මනුෂගේ 'ඔළු' උඩින් 'පුක' ඇලවීම

මනුෂ නානායක්කාර විසින් අලවන ලද 'දැන් ඉතින් ඔළු හෝදමු' නම් පෝස්ටරයේ 'ඔළු' උඩින් 'පුක' අලවමින් සිටි පුද්ගලයකු මෙම පෝස්ටරය ඇලවූ අය විසින් පොලිසියට භාර දීමෙන් පසුව අධිකරණය විසින් රුපියල් දෙලක්ෂයක ඇප මත මුදා හැර තිබේ. එම පුද්ගලයාගේ මානසික තත්වය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීම පිළිබඳව ද, පුක යන්න සභ්‍ය වචනයක් ද අසභ්‍ය වචනයක් ද යන්න පිළිබඳව සිංහල භාෂා විශාරදයකුගෙන් වාර්තාවක් ලබා ගැනීම පිළිබඳව ද අධිකරණයේදී සාකච්ඡා කළ බව වාර්තා වේ. 

'ඔළු' යන වචනයේ තේරුම මොකක් ද යන්න සම්බන්ධයෙන් ද වාර්තාවක් කැඳවූවා නම් හොඳ ය.හිටපු මාධ්‍යකරුවකු වන මනුෂ නානායක්කාර 'ඔළු' හා ඔලු අතර වෙනස දන්නේ නැති වීම පුදුමයට කරුණක් නො වේ. පාලි, සංස්කෘත, දෙමළ, පෘතුගීසි, ලන්දේසි මොකවත් ගෑවී නැති ඔරිම ඔරිජිනල් සිංහල වචනයක් වන ඔලුව ද මේ හාදයා සංකර කර දමා ඇත.

ආරංචි හැටියට නම් මෙම පෝස්ටරය ද නීති විරෝධී ය. ඒ අනුව, පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ නීති විරෝධී වැඩක් උඩින් නීති විරෝධී වැඩක් කළ අයෙකි. 

කෙසේ වෙතත්, මෙම සභ්‍ය අසභ්‍යවාදය සංස්කෘතික වශයෙන් ඉතා වැදගත් ය. මන්ද, ලොව කොහේවත් භාෂාවක වචන නීතිය විසින් සභ්‍ය, අසභ්‍ය ලෙස වර්ග කර ඇති බවක් අපි නම් දන්නේ නැත. එහෙම වර්ග කළොත් ඇතැම් වචන නීති විරෝධී විය හැකි ය. එවැනි වචනයක් කියා හෝ ලියා අසු වුණොත් දඬුවම් කරන්නට ද හැකි වනු ඇත.

පුක යන වදනට ආදේශ කළ හැකි සාමාන්‍ය සිංහල වචනයක් නැත. තිබෙන්නේ අධෝ මුඛය වැනි වචන ය. එහෙත් අධෝ මුඛය කියන්නේ පුකේ ඇති සිදුරයි. අධෝ ප්‍රදේශය, පශ්චාත්භාගය වැනි වචන බරපතල වැඩි ය. රෙනවා කියන එකට නම් මළපහ කරනවා ය කියා යෙදුමක් තිබේ. එළි බහිනවා, කක්කුස්සි යනවා වැනි වචන ප්‍රසිද්ධියේ කියන්නට අකැමැති අය දැන් ටොයිලට් යනවා යි කියති. පඩය ද අසභ්‍ය වචනයක් ලෙස සැලකේ. පඩ නම් වදන ඉංගිරිසි fart යන්නෙන් බිඳී ආව්‍කි. 

පක කියන්නේ පුක වැනි ම වූ තවත් අසභ්‍ය යයි පිළි ගැනෙන වදනකි. එහෙත් සද්ධර්මරත්නා‍වලියේ පක කියන්නේ ගෙඩියට ය. 

එක් දේවතා දුවණි කෙණෙක් තිඹිරි පකක් පිළි ගන්වා ලා දිව සැප ත් ලත් නියාව කිවු ය. අනික් දේවතා දුවණි කෙණෙක් කැකිරි පකක් පිළිගන්වා ලා දිව සැප ත් ලත් නියාව කිවු ය . අනික් දේවතා දුවණි කෙණෙක් බොරළු දමන පකක් පිළිගන්වා ලා දිව සැපත් ලත් නියාව කිවු ය. (මුගලන් මහ තෙරුන් වහන්සේ ප්‍රශ්න විචාළ වස්තුව)

මේ ගුත්තිලයේ කවියකි. 

තිඹිරි පකක් දුන් අඟනක් සඟන දැක 
ඉතිරි සැපත් ලැබ ගෙන රන් විමානෙක 
සපිරි එළඳ පිරිවර ලියො ම දාසෙක 
ඉදිරි පිහිට පින් ම ය ඉන් නොවව් සැක

චූ කියන වචනය සිංහලෙන් මුත්‍රා අදහස් කළත්, ඉංගිරිසියෙන් චූ කියන්නේ සපනවාට ය. 

දෙමළත් එක්ක පටලවා ගත්තොත් 'පාවී පාවී මේ එන්නේ - අතීතයේ සිට එන සුළඟයි' යන ගීතය ද තහනම් කරන්නට සිදු වනු නියත ය.

භාෂාව තිබෙන අවකාශය නී‍ති‍යෙන් මුක්තිය සහිත අවකාශයක් නො වුවහොත් භාෂාවක ස්වාභාවික සංවර්ධය ඇණ හිටින්නට ඉඩ තිබේ. එබැවින් මේ සභ්‍ය අසභ්‍යවාදය සිදු විය යුත්තේ අධිකරණයෙන් පිටත ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. පැරාත් එහෙනම් පුක, xක සහ චූ ගැන ලිපියක් ලිව්වා නේද?

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි, පුක කියන්නේ නම් කුණුහරුපයක් නොවේ.
      http://kathandara.blogspot.com/2011/04/is-puka-four-letter-word.html

      හැබැයි xක ගැන මට ඇත්තේ එය පදාර්ථයක් ද පරමාණුවක් ද යන පැණයයි.

      http://kathandara.blogspot.com/2011/05/x.html

      ¡!¡

      Delete
    2. උඹ කිව්වට අහන්නෙ නෑනේ...!
      ගොන් comment නොදා ඉදින්කො..! උඹේ ඔය ලබ්බෙ blog එක කවුරුත් බලන්නෙ නෑ යකෝ..!

      Delete
    3. හා මචං නෙවේ පකෝ තෝ බූරුවෙක්

      Delete
  2. පැරා,
    මම මේ ප්‍රශ්නේ කලින් පොස්ට් එකකත් ඇහැව්වා. ඒත් පැරා දකින්න නැතිව ඇති භාග වෙලාවට. මේකයි ගැටලුව,

    මම චිත්‍රපට බලද්දී පහත දැක්වෙන දෙබස් අසා තිබෙනවා. ඒවගේ නිවැරදි සිංහල අදහස මොකක්ද?
    ඈස්හෝල්, ඩික්හෙඩ්,ෆක්ෆේස්

    ReplyDelete
    Replies
    1. මේවායින් අදහස් වන්නේ ඒ වදන්වලට ලක් වන පුද්ගලය‍ා පහත් අයකු බවයි.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  3. ඊයා මේන් පැරාත් පඩ කතා කක්කා කතා චූ කතා වගේම කුණුහබ්බත් ලියන්න අරගෙන.. අර පයියාගල කියලා ඉට්ටේසමකුත් තියෙන්නේ. මේ මම උණ්වටුන ඉට්ටේසමේ තීලා පොඩිම කාලේ දැක්ක අසබ්බ කවියක්.

    රෙන්න බර වූ විට.
    දුවගෙන ආපු පලියට.
    වට පිට කැත නොකොට.
    රීලා පලයන් හිතේ හැටියට.

    මම හිතන්නේ මේක අපේ ප්‍රසිද්ද වැසිකිලි හැම එකකම ගැහුවත් අවුලක් නෑ.

    ඉස්සෙල්ලා මනූෂගේ ඔළුව හෝද ගත්තා නම් හොඳයි වගේ. කොහොමත් කට්ටියගෙම ඔලු හෝදන්න තමයි එයාලගෙම අය බලාගෙන ඉන්නේ.

    ReplyDelete
  4. දැන් මේ බ්ලොග්කරුවා සද්ධරම රතනාවලිය, ගුත්තිලය ගැන මෙතන සඳහන් කර උපුටා දක්වලා තියෙන්නේ, තමා සිංහල සාහිත්‍යය විෂයය අපොස සාපෙට උගත් කෙනෙක්ද, නැතිනම් සාහිත්‍යය නූගත් (පාසලෙන් සාහිත්‍යය විසිවුනාට පස්සේ සිංහල පාඩම් පොත් වල ඉතිරිවී තියන කවි පමණක් සාහිත්‍යය කියා සිතන) අබ්බ ගොබ්බ පරපුරට අයත් පාසල අණ්ඩර දෙන අයෙක්ද?

    ReplyDelete
  5. ‍තේරුනේ නැහැ ආයිබෝං

    ReplyDelete
  6. අළුත් හා අලුත් යන වචන වල තේරුම නොදැන “අළු“ත් අවුරුද්දට සුබ පතන්නවුන් හා අළුත් ශ්‍රී ලංකාවක් ගැන කතා කරන්නවුන් ඉන්න රටක 'ඔළු' හා ඔලු අතර වෙනස දන්නේ නැති වීම පුදුමයට කරුණක් නො වේ.

    ReplyDelete
  7. ඔය ගොතටුව හරියෙ තියෙන්නෙ 'ධාතු මලු විහාරය' කියල එකක්. හාමුදුරුවො හැබෑ දක්ෂයෙක් වෙන්නැති.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා