දොස්තර, හෙද, එම්එල්ටී, මිඩ්වයිෆ් වෘත්තීය ධුරාවලි සටන හෙවත් පිස්සු පීකුදු
ලංකාවේ සෞඛ්‍ය ක්ෂේ්ත්‍රය තරම් අධ්‍යාපනික කුහකත්වයක් සහිත අංශයක් ලොව තවත් තිබේ ද යන්න සැක සහිත ය.
එහි සියලු වෘත්තිකයෝ පට්ට කුහකයෝ ය.
ඔවුන්ට වැදගත් දෙය වන්නේ තමන් ඉගෙන ගන්නා දෙය නො ව අනුන් ඉගෙන ගන්නා දෙයයි. මෙහි සිටින වෘත්තිකයෝ තමන් දන්නා දෙයක් වෙනත් අය ඉගෙන ගනීවි යයි දැඩි බියකින් පෙළෙති.
මොවුන සමාන වන්නේ පරණ තාලේ ගරාජ් බාස්ලාට ය. ඉස්සර ගරාජ් බාස්ලා වාහනයක ටයිමිං තියන්නට පෙර ගෝලයාව බුලත් විටක් ගෙන ඒම සඳහා කඩයට යැව්වේ ගෝලයා එය ඉගෙන ගැනීම වළක්වන්නට ය.
මෙවැනි වෘත්තීය කුහකත්වයක් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඇති වීමට හේතුව කුමක්ද? වෙනත් වෘත්තීය ශ්‍රේණි සංවර්ධනය වෙනවාට මෙම ක්ෂේත්‍රයේ සිටින අය විරුද්ධ ඇයි?
අපට වැටහෙන පරිදි නම් මෙහි තිබෙන්නේ වෘත්තීය ධුරාවලි පිළිබඳ ගැටලුවකි. වෙනත් වෘත්තීය ශ්‍රේණියක් සංවර්ධනය වුවහොත්, ඔවුන් ධුරාවලිය තුළ ඉහළ යනු ඇතැයි බියක් මෙම වෘත්තිකයන් තුළ තිබේ. මෙහි ඇති නරකම පැත්ත වන්නේ වෘත්තීය ශ්‍රේණි අතර විෂමතා පුළුල් කර ගැනීමට තිබෙන කැමැත්තයි. තමන්ගේ වෘත්තීය ශ්‍රේණිය ඉහළ නංවා ගන්නා ගමන් සෙසු වෘත්තීය ශ්‍රේණි තමන්ට සාපේක්ෂව තව තවත් පහළට ඇද දැමීමේ කුහක උවමනාවක් ද මෙහි තිබේ.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන්, හෙදියන්, අතුරු වෛද්‍ය වෘත්තිකයන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන් ආදී ශ්‍රේණි අතර ඇති වෘත්තීය ගැටුම් අධ්‍යයනය කිරීමෙන් තත්වය තේරුම් ගත හැකි ය.
ධුරාවලිය වෙනුවෙන් වෘත්තීය සංවර්ධනයට, අධ්‍යාපනයට හා පුහුණුවට විරුද්ධ වීම අන්ත ප්‍රතිගාමිත්වයකි.
මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ සෞඛ්‍ය ධුරාවලියේ පහළ ම සිටින්නා වන රෝගියා තවත් පීඩාවට පත් වීමයි.
මෙම ධුරාවලි අර්බුදය රෝහල්වල සුළු සේවකයන් අතර තිබෙන ආකාරය නම් හිනා කා මැරෙන තරම් ය. ඇතැම් ඇටෙන්ඩන්ට්ලා රෝගීන් රෝද පුටුවල තබා තල්ලු කරන්නේ නැත. ඔවුන් පදවන්නේ ට්‍රොලි පමණ ය. රෝද පුටු එළවීම තමන්ට මදි පුංචිකමක් ලෙස ඔවුහු සලකති. රෝද පුටු පදවන්නේ සාමාන්‍ය කම්කරුවෝ ය. සාමාන්‍ය කම්කරුවන් හා සනීපාරක්ෂක කම්කරුවන් අතර විෂමතාව ප්‍රකාශ වන ආකාරය පිළිබඳ නිදසුනක් මෙසේ ය. සාමාන්‍ය කම්කරුවෝ ලැබ් එකට සාම්පල් ගෙන යන්නේ නැත. එහෙත්, ලැබ් එකෙන් රිපෝට් අරගෙන එන්නට නම් යති.
පිස්සු පීකුදු කියන්නේ මේවාට විය හැකි ය.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

මේක තියෙන්නේ සවුක්ක ෆීල්ඩ් එකේ විතරක් නෙමෙයි. මේක මේ ළෝකයේ සීග්ගරයෙන් වඳවී යන ගෝත්‍රික ජන වර්ගයක් වන හින්ගලයගේ ලේ වල අඩංගු, ජාන වල පවතින, බෙහෙත් නොමැති ලෙඩක්. හැම එකාම හිතන්නේ ඌගේ ජොබ් එකට ගහන්න ජොබ් එකක් නෑ කියලා. ඒක මේකේ කොමෙන්ට් දාන ගෝත්‍රිකයොත් නිතර පෙන්වා දෙන දෙයක්..
ReplyDeleteහරි ඉතින්... ටුවර් ගයිඩ් කියන්නෙ හොඳ වැදගත් රස්සාවක්..... දැන් නාඬා ඉන්න....
Deleteනිදහස් අධ්‍යාපනය + ධනවාදය = පිස්සු පීකුදු
Delete(නිදහස් අධ්‍යාපනය + ධනවාදය) +- (නිදහස් නැති අධ්‍යාපනය + සමාජවාදය ) = පිස්සු පීකුදු
Deleteඅජිත් පැරකුම් + හීන මානය = පිස්සු පීකුදු
Deleteනිදහස් අධ්‍යාපනය + සමාජවාදය
Delete--------------------------------------------- = 1
නොනිදහස් අධ්‍යාපනය + ධනවාදය
Deleteබිය + කුහකත්ව + හීන මානය + නිවටකම = රාජ්‍ය සේවය
මම මේ ළඟදි දවසක මෙහේ ජපානෙ පාරි එකකට සහබාගි උනා. දහ දෙනෙක් විතර කන්ඩායමේ හිටියා ඩොක්ටර් කෙනෙක්, ගුරුවරයෙක්, කැම්පස් කොල්ලෙක්, බස් ඩ්‍රැයිවර් කෙනෙක් සහ කූක් කෙනෙක්. හැමෝම තමන්ගෙ ප්‍රොෆෙශන් එක ගැන ආඩම්බර වෙන ගමන්ම අනෙකාගෙ එකට ගවුරවත් කරනවා.
ReplyDeleteසොරි පාටි, නොට් පාරි
Deleteමචං පැරා
ReplyDeleteමේ වගේ හුත්තලත් එක්ක වැඩ කරන්න බැරි නිසා තමයි අපි ලංකාව දාලා අවේ.
උබ හැමදාම අහන නිසා කිවූවේ .
සතුතියි වචන ටිකට.....
Deleteඕක ලංකාවෙ නැත්තෙ කොහෙද පැරා ..
ReplyDeleteඅපේ මේ පරම පිවිතුරු බ්ලොග් ලෝකෙම ගන්නකො !!!
අලුත් උන් පරණ උන් සෙට් වෙන උන් කීයක් නං කියලද !!
රු 200 දුන්නනං ඇටෙන්ඩන් කෝච්චියක් හරි තල්ලු කරයි !!
කාට කියන්නද පැරා !!
Ano1
ReplyDeleteපැරා කියන කතාව අත්ත..අනෙක් ක්ශෙත්‍ර කියල වෙනසක් නැහැ. අපෙ ක්‍රමය තුලම මෙම කුහකත්වයට ඉඩ සලසන නිසා මෙය වෙනස් කරන්න අමාරුයි.
උදාහරනයක් ගත්තොත්.. විශ්වවිද්යාල වල ඉන්න පියන්ලා (අචර්යවරුන් ලඟ ඉන්න නිසද කොහෙද ) වැඩි වරප්‍රසද බලාපොරොත්තු වෙනවා/ලබනවා. මහ බැන්කුවෙ පියන්ලා කියන්නෙ වෙනස්ස වරප්‍රසද ගන්න ජාතියක්. රියදුරන් ගත්තොත්.. ජලප්‍රවාහනයෙ වෙනස්, පෙට්‍රොලියම් එකෙ වෙනස්..
හැබැයි රාජකාරී වෙලාවේ ටෙලිවිෂන් බලන්න ගියාම නම් මොකා වුනත් එක සමානයි.
ReplyDeleteමේ ෆොටෝ එක බලන්න.
http://kathandara.blogspot.com/2013/06/soap-opera-or-patient-in-need.html
මේ දේවල් වෙනස් කරන්නේ කොහොමද කියන කතිකාව තමයි ගොඩ නැගෙන්නේ නැත්තේ. මේ ගැන විශාරද දැණුමක් නැති නිසා ,කෙසේ විය යුතුද කියලා කියන්න බැහැ. නමුත් මා ඉන්නා පලාතේ නම් ඉස්පිරිතාල වාට්ටුවල ඉන්නේ දොස්තරලා සහ හෙදියන් පමණයි. අපේ රටෙන් ආපු දොස්තරලාත් ඔය සද්ද බද්ද නැතුව ලෙඩා වෙනුවෙන් කලයුතු වැඩේ කරනවා අවශ්‍ය වෙලාවට. නර්ස් නෝනලාත් එහෙමයි. ලෙඩ්ඩුන්ට එහෙම කතා කරන හැටි සලකන හැටි බලන්න ආසයි. ලංකාවේ ඉස්පිරිතාලවලින්ද ආවේ කියලා හිතාගන්න බැහැ. මොකක්ද මේකට හේතුව?
ReplyDeleteලංකාවේ අහේතුව තමයි!
Deleteදැන් ඔය කන්සල්ටන්ට් පුහුණුවට යූකේ ගිහින් ආපසු ලංකාවට යන අය කොහොමද මාසෙන් දෙකෙන් වෙනස් වෙන අපූරුව!
ලංකාවේ විස්ස විජ්ජාලෙට පොලු තියල පැන්න පට්ට තකයෙක් ලංකාව පීචං කියන කොට නම් හද්දා අජූවයි
Deleteකකා කිව්වත් පැරා කිව්වත් පීචං දේ පීචං. නින්දෙන් ඇහැරිලා බලන්න.
Deleteතට්ටයගේ වැඩේ පීචං කියන්න කට ඇරෙන්නේ නැති එකාල මෙතන දෙනවා ලොරි ටෝක්.
Deleteඌන සේවා උපාධිධරයන් කියල සත්තු ටිකක් ඉන්න, උපාධිකාරයො වැඩිවෙනව කියල භාහිර උපාධි තහනම් කරන, නර්ස්ලට උපාධියක් දුන්නම දොස්තරල භය වෙන ( දෙකයි පහණෙ බංගලිදේශෙත් නර්ස්ලට උපාධිය දෙනව උනාට මේ පින් බිමේ ඒව වාන ), උගන්නන්න නොදන්න ඒත් උපාධියක් තියෙන එකාට ගුරුකමම උගන්නල එළියට දාන විද්‍යා පීඨ ගුරුන්ට වඩා ගෙවන රටක ඔව්ව අමුතු නෑ පැරා. ඕකට කියන්නෙ හීන මානෙ වෙන්නැති.
ReplyDeleteමේ "ම්ලේඡ්ච කියන" අරාබි රටෙත් උපාධියක් නැතුව ආන්ඩුවෙ නර්ස්කෙනෙක් වෙන්න බෑ, ඒ තරමට උපාධිය කියන්නෙ අවම මූලික මට්ටමේ සුදුසුකම්ක් විතරයි. ඒත් ඉතින් ලංකාවෙ...
නර්ස්ලට උපාධියක් දෙන එක ජාති. ඒත් ඒක අරන දොස්තර වැඩ කරන්නයි, දොස්තර පඩිය ඉල්ලනයි හදන කොට පොඩ්ඩක් අවුල් නැත්ද?
Delete//ඒත් ඒක අරන දොස්තර වැඩ කරන්නයි, //
Deleteමේක හුඹස් බිය. නර්ස්ලට උපාධි දෙන්නෙ ඩයගනොස් කරන්න, බෙහෙත් ලියන්න, සර්ජරි වලට නෙමෙයි නර්සින් වලටනෙ. එතකොට දොස්තරල කරන ඒ වැඩේ කරන්න බෑනෙ. මොකද ඒක උගන්නල නැති නිසා. දැන් මේ රටවල නර්ස්ල තමයි ස්ටෙත් එක තියල ප්‍රෙෂර් බලල, පල්ස් බලල මුලිම්ම ටිකට් එකේ ලියන්නෙ. ඒ උනාට දොස්තරල ඒවට මරා ගන්නෙ නෑ. මොකද දොස්තර දොස්තරමයි.
මේක හුඹස් බිය. නර්ස්ලට උපාධි දෙන්නෙ ඩයගනොස් කරන්න, බෙහෙත් ලියන්න, සර්ජරි වලට නෙමෙයි නර්සින් වලටනෙ.
Deleteඑහෙනම් මොන මගුලටද ඕයි අර prescription rights ඉල්ලන්නෙ?
Who asked the prescription rights? Do you mean prescribing rights? Please don't repeat what you read in the MaRa media.
Deleteprabath's blog: what's the difference between prescription and prescribing rights?
Delete[Who asked the prescription rights? Do you mean prescribing rights? Please don't repeat what you read in the MaRa media.]
DeletePutting every thing down to MaRa media is a way of escaping the argument. Prescription / prescribing rights are the same. Allied health graduates have requested prescribing rights as nursing practitioners. It came few years before MaRa became president and was busy with war. allied health fac as started in 2004 before regime.
ලංකාවෙ තත්ත්වෙ හරියටම දැනගෙන ලියලා තියෙන්නෙ ආයි එකතු කරන්න දෙයක් නැහැ. අකුරක් ගානෙම අමූලික ඇත්ත.....
ReplyDeleteපැරාගේ කතාව ඇත්ත. ඒත් මේක මෙහෙම විග්‍රහ කරන්න බැහැ. මේක එන්නේ අපේ අතීතයේ ඉදලා. මම හිතන්නෙත් මේක අපේ ජානවල තියෙන දෙයක්. වෙනස් කරන්න පරම්පරා 10 වත් යයි.
ReplyDeleteපැරා මහත්තයගේ නෝනා නර්ස් කෙනෙකි. ඒ නිසා පැරාගේ අදහස් දැක්වීම නෝනාගේ විස්තර මත පදනම් වේ. සූතිකාගාර වල සේවයට යන නර්ස්ලාට සූතිකාගාර පුහුනුව ලබාදීම දැනට සිදු කෙරේ, අනිත් අංශ වලට යන අයටත් මෙම කාලය හා සම්පත් වැය වෙන පුහුනුව ලබා දීම අනවශ්‍යැ නොවේ නේදැයි මට කියන්න . උදාහරණයක් ලෙස ඉංජිනේරු උපාධිදාරීන් , දැනට සිදු කෙරෙන ලෙස දෙවන වසරේ සිට එක් එක් ක්ශේත්‍ර වලට බෙදා ඉගැන්වීම වෙනුවට, සියල්ලන්ටම සියලු ක්ශෙත්‍රවල පුහුනුව හා අධ්‍යයනය ලබා දෙන්න යයි ඉල්ලුවොත් කරන්නේ මොකද්ද?
ReplyDeleteනර්ස්ලාට උවමනා පුහුනුව අවුරුදු 4ක් කියලා පෙන්නලා ඉවර වෙලා දොස්තරලා එක්ක සමාන පඩියක් ඉල්ලන්න. දොස්තරට ඕන නම් නර්ස් වෑඩ කොරන්ඩත් පුළුවන්. නර්ස්ට දොස්තර වැඩ කොරන්ඩ පුළුවන්ද?
ReplyDeleteITN said so...right?
DeleteYou don't have anything valuable to add no?
DeleteOh..my God !!!!!
ReplyDeleteVery sorry for my early Comments. because I did think., that PaRakum Mister is a political activist. but i was wrong. he is a Edge Designer. wow.... now-only i realized it....All the best....and good luck for smooth working....
ඕනම සේවාවක් පාලනය වෙන්නෙ සේවා ව්‍යවස්ථාවකින්. ඒ එක්කම ඒ ඒ තනතුරට අදාලව රාජකාරි ලැයිස්තු තියෙනවා. ඒ නිසා ඕනම තනතුරක කෙනෙකුට අදාල වැඩ සහ අදාල නොවන වැඩ වෙන් කරල අඳුනගන්න පුළුවන්. දොස්තරගෙ වැඩේ නර්ස්ලවත් නර්ස්ලගෙ වැඩේ දොස්තරලවත් ඒ දෙගොල්ලන්ගෙම වැඩ පවුල් සෞඛ්‍ය සේවිකාවොවත් කරන්න යන්නෙ නෑ. නමුත් කරන වැඩේ වැචගත්කම සහ මිනිහෙක්ගෙ ජීවිතයක් ගැන තීරණය ගන්න වෘත්තීන් වීම වගේ කරුණු එක්ක ඒ අය ඉහල වැටුප් තලවල ඉන්න අවශ්‍ය වීම පැහැදිලි දෙයක්. ධූරාවලිය කොහොමත් ආයතනයක වැඩ ටික හරියට වෙන්න අවශ්‍යම දෙයක්. ඒ නිසා ඒක අවශ්‍යයි. වැඩේ කියන්නෙ මේව තීරණය කරන්නෙ ඒ ගැන දන්න මිනිස්සු නොවෙන එකයි.
ReplyDeleteමුරුත්තෙට්ටුවේ ආනන්දයා මේක පැටලෙව්වේ නැත්නම් මේ මොකුත් නෑ
Deleteඕනෑම ඩ්‍රග් එකක් ප්‍රිස්ක්‍රයිබ් කරන්නේ දොස්තර කෙනෙක්නේ. තම වගකීම් තම නැණ පමණින් කරන්නේ නැති නිසා නේද මේ ඇකිලිච්ච සමාජ ව්‍යාකූලතා ඇති වෙලා තියෙන්නේ. වේවැල ගේන්න එක් කෙනෙකුයි, ගහන්න එක්කෙනුකුයි, ඒක ගිහිල්ලා ආපහු එල්ලන්න තව කෙනෙකුයි කියන ආකල්පීය මඩ ගොහොරුවේ හිඳගෙන ඒවා සාධාරණීකරනය කරනවාද....නැත්නම් ඒ මඩ වලින් ඉවත්වී සෞඛ්‍ය සේවය යනු රෝගියා මූලික සේවය යැයි සිතනවාද? තව කතා කලයුතු දේ බොහෝයි.
ReplyDeletehttp://a-welawa.blogspot.com/2014/04/blog-post.html
ReplyDeleteසිවිල් සමාජයේ පොරවල් වෙන්න දගලන් අය නිදහස් අද්යාපනේ වරදින් කැම්පස් යනවා,එතනදි ඇතිවෙන ලිංගික ප්‍රශ්න නිසා සමාජවාදී වෙනවා,පස්සේ උන් අන්ත ධනවාදියේ එස්.බී එහෙම එකෙක් එකනේ ඌ ඒකටම අරින්න එන්නේ,මැරුනේ නැති ඉතුරු වෙලා ඉන්න අ.වි.වි.ශි.බ.ම. කැදවුම් කරුවො අද කරන දෙවල් පුවන් කෙනෙක් ඉන්නවනම් ලිස්ට් එකක් හදල කියන්න,අද සමාජ වාදියො කීයද කියලා,පි.එම්.සී හදන එකට අර්ට් එකේ බුරුවොත් කෑ ගහන්වා,ආට් උපාදි ගමේ කඩෙත් විකුනනව උන්ට ගානක් නෑ පි.එම්.සි එකට විරුද්ධ වෙන්වා.මොන මොඩ ශිෂ්‍ය ව්‍යාපාරයක්ද,ඔකේ නායකයො මැරුවට පවි නැහැ.
ReplyDelete