නොරොච්චෝලේ - චීන ලංකා වත්මන් සබඳතාවල යථාර්ථය නිරූපණය කරන සංකේතය

ජනතා විරෝධය නො තකා හරිමින් ඉදි කරන ලද නොරොච්චෝලෛ ගල් අඟුරු බලාගාරය ආයෙමත් කැඩිලා ය. එය කවදා හදන්නට පුළුවන් වේදැයි නිලධාරීහු හරියට නො දනිති.


ලාබෙට විදුලිය නිපදවීමට යයි කියා ඩොලර් මිලියන 450ක් චීනයෙන් පොලියට ගෙන, චීනයට ම ඉදි කරන්නට දුන් මේ ගල් අඟුරු බලාගාරය හැදූ දවසේ සිට ම කඩෙනවා ය. ඒ කැඩෙන හැම දිනකට ම පෞද්ගලික අංශයෙන් විදුලිය මිළ දී ගන්නට රුත මිලියන 80ක් වැය වෙනවා ය. පෞද්ගලික අංශයෙන් විදුලිය මිළ දී ගන්නා විට නිලධාරීන්ට අත යටින් කැපිලි තිබීම මේ රටේ සාමාන්‍ය තත්වයකි.


නොරොච්චෝලෛ බලාගාරය මීට පෙර ද සතියක කාලයක් නවතා දමා තිබී යළි විදුලි ජනනය ආරම්භ කළේ මේ මාසයේ මුල ය.


විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු සංගමයේ ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සහායක යූ. ආර්. ඒ සේනාරත්න චෝදනා කරන පරිදි බලාගාරය නිතර, නිතර බිඳ වැටීම පිටුපස ඇත්තේ චීන කුමන්ත්‍රණයකි.


ඔහු පවසන පරිදි මෙම ගල් අඟුරු බලාගාරය නඩත්තු කිරීමේ දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීමේ උවමනාවක් එය ඉදි කළ චීන රජයට අයත් China Machinery Engineering Corporation සමාගමට තිබේ. එම කොන්ත්‍රාත්තුව මාස හයකට ඩොලර් මිලියන තුනක් ගෙවමින් ලබා දෙන්නට පසුගිය දිනවල විදුලි බල හා බලශක්ති ඇමති චම්පික රණවක උත්සාහ කළේ ය.


ඒ පිළිබඳ ඇති සැකමුසුභාවය නිසා මුදල් අමාත්‍යංශය මෙම යෝජනාව අනුමත කර නොමැති බව වාර්තා වේ.


මෙම බලාගාරය මෙහෙයවීම සඳහා මීට පෙර සේවකයන් 280ක් පුහුණු කරන ලදී. ඔවුන්ගෙන් ඉංජිනේරුවන් 80ක් ඇතුලු 100ක් පමණ දෙනා පුහුණු කරනු ලැබුවේ චීනයට යවා ය.


මෙම පිරිස් පුහුණුව සඳහා යැවීමේදී විදුලි බල මණ්ඩලය එය විදේශ චාරිකාවක් බවට පත් කර සුදුස්සන් නො යවා නුසුදුසු හෙංචයියන් යැවීමේ වැඩපිළිවෙලක් අනුගමනය කළ බවට වෘත්තීය සමිති චෝදනා කරති.


චීන්නුන් පුහුණුව හරියට නො දුන් බව පුහුණුවට චීනයට ගිය අය දැන් කියති. ඔවුන් කියන පරිදි යන්ත්‍රවල උපදෙස් පොත් පවා තිබී ඇත්තේ චීන බසිනි.


මෙම ගල් අඟුරු බලාගාරය ජුලි මාසයේ සිට ක්‍රියාත්මක කරවන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් විසින් ය.


පසුගිය මාර්තුවේ නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරය විදුලි ජනනය ආරම්භ කළ දා සිට මේ දක්වා වසරකටඅඩු කාලයක් තුළ දින 40ක් විවිධ හේතු මත එහි ක්‍රියාකාරිත්වය සිදු නො වූ බව වාර්තා වේ.


නෙළුම් පොකුණ රඟහල අපට ලබා දුන් චීනය එරික් ඉලයප්පාරච්චිගේ ලලිත සමය නවකතාවේ කියවෙන අන්දමේ සමාජවාදී උතුරුකුරුවක් නො වේ. අප වැනි දුප්පත් රටවල් නිර්දය අන්දමින් සූරා කා ආර්ථික අධිරාජ්‍යයක් ගොඩනඟන ජාතිවාදී රතු ධනවාදයකි. 


චීන ලංකා වත්මන් සබඳතාවල යථාර්ථය නිරූපණය කරන සංකේතය වන්නේ නෙළුම් පොකුණ නො ව, නොරොච්චෝලේ ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මේ තර්කය පසෙකින් තබමු. නමුත් ඔවුන්ට එසේ කිරිමට දූෂණයේ බඩ පිණුම් ගහන දේශපාලුවන් හා නිලධාරීන් පිරිසක් සිටීම... චීනය නෙමෙයි ස්වීඩන් කාරයා ආවත් මේ දේමයි වෙන්නේ. උනුත් අපෙන් ඉගෙන ගනීවී.

    ReplyDelete
  2. දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් යොමු වී තිබෙන රාජ්‍ය ධනවාදී රටවල් වලින් වඩාත් ලොකුම ධන හිමිය චීනයයි...ලෝක වෙළඳපලින් හම්බ කර ගන්න සල්ලි යොදවල හදල තියෙන සවරින් බොන්ඩ් කොම්පැනි වලට යොදවල තියෙන සල්ලි වලින් ලෝකේම හොල්ලන්න චීනයට සල්ලි තියෙනවා...අපි වගේ ජරාවටම සැදී පැහැදී ඉන්න දේශපාලන නායකයන් ඉන්න රාජ්‍යයන්වල නායකයන්ට හොඳට හම්බු කර ගන්න ඉඩ ඇරලා අත දිග ඇරලා ණය දෙන්නත් ඒ තුලින් තමන්ගේ දේශපාලන මුල්‍ය ඉලක්ක අත් කර ගන්න එකත් විතරයි චීනය මේ කලේ කරන්නේ...සමාජවාදය අද ඒ රටේ මිනිස්සුන්ව පාලනය කිරීමේ සුත්‍රයක් විතරයි...චීන මුදලේ බලයට අද අමෙරිකාවත් යට වෙලා ඉන්නේ...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා