මනුෂගේ 'ඔළු' උඩින් 'පුක' ඇලවීම
මනුෂ නානායක්කාර විසින් අලවන ලද 'දැන් ඉතින් ඔළු හෝදමු' නම් පෝස්ටරයේ 'ඔළු' උඩින් 'පුක' අලවමින් සිටි පුද්ගලයකු මෙම පෝස්ටරය ඇලවූ අය විසින් පොලිසියට භාර දීමෙන් පසුව අධිකරණය විසින් රුපියල් දෙලක්ෂයක ඇප මත මුදා හැර තිබේ. එම පුද්ගලයාගේ මානසික තත්වය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීම පිළිබඳව ද, පුක යන්න සභ්ය වචනයක් ද අසභ්ය වචනයක් ද යන්න පිළිබඳව සිංහල භාෂා විශාරදයකුගෙන් වාර්තාවක් ලබා ගැනීම පිළිබඳව ද අධිකරණයේදී සාකච්ඡා කළ බව වාර්තා වේ. 'ඔළු' යන වචනයේ තේරුම මොකක් ද යන්න සම්බන්ධයෙන් ද වාර්තාවක් කැඳවූවා නම් හොඳ ය.හිටපු මාධ්යකරුවකු වන මනුෂ නානායක්කාර 'ඔළු' හා ඔලු අතර වෙනස දන්නේ නැති වීම පුදුමයට කරුණක් නො වේ. පාලි, සංස්කෘත, දෙමළ, පෘතුගීසි, ලන්දේසි මොකවත් ගෑවී නැති ඔරිම ඔරිජිනල් සිංහල වචනයක් වන ඔලුව ද මේ හාදයා සංකර කර දමා ඇත. ආරංචි හැටියට නම් මෙම පෝස්ටරය ද නීති විරෝධී ය. ඒ අනුව, පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ නීති විරෝධී වැඩක් උඩින් නීති විරෝධී වැඩක් කළ අයෙකි. කෙසේ වෙතත්, මෙම සභ්ය අසභ්යවාදය සංස්කෘතික වශයෙන් ඉතා වැදගත් ය. මන්ද, ලොව කොහේවත් භාෂාවක වචන නීතිය ...