නොරොච්චෝලේ චීන යටත් විජිතවාදීන්ට පවරා දීමේ ගිවිසුම හෙවත් නූතන උඩරට ගිවිසුම

නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරය චීනයට පවරා දීම ලාංකීය දේශපාලනයේ සන්ධිස්ථානයකි. එසේ වන්නේ හේතු කීපයක් මත ය. 

මේ වනාහි මෙතෙක් ඉතිහාසයේ විදේශ රටකට පවරා දෙනු ලබන ලංකාවේ වැදගත් ම දේපලයි. මේ සමගම මෙතෙක් රජය අත තිබුණු විදුලිබල ඒකාධිකාරය චීනය සමග බෙදී යයි. රටේ ආර්ථික මර්මස්ථානයක පාලනය චීනය අත පත් වේ. පළාත් සමග බලය බෙදා ගන්නවාට විරුද්ධ අය චීනය සමග බලය බෙදා ගැනීම ගැන කියන්නේ කුමක්ද යන කරුණ ද මෙහිදී මතු වේ.

චීනය ‍මෙම බලාගාරය අප මත පැටවූයේ ගිනි පොළී ණයක් සමග ය. ඉන් පසු මෙහි ගෙනැවිත් සවි කරන ලද ගල් අඟුරු බලාගාරයේ තත්වය පිළිබඳ බරපතල ගැටලු තිබේ. එය දිගින් දිගට ම බිඳ වැටෙමින් තිබිණි. දැන් එය පවත්වාගෙන යාම මුළුමනින් ම චීනයට පැවරීමට යයි. ඒ සඳහා සියලු වියදම් විදුලි බල මණ්ඩලය විසින් දැරිය යුතු ය. මේ චීන නව යටත් විජිතවාදයේ කෲර සූරාකෑම නිරූපණය කරන මනා නිදසුනකි.

මෙම පවරා දීම සාධාරණීකරණය කරන්නට ආණ්ඩුව කියන්නේ විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු මාෆියාව නිසා එසේ කරන්නට සිදු වී තිබෙන බව නම්, අපට තිබෙන ප්‍රශ්නය වන්නේ මේ රටට මෙවැනි හාල්පාරු ආණ්ඩුවක් කුමටද යන්නයි. 

නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරය පිහිටුවද්දී පාරිසරික හා ආර්ථික කාරණා මත මතු වූ මහජන විරෝධය මැඩ පැවැත්වූයේ එහි ඇති ලාභදායිත්වය ගැන කියමින් ජනතාව රවටමිනි. මේ ගල් අඟුරු බලාගාරය ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත් අත්සන් කිරීමේ සිට එය ඉදි කළ චීන සමාගමට එය පවත්වාගෙන යාම සඳහා පැවරීමේ කොන්ත්‍රාත්තුව අත්සන් කරන තෙක් සිදු වූ ගනුදෙනු පිටුපස දැවැන්ත කොමිස් ජාවාරමක් ඇති බවට සාධාරණ සැකයක් උපදී. මේ කොමිස් ගසන්නෝ කවුරුද? පරම්පරා ගණනාවක් උගසට තැබූ මේ ජාවාරම්කරුවන් සොරකම් කළ මුදල් ආපසු පවරා ගැනීම අනාගත ආණ්ඩුවක මූලික ප්‍රතිපත්තියක් විය යුතු ය.

පොදු අපේක්ෂකයකු පිළිබඳ දැන් පැවැත්වෙන සාකච්ඡාවලදී මෙය මූලික කොන්දේසියක් බවට පත් කළ යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. /* රටේ ආර්ථික මර්මස්ථානයක පාලනය */

    මේ ඇත්තටද කියන්නේ නැත්නම් ජොක් එකක්ද? වසරේ දවසේ 365 න් සෑහෙන්න දවස් ගානක් කැඩිලා තියෙන බලාගාරයක් ආර්ථික මර්මස්ථානයක් වෙන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. මේ වෙනුවෙන් චීනයට පුදපු සල්ලි කන්ද නිසයි.

      Delete
    2. මරු ප්‍රශ්නය සහා උත්තරය....:D

      Delete
    3. මචන් කතන්දරකාරයා උඹ ආයෙත් මේවට comment නොකර ඉදින්..! උඹ දාන දාන comment එකෙන් උබෙ ගොන් කම පේනවා...

      Delete
  2. (පෝස්ට් එකට අදාල නැත)

    පැරා අංකල්,

    ජිනීවා යෝජනාවට අනුව, ඉදිරියේදි පැවැත්වෙන පරීක්ෂණය සහ ලංකාණ්ඩුව වැරදි කරු වුනොත් ඇතිවෙන්න පුලුවන් තත්ත්වය ගැන සමාලෝචනයක් කරන්න පුළුවන්ද? (දෙසැම්බර් වෙනකොට සම්බාධක වැටෙයි කියල ඊ නිව්ස් අංකල්ලා කියල තිබුනා)

    ස්තුතියි. (තෑන්ක්ස් ආ..)

    ReplyDelete
  3. නිපදවන්නෙ විදුලිය වුනාට ඔය යන්ත්‍ර සූත්‍ර ආදිය ගැන දන්නෙ යාන්ත්‍රික ඉන්ජිනේරුවො. විදුලි බල මන්ඩලයේ යාන්ත්‍රික ඉන්ජිනේරුවන් විසින් ප්‍රතික්ෂේප කල බාල අමුද්‍රව්‍ය වලින් තැනූ බලාගාර කොටස් යළිත් විදුලි ඉංජිනේරුවන් විසින් අනුමත කරලාලු.
    දැන් විදුලි ඉංජිනේරුවො දාල ආන්ඩුවෙන් පාලනය කලාම තියෙන එකම වාසිය විදුලිබල මන්ඩලේ වැඩ කරන උන්ට ඉලක්කම් හයේ පඩි ලැබෙන එක විතරයි..ඕක පුද්ගලීකරණය කලොත් භාන්ඩාගාරයෙන් වියදම් වෙන මුදලත් ඉතිරි වෙලා අර නිදහස් අධ්‍යාපනේ නිසා ගසාකන්න හුරුවුන පල් හොරු ටිකට ගෙදර යන්නත් ටිකට් එක ඇදෙනවා..
    ඒ වගේ උපක්‍රමික අතින් ගත්තොත් ආන්ඩුව හොදට පේල්...මේක ජාතික සම්පතක් කියලා කියන අය ඉන්නවා. ආච්චිගෙ බ්ලවුස් එකේ ජාතික සම්පත්...අවුරුද්දකට මිලියන ගානක් අපේ බදු මුදල් කනවා නං ඒ ලබ්බ විකුනන්නෙ නැතුව මොන හත්වලාමක් කරනවා ද මන්දා..

    ReplyDelete
    Replies
    1. i also agree with u. if we have no use of such crap. why the hell do we have to keep it, if a private company starts a new business if they dont get any profit what they do is sell it off atleast to manage future losses. goverments always fail when it comes to business cz they cant make sound business decisions. on the other hand. we cant treat this like a private business. cz privateers never eat tons of commision off their own projects

      Delete
    2. මේක හරියට මේ වගේ. අමිල චතුරංගයි, ඇනොනිමසුයි, මායි සමාගමක් පිහිටුවනවා. අමිල චතුරංග ඒ‍කෙ සභාපති.එයා යෝජනා කරනවා, අපි ගෙවන්න ජෙනරේටරයක් ගත‍්තොත් අපට ඔෆිස් එකට අවශ්‍ය විදුලිය ඒකෙන් නිපදවාගෙන සෑහෙන ලාභයක ලබන්න පුළුවන් ය කියලා. අපි ණය වෙලා සල්ලි අරන් දෙනවා. අමිල චතුරංග ඒකෙන් ජෙනරේටර් එකක් ගන්නවා අපේ ඔෆිස් එකට කරන්ට් ගන්න කියලා. අපිත් කැමති වෙනවා, විදුලි බිල අඩු වෙනවාය කියපු නිසා. ඒක ගත්ත දවසේ ඉඳලා කැඩිලා. වියදමත් වැඩියි. ණය ගෙවන්නත් තිබෙනවා. දැන් අමිල කියනවා එහෙම වෙන්නෙ අපි ඒ ජෙනරේටරය හරියට දුවවන්න දන්නෙ නැති නිසා. ඒ නිසා අපි ඒක වෙන කාට හරි භාර දෙමු කියලා. අපි ඒ ජෙනරේටරේ අපට විකුණපු කොම්පැනියට ම දෙනවා ඒක දුවවලා අපට ලයිට් දෙන්න කියලා. අපි දැන් ණයට අමතරව ඒක දුවවන්නත් තව ගානක් ගෙවනවා.

      හරි ෂෝක් බිස්නස් ප්ලෑන් එක!


      අපි මේ විදියට බිස්නස් නො කළාට අපි කැමතියි ආණ්ඩුව ඒ විදියට බිස්නස් කරනවාට.

      Delete
  4. Para Aiye Oyage ara Black & white photo 1 dannako...twice per day man eka balanawamai.

    ReplyDelete
  5. අජිත් පැරකුම් මිතුර,

    මම චිත්‍රපට බලද්දී පහත දැක්වෙන දෙබස් අසා තිබෙනවා. ඒවගේ නිවැරදි සිංහල අදහස මොකක්ද?
    ඈස්හෝල්, ඩික්හෙඩ්,ෆක්ෆේස්

    ReplyDelete
  6. Please read and comment - http://www.sundayobserver.lk/2014/04/06/fea07.asp

    ReplyDelete
  7. ධර්මරත්නApril 7, 2014 at 6:56 PM

    පැරා, බොරු නං කියන්න එපා ඕං ඈ , අපේ මහින්ද මහත්තයා ඔය වගේ වලත්ත වැඩ නං කිසි දා කරන්නේ නෑ ඔය කැසිනෝ පාරකට පොඩි ඉඩක් හදලා දුන්නට ඕං.ඈ.දැක්කනේ ඡන්ද ප්‍රථිපල.ඔය වගේ කතා ඔයාගේ බ්ලොග් එකේ දැම්මට මතුගම හංදියේ එහෙම කියනවා නෙවෙයි මොකෝ අපිට ඇත්ත අජිත් කෙනෙක්,ඇත්ත පැරකුම් කෙනෙක්,ඇත්ත ජයසිංහ කෙනෙක් නැති වෙයි.

    ReplyDelete
  8. Socialism as lifestyle
    This must be re-correct as..
    Socialism as a lifestyle. even though no mean content

    ReplyDelete
    Replies
    1. Thanks for your grammatical involvement but I write it in that way.

      Understand it in the same way I understand your "Socialism as a lifestyle. even though no mean content"

      English does not matter here but socialism does.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා