සමහර රටවලට වුවමනා වුණේ අප ලව්වා ප්‍රභාකරන්ව ඝාතනය කරවන්නයි කියා බැසිල් කියනකොට සිංහල ජාතිවාදීන්ගේ කතන්දරවලට මොකක්ද වෙන්නේ?
දැන් කිඹුල් කඳුළු හැලුවාට සමහර රටවලට වුවමනා වුණේ අප ලව්වා ප්‍රභාකරන්ව ඝාතනය කරවන්නයි. පාර්ලිමේන්තුවේදී මේ ප්‍රකාශය කරන්නේ ඇමති බැසිල් රාජපක්ෂයි. දැන් අපි සිංහලයන්ගේ ආරක්ෂක උපදේශක කීර්ති වර්ණකුලසූරියගේ හා නලින් ද සිල්වා, චම්පික රණවක, විමල් වීරවංශ ඇතුළු ජාතිවාදීන්ගේ ඉදිරිපත් කිරීම් සමග තබා බැලුවා ම ලොකු පරස්පරයක් තිබෙනවා. ඔවුන් කියන පරිදි බටහිර අධිරාජ්‍යවාදීන්ට, ඉන්දියාවට එහෙම උවමනා වුණේ ප්‍රභාකරන් ලවා ලංකාව දෙකඩ කර ඔවුන්ට ගැති දෙමළ ඊලමක් බිහි කර ලෝකයේ උතුම් ම ජාතිය වන සිංහලයන්ට කෙළවන්න නේ. ඇමති බැසිල් කියන්නේ ඔය චම්පික රණවක වගේ ආප්පේ වාටිය කන කෙනෙක් නොවෙයිනේ. එයා ආප්පය තම්බන කෙනෙක්. ඇතිතට ම තතු දත් කෙනෙක්. ඒ නිසා මේක පැහැදිලි කාරණයක්. ඒ කියන්නේ බටහිරට උවමනා වුණා මහින්ද ලවා ප්‍රභාකරන්ට ගේම දෙන්න. හොඳයි, තව මොනවද ඕනැ වෙන්න ඇත්තෙ? ලංකාව චීනය වෙත නැඹුරු වෙන්නට නො දී ඉන්දියාවත් සමග සිටිමින් ගෝලීය ධනවාදයේ වැඩසටහන අනුගමනය කිරීම බලාපොරොත්තු වෙන්න ඇති. මීට කලිනුත් මේ කඳවුර විසින් ලංකාවට ඒ වෙනුවෙන් ආධාර කරන්න පවා සූදානම් වුණා නේ. ලංකාවේ සුළුතර ජාතීන්ගේ බලය සඳහා ඉල්ලීම ඉටු වන පරිදි ...