙහි එක් වචනයකට විවිධ අර්ථ තිබිය හැකි බවය. ප්‍රෙස් යන වදනින් පුවත්පත් කලාව මෙන්ම තද කිරීම යන අරුතද ලැබේ. ශ්‍රී ලංකාවෙහි රජය පිළිගත් Press Freedom යනු තද කිරීමෙහි නිදහසයි. දිනපතා බස් රථයෙන් රැකියාවට යනෙන ඕනෑම තරුණ හෝ එසේ නොවන කාන්තාවකගෙන් විමසුවහොත් බස් රථය තුලදී පිරිමින් අත්විඳින Press Freedom එක පිළිබඳව ඔබට සංස්කෘත මුසු හුදු හෙළ වදනින් මනා විවරණයක් අසා ගත හැකිවනු ඇත.

    ඒ අප රජය පිළිගත් Press Freedom එකයි. ඊට අමතරව වෙනත් Press Freedom එකක් අප නොදනිමු. එලෙසම වෙනත් Press Freedom එකක් අපට කිසිසේත් අවශ්‍යද නොවේ.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මෙතන පොඩි මිස් ෆයර් එකක් ගියා ...ඒක කව්රුත් දැක්කේ නැහැ...

      Delete
    2. ඒ වුනාට වෙරළු මල් සුවඳ තාම තියනවා......

      Delete
    3. අපි ඒක අමතක කරමු ...

      Delete
  4. ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය කාරයෝ කරන්නේ මතයක් හදන එකනෙ. ඒක කොහෙත් වෙනවා. මතකනේ Snowden කේස් එකේදී ඇමරිකාවෙ main stream මාධ්‍ය කොතනද හිටියේ කියල. මේවා ඉබේ වෙනවා කියල හිතන්නේ මෝඩයෝ. කොහෙත් මාධ්‍ය හසුරුවන්න කට්ටිය ඉන්නවා. ඒක ලංකාවේ එළිපිට අමු අමුවේ වෙනොකොට අමෙරිකාවෙ වෙන්නනේ අපැහැදිලි අදෘශ්‍යමාන විධියටයි. මටනම් හිතෙන්නේ RSB කට්ටියගෙ මේ දර්ශක වල ඒවගේ දේවල් සලකල බලන්නේ නෑ කියල.

    අනික් අතට මුළු ආසියාවම ජපනෙයි කොරියවයි ඇරුනහම මාධ්‍ය නිදහස නෑ කියලනෙ කියන්න තියෙන්නෙ. අපි හොඳ රටක් කියන සිංගප්පූරුව මේකෙ තියෙන්නෙ 149 වෙනියට. මේ ශ්‍රේණිගත කිරීම කොහොමද කරේ කියල මටනම් පැහැදිලි නෑ

    ReplyDelete
    Replies
    1. මාළු ඔලු කන්න හොදට මොළේ වැඩෙනවා.... එතකොට නිකම්ම තේරෙන්න ගන්නවා.....

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා