කුඩුකාරයෝ ද, සිරකරුවෝ ද මිනිස්සු ය

මැගසින් බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ල ගැන විවිධ අදහස් ප්‍රකාශ වේ.


සාමාන්‍යයෙන් කියැවෙන්නේ එය කුඩුකාරයන්ගේ කැරැල්ලක් ය කියා ය. කුඩුකාරයන් ය කියූ විට සාමාන්‍යයෙන් ඔවුන්ට සමාජ අනුකම්පාවක් නො ලැබීම අපේක්ෂා කෙරේ.


ඒ නිසා, කවුරුවත් මැගසින් බන්ධනාගාරයේ කැරැලි ගැසූ මිනිසුන්ගේ හඬට ඉඩක් දෙන්නේ නැත. 


මත්ද්‍රව්‍යවලට දැඩිව ඇබ්බැහි වූ පුද්ගලයකුට හිටිහැටියේ මත්ද්‍රව්‍ය නො ලැබී යාම හේතුවෙන් ඔහු අධික වේදනාකාරී අසනීප තත්වයට පත් වෙයි. මත්දුව්‍ය භාවිතා කරන්නන්ට ඒවා නො ලැබී යාම හේතුවෙන් ඔවුන් අධික අසහනයට පත් වෙති. එබැවින් බන්ධනාගාරවල සමබරතාව පවත්වාගෙන යන්නට ඇතුළට‍ කුඩු යාම අවශ්‍ය තත්වයක් ඇති වී තිබේ.


පොදු සමාජයේ ද තත්වය එයයි. මත් උවදුරට හිටි හැ‍ටියේ තිත තබන්නට බැරි ඒ නිසා ය.  


කුඩුකාරයන් ලෙස සාමාන්‍යයෙන් හංවඩු ගැසෙන්නේ මත්ද්‍රව්‍ය භාවිතා කරන සමාජයේ ආර්ථික මට්ටමෙන් පහළ තීරුවේ ජනයා ය. මත්ද්‍රව්‍ය භාවිතා කරන සමාජයේ ඉහළ මට්ටමේ අය නීතියේ බලපෑමට එතරම් ලක් නො වෙති. නිදසුනක් ලෙස ලංකාවේ සංගීතකාරයෝ විශාල පිරිසක් ගංජා උරති. ගංජා ගසා කාටවත් කරදරයක් නො කර ආතල් එකේ සිංදුවක් කියා අනෙක් අයට ද ආතල් බෙදන ඔවුන් මර්දනය කිරීම සඳහා පොලිසිය සංගීත සංදර්ශන වේදිකා පිටුපස ඉඳ ඔවුන්ගේ ඉණ ඉහ අතගාන්නේ නැත.


කුඩුකාරයන් ලෙස හංවඩු ගැසී සිටින සමාජයේ පහල තීරයන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හා එයින් ඔවුන්ගේ ජීවිත බිඳ වැටීම ඔවුන්ගේ පෞද්ගලික ප්‍රශ්නයක් පමණක් නො ව සමාජ ප්‍රශ්නයකි. 


එසේ ම, මෙම සමාජ තීරයට මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ව්‍යාපාර හා සම්බන්ධව ධනවත් වූ ඉහළ පංතිකයෝ ද සිටිති. ඔවුහු දේශපාලන හා ආරක්ෂක අධිකාරීන් සමග ද සම්බන්ධ බවට වාර්තා ඇත.


අනෙක් පැත්තෙන් මෙකී ලුම්පන් නිර්ධන පංතිකයන් වනාහි ජනතා අරගල මර්දනය කිරීම සඳහා ද පාවිච්චි කරනු ලබන පිරිසකි.


එහෙත්, අවසානයේදී සියල්ලෝ ම වගකීමෙන් නිදහස් ව අත සෝදා ගනිති. පහත සඳහන් අධිකරණ ප්‍රවෘත්තිය කියවන්න. මෙම නඩු තීන්දුව දුන්නේ බන්ධනාගාරයේ කැරැල්ලක් පවතිද්දී ය.


රජය බන්ධනාගාර මිනිස් කසල ගාල් කරන ස්ථානයක් බවට පත් කරගෙන තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස බන්ධනාගාර වරදකරුවන් නිවරද කිරීමේ මධ්‍යස්ථානවල තත්වයෙන් සම්පූර්ණයෙන් ම වෙනස් ව, මර්දනය හා අසහනය රජ කරන අනතුරුදායක ස්ථාන බවට පත් වී තිබේ.


හෙරොයින් ග්‍රෑම් තුනට මරණ දඬුවම
රෝෂන් තුෂාර (දිනමිණ)
හෙරොයින් ග්රෑම් තුනයි දශම එකක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ මරදානේ පුද්ගලයකුට මරණීය දණ්ඩනය නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පී. පද්මන් සුරසේන මහතා ඊයේ (26) නියෝග කළේය. අන්තරායකර ඖෂධ පාලක පනතේ 54 අ (ඇ) වගන්ති උල්ලංඝනය කරමින් හෙරොයින් ළඟ තබාගත් මරදාන සීමන් පාරේ එම්. ඒ. ඩී. අයි. දර්ශකා නමැත්තාට මේ දඬුවම නියම කළේය.
2002 ඔක්තෝබර් 17 දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත කළ වැටලීමක දී මේ චූදිත අත්අඩංගුවට ගෙන තිබිණි.
මහාධිකරණ නඩු විභාගයේ දී ප්‍රකාශයක් කර ඇති චූදිත අත්අඩංගුවට පත් හෙරොයින් මහළු කතකගේ බාල්දියේ තිබී අත්අඩංගුවට ගත් බවත්, ඇය රැගෙන යාමට පොලිස් නිලධාරීන් ක්‍රියා කරද්දී තමන් ඉදිරිපත් වූ බවත් සඳහන් කර ඇත.
මහේස්ත්‍රාත් අධිකරණ නඩු විභාගයක දී හෝ ඉදිරිපත් නොකළ මේ ප්‍රකාශය අධිකරණයට පිළිගත නොහැකි බව විනිසුරුවරයා සඳහන් කර ඇත.


මේ මිනිසුන්ට ද කියන්නට කතාවක් ඇත. එය අසන්නට සූදානම්, සිහි බුද්ධිය ඇති සමාජයක් ලංකාවේ තිබේ ද? 


මර්දනයෙන් සියලු ප්‍රශ්න විසඳීමට බැරි ය. ලුම්පන් නිර්ධන පංතිකයන්ගේ ප්‍රශ්න විසඳීමට නම් මිනිසුන් දරිද්‍රතාවේ හා නූගත්කමේ පතුලට ම ඇද දමා මිනිස් කසල බවට පත් කර සීමිත පිරිසකට පමණක් සමෘද්ධිය අත් පත් කර දෙන සමාජ ක්‍රමය වෙනස් කළ යුතු ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. සංකීර්න ප්‍රශ්නයක්. ගහන උන් කොහොම ගහනවද කියන්න අමාරුයි. ඇබ්බහි උනාම අත්හැරීමත් අමාරු දෙයක්. කුඩු නොවේ ඕනම දෙයක්. මේ මිනිසුන්ට ආතල් ගන්න තියෙන්නේ කුඩු විතරයි. වෙන දෙයක් නෑ. එකක් ඔවුන්ගේ පන්තිය. අනික ඔවුන්ගේ දැණුම සහ පරිසරය. ඒවා වෙනස් නොකර මේවා තුරන් කිරීම විහිළුවක්ම පමණයි..

    ReplyDelete
  2. කුඩුකාරයෙක් දුෂණය කරපු බාල වයස්කාර ගැහැණු ළමයෙක්January 26, 2012 at 8:12 AM

    මෙතන එක හිරකාරයෙක් TV නිව්ස් වලටකියනවා මම දැක්ක ළමයින් 3 දෙනෙක්ගේ තාත්ත කෙනෙක් නිසා වෙඩි වෙඩිල මරුනනම් ළමයින්ට මොකද වෙන්නේ කියල. මු අපරාද කරනකොට ළමයින්ව ගැන හිතුවේ නෙද්ද? දැන් හිරේ ඉන්නකොට විතරද මුන්ට ලමින්ව මතක් වෙන්නේ? මුන්ව වෙදිතියල මරල දන්නා ඕනේ. වෙඩි හරියක් ඉන්නේ කුඩු බුසිනේස්ස් කරලා ස්ත්රී දුෂණය කරලා මිනීමරු හිරකාරයෝ. මුන්ගෙන් සමාජයට වෙඩක් නෙහ. මුන් හිරේ ගියාම හිතාගෙන ඉන්නේ ගෙදර ඉන්නවා වගේ කියල. මුන් අසරණ පෞවුල් වල පොඩි ලමින් දුසහනය කරලා, කප්පම් ගහල, මිනි මරල, හොරකම් කරලා, ස්ත්රී දුෂණය කරලා, තව එනවා උන්ගේ ඓතිවාසිකම් ගැන කතාකරන්න. මුන් පවුල් කීයක් පාරට දල අනාථ කරලා තියෙනෙවද. ජනදිපතිතුමනි, ඉක්මනටම එල්ලුම්ගහ ක්රෙයත්මක කරලා මුන්ව එල්ලලා මරල දාන්න. ලොකු පිනක් මුන්ව එල්ලලා මරල දාන එක.

    ReplyDelete
  3. කුඩුකාරයෙක් දුෂණය කරපු බාල වයස්කාර ගැහැණු ළමයෙක්January 26, 2012 at 8:15 AM

    Mage duwatsa wayasa 12 i. Dawasak Dematagodadi duwa daham pasal erila gedara enakota maha dawal adagena gihin Dushanaya karala thibuna. Bus ekaka gahaniyekutawath yanna beha. Mun athawara karanawa. Munwa ellala marala danna one. mata me una deya obatah unanam oba ganna theeranaya kumakda? Dan Duminda Silvath nethi nisa munwa marala damma nam hari.

    ReplyDelete
  4. පොලිසියෙන් කුඩු පැකට් දාල මිනිස්සු වැරැදිකරුවන් කරන බව මේ නඩුකාර උන්නාන්සෙල අහලවත් නැතිව ඇති. මොකද එයාල සමාජයේ වෙන දේවල් දන්නෙ නෑනෙ.
    මේ නඩුකාර උන්නාන්සෙල සහ පොලිසිය(ත්‍රස්තවාදී) හරිනම් මර්වියාල,දුමින්දල ඇතුඵ පාර්ලිමේන්තුවේ ඉන්න 225 න් 150 කට වඩා මේ වෙද්දි ජීවිතාන්තය දක්වා හිරේ ලැග සිටිය යුතුයි. නැතිනම් මර්වියාල , දුමියල ‍වගේ එවුන්ට දහස් වතාවක් විතර මරණ දඩුවම් නියම කර තිබිය යුතුයි. හෙණ ගහන රටක් මේක.

    ReplyDelete
  5. කුඩු කාරයෝ ස්ත්‍රී දුෂකයෝ මිනීමරුවෝ ඇතුළු අපරාධකාරයෝ උසාවි ගෙනියල නඩු අහල දඩුවම් කරන්නේ නැතිව මරල දාන්න කරන යෝජනවා පිලි ගන්නවා නම් අර දේශපාලකයන් ගෙන් තමා පටන් ගන්න ඕන...ඊලගට තමා හිර කාරයෝ ගාවට එන්න ඕන...මොකද දේශපාලනයේ ඔය වැඩට නම් දරපු අය කොච්චර ඉන්නවද...ප්‍රශනයක් ඇති උනාම එකට සම්බන්ද මිනිස්සු මරල දාල ප්‍රශ්න විසදන්න ඔය දේශපාලකයන්ටම ආයචන කරලා අදොනා නැගීම තමා මේ සියල්ලටම මුල...මේ රට නීතියට ගරු නොකරන...බලය සත්‍යය කියල පිළිගන්න සමාජයක් බවට පෙරලන්න...අපි කරපු මේ වගේ හිතිවිලි හේතු උන බව දැන්වත් පිළිගෙන මේකට පිළියම් හොයන එක තමා අපි කරන්න ඕන...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා