Posts

Showing posts with the label පාතාලය

එක රටක් - එක පාතාලයක්; අනෙක් පාතාල අවසන්

Image
දරුණු ගණයේ අපරාධ සිදුකරමින් රටපුරා ක්‍රියාත්මක වූ සංවිධානාත්මක අපරාධ කල්ලි පනහකට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම මර්දනය කර ඇති බව ද, මෙම කල්ලි සාමාජිකයන් කොටුකර ගැනීම සඳහා පොලිසිය යුද හමුදාවේ සහ විශේෂ කාර්ය බළකායේ සහාය ඇතිව සිදුකළ මෙහෙයුම්වල ප්‍රතිඵලයක් වශයෙන් එම අපරාධ කල්ලි මර්දනය කිරීමට හැකි වී ඇති බව ද, එම පාතාල කල්ලි සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදී ඇති බව ද අද දිනමිණ හෙළිදරව් කරයි. පසුගිය කාලයේ පාතාල කල්ලි සාමාජිකයන් විශාල පිරිසක් නාඳුනන පිරිස් විසින් ඝාතනය කරන ලදී. එම පිරිස් හඳුනා ගැනීමේ ඉඟියක් දිනමිණ පුවතෙහි තිබෙනවා විය හැකි ය. තවත් විශාල පාතාල කල්ලි සාමාජිකයන් පිරිසක් මිය ගියේ අත්අඩංගුවේ සිට ආයුධ පෙන්නන්ට ගොස් පොලිසියට පහර දී පළා යාමට තැත් කිරීමේදී පොලිසිය විසින් ගත් ක්‍රියාමාර්ග නිසා හිසට වෙඩි වැදීමෙන් හෝ දියේ ගිලීමෙන් හෝ ආදියෙනි. පාතාල කල්ලි සාමාජිකයන් විසින් කරන ලද ඝාතන ඇතුළු අපරාධ පිළිබඳ විධිමත් පරීක්ෂණ සිදු වූ බවක් හෝ පාතාල කල්ලි සාමාජිකයන් නීතිය ඉදිරියට ගෙනැවිත් දඬුවම් කළ බවක් නම් වාර්තා වූයේ නැති තරම් ය. මේ කියන...

කිංස්පාර්ක් රෝහන් ද ආයුධ පෙන්වීමට ගොස් පළා යාමට උත්සාහ කිරීමට ඉඩ ඇත / Another underworld suspect is due to attempt to escape

Image
මිනීමැරුම් විසි පහකට වැඩි ප්‍රමාණයක් සිදුකොට මියගිය පුද්ගලයන් සතු දේපොළ ලියා ගැනීමේ මහා පරිමාණ ජාවාරමක සැකකරු වූ පාතාල නායකයකු බව කියන රෝහන් කුමාර නොහොත් කිංස්පාර්ක් රෝහන් නමැත්තා රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ආයුධ පෙන්වීමට ගොස් පළා යාමට උත්සාහ කිරීමට ඉඩ තිබේ. එහිදී පොලිස් නිලධාරීන් ආරක්ෂා විය යුතු ය. විශේෂයෙන් ම ගංගා ආශ්‍රිත ස්ථානවල ඇති ආයුධ පෙන්වීමට ඔහු රැගෙන යාමේදී පොලිසිය දක්ෂ පිහිනුම්කරුවන් රැගෙන යා යුතු ය. පළා යාමේදී පොලිසිය දනෙන් පහළට වෙඩි තබන විට මෙවැනි පාතාල සැකකරුවන් ඔලුවෙන් සිට ගන්නා බැවින් දනෙන් ඉහළට වෙඩි තැබීම සුදුසු විය හැකි ය. මෙවැනි අය මෙසේ කරන්නේ ඔවුන් හා සම්බන්ධ නඩු අධිකරණය ඉදිරියට පැමිණීම වැළැක්වීමට බැවින් ආයුධ කෑලි බල්ලාට දමා නඩු පැවරීම හොඳ යයි අපි පොලිසියට යෝජනා කරමු.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

පොලිසිය, පාතාලය පවා දැන් හරි නිර්මානාත්මකයි / Sri Lanka in an age creativity in police brutality

Image
අලුත් පොලිස්පතිවරයා යටතේ එක්කෝ පොලිසිය නිර්මානාත්මකව කටයුතු කරයි. නැතිනම්, දැන් අපරාධකරුවෝ නිර්මානාත්මකව කටයුතු කරති. කොහොම වුණත් නිර්මානශීලිත්වය හොඳ දෙයකි. 'අලුත් අලුත් දෑ නො තනන ජාතිය ලොව නො නගී' යයි කුමාරතුංග මුනිදාස ශූරීහු ද කී හ. අලුත් ක්‍රම හා විධි සොයා ගැනීමෙන් ජාතිය නග්ගන්නට පොලිසියට හා පාතාල අපරාධකරුවන්ට ද දායක විය හැකි ය. සති දෙකකට පමණ ඉහතදී අත්අඩංගුවට ගත් පාතාල ප්‍රබලයකු වන නේවි අසංක ඊයේ හවස මළේ දියේ ගිලී බව නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා කියයි. පසුගිය 11දා අත් අඩංගුවට පත් වූ මොහු ආයුධ පෙන්වන්නට යාම නිර්මානාත්මක ලෙස කල් දමා ඇත. පොලිස් අත්අඩංගුවේ සිටියදී කරන ලද ප්‍රශ්න කිරීම් වලට අනුව සඟවා ඇති ටී 56 ගිනි අවියක තොරතුරු හෙළි කර ඇති මොහු නවගමුව පොලිස් වසමට අයත් වෑවල නම් කැළණි ගඟ අභියස පාලු පෙදෙසකට පොලිසිය එක්කගෙන ගොස් පොහොර උරයක බහා වල දමා ඇති ගිනි අවිය ගොඩට ගෙන ඇත. පසුව සැකකරු පොලිසියෙන් මිදී කැලණි ගඟට පැන පලායමට තැත් කිරීමේදී පොලීසියද සැකකරු සමඟ දියට පැන ඔහු බේරා ගැනීමට වෙර දරා ඇත. නමුත් විලංගු සමග දියේ ගිලුණ සැකකරු බේරා ගැනීමට පොලීසියට...

පාතාලයන් 25ක් ඉදිරි දිනවල ආයුධ පෙන්නන්නට ගොස් පළා යාමට උත්සාහ කරද්දී වෙඩි වැදී මිය යනු ඇත | 25 underworld gangsters of Sri Lanka are to go

Image
( 2010 සැප්තැම්බර් 07,  W3Lanka )  ප්‍රධාන පෙළේ පාතාල නායකයන් කීපදෙනකු ඇතුළු දෙවන පෙළ පාතාල සාමාජිකයන් 25 දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ විශේෂ කාර්ය බළකාය මෙහෙයුම් ආරම්භ කර ඇති බව අද දිවයින වාර්තා කරයි. මේ අනුව, ඉදිරි කාලයේදී පාතාල අපරාධකරුවන් 25දෙනෙකු තමන් විසින් සඟවන ලද ආයුධ ලබා දීමට පොලිසිය සමග ගොස් පොලිසියට පහර දී පළා යාමට තැත් කරද්දී, පොලිසිය දනෙන් පහළට වෙඩි තබන විට ඔලුවෙන් සිටගෙන හිසට වෙඩි වැදී මිය යාමට නියමිත බව සිතා තැනීමට පුළුවන. පාතාල අපරාධකරුවන් මනාහි ද මේ සමාජයෙන් ම බිහි වූ පිරිසකි. ඔවුන් හදා, වඩා, රැකවරණය දී පෝෂණය කිරීමේ කාර්යයේ සෑහෙන වගකීමක් දේශපාලකයන්, පොලිසිය හා ජනමාධ්‍ය පිට පැටවේ. පාදඩ නිර්ධන පංතියෙන් පැවත එන මෙම අපරාධකරුවන් සමාජ පිළලයක් බව සැබැවි. එහෙත්, ඔවුනට එරෙහිව ඵලදායී අන්දමින් ක්‍රියාත්මක වන නීතියක් තිබිය යුතු ය. පටු ජනප්‍රියත්වය පිණිස අපරාධකරුවන් ප්‍රසිද්ධියේ මහ පාරේ මරා දමා තමන්ට ඕනෑ කාලයට වෙනත් අපරාධකරුවන් නිර්මානය කර ගන්නා වත්මන් ක්‍රමය හේතුවෙන් පාතාලයන් ලෙස නම් කර තිබෙන මේ ප්‍රජාව නිකම් ම නිකම් පොල් කුඩු හා බ්‍රොයිලර් කුකුළන් බවට පත් වී ත...

ඕල්කට් ඡන්දෙට වැඩ කළේ මේ ආණ්ඩුවට | Underworld gangster Olcott supported the government at the general election

Image
ප්‍රභාකරන්ගේ මිනිය වැනි එකක් ඉඳහිට බැලීම ලාංකිකයන්ට සතුටක් ද? (ඡායාරූපය පළ වූයේ දිනමිණේ ය)  ( 2010 සැප්තැම්බර් 04,  W3Lanka )   පසුගියදා කුරුණෑගලදී අත්අඩංගුවට ගත් පසු අපරාධකරුවන් සාමාන්‍යයෙන් කරන පරිදි පොලිසියට පහර දී පළා යන්නට තැත් කරද්දී හරියට ම දෙබැම උඩින් නළලට වෙඩි වැදී මිය ගිය ඕල්කට් පෙරේරා පසුගිය මහ මැතිවරණයේදී ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයන් දෙදෙනෙකුට ප්‍රසිද්ධියේ වැඩ කළ බව කොළඹ ඕනෑම බල්ලෙක් අප සමග පැවසී ය. මෙයින් එක් අපේක්ෂකයකු තම්බපු ඉස්සකු මෙන් සුදු බව ද අනෙකා තාර බැරල් එකක් සේ කළු බව ද, මුන් දෙන්නා ම මාධ්‍ය බිස්නස් කරන බව ද ඒ බල්ලා අප සමග පැවසී ය. මේ ඕල්කට්තුමා කලින් සම්බන්ධව සිටිතුමා දැන් 'එතුමාගේ' උපදේශකවරයකු බව ද ඕනෑම බල්ලෙක් පැවසී ය. ඕල්කට්ගේ කුඩු සල්ලි මේ ඇත්තන් හරහා මහගෙදර දක්වා ම ඇදී ගිය බව ද ඕනෑ ම බල්ලෙක් අප සමග පැවසී ය.  ඕල්කට් අත්අඩංගුවට ගත් පසු හෙවත් මරා දමන්නට පෙර ඔහුගේ පවුලේ අය මේ මහ තැන් ස්පර්ශ කර ඔහු බේරා ගැනීමට තැත් කළ බව වාර්තා වේ.  කුඩු බිස්නස්කාරයන් දැන ගත යුතු එක් කරුණක් වන්නේ ඡන්ද නැති කාලයට තමන් නිකම් ම නිකම් පොල් ක...

ෆාජි, ටෝජි, සදීක් හා කිසිවෙකුටත් ගැලවිය නොහැකි ඝාතක සංස්කෘතිය | Sri Lanka's inescapable gun culture

Image
(2010 මැයි 27,  W3Lanka )  මැයි 10 - 16 ලෝක ගිනි අවි විරෝධී සතිය වෙනුවෙන් ‘සාමය හා මානව හිමිකම් සඳහා කි‍්‍රයාකාරිත්වය’ විසින් පළ කරන ලද නිවේදනයක් අප වෙත ලැබිණි. එහෙත්, කාර්යබහුලත්වය මැද සිදු වූ අතපසුවීමක් හේතුවෙන් අපට එය එම වකවානුවේදී පළ කිරීමට නොලැබිණි. එහෙත්, අද වෙසක් පෝ දිනපිළිබඳව යමක් ලිවීමට අදහස් කරමින් සිටියදී හිටිහැටියේ මෙම ලිපිය අප නෙත ගැටිණි. වෙසක් දිනය වෙනුවෙන් අපට ඊට වඩා හොඳ ලිවීමක් කළ නොහැකි යයි හැඟුණ බැවින් අපි එම නිවේදනය සුළු සංස්කරණ සහිතව පළ කරමු.  ඒ 2009 රාමසාන් උපවාසය අවසන් කෙරෙමින් තිබූ කාලවකවානුවයි. අගෝස්තු 27දා මධ්‍යම රාත‍්‍රිය ඉකුත් ව පැය කීපයක් ගත වෙද්දී මැද කොළඹ, මාලිගාවත්තේ ජුම්මා මස්ජිද් පාර පරිශ‍්‍රය තුළ ක‍්‍රියාත්මක වෙමින් තිබූ විශේෂ කාර්ය බලකායේ ක්ෂණික මෙහෙයුම අළුයම අවසන් වූයේ තිදෙනෙකුට මරු කැඳවමිනි.  ඒ අතර එක් අයෙකු වූයේ ෆාජි ය. ෆාජි මාලිගාවත්ත අදාල පරිශ‍්‍රය තුළ  නිල නොලත් සන්නද්ධ කල්ලි පාලකයා ලෙස හඳුනා ගෙන තිබුණි. වඩා වැදගත් ම සාධකය වූයේ 2009 බස්නාහිර පළාත්සභා මැතිවරණ අවස්ථාවේ  දී නිල රාජ්‍ය යන්ත‍්‍රයේ ද ප‍්‍රසිද්ධ ප‍...

බියෙන් අත්මිදීම කැලනියෙන් ඇරඹුණ වගයි

Image
( 2010 ජනවාරි 04 -W3Lanka) කැලනියේදී සරත් ෆොන්සේකාගේ ආධාරකරුවන්ට පහර දීමට ආ 'දුටුගැමුණුගේ' මැර පිරිසට පහර දී පළවා හැරීම ෆොන්සේකාට කඩේ යන මාධ්‍ය විසින් ද මේ වන විට අමතක කර දමා තිබේ.  එහෙත් අප මෙම සිද්ධිය දකින්නේ දේශපාලනිකව වැදගත් සන්ධිස්ථානයක් ලෙසයි. කැලනියේ විරුද්ධ පක්ෂ දේශපාලනය තහනම් කිරීම සමස්ත රාජ්‍ය යන්ත්‍රය ම විපක්ෂයට එරෙහිව ක්‍රියාවේ යොදවා තිබෙන රාජපක්ෂ පාලනයේ 'ප්‍රජාතන්ත්‍රවාදයේ' පාතාල ප්‍රකාශනයයි.  'දුටුගැමුණුගේ' දේශපාලන පාතාලයේ ප්‍රහාර ජන බලයෙන් අභිබැවීම දේශපාලනිකව අතිශය වැදගත් ය. රූපවාහිනී සංස්ථා සේවකයන් විසින් උගන්වනු ලැබූ පාඩම 'දුටුගැමුණුට' පමණක් නොව මහ රජ්ජුරුවන්ට ද නො තේරිණි. ‍කැලනියේදී සිදු වී ඇත්තේ ඒ පාඩම යළි මතක් කර දීමක් හෙවත් පුනරීක්ෂණයකි.  ෆොන්සේකාගේ ආධාරකරුවන්ට පොලිසිය කියන්නේ ඔවුන්ගේ මග ඉදිරියේ පිරිසක් පොලු අරගෙන පහර දීමට සිටින බැවින් විසිර යන ලෙසයි. පොලිසිය හරි නම් කළ යුතුව තිබුණේ එවැනි නීති විරෝධී රංචු ගැසීමක් වී නම් එය විසුරුවා හැරීමයි. ඒ වෙනුවට පොලිසිය කරන්නේ පොලුවලට බිය වී දුවන ලෙස උපදෙස් දීමයි. එනම්, පොලු තියාගෙන ඉන්න ...

ඡන්ද වෙනුවෙන් පාතාල හා දූෂණ මර්දනයට තිත

Image
(2009 දෙසැම්බර් 22 - W3Lanka ) පොලිස්‌ මූලස්‌ථානයේ නියෝග මත සියලු විශේෂ අපරාධ මෙහෙයුම් ඒකක, පාතාල මර්දන ඒකක, දුෂණ මර්දන ඒකක තාවකාලිකව අත්හිටුවා ඇත. ‍ එම ඒකකවල සේවය කළ පොලිස් නිලධාරීන් හැතිවරණ රාජකාරි සඳහා අනුයුක්ත කර ඇති බව පොලිසිය පවසයි. මේ දිනවල පොලිසියට ජනාධිපතිවරණය හා අදාළව ප්‍රධාන වශයෙන් පැවරෙන්නේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම හා පෝස්ටර්, බැනර්, කටවුට් වැනි නීති විරෝධී ප්‍රචාරක කටයුතු මැඬලීමයි. එහෙත්, විශේෂ ඒකක අත්හිටුවා අමතර නිලධාරීන් ලබා දී තිබියදීත් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නීති විරෝධී ප්‍රචාරක කටයුතු මැඬලීමට පොලිසිය අසමත් වී තිබේ. එහෙත්, මෙම තීරණය සඳහා බල පා ඇත්තේ ඉදිරි කාලයේදී පැවැත්වෙන මැතිවරණවලදී පාතාල සාමාජිකයන්ගේ සහයෝගය ලබා ගැනීමේත්, දූෂණ හා විශේෂ අපරාධ පරීක්ෂණ යට ගැසීමේත් අවශ්‍යතාව බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

අමාත්‍ය නිලධාරියාත් ආයුධ පෙන්වන්න ගොස් පළා යන්න උත්සාහ කරයිදැයි බියක්

(අගෝස්තු 07, 2009 - W3Lanka) මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යයි කියන ශාන් ජයසිංහ මිරිහාන පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය විසින් 03දා රාත්‍රියේ ඔහුගේ මතුගම නිවසෙන් රැගෙන යාමෙන් පසු ජනමාධ්‍යවලට අදහස් දැක්වූ ඇමතිවරයා අත්අඩංගුවට ගැනීම්වලදී පොලිසිය නීත්‍යානුකූලව කටයුතු කළ යුතු බව ‍පෙන්වා දුන්නේය.  පාතාල කල්ලි නායකයකු ලෙස සැකපිට අත්අඩංගුවට ගත් බව කියන මෙම පුද්ගලයා "සඟවා ඇති ආයුධ පෙන්වීමට ‍ගොස් පළා යන්නට තැත් කිරීම" වළක්වා ගැනීමට ඇමතිවරයාට පවා විශේෂ පරිශ්‍රමයක් දැරීමට සිදු වී ඇති බව ද වාර්තා වේ. පාතාල මර්දන මෙහෙයුම්වල හස්තය අමාත්‍ය කාර්ය මණ්ඩල දක්වා දිගු වීම මේ වන විට ඇමතිවරුන්ගේ බරපතල අවධානයට ලක් වී ඇති බව ද දැනගන්නට තිබේ.

පාතාල මර්දන මෙහෙයුම් නවත්වන්නැයි රජයට බලපෑම්

Image
(2009 අගෝස්තු 05 - W3Lanka) කොටි සංවිධානය මර්දනය කිරීමෙන් පසු පාතාලය මර්දනය කිරීම සඳහා දියත් කර තිබෙන රජයේ මෙහෙයුම නවත්වන්නැයි අදාළ බලධාරීන්ට දැඩි බලපෑම් සිදුවෙමින් තිබෙන බව වාර්තා වේ.  රජයේ පාතාල මෙහෙයුම් ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන්ගේ පාතාල ගෝලබාලයන්ට ද තර්ජනයක් වීමත් සමග, ඉදිරි මැතිවරණ සඳහා මෙම මැරවරයන්ගේ සේවය අවශ්‍ය නිසා ඔවුන් මර්දනය නොකරන ලෙස ඉහළ බලධාරීන්ට බලපෑම් කෙරෙමින් තිබෙන බව දැනගන්නට තිබේ.  එහෙත් පාතාල මර්දනය මෙහෙයවන පුද්ගලයන් අවනත කර ගැනීම දේශපාලනඥයන්ට ද දුෂ්කර වී තිබෙන බව තතු දත් ආරංචි මාර්ග පවසයි.  මැරවරකම් පිළිබඳ සුප්‍රකට එක් ඇමතිවරයකුට සිය ප්‍රධන පෙළේ කුඩු ජාවාරම්කාර මැරවරයකුගේ දිවි බේරාගැනීම කෙතරම් දුෂ්කර වී ද යත්, ඔහු එංගලන්තයට යැවීම පිණිස ගුවන් තොටුපළේ විශේෂ අමුත්තන්ගේ පිටවීම හරහා ගෙන ගොස්, ගුවන් යානය පිටත් වීමට ආසන්න වන තෙක් එහි රැඳී සිටීමට පවා සිදු විය.  අනාගතයේ විදේශ ඇමතිකමට ද ඇස ගසාගෙන සිටින තවත් ඇමතිවරයකු ළඟ සේවය කළ පාතාල මැරවරයකු පොලිසිය විසින් අවි ආයුධ ද සමග අත්අඩංගුවට ගැනීමත් සමග අදාළ ඇමතිවරයාට මානව හිමිකම් පිළිබඳ කතා කිරීමට පවා සිදු ...

මානව හිමිකම් ඇමතිගේ සම්බන්ධීකරණ ලේකම් සුදු වෑන් රියකින් උස්සලා

(2009 අගෝස්තු 04 - W3Lanka) මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහගේ සම්බන්ධීකරණ නිලධාරි ශාන් ජයසිංහ නමැති අය සුදු වෑන් රියකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබේ.  මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු මානව හිමිකම් ඇමතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිකු වන මුත්, ප්‍රදේශවාසීන් පවසන්නේ ඔහු පාතාල කල්ලි නායකයකු බවයි.  රජය දැන් පාතාල කල්ලි මර්දනය කිරීමේ මෙහෙයුමක් දියත් කර තිබේ.

එක රටක්! එක පාතාලයක්!

Image
(2009 ජුලි 17) ත‍්‍රස්තවාදය සහමුලින් අවසන් කළ රජය මත්කුඩු ජාවාරම්කරුවන්, කප්පම්කරුවන්, මැරවරයන්, මිනීමරුවන් ආදී සෑම අයකුටම එරෙහිව මේ වන විට යුද ප‍්‍රකාශ කර තිබෙන බව අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතා මුල්ලේරියාව පොලිසියේ නව ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් පැවසීය.  පසුගිය දිනවල පාතාල නායකයන් ගණනාවක් ම අභිරහස් අන්දමින් මිය යාම හා මෙකී ' යුද ප‍්‍රකාශ' කිරීම අතර සම්බන්ධයක් තිබේ යයි අනුමාන කළ හැකිය.  මාළිගාවත්තේ පසුගියදා කරන ලද වැටළීමකදී පාතාල කල්ලි සාමාජිකයන් යයි සැක කෙරෙන 100කට අධික පිරිසක් අත්අඩංගුවට ගන්නා ලදී. එක් පාතාල කල්ලියක නායකයකු බව කියන ෆාජි නමැත්තා රටින් පලා ගිය බවට තොරතුරු ඇති අතර, ඔහුගේ සමීප ගෝලයකු මේ සතියේ කොළඹදී මරා දමා තිබිණි.  ප්‍රතිවාදී පාතාල කල්ලි නායකයකු වන ආනමාලු ඉමිටියාස් ද මෑතදී පැහැරගෙන ගොස් මරා දමන ලදී.  මෙම පාතාල කල්ලි පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී පවා මැද කොළඹ ඇතුලු ප්‍රදේශවල ආණ්ඩු පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන්ට සහාය දක්වමින් ක්‍රියාත්මක විය.  මේ අතර, රජයේ ප්‍රබල දේශපාලකයකුගේ අනුග්‍රහය ලබන එක් ...