Posts

Showing posts with the label නොරොච්චෝලේ

නොරොච්චෝලේ චීන යටත් විජිතවාදීන්ට පවරා දීමේ ගිවිසුම හෙවත් නූතන උඩරට ගිවිසුම

Image
නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරය චීනයට පවරා දීම ලාංකීය දේශපාලනයේ සන්ධිස්ථානයකි. එසේ වන්නේ හේතු කීපයක් මත ය.  මේ වනාහි මෙතෙක් ඉතිහාසයේ විදේශ රටකට පවරා දෙනු ලබන ලංකාවේ වැදගත් ම දේපලයි. මේ සමගම මෙතෙක් රජය අත තිබුණු විදුලිබල ඒකාධිකාරය චීනය සමග බෙදී යයි. රටේ ආර්ථික මර්මස්ථානයක පාලනය චීනය අත පත් වේ. පළාත් සමග බලය බෙදා ගන්නවාට විරුද්ධ අය චීනය සමග බලය බෙදා ගැනීම ගැන කියන්නේ කුමක්ද යන කරුණ ද මෙහිදී මතු වේ. චීනය ‍මෙම බලාගාරය අප මත පැටවූයේ ගිනි පොළී ණයක් සමග ය. ඉන් පසු මෙහි ගෙනැවිත් සවි කරන ලද ගල් අඟුරු බලාගාරයේ තත්වය පිළිබඳ බරපතල ගැටලු තිබේ. එය දිගින් දිගට ම බිඳ වැටෙමින් තිබිණි. දැන් එය පවත්වාගෙන යාම මුළුමනින් ම චීනයට පැවරීමට යයි. ඒ සඳහා සියලු වියදම් විදුලි බල මණ්ඩලය විසින් දැරිය යුතු ය. මේ චීන නව යටත් විජිතවාදයේ කෲර සූරාකෑම නිරූපණය කරන මනා නිදසුනකි. මෙම පවරා දීම සාධාරණීකරණය කරන්නට ආණ්ඩුව කියන්නේ විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු මාෆියාව නිසා එසේ කරන්නට සිදු වී තිබෙන බව නම්, අපට තිබෙන ප්‍රශ්නය වන්නේ මේ රටට මෙවැනි හාල්පාරු ආණ්ඩුවක් කුමටද යන්නයි.  නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි...

නොරොච්චෝලේ - චීන ලංකා වත්මන් සබඳතාවල යථාර්ථය නිරූපණය කරන සංකේතය

Image
ජනතා විරෝධය නො තකා හරිමින් ඉදි කරන ලද නොරොච්චෝලෛ ගල් අඟුරු බලාගාරය ආයෙමත් කැඩිලා ය. එය කවදා හදන්නට පුළුවන් වේදැයි නිලධාරීහු හරියට නො දනිති. ලාබෙට විදුලිය නිපදවීමට යයි කියා ඩොලර් මිලියන 450ක් චීනයෙන් පොලියට ගෙන, චීනයට ම ඉදි කරන්නට දුන් මේ ගල් අඟුරු බලාගාරය හැදූ දවසේ සිට ම කඩෙනවා ය. ඒ කැඩෙන හැම දිනකට ම පෞද්ගලික අංශයෙන් විදුලිය මිළ දී ගන්නට රුත මිලියන 80ක් වැය වෙනවා ය. පෞද්ගලික අංශයෙන් විදුලිය මිළ දී ගන්නා විට නිලධාරීන්ට අත යටින් කැපිලි තිබීම මේ රටේ සාමාන්‍ය තත්වයකි. නොරොච්චෝලෛ බලාගාරය මීට පෙර ද සතියක කාලයක් නවතා දමා තිබී යළි විදුලි ජනනය ආරම්භ කළේ මේ මාසයේ මුල ය. විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු සංගමයේ ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සහායක යූ. ආර්. ඒ සේනාරත්න චෝදනා කරන පරිදි බලාගාරය නිතර, නිතර බිඳ වැටීම පිටුපස ඇත්තේ චීන කුමන්ත්‍රණයකි. ඔහු පවසන පරිදි මෙම ගල් අඟුරු බලාගාරය නඩත්තු කිරීමේ දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීමේ උවමනාවක් එය ඉදි කළ චීන රජයට අයත් China Machinery Engineering Corporation සමාගමට තිබේ. එම කොන්ත්‍රාත්තුව මාස හයකට ඩොලර් මිලියන තුනක් ගෙවමින් ලබා දෙන්නට පසුගිය ...

නොරොච්චෝලේ අපලේ

Image
පසුගිය මාර්තුවේ නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරය විදුලි ජනනය ආරම්භ කළ දා සිට මේ දක්වා වසරකටඅඩු කාලයක් තුළ දින 35ක් විවිධ හේතු මත එහි ක්‍රියාකාරිත්වය සිදු නො වූ බව ද, එවැනි එක් දිනක් වෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට විඳින්නට සිදු වන පාඩුව රු. කෝටි අටක් බව ද විදුලි බල හා බල ශක්ති ඇමති චම්පික රණවක පවසයි. මෙම ඇමතිවරයා මීට ටික කලකට පෙර විදුලි බල මණ්ඩලය 'ලාභ' ලබන තත්වයට ගෙන ආ අයෙකි.  විවෘත කරන්නටත් පෙර සිට ම කැඩෙන්නට පටන් ගත් මෙම විදුලි බලාගාරය යථා ත්වයට පත් කිරීම සඳහා යයි කියමින් මාස හයකට එහි පාලනය එය ඉදි කළ China Machinery Engineering Corporation සමාගමට ම ඩොලර් මිලියන තුනක් ගෙවමින් ලබා දෙන්නට පසුගිය දිනවල විදුලි බල හා බලශක්ති ඇමති චම්පික රණවක දැරූ උත්සාහයක් ඒ පිළිබඳ ඇති සැකමුසුභාවය නිසා මුදල් අමාත්‍යංශය විසින් ව්‍යර්ථ කරන ලද බව වාර්තා විය. මෙම බලාගාරය මෙහෙයවීම සඳහා මීට පෙර සේවකයන් 280ක් පුහුණු කරන ලදී. ඔවුන්ගෙන් ඉංජිනේරුවන් 80ක් ඇතුලු 100ක් පමණ දෙනා පුහුණු කරනු ලැබුවේ මහජන මුදල් වැය කර චීනයට යවා ය. මෙගවොට් 300ක ධාරිතාව ඇති ලක්විජය ලෙස නම් කර ඇති මෙම ගල් අඟුරු බලාගාරය ජුල...