ව්‍යවස්ථාව වෙනස් කරන්න සරත් ෆොන්සේකාගෙන් මාර්ග සිතියමක්

එහි පළමු පියවර වන්නේ සරත්ෆොන්සේකා ජනාධිපති සතු මුක්තිය අත් හැරීම හා ඉන් පසුව, ජනාධිපති සතු ඇතැම් බලතල පාර්ලිමේන්තුවට ඒකපාර්ශ්විකව පවරා දීම බව ද ඉන්පසුව සිදු වන්නේ මීළඟ මහ
මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පත් වන මන්තී‍්‍රවරුන් අතරින් අන්තර්කාලීන ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීම පව ද එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ මීඩියා වොච් ආයතනය පෙන්වා දෙයි. එම අන්තර්කාලීන ආණ්ඩුව යටතේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකසා සම්මත කිරීම මඟින් විධායක ජනාධිපති ක‍්‍රමය
අහෝසි කිරීමට නියමිතය.
ඊළඟ මහ මැතිවරණයෙන් පත් වෙන මන්තී‍්‍රවරුන්ගෙන් සමන්විත එම අන්තර් කාලීන ආණ්ඩුවේ කි‍්‍රයාකාරීත්වය නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමෙන් අවසන් වෙයි. ඉන් පසුව කි‍්‍රයාත්මක
වන්නේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ පත්වන නව ආණ්ඩුවයි.
මෙවැනි මාර්ග සිතියමක් 2005 ජනාධිපතිවරණය සඳහා මහින්ද රාජපක්ෂ ද සිය මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඉදිරිපත් කළේ ය. එහි මෙසේ දැක්වේ.
විධායක ජනාධිපති ධූරය අහෝසි කෙරෙන්නා වූ හා රටේ සෙසු ප‍්‍රශ්න වලට ද විසඳුම් ලබා දෙන්නා වු නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සියල්ලන්ගේ සම්මුතියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. එතෙක් ජනාධිපතිවරයා නිල මට්ටමින් පාර්ලිමේන්තුවට වගකියන ලෙසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කරන්නෙමි.
පාර්ලිමේන්තුව කෙරෙහි ජනාධිපතිවරයා ගේ ඇති වගකීම සහතික කිරීම සඳහා මසකට වරක් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වන්නෙමි.
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ - විපක්ෂ මන්ත‍්‍රීන් කාර්යක්ෂම ලෙස රාජ්‍ය පාලනයට සහභාගිවීම තහවුරු කිරීම සඳහා අමාත්‍යාංශ කාරක සභාවන්හි බලතල පාර්ලිමේන්තූවේ එකඟතාවෙන් වැඩි දියුණු කිරීමට යෝජනා කරමි.
SF ge wade itin hodai ne ???
ReplyDelete