එක රටක් - එක පාතාලයක්; අනෙක් පාතාල අවසන්

දරුණු ගණයේ අපරාධ සිදුකරමින් රටපුරා ක්‍රියාත්මක වූ සංවිධානාත්මක අපරාධ කල්ලි පනහකට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම මර්දනය කර ඇති බව ද, මෙම කල්ලි සාමාජිකයන් කොටුකර ගැනීම සඳහා පොලිසිය යුද හමුදාවේ සහ විශේෂ කාර්ය බළකායේ සහාය ඇතිව සිදුකළ මෙහෙයුම්වල ප්‍රතිඵලයක් වශයෙන් එම අපරාධ කල්ලි මර්දනය කිරීමට හැකි වී ඇති බව ද, එම පාතාල කල්ලි සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදී ඇති බව ද අද දිනමිණ හෙළිදරව් කරයි.


පසුගිය කාලයේ පාතාල කල්ලි සාමාජිකයන් විශාල පිරිසක් නාඳුනන පිරිස් විසින් ඝාතනය කරන ලදී. එම පිරිස් හඳුනා ගැනීමේ ඉඟියක් දිනමිණ පුවතෙහි තිබෙනවා විය හැකි ය.


තවත් විශාල පාතාල කල්ලි සාමාජිකයන් පිරිසක් මිය ගියේ අත්අඩංගුවේ සිට ආයුධ පෙන්නන්ට ගොස් පොලිසියට පහර දී පළා යාමට තැත් කිරීමේදී පොලිසිය විසින් ගත් ක්‍රියාමාර්ග නිසා හිසට වෙඩි වැදීමෙන් හෝ දියේ ගිලීමෙන් හෝ ආදියෙනි.


පාතාල කල්ලි සාමාජිකයන් විසින් කරන ලද ඝාතන ඇතුළු අපරාධ පිළිබඳ විධිමත් පරීක්ෂණ සිදු වූ බවක් හෝ පාතාල කල්ලි සාමාජිකයන් නීතිය ඉදිරියට ගෙනැවිත් දඬුවම් කළ බවක් නම් වාර්තා වූයේ නැති තරම් ය.


මේ කියන පාතාල මෙහෙයුම්වලට අදාල නො වූ පාතාල කල්ලි නායකයෝ රැසක් ම තවමත් රාජ්‍ය බලයේ රැකවරණය ලබමින් රට පුරා නිදැල්ලේ වෙසෙති. ඇතැම්හු රටේ නීති සම්පාදකයෝ ද වී සිටිති.


සංවිධානාත්මක කල්ලි විසින් කරනු ලබන අපරාධවල අඩුවක් නම් මේ රටෙන් වාර්තා වන්නේ නැත. එහෙත් දිනමිණ පුවත පවසන පරිදි කිසියම් පාතාලයක් මර්දනය කර තිබේ. එසේ නම් දැන් ඉන්නේ එක් පාතාලයක් පඹණකැයි සිතා ගැනීම යෝග්‍ය යයි අපට සිතේ.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. නිල නොවන පාතාලය බිඳ දමා නිල පාතාලයක් ගොඩ නැගුවම අධිකරණයක් ඕන නෑ...කොන්දක් නැති අධිකරණයක් නේ අපිට තියෙන්නේ...එතකොට තුවක්කුවට සහ බෝම්බයට බලය ලැබීම තමා වෙන්නේ...නිතිය බල්ලට යාමත්...නීතියට ආධිපත්‍යයක් නැතිවීමත් ආශ්චර්යක් තමයි...සන්වර්දන්යේ නාමයෙන් ප්‍රජාතන්ත්‍ර භාවිතාවන් යටත් කිරීමට 1977 පටන් ගත්ත ගමන තමා මේ...අධිවේගී කොන්ක්‍රීට් පාරවල් පාලම් වන්දනය කර කර ඉඳිමු...එතකොට හරි යයි...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා