විභාග කොමසාරිස් ඉසෙඩ් ස්කෝර් මෙව්වා කළ හැටි



විභාග කොමසාරිස් ඉසෙඩ් අගය මෙව්වා කර ඇත්තේ කෙසේ ද යන්න අන්තර්ජාලයේ අපේ ඇත්තන් සොයාගෙන ඇත. 


එය මෙව්වා කර ඇත්තේ පොඩි මල්ලී ෆෑන් ටෝක්හි ඩක්වර්ත් සහ ලුවිස් ක්‍රමය පැහැදිලි කළ ආකාරයට ය. 


ඉතිහාසගත වූ අනුර එදිරිසිංහ පොඩි මල්ලී, අදින් අරඹන ඔබේ විශ්‍රාම දිවිය රටට තව දුරටත් බරක් නො වී ගත කරන්නට ලැබේවා යි අපි ඉත සිතින් ප්‍රාර්ථනා කරමු. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මේ හාදයා බන්දුල මහත්තය පස්සේ ගිහින් සේවා දිගුව ගත්තේ හොඳට පන්දම අල්ලලා...දේශපාලනයට කොන්ද නැමීම වගේම ජයවර්දන පුර සරසවියේ ආදී මිතුරන් වීමද සුදුසු කමක්...මේ දක්වා ඔය තනතුර දරපු කිසි කෙනකු නොකරපු විදියට ඔය තනතුර හැල්ලු කළා...හිටපු නඩු කාරයන් උපකුලපතිවරු රෝයල් විදුහල්පතිලා දැම්මට මෙය කරපුව අල්ලන්න බැහැ...මොකද එයාල ඊට වඩා දේශපාලනයට පන්දම් අල්ලලා තමා ඔය තැන් වල හිටියේ සහ ඉන්නේ...විභාග සඳහා නීතියක් තියනවා මට ඇඟිලි ගහන්න බෑ කියල ඇමති කීවට මෙච්චර කල් හිටියේ අතයි කකුලයි දෙකම දමාගෙන හිටිය බව එයා ජනතාවට වසන් කරනවා...කොමසාරිස්ට සේවා දිගුවක් දීම දේශපලන වාසියට කරපු දෙයක්

    ReplyDelete
  2. මෙන්න Z-ස්කෝර් දෙකක් එකතු කරන ක්‍රමවේදය චිත්‍රානුසාරයෙන්.

    http://www.youtube.com/watch?v=oQi4N6LTJHo

    HNY2012-2U.

    ReplyDelete
  3. මේකත් බැලුවනම්...........

    http://www.youtube.com/watch?feature=player_embedded&v=1TW8Nu1N1nE

    ReplyDelete
  4. හෙහ්, හෙහ්....දැන් හරිනෙ....බොරුවටනෙ කට්ටිය කෑගැහුවෙ....මිස්ටර් අනුර එදිරිසිංහ ඔය පැහැදිළි කලේ යස අගේට....'' මෙන්න මෙහෙම '' අනෙ අම්මප මෙව්වට අඬන්ඩද හිනාවෙන්ඩද කියන එකයි මට හිතාගන්ට බැරි.......පොඩි මල්ලිල මොන හාල්පාරුවොද?....මෙයානෙ පොර....

    මම යෝජනා කරනවා 2011 ශ්‍රී ලාංකීය ජනතාවට කල උත්තරීතර සේවය වෙනුවෙන් මිට්ට එදිරිසිංහට '' මෙන්න මෙහෙම චක්‍රවර්තී '' ගෞරව නාමය ප්‍රදානය කල යුතුයි කියල.

    හප්පච්චියේ...විශ්‍රාම ගිය එක නම් හරිම අපරාදයක්....මුන්දැ මැරෙනකල් තනතුරේ තියාගත්ත නම් තමයි වටින්නෙ......

    ReplyDelete
  5. තව ටික දවසක් යනකොට ඔය විභාග වලිය අමතක වෙනවා. ඊට පස්සේ මේ පොර ලොකු තැනක උපදේශකයෙක් වෙනවා...
    -Kumar-

    ReplyDelete
  6. කොමඩි ඇත්තවෙන අරුම පුදුම ආශ්චර්යවත් යුගයක් කරා...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා