ලෙස්ටර්ගේ සංදේශයට පසර 50යි


(2009 දෙසැම්බර් 07 - W3Lanka) ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නිර්මාණය කළ "සංදේශය" චිත්‍රපටය ප්‍රදර්ශනය කර වසර 50ක් පිරීම සැමරීමේ උත්සවයක් හෙට (08) සවස බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.


ලංකාවේ පෘතුගීසි යටත් විජිත විරෝධී අරගලය නිරූපිත සංදේශය චිත්‍රපටය හෙළ සිනමාවේ මුල් යුගයේ දැවැන්ත ම නිර්මානයකි.


අගමැති රත්නසිරි වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ උත්සවයේදී සංදේශය චිත්‍රපටය නිර්මාණය කළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් එහි ගීත රචනා කළ අරීසෙන් අහුබුදු ඇතුළු නිර්මාණයට දායක වූ කලාකරුවන්ට උපහාර පිදීම සිදුකෙරේ. මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා මෙහිදී සංදේශය චිත්‍රපටය පිළිබඳ විශේෂ ඇගැයීම් දේශනයක් පවත්වයි.


Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප