ප්‍රභාකරන් මළ බව ලංකාව ඉන්දියාවට නිල වශයෙන් දන්වයි


(2009 දෙසැම්බර් 13 - W3Lanka) ලංකාවේ රජය කොටි නායක වේලුපිල්ලෛ ප්‍රභාකරන්ගේ මරණය පිළිබඳ ඉන්දියාවට ඊයේ නිල වශයෙන් දැනුම් දී ඇති බව පී.ටී.අයි. පුවත් සේවය වාර්තා කළේ ය.


මුලතිව් දිස්ත්‍රික්කයේ නන්දිකාඩල්හි යුද මුක්ත කලාපයේදී සොයා ගන්නා ලද බව කියැවුණ මාරාන්තික තුවාල සහිත ප්‍රභාකරන්ගේ සිරුර මැයි 18දා ජනමාධ්‍ය විසින් ප්‍රදර්ශනය කරන ලදී.


1991 මැයි 21දා දකුණු ඉන්දියාවේ ශ්‍රීපෙරුම්බුදුර්හිදී ඉන්දියාවේ හිටපු අගමැතිවරයකු වූ රජීව් ගාන්ධි මරාගෙන මැරෙන බෝම්බකාරියක මගින් ඝාතනය කිරීම සඳහා නියෝග දුන්නේ ප්‍රභාකරන් විසින් යයි ද, එය ක්‍රියාත්මක කරනු ලැබුවේ ඔහුගේ ඔත්තු සේවා නායක පොට්ටු අම්මාන් විසින් බව ද නඩු විභාගයේදී ඔප්පු විය. මෙම නඩුවේ කටයුතු අවසන් කිරීම සඳහා ඉන්දියාව විසින් ප්‍රභාකරන්ගේ හා පොට්ටු අම්මාන්ගේ මරණ පිළිබඳ නිල තොරතුරු ඉල්ලා තිබිණි.

පොට්ටු අම්මාන්ගේ මළ සිරුරක් හමු නොවූ මුත් ඔහුගේ මරණය නියත වශයෙන් ම සිදු වී ඇති බව ලංකාවේ රජය පවසයි.




Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා