සමහර රටවලට වුවමනා වුණේ අප ලව්වා ප්‍රභාකරන්ව ඝාතනය කරවන්නයි කියා බැසිල් කියනකොට සිංහල ජාතිවාදීන්ගේ කතන්දරවලට මොකක්ද වෙන්නේ?

දැන් කිඹුල් කඳුළු හැලුවාට සමහර රටවලට වුවමනා වුණේ අප ලව්වා ප්‍රභාකරන්ව ඝාතනය කරවන්නයි.

පාර්ලිමේන්තුවේදී මේ ප්‍රකාශය කරන්නේ ඇමති බැසිල් රාජපක්ෂයි.

දැන් අපි සිංහලයන්ගේ ආරක්ෂක උපදේශක කීර්ති වර්ණකුලසූරියගේ හා නලින් ද සිල්වා, චම්පික රණවක, විමල් වීරවංශ ඇතුළු ජාතිවාදීන්ගේ ඉදිරිපත් කිරීම් සමග තබා බැලුවා ම ලොකු පරස්පරයක් තිබෙනවා. ඔවුන් කියන පරිදි බටහිර අධිරාජ්‍යවාදීන්ට, ඉන්දියාවට එහෙම උවමනා වුණේ ප්‍රභාකරන් ලවා ලංකාව දෙකඩ කර ඔවුන්ට ගැති දෙමළ ඊලමක් බිහි කර ලෝකයේ උතුම් ම ජාතිය වන සිංහලයන්ට කෙළවන්න නේ.

ඇමති බැසිල් කියන්නේ ඔය චම්පික රණවක වගේ ආප්පේ වාටිය කන කෙනෙක් නොවෙයිනේ. එයා ආප්පය තම්බන කෙනෙක්. ඇතිතට ම තතු දත් කෙනෙක්. ඒ නිසා මේක පැහැදිලි කාරණයක්. ඒ කියන්නේ බටහිරට උවමනා වුණා මහින්ද ලවා ප්‍රභාකරන්ට ගේම දෙන්න. හොඳයි, තව මොනවද ඕනැ වෙන්න ඇත්තෙ?

ලංකාව චීනය වෙත නැඹුරු වෙන්නට නො දී ඉන්දියාවත් සමග සිටිමින් ගෝලීය ධනවාදයේ වැඩසටහන අනුගමනය කිරීම බලාපොරොත්තු වෙන්න ඇති. මීට කලිනුත් ‍මේ කඳවුර විසින් ලංකාවට ඒ වෙනුවෙන් ආධාර කරන්න පවා සූදානම් වුණා නේ.

ලංකාවේ සුළුතර ජාතීන්ගේ බලය සඳහා ඉල්ලීම ඉටු වන පරිදි කිසියම් රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් බලාපොරොත්තු වෙන්න ඇති. ඒ කියන්නේ බලය බෙදා ගැනීමේ ව්‍යූහයක් බලාපොරොත්තු වෙන්න ඇති. ඒක දීර්ඝ කාලීනව ලංකාව ස්ථාවරව තමන්ගේ කඳවුරේ තබා ගැනීමට ඉවහල් වෙන කාරණාවක් නිසා.

ඒ වගේ ම ගෝලීය ධනවාදීන් බලාපොරොත්තු වෙන්න ඇති ලංකාවේ ආණ්ඩුව යම් දුරකට හරි තමන්ගේ අතින් සිදු වූ මානව හිමිකම් උල්ලංඝනයන් භාර ගනියි කියලා. ඒක නම් මම හිතන්නේ නවීන ලෝකයේ කාට වුණත් කරන්න සිදු වෙන දෙයක්. එහෙම නො කර ඉන්න නම් ඉතින් ලංකාවත් අැමරිකා එක්සත් ජනපදය වගේ බලවත් රටක් හෝ ඊශ්‍රායලය වගේ ඔවුන්ගේ අනුග්‍රහය ලබන රටක් වෙන්න ඕනැ.

අප මතක තබා ගත යුතු කරුණක් තමයි අපේ ආර්ථිකය රඳා පවතින්නේ ඔය අධිරාජ්‍යවාදී ය කියන ‍රටවලට කරන අපනයන මත බව. සරළව කීවොත්, අපි මේ චීනෙන් ගේන බඩු මිළ දී අරගෙන ඒවා පරිභෝජනය කරමින් බටහිරට ‍බනින්නේ බටහිර රටවල් අපේ බඩු මිළ දී ගන්නා නිසායි. එහෙම නැතිනම් සිංහල ජාතිවාදීන්ගේ පරම සතුරන් වන මුස්ලිම්වරුන් විසින් පාලනය කරනු ලබන අරාබි රටවලින් අපේ දුප්පත් ගැහැනුන්ට ගෘහ සේවිකා රැකියා දෙන නිසායි.

මම අහන්නේ සරළ කාරණාවක්. අපි ජීවත් වන්නේ මෙහෙම ලෝකයක නම්, ඉතින් අපි මේ බටහිර රටවල් කියන දේට ඇහුම් කණ් දුන්නා ම මොකක් වේවි ද?

ප්‍රභාකරන් මැරුවා ය කියලා උන් මහින්දව එල්ලන්නේ නැහැ. මහින්දට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා නම් ගන්නේ ඔහුගේ ආණ්ඩුව තමන්ට උවමනා පරිදි කටයුතු නො කළොත් තමයි.

ඇත්තට ම මහින්ද කටයුතු කරන්නේ ගෝලීය ධනවාදයට එරෙහිව ද? අපට නම් එහෙම එකක් පෙනෙන්නේ නැහැ. අප‍ට පෙනෙන දෙය වන්නේ ඔහුට ගෝලීය ධනවාදය තුළ පිළිගැනීමක් නැති වීමයි. ඒ ඔහු කස්ත්‍රෝ හරි චාවේස් හරි වගේ රැඩිකල් පාලකයෙක් නිසා නො වෙයි. ඔහු මේ චම්පික රණවකලාගේ මුග්ධ පසුගාමී ජාතිවාදයට යට වී ලංකාව දීර්ඝ කාලීනව අස්ථාවර වන අන්දමේ ක්‍රියාමාර්ග ගනිමින් සිටින නිසායි.

තමන්ගේ නියෝජිතයා වන රනිල් වික්‍රමසිංහ නායකත්වය දෙන එක්සත් ජාතික පක්ෂය බලයට පත් කර ගන්න ඔවුන් කැමති ඇති. ආණ්ඩුව මාරු වුණොත් තමන්ගේ සොරකම්, වංචාවන් හෙළිදරව් වේවි ය කියලා මේ අය ගූ බයයි. නැතිනම් ආණ්ඩු මාරුවීම් කියන්නේ දේශපාලනයේදී සාමාන්‍ය දේවල්. එතකොට මේ චම්පික රණවකලා සේවය කරන්නේ කුමන උවමනාවකට ද කියලා තේරෙනවා නේ ද? 

චම්පිකලා ගූ බය මොකකට ද දන්නවා ද? ගෝලීය ධනවාදය රනිල්ලාට උවමනා විධියට මේ රටට කඩා වැදුණොත්, ඒ ගොල්ලන්ගේ රෙදි බැනියම් ජාතිවාදයට ඇඩ්‍රස් නැති වෙයි කියලායි. මිනිස්සු වැඩි වැඩියෙන් අනාගමික වුණොත්, මිනිසුන්ගේ ඔලු විවෘත වෙයි කියලායි. එහෙම වුණොත්, ඉතින් ඒගොල්ලන්ටත් හම්බ කරන් කන්න ක්‍රමයක් නැති වෙනවා නේ. 

ඕවා ඉතින් ඔ‍හොම තමයි. වැඩ කරලා ජීවත් වෙනවා වෙනුවට දේශපාලනයෙන් ජීවත් වන්නට යාමේ ප්‍රතිඵල තමයි මේ. 

අපි කියන්නේ දේශපාලනය ස්වේච්ඡා ‍සේවයක් විය යුතුයි කියලායි. ජීවත් වෙන්න මිනිස්සු වැඩ කළ යුතුයි. මේ මම වගේ. මම කම්කරුවෙක්. මම වැඩ කරනවා. සන්නිවේදනය තුළ මම යම් ක්ෂුද්‍ර දේශපාලනයක් කරනවා. මගේ දේශපාලන වැඩ මම ස්ථාවර කරගෙන තිබෙන්නේ කම්කරුවෙකු ලෙස මම කැප කරන ශ්‍රමයෙන් ඉතිරි කර ගන්නා මුදලින්. ඒ නිසා මට රාජ්‍ය නො වන සංවිධාන හෝ දේශපාලන පක්ෂ ඉදිරියේ ඇඹරෙන්න උවමනාවකුත් නැහැ. මම ස්වාධීන මිනිහෙක්. මම කරන්නේ මට කරන්න පුළුවන් ප්‍රමාණයේ මැදිහත් වීමක්. 

මේකෙන් කියැවෙන්නේ නැහැ හැමෝ ම බ්ලොග් ලිවිය යුතුයි කියලා. සමාජවාදය සඳහා අරගලයේදී ඔබටත් කරන්න කාර්යයක් තිබෙනවා. ඒ සමාජය ඒ පිළිබඳව ඥානනය කරන අධ්‍යාපනයේදී හා විකල්ප ගොඩනැඟීමේ කාර්යයේදීයි. ක්ෂුද්‍ර ප්‍රයත්නයන් තුළින් තමයි මහේක්ෂ මැදිහත් වීම් නිර්මානය කර ගත යුත්තේ. අපි මෙච්චර කල් හෙව්වේ අනෙක් පැත්තනේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. Agak mulak nathi lipiyak

    ReplyDelete
    Replies
    1. අපට අග මුල පැටලිලා තිබෙන්නේ මේ ලිපියේ විතරක් නෙමෙයි නේද?

      Delete
  2. ඇත්තට මුහුන දෙනවාට වඩා බොරුවෙන් ජීවත් වෙන එක ගොඩක් වාසියි නෙව.

    ReplyDelete
  3. ගෝලීය ධනවාදය රනිල්ලාට උවමනා විධියට මේ රටට කඩා වැදුණොත්, ඒ ගොල්ලන්ගේ රෙදි බැනියම් ජාතිවාදයට ඇඩ්‍රස් නැති වෙයි කියලායි. මිනිස්සු වැඩි වැඩියෙන් අනාගමික වුණොත්, මිනිසුන්ගේ ඔලු විවෘත වෙයි කියලායි.

    ගෝලීය ධනවාදය රනිල්ලාට උවමනා විදියට මේ රටට කඩාවැදුනොත්, මිනිස්සු වැඩි වැඩියෙන් අනාගමික වෙයි කියලා හිතන එක මුලාවක්. රනිල් බොහොම කපටි විදියට බෞද්ධකමටත් එක කකුලක් ගහගෙනයි ඉන්නෙ. බලන්න ටී එන් එල් එකට සමහර පෝය දවසට එනවා, බෞද්ධ පොත් ලියනවා, පාර්ලිමේන්තුවේදි ධම්මපදය උපුටා දක්වනවා! සිරිකොතේදි බොදුබලය ඉස්සරහ යූ එන් පිය පෙන්නුවෙ එහි අනාගමිකභාවයකට ඇති නැඹුරුවක් නොවෙයි, සිංහලබෞද්ධ ප්‍රවනතාවය ඉදිරියේ, ඉදිරියේදී දෙකට නැමෙන බවයි.

    මානව හිමිකම් හෝ යුද අපරාද ගැනත් යූ එන් පියේ පිවිසුම මෙයට දෙවැනි නැහැ. ඔවුන් හැමතැනම කියන්නේ ආන්ඩුවේ වරදින් යුද අපරාද / මානව හිමිකම් සම්මුති වලට බැඳුනාය කියලයි. රනිල් හැමතැනම කියනදේ බලන්න.. යුද අධිකරනය ගැන. ඔහු අගමැති ධුරය දැරූ කාලයේ යුද අධිකරන සම්මුතියට අත්සන් නොකිරීම රට වෙනුවෙන් කල දෙයක් වෙනුවෙනුයි හුවාදක්වන්නේ.

    ඔබ කියන දේ හරි: තමන්ගේ නියෝජිතයා වන රනිල් වික්‍රමසිංහ නායකත්වය දෙන එක්සත් ජාතික පක්ෂය බලයට පත් කර ගන්න ඔවුන් (ගෝලීය ධනවාදීන් - බටහිර පාර්ශවය ) කැමති ඇති. ඒ කියන්නේ, ලංකාවට එරෙහිව තිබෙන මානව හිමිකම් යෝජනා / යුද අපරාධ චෝදනා / ජාත්‍යන්තර විමර්ශන අතුරුදහන් වෙනු ඇති! ලංකාවේ සිංහලබෞද්ධයාට අනාගත සුගතිය උදාවෙන්න නියමිත එහෙමයි! ඒ වෙනකොට සිංහලබෞද්ධ නායකයා නානසාර නොවෙන්න පුලුවන්.

    - Dimithri

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. අනේ හැබෑටම මෙහෙමත් නාටක!!

    ReplyDelete
  6. ධර්මරත්නDecember 1, 2013 at 7:04 PM

    අයියෝ ,පැරා,කීර්ති වරණකුලසුරියවත් ගන්නවානේ සීන් එකට.කතාවක් කියන්නං,ඒක පරණ එකක් ,නමුත් කීර්ති ගැන.යුද්ධේ නැගලා යන කාලේ (මහින්ද කරපු කාලේ නෙවෙයි) ඇමරිකාවේ 'කෝබ්‍රා ෆ්ල්යින් ගන්'හෙලිකොප්ටරය හදලා මාර්කට් කරන කාලේ,'ජේන්ස් ඩිෆෙන්ස්' සඟරාව මේ ගැන ලියන කාලේ, මෙයා ලියනවා දිවයින පත්තරේට මේ වගේ දෙකක් ලංකාවට ගෙනාවනං මේ යුද්ධේ මාසෙන් ඉවරයි කියලා.ලොකු විසාල විස්තරයක්.තාක්ෂණ දත්ත විසාල ප්‍රමාණයක් දාල ලිපිය හැඩ කරලා තිබුණා.ඊට සතියකට හමාරකට පස්සේ යුද්ධ ආයුද ගැන දන්න පොරක් ඒකට උත්තර දීලා ඒ පත්තරේම කියනවා කෝබ්‍රා එකක් උඩ තියා ගන්න විනාඩියකට යන වියදම.කීර්ති නම් වු යුධ ඔස්තාර්ට උත්තර නෑ.මිනිහට තේරුණේ නෑ සුද්දගේ යුද්ධේ වැද්දගේ බජට් එකෙන් කරන්න බැරි විත්තිය.මහින්ද ඇවිත් සියළු සම්පත් දාලා ප්‍රභාට ගහනවා.දැන් මල්ලි මහින්දගේ තනි අයිතිකාර,ගෝඨාගේ තනි පංඟුකාර හිමිකම(මහින්ද සහ සිය ක්ණ්ඩායමේ සියලු පෞරුෂය) බැසීල් බිඳින්නේ ඇයි.සමහර විට මහින්දට ඉදිරියේදි ඇතිවන්නට තියෙන මානව හිමිකම් කරදර වලින් රාජපක්ෂ සනුහරේ බේරා ගැනිමට එන සාන්තුවරයා බැසිල් විමට බොහෝ විට ඉඩ ඇත.එයට පාර එලි පෙහෙලි කර ගැනිම දැන් සිටම කර ගත් යුතු ව්‍යාපෘතියක් බැවින් ,මහින්දව පවා දී හෝ තප සනුහරේ ‍රැකෙන එකට මහින්ද හො ගෝඨා හෝ නාමල් හෝ අනික් රාජපක්ෂලා අකමැති නොවනු ඇත.මහින්ද එය ඉතා සතුටින් කරනු ඇත.

    ReplyDelete
  7. ගුරුවරයා යනු කම්කරුවෙක් නොවේ.

    ReplyDelete
    Replies
    1. Para, I think jayasree’s above comment is a good polemic to think about. The school and university teachers in all the societies should work to earn their livelihood. For them either the governments or the students pay to the teachers. So in order to earn the livelihood the teachers, as the other blue collar technicians have to spend the labour and more precisely the labour power.

      What does a teacher produce? Generally, a teacher produces the commodity called education. As education could be converted into various forms like research, developments, inventions and innovations and by the way it could use to have an exchange value in any society from Buddhist era to modern era.( Think about Sarvamitra and Duishen ..)
      The teachers have to demand their rights from their masters like governments.( But we have never heard a news that teachers of Mohan Lal Grero’s Lyceum (not Plato’s Lyseum) have called for a strike!!) Teachers are being exploited by the governments (think about the FUTA strike in (sri) Lanka and student-teachers strike in Quebec) and private school owners. They are paid a salary or wages.Thereby the owners make a surplus value.
      I think it is time to think political-economically on this matter.
      Even Mahinda’s regime happened to re think about the FUTA struggle and St. Basil happened to mediate with the matter. Yes, teachers are a hidden and unproclaimed strength of the working class..Let us ignite the power of teachers.
      Thanks to Jayasri again!

      Clement Peris

      Delete
    2. @Clement Peris, personally I do not agree to consider the teachers as Labors. That is why I comment above.
      Anyway I appreciate your ideas.

      Delete
  8. http://srilankandiasporablog.files.wordpress.com/2008/09/raveesa-20080921.pdf
    This appeared on Ravaya way back, when everyone belived that West wis west and they are against Sri Lankan state or to its power holders.
    This may not be the sole truth, but it revelaed what has happened beyond the veil of diplomatic relations. I strongly believe Cameraon went to Jaffna to see what has happend with the 7 million pounds a year war support during last decade. (sure the clan has stolen a lot from that as commissions in buying military hardware)

    ReplyDelete
  9. මේ ලිපිය කරුණු කිහිපයක් නිසා මා තුල කම්පනයක් ඇති කළා.සමහර විට මා කියන දේ බලා මෙය ඉරිසියාවට කියන දෙයක් යැයි කෙනෙකුට කියන්නත් පුළුවන්.ඒත් මම උසස් පෙළ කරන කාලෙ ලක්ෂ 40 ක් තියා රුපියල් 4000 ක් වුනත් මට ලොකු මුදලක්.

    ටියුෂන් ක්ෂේත්‍රයෙ දරුණු සූරාකෑම තුලින් විශාල ලෙස මුදල් උපයන ගුරුවරු දැන් මැරවරයන් පවා ඊට යොදා ගන්නවා.මේ ක්ෂේත්‍රයෙ ඉදිරි මුහුණුවර කෙබදු වේදැයි සිතා ගන්නත් බෑ.

    මේ ගුරුවරයා ගේ ප්‍රාග්ධනය හැසිරෙන ආකාරය ගැන පැරා අදහස් පළ කර තිබෙනවා.මොහුට ලක්ෂ 40 කින් ලබා ගන්න බැරි ප්‍රසිද්දියක් ලබා ගෙන.සමහර විට මේ ළමයා මේ විශයට දැනුම ලබා ගත්තේ මේ ගුරුවරයාගෙන් නොවන්නට පුළුවන්.කෙසේ හෝ මෙසේ සමත් වී ඇති එකම ළමයාත් මේ ළමයා නොවෙයි.

    මට නම් හිතෙන්නේ ලක්ෂ 40 කින් කොයි තරම් දේවල් කරන්න පුළුවන්ද කියායි.දිළිදු සිසු සිසුවියන්ට ඉගෙන ගන්නට අරමුදලක් පිහිටුවන්න පුළුවන්.පැල්පත් වල සිටින ඉගෙන ගන්නට හරි හමන් පරිසරයක් නැතිව සිටින දරු දැරියන්ට යම් පිළිසරනක් ලබා දෙන්න තිබුනා.

    මෙයින් සිදු වුනේ මුළු දරු පරපුර තුලම සුපර් ස්ටාර් මාදිලියේ සිහින කන්දරාවක් ඇති කිරීමයි.මුලු සිසු පරපුරම අලුත් ආකාරයකට වල්මත් කරලා.

    කොහොමටත් රටට ගැලපෙන සමාජවාදයක් ගැන කතිකාවකටත් මේ සිද්ධිය හොද මුලපිරීමක් වෙනවානම් හොඳයි.

    ReplyDelete
  10. අපට මෙය කර්මය සම්බන්ධ කර විග්‍රහ කර අමතක කර දමන්නත් පුළුවන්.මෙම සිසුවිය මේ ආකාරයට සමත් වූ වෙනත් සිසු සිසුවියන්ට නොළැඹුන වාසනාවක් ලැබුණේ පෙර කුසල කර්මයක් නිසා කියාත් සූරාකන ගුරු මෘගයා ට මහා ධනස්කන්ධයක් ලැබෙන්නේ ඌ පෙර භවයන්හි කළ කුසල කර්මයක් නිසා කියාත් සැනසෙන්නට සුළුවන්.නමුත් සමාජමය වශයෙන් එය ප්‍රමානවත්ද? ආදායම් බෙදීයාමේ විශමතාවය ගැන කතිකාවතක් අවශ්‍ය නැද්ද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා