ෆොන්ටෙරා, ලංකා ඊ නිව්ස් හා වාමාංශිකයෝ

සමහර වාමාංශික කොටස්ද රාජපක්ෂ මාෆියාවේ හැඩ තල හඳුනා ගැනීමට නොහැකිව වල්පල් දොඩනු දැකිය හැකිය. අයෙක් ෆොන්ටේරා සමාගම බහුජාතික සමාගමක් බැවින් උන්ට මොනවා උනත් අපිට පාන් දැයි අසති. තවත් සමහරු කිරිපිටි අවුල මතින් දේශීය කිරි ගොවියා සමෘද්ධිමත් වන බවට හීන දකිති. මේ කණ්ඩායම් වලට රාජපක්ෂ මාෆියාව රාජ්‍ය මෙන්ම පුද්ගලික ව්‍යාපාර ගිල ගන්නා බූවල්ලකු ලෙස වැඩී ඇති ආකාරය නොපෙනේ. රාජපක්ෂලාට කප්පම් නොදී තවදුරටත් මේ රටේ කිසිවකුට ව්‍යාපාර කළ නොහැකි බව නොපෙනේ. වල් පල් හරහා රාජපක්ෂ මාෆියාවේ සැර බාල කරන්න හදන මේ වාමාංශිකයන්ට කිව යුතුව ඇත්තේ රාජපක්ෂලා හෙට දින ගෙන්වීමට නියමිත තුට්ටු දෙකේ චීන කිරිපිටි ගිලින්න දැන් සිටම සුදානමින් සිටින ලෙසයි.

රාජපක්ෂලා යටතේ වේගයෙන් රට මුගාබේකරණය වෙමින් තිබේ. මෙහි අවසානය දැවැන්ත ව්‍යසනයක් වීම වැළැක්විය නොහැකිය.

-විසල් කරුණාරත්න විසිනි- (ලංකා ඊ නිව්ස්)


ෆොන්ටෙරාට මොනවා වුණත් අපට පාන්දැයි ඇසුවේ අප ය. අප එහෙම අසන්නේ හේතු ඇතිව ය. "ෆොන්ටෙරා යනු නවසීලන්තයේ කිරි ගොවියන් 10,600 ක් අයිතිය කියන බහුජාතික සමාගමකි යි අරුණි ශපීරෝ පෙන්වා දෙයි. එහිදී මගේ නම් හිතට එන්නේ ඉතින් අපට පාන් ද කියා ය. මන්ද, ගොවියන් වූ පළියට නවසීලන්තයේ ගොවීන් ලංකාවේ ගොවීන්ගේ හෝ පාරිභෝගික වැඩකරන ජනයාගේ හෝ සහෝදරයින් නො වන නිසා ය. ෆොන්ටෙරා විසින් නියෝජනය කරන්නේ සෙසු රටවල පාරිභෝගිකයන් සූරා කා තම පැවැත්ම තහවුරු කර ගැනීමේ ලා එරට ධනවත් ගොවීන්ට තිබෙන උවමනාවයි." (කියවන්න ෆොන්ටෙරරිස්ම්: ජාතිකවාදී බහු ජාතික සමාගම් හා පාරිභෝගික හිමිකම්)

රාජපක්ෂවරු ෆොන්ටෙරා ඇන්නූ ඇන්නිල්ල ඓතිහාසික එකකි. මීට කලින් ඔවුහු එමිරේට්ස්, ෂෙල් වැනි සමාගම් සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තිය මීට වෙනස් ය. එහිදී ඔවුන් කළේ ඒ සමාගම් මිළ දී ගැනීමයි. ප්‍රීමා සමාගම සම්බන්ධයෙන් අනුගමනය කළේ  ඊටත් වෙනස් ප්‍රතිපත්තියකි. එහිදී නම් වූයේ යුද්ධයෙන් පසු සහල් නිෂ්පාදනය ඉහළ යාමත් සමග මිළ පාලනය වී සහල් කිලෝවේ මිළ පාන් ගෙඩියට වඩා අඩු වීමයි. රු. 12 - 15 අතර මුදලක් වැය කර හාල් ග්‍රෑම් 250කින් සරි කර ගන්නට හැකි වේල වෙනුවෙන් රු. 50ක් වැය කරන්නේ කුමට ද? දැන් උදේ හවස පාරවල් පාරවල් ගානේ ඇසෙන චූන් පාන්කාරයන්ගේ දුක් ගීතයේ පසුබිම එයයි.

රාජපක්ෂ පවුලේ අනුග්‍රහය නැතිව ලොකු ව්‍යාපාරිකයන්ට ලොකු බිස්නස් කරන්නට බැරුවා සේ ම, රාජපක්ෂ පාලනයේ ඇම්බැට්ටයන්ගේ අනුග්‍රහය නැතිව ගම් මට්ටමෙන් ‍චූන් පාන් ත්‍රීවීලයක්වත් දුවවන්නට බැරි ය. ලංකාවේ ප්‍රාග්ධන හිමි දේශීය ව්‍යාපාරිකයෝ පවා නිෂ්පාදන කර්මාන්තවලට මුදල් යෙදවීමට වඩා පොළියට දීම වැනි අඩු අවදානම් කලාප‍ වෙත යොමු වීම‍ට මෙම තත්වය බල පා තිබේ. 

ෆොන්ටෙරා ඇන්නූ ඇන්නිල්ල පිටුපස කොන්ත්‍රාත් කළ අය අතර චම්පික රණවක ඇමති ප්‍රධාන පුද්ගලයෙකි.  එහෙත්, ෆොන්ටෙරා නිෂ්පාදනවල ගුණාත්මකභාවය පිළිබඳ පැහැදිලි අභියෝගයක් කරන්නට ලංකාව අසමත් විය. ‍එසේ වුවත්, ෆොන්ටෙරා ලංකාවේ කරමින් සිටියේ දේශීය පාරිභෝගිකයා ගොනාට ඇන්දීමේ දැවැන්ත ජාවාරමකි. ඔවුන්ගේ කිරිවල අඩංගු අරවා, මේවා හා ඒවාට කළ හැකිව තිබුණු විස්කම් පිළිබඳ ප්‍රචාරක දැන්වීම් සිහිපත් කර බලන්න. 

"වල් පල් හරහා රාජපක්ෂ මාෆියාවේ සැර බාල කරන්න හදන මේ වාමාංශිකයන්ට කිව යුතුව ඇත්තේ රාජපක්ෂලා හෙට දින ගෙන්වීමට නියමිත තුට්ටු දෙකේ චීන කිරිපිටි ගිලින්න දැන් සිටම සුදානමින් සිටින ලෙසයි," කියා ලංකා ඊ නිව්ස් අනතුරු අඟවයි. නැත. අප චීන කිරිපිටි ද බොන්නට ඕනෑ නැත. අපි අපේ රටේ කිරි බොමු. අනෙක හැමෝ ම කිරි බොන්නට ඕනෑ ය කියා එකකුත් නැත. ළමයින්ට කිරිපිටි දිය යුතු ම ය කියා එකකුත් නැත. ධනේශ්වර ක්‍රමය විසින් ප්‍රවර්ධනය කරනු ලබන පරිභෝජනවාදය අප ඒ අයුරින් ම වැළඳ ගත යුතු නැත. 

රාජපක්ෂලා අතින් ඇන්නුනු පළියට ෆොන්ටෙරා මේ රටේ මහජනතාවගේ මිත්‍රයෙකු වන්නේ නැත. දැනට සිය මෙහෙයුම් නවත්වා තිබෙන ෆොන්ටෙරා හෙට රාජපක්ෂ පවුලේ අනුග්‍රහය ඇතිව අලුත් මුහුණුවරකින් යළි වෙළඳපොළට නො පිවිසේය කියා සහතිකයක් දෙන්නට කාටවත් බැරි ය. රතුපස්වල මැරුණු අහිංසකයන්ගේ පවුල්වල අය මරපු එවුන් සමග මඟුල් කා සමූහ ඡායාරූපවලටත් පෙනී සිටි රටකි, මේක. දිළින්දන් එසේ කටයුතු කරද්දී ලංකාවේ ධනපති පංතිය එසේ නො කරාවි ය කියා සිතන්නේ කෙලෙස ද? ලංකාවේ ධනපති පංතිය යනු ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ හෝ හැඟීමක් ඇති සමාජ බලවේගයක් නො වේ. තමන්ගේ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය දිය කර දමමින් රාජපක්ෂ බලහවුල නිර්මානය කිරීමට ඔවුහු තීරණාත්මක දායකත්වයක් සැපයූ බව අප අමතක නො කළ යුතු ය. අප‍ දේශීය ධනේශ්වරය සමග ගනුදෙනු කළ යුත්තේ ඔවුන් ගැන දැනගෙන ය.

අනෙක් පැත්තෙන් බටහිර ජාතිකවාදී ධනේශ්වර රටවල් ලංකාව වැනි චෞර රාජ්‍ය ‍ලෝකයේ බිහි වීම වළක්වන්නට තීරණාත්මක පියවර නැත. තමන්ගේ උවමනාවන්ට හරස් නො වන තාක් කල් ඒ චෞර රාජ්‍ය ඔවුන්ට ගැටලුවක් නො‍ වේ. බටහිර ජාතිකවාදී රාජ්‍ය ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය සැබැවින් ම ආරක්ෂා කරන්න්ට කැප වන බලවේගයක් නො වේ. ඔවුන් කරන්නේ තුන්වන ලෝකය විසින් ගෙවනු ලබන මිළෙන් තමන්ගේ රටවල ජනතාව පමණක් සුඛිත මුදිත කිරීමේ ජාතිකවාදී දේශපාලනයකි. ෆොන්ටෙරා එන්නේ ඒ ආකාරයේ ජාතිකවාදී දියුණු ධනේශ්වර ර‍‍ටක් වන නවසීලන්තයෙනි. 

රාජපක්ෂ පාලනයට විරෝධය පළ කරන්නට ෆොන්ටෙරා ලංකාවේ වෙළඳපොළ අතහැර දමනු ඇතැයි  සිතීම මුළාවකි. එහෙත්, රාජපක්ෂ පාලනය විසින් ඇති කරන ලද අවුල තුළ ෆොන්ටෙරාට සිය මෙහෙයුම් නැවත ලංකාවේ ආරම්භ කරන විට සිය ප්‍රචාරණයන් ගැන හා නිෂ්පාදනවල ගුණාත්මකභාවය ගැන නැවත සිතා බලන්නට සිදු වන තත්වයක් ද ලංකාවේ නිර්මානය වූ බව අප අමතක නො කළ යුතු ය. ෆොන්ටෙරා පමණක් නො ව කොයි නිෂ්පාදකයාත් අප තුන්වන ලෝකයේ රටක් නිසා තමන් දෙන ඕනෑ දහ ජරාවක් ගිලිය යුතු ය යන අදහස වෙනස් කර ගත යුතු ය. 

අනෙක් පැත්තෙන් රාජපක්ෂවරු ෆොන්ටෙරා ඇන්නූ ඇන්නිල්ල රාජපක්ෂ පාලනයට ම බරපතල ගැටලුවකි. මන්ද, මේ වන විට රට තල්ලු වී තිබෙන බරපතල ආර්ථික අගාධයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය ඍජු විදේශ ආයෝජන සපයා ගැනීමට මේ ඔස්සේ ශ්‍රී ලංකාව ලද අපකීර්තිය බරපතල බාධාවක් වන හෙයිනි.  

රාජපක්ෂ පාලනය මේ රටේ යුක්ති යුක්ත පාලනයකැයි වාමාංශිකයන් වන අප පිළිගන්නේ නැත. එහෙයින් අපි නම් ඔවුන් වෙතින් මනා ආර්ථික නියාමනයක් ද බලාපොරොත්තු වන්නේ නැත. ඔවුන් රට විනාශ කරමින් තිබෙන බව අමුතුවෙන් කිව යුතු නො වේ. ඒ ඔස්සේ ඔවුහු තමන්ගේ විනාශය ද තමන් විසින් ම සැලසුම් කර  ගනිමින් සිටිති.  මන්ද, මේ වන විට ඔවුන්ට පළා යන්නට ලෝකයේ වෙනත් රටක් ද නැත. 

රාජපක්ෂ පාලනයට වඩා සොඳුරු පාලනයක් රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් බිහි වනු ඇතැයි ලංකා ඊ නිව්ස් සිතනවා යයි පෙනේ. අප ඒ ගැන කියන්නට දන්නේ නැත. රාජපක්ෂ පාලනය වෙනස් කළ යුතු මුත් රනිල් වික්‍රමසිංහට එය කර ගන්නට බැරි නම් අපට කරන්නට දෙයක් නැත. අරලියගහමන්දිරයට රනිල් ගියත්, ලංකාවට චීනුන් වෙනුවට ජපනුන් ආවත්, ලංකාවේ ජන ජීවිතයේ මූලික වෙනසක් ඇති වන්නේ නැත. මන්ද, චීන ජාතිකවාදී ධනවාදයේත්, බටහිර ධනවාදී ජාතිකවාදයේත් අරමුණු කම්කරු පංතික ඇසකින් බැලූ කල එක සමාන ය.

රනිල් වික්‍රමසිංහට මීය කඩා දෙන්නට අපට විශේෂ උවමනාවක් නැත. මන්ද, අපට ‍අත ලෙව කෑමේ බලාපොරොත්තුවක් නැත. ඒ නිසා මහින්දට විරුද්ධ වේ යයි සිතන කොයි කා එක්කත් සන්ධානගත වීමේ උවමනාවක් අපට නැත. වාමාංශිකයන්ගේ අරගළය ඇත්තේ මහින්ද රාජපක්ෂ පවුල සමග පමණක් නො ව මෙවැනි පසුගාමී ඒකාධිපතිත්වයන් බිහි කරන මේ සමාජ ක්‍රමයත් සමග ය. එ‍හෙම ය කියා සමාජවාදය බිහි වන තුරු මෙහෙම හොඳා ය කියා ද අප කියන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් තහවුරු වන, දිළිඳුකම  හා සමාජ පසුගාමිත්වය පිටුදකින ක්‍රියාමාර්ගවලට වාමාංශිකයන්ගේ සහාය ලැබේ.

ලංකා ඊ නිව්ස් වරක් හඩ්සන් සමරසිංහ පිළිබඳ ලියූ සටහනක් එකල එහි ඉංග්‍රීසි පරිවර්තකයා වූ මෙම ලේඛකයාට හොඳින් මතක ය. එහි තිබුණේ හඩ්සන් සමරසිංහ ගැන ගුණ වර්ණනාවක් හා බලාපොරොත්තු සහගත ලිවීමකි. වැලේ වැල් නැතිව සිටියදී ලැබුණු ප්‍රචාරයෙන් ෆෝම් වූ හඩ්සන් සති කීපයකට පසු ආණ්ඩුවට එකතු විය. ලංකා ඊ නිව්ස් දැක්මේ දිග පළල එසේ ය. 

තමන්ට මේ ආණ්ඩුව සමග සෙට් වෙන්නට බැරි වූ නිසා ආණ්ඩු විරෝධී වී සිටින යූඇන්පීකාරයන් චූන් කරන මාධ්‍ය මහන්සිය ශ්‍රමය අපතේ යැවීමක් බව අපි සඳරුවන් සහෝදරයාට සහෝදරත්වයෙන් මතක් කරන්නෙමු. 

වාමාංශික සම්භවයක් ඇති සඳරුවන්ට ලංකා ඊ නිව්ස් හරහා මීට වඩා දෙයක් කළ හැකි ය. ජනතාව සටන් පාඨවලින් ඔබ්බට ගෙන යමින් මේ ක්‍රමයට එරෙහිව බුද්ධියෙන් සන්නද්ධ කිරීම එයයි. 

 මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. "ෆොන්ටෙරා යනු නවසීලන්තයේ කිරි ගොවියන් 10,600 ක් අයිතිය කියන බහුජාතික සමාගමකි යි අරුණි ශපීරෝ පෙන්වා දෙයි"

    මේ අරුණි කියන්නේ, ඇමරිකන්කාරය රීලා පුක පිහදාන හින්දා උන්දලා ශිෂ්ඨ සම්පන්නයි, ලංකාවේ උන්දලා රීලා පුක හෝදන හින්දා උන්දලා ගෝත්‍රිකයි කියන කෙනා නේද?

    ඒක වෙන කතාවක්, ඒ උනාට පැරකුම් සහෝදරයාගේ ලිපි කියවන මට බොහෝ විට පෙනෙනා දෙයක් තමයි ආණ්ඩුව යම්කසි වැරැද්දක් සිදුකරාම එකේ සැර බාල කරනා අන්දමේ ලිපියි දමන්නේ. වික්ටර් අයිවන් උන්නැහේ වගේ. මේක එතකොට මට විතරක් නෙමෙයි, විසල්ටත් වැටහිලා. ඊ නිවුස් ලිපිය දැක්ක හින්දයි මම ඒක පැරකුම් සහෝදරයාගේ පසුගිය ලිපියට කොමෙන්ට් එකක් විදියට දැම්මේ.

    ReplyDelete
    Replies
    1. අමෙරිකානු යුදෙව්වෙකුගේ බිරියක් වන අරුණි ඔය 10,600 හොයා ගත්තේ විකිපීඩියාවෙන්. ෆොන්ටෙරා කාරයින්ට අනුව කිරි ගොවියන්ගේ සංඛ්‍යාව 13,000 යි.

      Delete
    2. අජිත් පැරකුම් ජයසිංහ,

      ස්වප්න මෝචනය යනු කුමක්ද?

      වියට්නාමයේ වෙසෙනා w3lanka පාඨකයෙක්

      Delete
    3. දේශපාලයෙදි නම් හෙට මේ ආණ්ඩුව පෙරළිලා අලුත් ආණ්ඩුවේ තැනක් තමන්ටත් ලැබිලා එතකොට සුපිරි වාහනයකට නගින්නේ මෙහෙමයි කියලා හිතලා ඇඳෙන් බිමට වැටෙන එක.

      තවත් විදියකට කියනවා නම් W3Lanka කියැවීමෙන් ඔබට නො ලැබෙන දෙය.

      ජීව විද්‍යාත්මකව නම් මේකට ගමේ ගොඩේ කියන්නේ හීනෙන් යනවා කියලානේ වියට්නාමේ ඉන්න තොත්ත බබෝ.

      Delete
    4. ප්‍රීමා ,ෆොන්ටෙරා වගෙ බහුජාතික සමාගම් වලට පහර වදින කොට කොන්දේසි විරහිතව සතුටු විය යුතුයි.ප්‍රශ්නෙ ඒ පහරදීම කොයි තරම් අවංකව කරනවද කියන එක

      Delete
  2. මොන ලිපිය ලියුවත් මේකෙ සැර නම් බාල කරන්න අමාරුයි. ගහේ බඩු. දංකොටුව ස්පැෂල්.

    ReplyDelete
    Replies
    1. අජිත් පැරකුම් බෝහිමියානු ජිවිතයක් ගත කරද්දී පාවිච්චි කලේ දංකොටුව එව්වද?

      Delete
    2. මම රාජ කුමාරයෙක් නෙමෙයි. මං ගමේ කොල්ලෙක්. ඒ නිසා පාවිච්චි කළේ ගහේ බඩු. දං‍කොටුව හරි දුරයි ආයිබොවං.

      Delete
  3. මේවගේ ලිපි ලියලා මම වගේම කාලකන්ණි, කුහක ආත්මයක් ඇති උබටත් කාලකණ්ණි සතුටක් ලැබෙන බව මම දන්නවා පැරා. දිගටම ලියපන් සහෝ

    ReplyDelete
  4. එකග වෙනවා ලංකා ඊ නිව්ස් වලට මෙයට වඩා නිවැරදි විකල්ප මාධ්‍ය වගකීමක් ඉටු කරන්න හැකි බවට මමත් විශ්වාශ කරනවා.

    ReplyDelete
  5. අජිත් පැරකුම්,

    දැන්වීම් සම්බන්ධ කාරණාවකට මාව මෙම ඊමේල් ලිපිනයෙන් සම්බන්ධ කරගන්න.
    dilipa.jaya@gmail.com

    ReplyDelete
  6. “දේශීය හෝ විදේශීය වේවා ඕනෑම සමාගමකට අනවශ්යද බාධා කිරීම් වලින් තොරව නිදහස්ව කටයුතු කරගෙන යෑමට ඉඩ දීම ශිෂ්ඨ සම්පන්න සහ දියුණු සමාජ ගතිකයකි. සමාගම් වල මෙහෙයුම් කටයුතු අධීක්ෂණය කිරීම සහ නියාමනය කිරීම විධිමත් ආයතන පද්ධතියක් හරහා විනිවිද බාවයකින් සිදු කිරීම මෙවැනි සමාජ විසින් සිදුකරනු ලබයි. එසේම පාරිභෝගිකයින්ට තමන් කැමති නිෂ්පාදනයක් තෝරා ගැනීමේ සහ මිලදී ගැනීමේ අයිතිය තහවුරු විය යුතුය. ව්යා ජ හේතු මත එම අයිතියට බාධා පැමිණීම ශිෂ්ඨ සම්පන්න සමාජයක් විසින් සිදු කරන්නේ නැත. රාජපක්ෂලා මේ විනාශ කරමින් සිටින්නේ මේ තාක් රට තුල ක්රිියාත්මක වූ ශිෂ්ඨ සම්පන්න අගයන්ය. ප්ර ජාතන්ත්රාවාදී වටිනාකම්ය.
    “පරා,
    විසල් ගේ ලිපියේ මේ කොටස ගැන ඔබ නිහඩ ඇයි.
    Dayan

    ReplyDelete
    Replies
    1. එකඟයි. හැබැයි, "පාරිභෝගිකයින්ට තමන් කැමති නිෂ්පාදනයක් තෝරා ගැනීමේ සහ මිලදී ගැනීමේ අයිතිය" ධනේශ්වර සමාජයේදී උල්ලංඝනය වෙනවා. එසේ සිදු වන්නේ සන්නිවේදනයේදී, වෙළඳ ප්‍රචාරණයේදී හා අධ්‍යාපනයේදී සිදු වන කැමැත්ත නිෂ්පාදනයත් සමගයි.

      ඒ නිසා මේ අයිතිය මෙතෙක් රට තුළ ක්‍රියාත්මක වුණා ද කියන එක ගැටලුවක්.

      දැන් උදාහරණයක් ලෙස බලන්න මේ ඡන්ද කෙරුවාව දිහා. මෙහි තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව සන්නිවේදනයේදී, ප්‍රචාරණයේදී හා අධ්‍යාපනයේදී සිදු වන කැමැත්ත නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය විසින් උල්ලංඝනය කරනවා. නිර්මානය වන්නේ ව්‍යාජ කැමැත්තක්.

      මේ පිළිබඳව වෙන ම ලිපියකින් සාකච්ඡා කරමු.

      Delete
  7. දැන් මේ විදිහට කිසිම භාණ්ඩයක් පිටරටකට යවන්න බැහැ.. මොකද ඒකෙන් පේන්නේ ඒක නිෂ්පාදනය කරන පුද්ගලයන්, සමාගම් වලට තිබෙන අනෙකුත් රටවල් වල මිනිසුන් සූරා කෑමේ අභිලාශය වෙන නිසා....

    එයාලා ධනවාදීන්, මෙයාලා සහෝදරයින් නොවේ, අපිට පාන්ද කිය කිය ඉන්න... ඔබලාටත් කෙළවෙන්න යන දවසක... අනිත් අයත් අපිට පාන්ද කියා ඉඳියි... බලපුවහම සිංහල බෞද්ධ කම වෙනුවෙන් විතරක් පෙනී සිටින නානසාරලාට වඩා වැඩි වෙනසක් පැරාගෙත් නැහැ. තමන් තෝරාගත් කල්ලියක් වෙනුවෙන් පමණක් පෙනී සිටීම රාජපක්ෂලාගේ, නානසාරලාගේ සහ පැරාගේ ද ක්‍රමය නම්, උන් උන් එකිනෙකාට අවලාද නගද්දී 'අපිට පාන්යැ' කියා අපිත් ඉමු ද?

    ReplyDelete
    Replies
    1. ෆෆාන්ටෙරා සමාගමට ලංකාවේ පාරිභෝගිකයන් සූරා කෑමේ උවමනාවක් නැති ය කියලා ද ඔබ කියන්නේ.

      ධනවාදය විසින් නිර්මානය කරන්නේ ඇත්ත ඇලජික් ඔය වගේ මනස් තමයි.

      පරිභෝජනවාදයට විරුද්ධ වෙනවා කියන්නේ පරිභෝජනයට විරුද්ධ වෙන එක නොවෙයි.

      පර්භෝජනය කරන්න. ඒත්, දැනගෙන කරන්න. ඇත්ත පෙන්නා දුන්නා ම ඔලුව අවුල් කරගෙන විකාර ලියන්න එපා. හිතන්න.එහෙම කියන්නේ ඔබේ මානසික අවුල ඔබ ලියන දෙවන ඡේදයෙන් පෙනෙන නිසා.

      Delete
    2. පොඩ්ඩකට මගේ මානසික අවුල අමතක කරමුකෝ... නැතිනම් මම ලියන හැම දේම වැඩක් නැති වෙනවනේ.

      සමාගමක් විසින් ජනතාව සූරාකනවයි කියලා කියන්නේ මොන වගේ පදනමකින් ද? එහෙම සමාගම් නැහැ කියන එක නෙමෙයි... නමුත් අපි පාවිච්චිකරන නිර්ණායක මොනවද?

      මම නම් දකින්නේ ෆොන්ටෙරා කියන්නේ බොහෝ දේශීය නිශ්පාදකයන්ට වඩා සද්භාවයෙන් යුතු ආයතයක් විදිහට. එම ප්‍රමාණයේ ආයතන වලට තියෙන වැදගත්ම දේ උසස් නිශ්පාදන නිසා ලැබුණු කීර්ති නාමය. තමන් අතින් වැරැද්දක් වුණාම පුද්ගලයන් ඉල්ලා අස්වන්නෙත්, ඔවුන්ම වැරැද්ද ගැන මාධ්ය නිවේදන නිකුත් කරන්නෙත්, නිශ්පාදන ආපසු කැඳවන්නෙත් ඒ නිසා. ලංකාවේ සිදු වූ ෆොන්ටෙරා අවුල, දේශපාලන අවුලක් මිසක වෙන දෙයක් නොවේ.

      Delete
    3. තිසර,

      /"මම නම් දකින්නේ ෆොන්ටෙරා කියන්නේ බොහෝ දේශීය නිශ්පාදකයන්ට වඩා සද්භාවයෙන් යුතු ආයතයක් විදිහට"/

      උඹට පිස්සුද මචන්?? යකෝ උන් දන්නවනම් උන්ම උඹට හිනාවෙයි, හැබැයි කටින් නෙවේ.

      බැක්ටීරියා, වස විස අමතකරපන්, නියම කිරි වෙනුවට සාරය අයින්කරල ඒක වහන්න වෙනත් ජාති දාල විකුණන එක සද්භාවයද? මේලොකෙ නැති ගුණ පෙන්නල නොමඟ යන ඇඩ් දාන එක, කිසිම එතිකල් වැලියු එකක් ගනන් නොගෙන, අහවල් කිරි/චීස් දෙන්නෙ ලමයින්ට ආදරේ අම්මල කියල ඇඩ් දාන එක, එතකොට ඒව දෙන්න වත්කමක් නැති මිනුස්සුන්ගෙ දරුවොන්ට පට්ට සද්භාවයක් හිතෙයි නේද්?

      ප. ගෝ.

      Delete
    4. " "

      මං හිතන්නේ මං වෙන ම උත්තරයක් නො දුන්නට කමක් නැහැ.

      Delete
    5. ඔය ටිකම තමයි පහුගිය කාලේ තියාගෙන පතුරු ගැහුවේ... ඒත් ඕක පත්තරේක, බ්ලොග් එකක ලියනවට වඩා තේරුමක් ඇති වැඩක් කවුරුවත් කලේ නැහැ. ඔය සමාගමෙන් වන්දියක් ගන්න නඩුවක් දැම්මද?

      ඇඩ් ගැන මෙහෙම කියන්නම්... දැන් මේ බ්ලොග් එකේ දැන්වීම් කීයක් තියනවද? ඔන්න එකක් තියනවා "This cute waits for Mr right" (home page) කියලා... කැමැත්ත නිෂ්පාදනය කරනවා කියලා චෝදනා කරන කෙනා තමන්ගේ බ්ලොගයේ ප්‍රචාරය කරනන් ඉඩදීලා තියන දැන්වීම්...

      Delete
    6. තිසර කියන කෙනාගෙ කොමෙන්ට් එක තෙරිරුම් ගන්න ඒක කීප සැරයක් කියවන්න වුනා.මට හිතා ගන්නවත් බෑ මෙහෙම පිස්සු හුටන්ලා මේ සමාජයෙ ඉන්නව කියන එකත්.යකෝ අපි මාක්ස්වාදයට එරෙහි ඒකෙ ක්‍රියාත්මක ස්වභාවය ප්‍රායෝගික නොවීමත් වෙනත් න්‍යායාත්මක ගැටළුත් ,සමස්තය ආර්ථිකයට ඌනනය කරනන් නිසාත්.සමාගම් පිහිටවල තියෙන්නෙ සූරා කන්න නැත්නම් බම්බූ ගහන්නද බොල
      මොන අරමුනකින් වුනත් ධනවාදී පොන්ටේරා රාක්ෂයන් මකබෑවෙන එක හොඳයි.

      Delete
    7. මම නම් දකින්නේ ෆොන්ටෙරා කියන්නේ බොහෝ දේශීය නිශ්පාදකයන්ට වඩා සද්භාවයෙන් යුතු ආයතයක් විදිහට//මුගෙ අත්දෙකට හෙන ගහන්න එපායැ මේ ලියන ඒවට

      Delete
  8. කාටහරි කරුණාකරලා කියන්න පුළුවන්ද මේ ගැන දීප්ති කුමාර ගුණරත්න මහත්තයාගේ මතය? මොකද, මම පිළිගන්නේ ඒ මහත්තයාගේ මතය විතරයි.

    ReplyDelete
    Replies
    1. එයා ගැන ලිපියක් අද රෑ 12.30ට

      Delete
    2. Thank you! :-)

      Delete
    3. @ AnonymousAugust 27, 2013 at 2:01 PM,

      දීප්ති කුමාර ගුණරත්න ගැන මොනවා කියන්නද අයිසේ? වැලිවේරියේ කිසිම දෙයක් වුණේ නැතිය, වුණේ මාධ්‍ය සංදර්ශනයක් විතරය කියලා කියපු මිනිහනේ...

      Delete
  9. තමන්ට මේ ආණ්ඩුව සමග සෙට් වෙන්නට බැරි වූ නිසා ආණ්ඩු විරෝධී වී සිටින යූඇන්පීකාරයන් චූන් කරන මාධ්‍ය මහන්සිය ශ්‍රමය අපතේ යැවීමක් බව //
    එක්සත් ජාතික පාක්ෂිකයා මුහුනදෙන සැබෑ අභියෝගය මෙයයි

    ReplyDelete
  10. කඩප්පුලියාAugust 27, 2013 at 9:20 PM

    පැරකුම් ,ෆොන්ටේරා එකේ කිරි ගොවියෝ 10,000 යි කියන තර්කෙයි ලංකාවේ සණස ග්‍රාමිය බැංකුවේ කොටස් කාරයෝ ලක්ෂ ගනනයි ,නවසිලන්තයේ ගොවියෝ 10,000 හරි කිය හරි බලන්නේ ඒ අය සහ එම සමාගම පොසත් කරන්නයි.මෙහේ සණස ගමේ කොටස් කාරයෝ උඩ බලං දෙයියෝ දැනකං බලං ඉඳිද්දි එහි පාලක පවුල ගන්න ආතල් එකයි,රට බල්ලට ඇරපු රාජපක්ෂ පවුල ගන්න ආතල් ඒකයි ගැන බලද්දි ෆොන්ටේරා කාරයෝ වැරදි නෑ නේද ?

    ReplyDelete
    Replies
    1. සනස උදාහරණය ගත්ත එක නම් ඉතාම වටිනවා.ගමේ සණස සාමාජිකය ත් එහෙනම් සණස ව්‍යාපාරයෙ සාඩම්බර හිමිකරුවන්.නමුත් සනස හිමිකරුවන් තමයි ඒකෙ ප්‍රතිලාභ භුක්ති විදින්නෙ.සණස කාරය කරන්නෙ අනුන්ගෙ සල්ලි වලින් සැප විදින එක

      Delete
  11. “රටේ ජනතාවට, ඔවුන් එකිනෙකාගේ හැසිරීම හා ඔවුන් එකිනෙකාගේ ආදර්ශයන් අනුව රටේ ඉරණම තීරණය කරන්නට ඉඩ දිය යුතු නම් එහි දී වඩා වැදගත් කුමක් ද?

    යහපත් ආණ්ඩුවක් ලැබෙන්නේ සලකා බැලීමෙන් හා තෝරා ගැනීම් වලින් තීරණය කිරීමෙන් ද?

    නැත්නම්, අහම්බෙන් හෝ බලය (force) යොදා ඔවුන්ට දේශපාලන ආයතන නියම කිරීමෙන් ද?

    ReplyDelete
  12. දැන් ඔය අවුරුදු ගනනාවක ඉඳන් ආනයනික කිරි වලට බද්දක් ගහනවනෙ දේශීය කිරි ගොවියා නගා සිටුවන්න කියලා. තාම නගා සිටවනවා. ඇත්ත තත්වෙ අපේ කිරි නිශ්පාදනය ඉතාම් පහලයි. අවම වශයෙන් දිනකට කිරි ලීටර් 15 වක් ව්ත් නොලැබෙන ගවයින් ආර්ථික වශයෙන් පාඩුයි කියල තමයි ගනන් ගන්නෙ. ලංකාවෙ ලීටර් 2-3 වඩ ගන්න ගවයො ඉන්නෙත් ටිකයි. බොහොමයක් තැන්වල ලොකු ගව පට්ටි ඇත්තෙත් නෑ. නවසීලන්තෙ වගෙ රටවල එක ගවයෙකුගෙන් දිනකට කිරි ලීටර් 20ක් විතර ලබා ගන්නවා. (ඊට වැඩි අවස්තාත් තියෙනවා) එක පට්ටියක අවමය 2000ක් වත් ඉන්නව. ඉතින් නිශ්පාදනය ඉහලයි. දේශීය කිරි ගොවියා නගා සිටුවන්න කියල සියලුම පාරිබොගිකයො බදු ගේවන එකත් අසාධාරණයි. ඇයි, අපි කරන හැම රස්සාවටම එහෙම සහන ලැබෙන්නෙ නෑ. උදා: පරිඝනක මෘදුකාංග ඉන්ජිනේරුවෙක් ගත්තොත් තමන්ගෙ සේවා හෝ භාන්ඩ අලවි කරන්න සිදුවෙන්නෙ මුලු ලොකෙම තරඟකරුවොත් එක්ක. එහෙම තරඟ කරල උපයන ආදායමෙන් බඩු ගන්නකොට තරඟකාරී මිලට බඩු ගන්න අවස්ථාව තියෙන්න ඕන. ෆොන්ටෙරා හොඳ නැත්තන් වෙන සමාගමක් නිශ්පාදනය කරන්න ඕන. අපිට හරියට කිරි නිශ්පාදනය කරන්න බැරිනම් හොඳින් නිශ්පාදනය කරන්න පුලුවන් දෙයක් කරල වෙළ්ඳපොලට යන්න ඕන. "do what you do at best and hire the rest"

    ReplyDelete
  13. දැන් ඔය අවුරුදු ගනනාවක ඉඳන් ආනයනික කිරි වලට බද්දක් ගහනවනෙ දේශීය කිරි ගොවියා නගා සිටුවන්න කියලා. තාම නගා සිටවනවා. ඇත්ත තත්වෙ අපේ කිරි නිශ්පාදනය ඉතාම් පහලයි. අවම වශයෙන් දිනකට කිරි ලීටර් 15 වක් ව්ත් නොලැබෙන ගවයින් ආර්ථික වශයෙන් පාඩුයි කියල තමයි ගනන් ගන්නෙ. ලංකාවෙ ලීටර් 2-3 වඩ ගන්න ගවයො ඉන්නෙත් ටිකයි. බොහොමයක් තැන්වල ලොකු ගව පට්ටි ඇත්තෙත් නෑ. නවසීලන්තෙ වගෙ රටවල එක ගවයෙකුගෙන් දිනකට කිරි ලීටර් 20ක් විතර ලබා ගන්නවා. (ඊට වැඩි අවස්තාත් තියෙනවා) එක පට්ටියක අවමය 2000ක් වත් ඉන්නව. ඉතින් නිශ්පාදනය ඉහලයි. දේශීය කිරි ගොවියා නගා සිටුවන්න කියල සියලුම පාරිබොගිකයො බදු ගේවන එකත් අසාධාරණයි. ඇයි, අපි කරන හැම රස්සාවටම එහෙම සහන ලැබෙන්නෙ නෑ. උදා: පරිඝනක මෘදුකාංග ඉන්ජිනේරුවෙක් ගත්තොත් තමන්ගෙ සේවා හෝ භාන්ඩ අලවි කරන්න සිදුවෙන්නෙ මුලු ලොකෙම තරඟකරුවොත් එක්ක. එහෙම තරඟ කරල උපයන ආදායමෙන් බඩු ගන්නකොට තරඟකාරී මිලට බඩු ගන්න අවස්ථාව තියෙන්න ඕන. ෆොන්ටෙරා හොඳ නැත්තන් වෙන සමාගමක් නිශ්පාදනය කරන්න ඕන. අපිට හරියට කිරි නිශ්පාදනය කරන්න බැරිනම් හොඳින් නිශ්පාදනය කරන්න පුලුවන් දෙයක් කරල වෙළ්ඳපොලට යන්න ඕන. "do what you do at best and hire the rest"

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා