ඡන්ද වෙනුවෙන් පාතාල හා දූෂණ මර්දනයට තිත

(2009 දෙසැම්බර් 22 - W3Lanka) පොලිස්‌ මූලස්‌ථානයේ නියෝග මත සියලු විශේෂ අපරාධ මෙහෙයුම් ඒකක, පාතාල මර්දන ඒකක, දුෂණ මර්දන ඒකක තාවකාලිකව අත්හිටුවා ඇත. ‍


එම ඒකකවල සේවය කළ පොලිස් නිලධාරීන් හැතිවරණ රාජකාරි සඳහා අනුයුක්ත කර ඇති බව පොලිසිය පවසයි. මේ දිනවල පොලිසියට ජනාධිපතිවරණය හා අදාළව ප්‍රධාන වශයෙන් පැවරෙන්නේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම හා පෝස්ටර්, බැනර්, කටවුට් වැනි නීති විරෝධී ප්‍රචාරක කටයුතු මැඬලීමයි. එහෙත්, විශේෂ ඒකක අත්හිටුවා අමතර නිලධාරීන් ලබා දී තිබියදීත් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නීති විරෝධී ප්‍රචාරක කටයුතු මැඬලීමට පොලිසිය අසමත් වී තිබේ.



එහෙත්, මෙම තීරණය සඳහා බල පා ඇත්තේ ඉදිරි කාලයේදී පැවැත්වෙන මැතිවරණවලදී පාතාල සාමාජිකයන්ගේ සහයෝගය ලබා ගැනීමේත්, දූෂණ හා විශේෂ අපරාධ පරීක්ෂණ යට ගැසීමේත් අවශ්‍යතාව බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.




Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා