වැලිවේරිය සාක්කි සහිත යුද අපරාධයකි

දුෂ්ට පාලකයන් නො හඳුනන දරු දුක
වැලිවේරිය ප්‍රහාරය සම්බන්ධයෙන් ලෝක අවධානය යොමු වෙමින් තිබේ. එහෙයින් සිද්ධියේ වගකීමෙන් ආණ්ඩුවට ගැලවෙන්නට බැරි තත්වයක් නිර්මානය වෙමින් තිබේ.

වැලිවේරිය ප්‍රහාරයෙන් මිය ගිය දෙදෙනෙක් ම පාසල් සිසුවෝ ය. එක් අයෙක් බාල වයස්කරුවෙකි.

හමුදා ප්‍රහාරකයෝ ජීවිතාරක්ෂාව සඳහා ආගමික ස්ථානයක සැඟවී සිටි ජනයා‍ට පවා පහර දුන්හ. 

මරණ පරීක්ෂණවලදී හෙළි වී ඇති අන්දමට පුද්ගලයන් මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් හා මොට්ට ආයුධවලින් පහර දීමෙනි.

වගකීමෙන් ගැලවීම පිණිස, කිසිවකු විසින් ලියා දුන් ප්‍රකාශයක් ඇමති නිමල් සිරිපාල ද සිල්වා ඊයේ පාර්ලිමේන්තුවේදී කියවූයේ කිසිදු හැඟීමකින් තොරව ය. උද්ඝෝෂකයෝ හමුදාවට වෙඩි තැබූ බවක් ඔහු කියවූයේ සභාවෙන් නැඟුණු සිනා හඬක් මධ්‍ය‍යේ ය. ඇමති නිමල් සිරිපාල එම ප්‍රකාශය කියවූ හැඟීම් විරහිත ස්වභාවය ම නායකත්වයේ තීරණ සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රතිචාරය පළ කරයි. මේ වන විට මෙම ප්‍රහාරය වෙනුවෙන් පෙනී සිටීමේ විලි ලජ්ජා නැතිකම සහිත කිසිදු ආණ්ඩු ගැත්තකු සොයා ගැනීමට ආණ්ඩුව සමත් වී නැත.

ප්‍රහාරයේ බරපතලකම නිසා කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිට ද නිවේදනයක් නිකුත් කරන්නට සිදු වී තිබේ. ආණ්ඩුවේ උගුලේ සිර වි සිටින උපායික බල ව්‍යාපෘතියක් වන ජාතික හෙළ උරුමය පවා එය බරපතල සිද්ධියක් ලෙස සලකයි. 

ඇත්තට ම මේ වනාහි දකුණේ ජනතාවට මිලිටරි ආධිපත්‍ය‍යේ බරපතලකම අවබෝධ කර දෙන අවස්ථාවකි. 

හමුදාව වැලිවේරි‍යේදී කටයුතු කර තිබෙන්නේ ප්‍රදර්ශනාත්මක අමානුෂික ප්‍රහාරයක් එල්ල කරන්නැයි ලැබුණු අණකට යයි සැක කළ හැකි ය. එම අණ දුන්නේ කවුරුද යන්න හා එවැනි ප්‍රදර්ශනාත්මක ප්‍රහාරයක් තුළින් අණ දුන් අය බලාපොරොත්තු වන්නේ කුමක් ද යන්න ගැන විමසිලිමත් වීම වැදගත් ය. 

මෙමගින් රෙජිමය දෙන පණිවුඩය විය හැක්කේ සිය වැඩපිළිවෙලට එරෙහිව මතු වන අයිතිවාසිකම් පාදක කර ගත් අව්‍යාජ මහජන උද්ඝෝෂණ අමානුෂික අන්දමින් මර්දනය කිරීමට තමන් සූදානම් බවයි. 

මෙම උද්ඝෝෂණය මේ අන්දමින් මර්දනය කිරීමට ආණ්ඩුවට සිදු වන්නේ ම ප්‍රසිද්ධ උද්ඝෝෂණ කොන්ත්‍රාත්කරුවන්ගේ ලොකු මැදිහත් වීමක් මෙහි නො තිබුණ නිසා බව පෙනේ. එහෙයින් දැන් මෙහි තුන්වන පාර්ශ්වයක් සිටි බවට කරන ප්‍රකාශ ඔප්පු කර ගන්නට ආණ්ඩුව අසමත් වී තිබේ.

අනෙක් පැත්තෙන් කිසියම් දේශපාලන ව්‍යාපාරයක් හෝ සිවිල් සමාජ සංවිධානයක් මෙම උද්ඝෝෂණය පසුබිමේ තිබුණා නම් එය වැරදියි කියන්නට කිසිදු හේතුවක් නැත. මහජන අයිතිවාසිකම් සඳහා අරගළවලදී පෙනී සිටින්නට පූර්ණ අයිතියක් එකී සංවිධානවලට තිබේ. 

මෙම ප්‍රහාරය පැහැදිලි සාක්ෂි සහිත යුද අපරාධයකි. නිරායුධ සිවිල් වැසියන්ට අමානුෂික අන්දමින් වෙඩි තබමින්, අභය ඉල්ලා සිටි ජනයාට මොට්ට ආයුධවලින් පහර ‍දෙමින් මරා දමා තිබේ. විපක්ෂය ඒ පිළිබඳ ස්වාධීන, ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටියි.

මෙම සිද්ධියට සම්බන්ධ සෙබළාගේ සිට අණ දුන් පුද්ගලයන් දක්වා අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ. 

අණ දුන් පුද්ගලයන් අධිකරණය හමුවට ගෙන ඒම අතිශය වැදගත් ය. නැතිනම් සිදු වන්නේ රූකාන්ත ගුණතිල‍කට හා ඔහුගේ බිරිඳට අමානුෂික වධහිංසා පමුණුවා, නිවස කොල්ල කන්නට අණ දුන්නේ යයි සැක කළ හැකි චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය නිදැල්ලේ සිටියදී ඇගේ ගෝල බාලයන්ට පමණක් සිරගත වන්නට සිදු වූ නඩුව වැනි දෙයකි. 

කෙසේ වෙතත්, එවැනි නඩු වුව නො වැදගත් නැත. අපරාධ ලෝලය, ජාතිවාදය, දේශපාලන අනුග්‍රහය හා පටු පෞද්ගලික වාසි වෙනුවෙන් මිනී මැරූ වාස් ගුණවර්ධන, ත්‍රිකුණාම්‍ලයේ පාසල් සිසුන් මැරූ පොලිස් නිලධාරියෝ වැනි අයට දඬුවම් ලැබෙන විට රටේ පවතින අපරාධ කර රාජ්‍ය අනුග්‍රහයෙන් ගැලවී සිටීමේ තත්වය සුළු වශ‍යෙන් හෝ වෙනස් වේ.

සැබෑ අපරාධකරුවන්ට අඩු වශයෙන් තමන්ගේ දවස උදා වනු ඇතැයි බියක් හෝ ඇති විය යුතු ය.

වැලිවේරිය ඝාතනවලට විරෝධය පෑමේ සාමකාමී උද්ඝෝෂණයක් අද සවස 3.30ට කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. /* හමුදාව වැලිවේරි‍යේදී කටයුතු කර තිබෙන්නේ ප්‍රදර්ශනාත්මක අමානුෂික ප්‍රහාරයක් එල්ල කරන්නැයි ලැබුණු අණකට යයි සැක කළ හැකි ය. */

    විය හැක්කකි.

    ReplyDelete
    Replies
    1. කකා,
      ඔයාලගේ රටේ කිරිපිටි වල ප්‍රශ්නයක් නැද්ද? මොකක්ද ඒ ගැන තත්වේ?
      අර නෝනා නං කියන්නේ ෆොන්ටෙරා මානව හිතවාදී සමගමක්ය. DCD පොඩ්ඩක් බිව්වට කමක් නැතිය. කොකාකෝලා බිව්වට මොකුත් වෙන්නේ නෑ කියලනේ.

      කකා ඔය රටේ මාධ්‍ය වල මේ ගැන කියන්නේ මොකක්ද කකා?

      .............

      පැරාගේ පොස්ට් එකට අදාළ කොමෙන්ට් එකක් දානවනං කියන්න තියෙන්නේ පැරා, අපි ජිවත් වෙන්නේ බැලුම්මහර. අපේ ගෙදර ලිඳේ වතුර තමයි බිමට ගත්තේ. දැන් පරික්ෂා කරලා බලද්දී එහි PH අගය 4.9 කියා පැවසුවේ. ලිඳේ වතුරේ යම්කසි වෙනසක් තියෙනවා. බිව්වම එක තේරෙනවා.

      අනික පැරා දන්නවා ඇති මාළිඟාවේ කරඩුව වඩම්මන ඇතා. ඔය ඇතා ඉන්නේ බැලුම්මහර ආසන්නයේ. ඒ ඇතාටත් ඔය වතුර දුන්නම බොන්නේ නෑ. ඉව ඇති.

      තව එක දෙයක් කියන්න ඕනි, මම සිද්ධිය වූ ස්ථානය ළඟ ඉන්න හින්දා කියන්නේ. ඔය සිද්ධියෙන් නැව් ගුටි කාපු පිරිසෙන් වැඩි හරියක් ජන්ද වලදී මහින්ද මහත්තයාට බඩ බැදන් කඩේ ගිය උදවිය. මේ පැත්තේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ උදවියගේ තමයි වැඩිපුර ගුටි බැට හම්බ වෙලා අත් පා කැඩිලා තියෙන්නේ.

      ආන්න ඊයෙත් මම දැක්කා කිහිප දෙනෙක්ම අත් පා එල්ලගෙන ඇවිත් අම්මා මෝ නැතිව ආණ්ඩුවට බැන බැන ඉන්නවා. ඊළගට බස්නාස්හිර පළාත් සභා ජන්දේ ආවම මේ කරපු එව්වට උත්තර දෙනවා කිය කියා ඔය ඉන්නේ.

      Delete
    2. එහෙම වෙනවා නම් හොඳයි.නමුත් බලා ඉමු.

      Delete
    3. MIN IDIRIYATA UDGHOSHANA KALOTH UMBALATATH OYA HANDEN THAMA BEDANNE, KIYA ANATHURU ANGAWA ATHA.

      Delete
  2. // හමුදාව වැලිවේරි‍යේදී කටයුතු කර තිබෙන්නේ ප්‍රදර්ශනාත්මක අමානුෂික ප්‍රහාරයක් එල්ල කරන්නැයි ලැබුණු අණකට යයි සැක කළ හැකි ය. //..................
    නිසැකවම මෙහි අරමුණ එය විය යුතුයි. සිද්ධිය ඇසූ දුටුවන් ගල් කරන්නා වූ ආකාරයේ ප්‍රහාරයකින් බලාපොරොත්තු වන්නේ වෙන කිමෙක් ද?

    ReplyDelete
  3. දෙමල ජාතිවාදයේ ගද එනවා බ්ලොග් එක පුරාම​. ඒයි බන් උබලගේ කොමියුනිස්ට් රාජ්‍යවල හමුදාවක්, පොලිසියක් නැද්ද බන්. ඒවයේදි නීතිය​, ආර්ක්‍ෂාව තහවුරු කරන්නේ කොහොමද ගොයියෝ..... බලය නැති නිසා මේවගේ ගොන් කථා කිය කිය හිටපන් හැමදාම​. බ්ලොග් බලන මාක්ස්වාදී, සමාජවාදී අපතයන් 10, 15 දෙනාට ඉදලා ඉදලා චූන් එකක් දෙන්ඩත් එපැයි නේද රාමා....

    ReplyDelete
    Replies
    1. පයියර්,උඹලා බ්ලොග් බලන අපතයන්ට ආතල් දෙන්නේ මිනී මරලාද?

      Delete
    2. මේ බැල්ලිගේ පුතාලාගේ බලු වැඩ කෙලින් කියන එකට සමාන වචනේ දෙමල ජාතිවාදය නම් අපි දෙමල ජාතිවාදි තමයි. ඇයි හොල්මන්ද?

      Delete
  4. දෙමල ජාතිවාදයේ ගද එනවා බ්ලොග් එක පුරාම​. ඒයි බන් උබලගේ කොමියුනිස්ට් රාජ්‍යවල හමුදාවක්, පොලිසියක් නැද්ද බන්. ඒවයේදි නීතිය​, ආර්ක්‍ෂාව තහවුරු කරන්නේ කොහොමද ගොයියෝ..... බලය නැති නිසා මේවගේ ගොන් කථා කිය කිය හිටපන් හැමදාම​. බ්ලොග් බලන මාක්ස්වාදී, සමාජවාදී අපතයන් 10, 15 දෙනාට ඉදලා ඉදලා චූන් එකක් දෙන්ඩත් එපැයි නේද para.....

    ReplyDelete
  5. අනිවාර්යයෙන්ම මෙම හමුදා ප්‍රහාරයෙහි සැලසුම් සහගත බවක් පෙනෙන්නට තිබේ. පොලීසිය සම්බන්ධ නොවීම, අවම බලය යෙදවීමටවත් උත්සාහ නොකිරීම. මිනිසුන් විසිර ගිය පසුත් ගෙවල් වලට ගොස් පහරදීම යන කරුණු සලකා බැලීමේදී එහෙම පෙනීම සාධාරණයි.

    ReplyDelete
  6. පැහැදිලිවම පැරාගේ මේ පෝස්ට් එකේ අකුරක් ගානේ එකඟ විය හැකියි...

    ජනතාවගේ සාධාරණ ප්‍රශ්ණයකක් සති ගනනාවක් ඇදී යෑමට ඉඩ දී ජනතා විරෝධය පාලනය කිරීමට නොහැකි මට්ටම්ට වර්ධනය වීමට ඉඩ තබා හමුදාව ලවා මර්ධනය කිරීම සදාචාර හා නීති විරෝධි ක්‍රියාවක්...

    ReplyDelete
  7. මේ සිද්දියෙන් දින දෙකකට පමණ පස්සෙ මං phone එකෙන් මේකට සම්භන්ද youtube වීඩියෝ එකක් බලමින් ඉන්නකොට එතනට හිතවත් කෙනෙක් ආව. එයා එතරම් දුර නොවුන නෑදෑ කමකින් මගෙ මාම කෙනෙක්. මොකක්ද බලන්නෙ කියල ඇහුව නිසාම ඔහුට වීඩියෝව පෙන්නුව. හමුදාව සිත් පිත් නැතුව වෙඩි තබන දර්ශන තිබුන වීඩියෝව දැකල ඔහුත් කම්පා උනා, මං කිව්ව හමුදාවෙම වැරැද්ද නෙමෙයි නියෝග දුන්න ලොක්කන්ගෙ තමයි වරද මේක මීට වඩා සරල උපක්‍රම වලින් විසිරුවන්න තිබුන කියල. එයා මේ සිද්දිය ගැන දැනුවත් නැති බව තේරුන නිසා මං තවත් ඒ ගැන දැනගත්ත දේවල් එයාට කිව්ව. මේකට නායකත්වය දුන්නෙ දේශප්‍රිය ගුණවර්දන කියලල කිව්වහම එයා ගත් කටටම කිව්ව ඒ අපේ සුදු අයියනෙ කියියල. ඒක තහවුරු කරගන්න මං දේශප්‍රිය මහත්තැන් ජනතාව අමතන වීඩියෝවකුත් පෙන්නුව. ඉට පස්සෙ කනගාටු දායක ලෙස අර මැරුන මිනිස්සු ගැන කම්පා උන මනුස්සයම මද සිනහවක් එක්ක මේ සුදු අයිය තමයි පුතේ කිව්ව. සුදු අයිය ගැන විස්තරත් කිව්ව. සුදු අයියගෙ බිරිදට හෝ නැගනියකට ඇමතුමක් ගෙන කරුනු විමසුව. ඒ කතාබහෙන් වැලිවේරිය ජනතාව වැර්දිකාරයින් කර සුදු අයියා අහිංසකයෙකු වන බව තේරුන නිසාම මං එතනින් ඉවත් උනා.
    මිනිස්සු දැන් හරි වැරැද්ද තීරණය කරන්නෙ නෑදෑකමෙන්, මිතුරු කමෙන්, නැත්නම් කුහක දේශපාලන මනසින්. එහෙව් එකේ ආන්ඩුවෙන් කන නිමල් සිරිපාල මැතිතුමාගෙ කතාව අසාධාරණ නෑ.

    ReplyDelete
  8. දෙමල ජාතිවාදයේ ගද කියන්නේ කාගෙවුනත් තිබිය යුතු අවම ජිවත් වීමේ නිදහස ද මේ පළමු වෙනි බිල්ල නොවේ නැවත නැගිටීමක් ඇති නොවීමට සිතා පහර දුන තුන්වන රවුමයි කටුනායක හලාවත දැනට රතුපස්වල

    ReplyDelete
  9. අනිවා, මේ තුච්ච ප්‍රහාරයට විරෝධය දැක්විය යුතුයි. ඇයි වතුර ඉල්ලපු මිනිස්සුන්ට මෙහෙම ගැහුවෙ, අඩුම ගානෙ ඒ මිනිස්සු ආණ්ඩුවට විරුද්දවත් නෙවේනෙ උද්ගොශනය කරෙ. සමහර විට පැර කියන තරකය වෙන්න පුලුවන්.

    තව දෙයක්, සිය දාස් ගනන් මිනිස්සු කොටි මරනකොට කටේ පිට්ටු තිබ්බ අගරදගුරු මැල්කම් රංජිත් හිමිට දැන් ඇතිවෙලා තියන කැක්කුම මොකක්ද, ඒ මිනිස්සු මේ මිනිස්සුන්ට වඩ වෙනස් නිසාද? එහෙම නැත්නම් ප්‍රහාරය එල්ල කරපු පාර්ශවය වෙනස් නිසාද?

    ප.ගෝ.

    ReplyDelete
  10. වසර 30ක අති දරුණු යුද්ධයකින් අපේ මව්බිම ගලවාගත් අපේ වීරෝධාර හමුදාවන්ට අපහාස කිරීමට මෙවැනි සුළු සිද්ධියක් යොදා ගැනීමෙන් ඔබේ පක්ෂග්රාහී ගතිය හොදින් පෙනේ ඔබ මොනවා කිව්වත් මේ රටේ අති මහත් කලගුණ දත් බහුතර සිංහල බෞද්ධ ජනතාව තුල අපේ ජනාධිපති තුමාටත් වීරෝධාර හමුදාවටත් ඇති ආදරය නැතිකළ නොහැක .මව්බිමට ජය
    රංග

    ReplyDelete
    Replies
    1. අහිංසක මිනිස්සු බොන්න පිරිසිඳු වතුර ටිකක් ඉල්ලද්දී වතුර වෙනුවට වෙඩි උණ්ඩ එවපු ජනාධිපතිටය්, උගේ පාහර බලු හමුදාවටය් කොහොමද යකෝ ගරු කරන්නේ? බහුතර බුද්ධ ජනතාවට වැලිවේරිය, බැලූම්මහර අවට අහිංසක සෙනගගේ දුක තේරෙන්නේ නැද්ද? අහිංසක පාසල් දරුවන්ව මරපු මරාගේ මාරක හමුදාව. සෙනගට මිල්ලේච්ච විදියට පහර දුන්නේ. එහෙව් බලු හමුදාවකට කොහොමද යකෝ තවත් ආදරය කරන්නේ? රංග, උඹගේ ආදරය අන්දද?
      මුන් දකුණේ සෙනගට මෙහෙම ගැහුවනම්, උතුරේ දෙමල ජනතාවට කොහොම ගහන්න ඇද්ද?

      Delete
    2. ත්‍රස්තවාදයක් තිබුණේ කොහෙද අනේ මට මුකුත් මතක් අ අ අ අ අ අ නැඇඇඇඇඇඇඇ නේ..!

      Delete
  11. http://www.youtube.com/watch?feature=player_embedded&v=BBufpNZTz08

    ReplyDelete
  12. අහිංසක මිනිස්සු බොන්න පිරිසිඳු වතුර ටිකක් ඉල්ලද්දී වතුර වෙනුවට වෙඩි උණ්ඩ එවපු ජනාධිපතිටය්, උගේ පාහර බලු හමුදාවටය් කොහොමද යකෝ ගරු කරන්නේ? බහුතර බුද්ධ ජනතාවට වැලිවේරිය, බැලූම්මහර අවට අහිංසක සෙනගගේ දුක තේරෙන්නේ නැද්ද? අහිංසක පාසල් දරුවන්ව මරපු මරාගේ මාරක හමුදාව. සෙනගට මිල්ලේච්ච විදියට පහර දුන්නේ. එහෙව් බලු හමුදාවකට කොහොමද යකෝ තවත් ආදරය කරන්නේ? රංග, උඹගේ ආදරය අන්දද?
    මුන් දකුණේ සෙනගට මෙහෙම ගැහුවනම්, උතුරේ දෙමල ජනතාවට කොහොම ගහන්න ඇද්ද?

    ReplyDelete
    Replies
    1. Weliveriya KTHAugust 7, 2013 at 6:14 PM
      ඔබට අතීතය අමතක වී ඇති හැඩයි .එලියට යන කොට කොයි වෙලේ බෝම්බයකට අහුවෙයිද කියල මරණ බයේ හිටිය හැටි මතක නැද්ද ?දැන් එහෙම තත්වයක් තියෙනවද කියල අවංකව හිතල බලන්න .රටේ මාර්ග පද්ධතිය දිහා බලන්න.කොයි තරම් දියුණුද ?දවසක් පුරා පාරක් වහගෙන ඉන්න එක සාධාරණ වන්නේ මොන නීතියට අනුවද කියල කියන්න පුලුවන්ද .වතුර ඉල්ලන එකයි පාර වහන එකයි දෙකම එක වගේම සාධාරණද කියල කියන්න පුලුවන්ද .occupy wall street කියන ප්රසිද්ධ උද්ගෝෂණය you tube එකේවත් බලන්න .උද්ගෝෂණයක් කරන හැටි ටිකක් ඉගෙනගෙන කතා කරන්න
      රංග

      Delete
    2. රංග මෙතන ප්‍රශ්නෙ ගල් ගැහුව කියල වෙඩි තියන ම්ලේච්ඡ මිලිටරි මානසිකත්වය නේද ? හමුදාව කියන්නෙ මිනී මරන්නම ඉන්න පිරිසක්.කොටි මර්ධනයට ප්‍රයෝජනවත් වුනෙත් ඔවුන්ගෙ මිනී මරු ගතියයි.ඔවුන් ලෙහෙලා දැම්මොත් ආයෙත් ගෙයින් එළියට බහින්න බැරි වෙයි.කොන්ට්‍රෝල් එකක් ඕන කියලයි රටම කියන්නෙ

      Delete
    3. ත්‍රස්තවාදයක් තිබුණේ කොහෙද අනේ මට මුකුත් මතක් අ අ අ අ අ අ නැඇඇඇඇඇඇඇ නේ..!

      Delete
  13. මේ සිදුවීමෙන් පසු ආණ්ඩුව ඊලග විරෝධතාවයේදී කොයි ආකාරයට ක්‍රියා කරයිද හිතුවා.කටුනායක හලාවත මිනී මැරීම් ජෙප්පන් පිට පැටෙව්වා.මේ වැලිවේරියේදී මුලින් ම හමුදා නිලධාරියා ක්‍රියා කලේ මොන තරම් ආඥාදායකයෙක් විදියටද?වයසක අම්මා දෑත් එකතු කරලා අනේ මහත්තයෝ අපි ඉල්ලන්නේ වතුර කියලා කියද්දී.දැන් කියනවා ජෙප්පන් හෝ පෙරට්ටන් ප්‍රෙටල් බෝම්බ ගැහුවාලු.වෙඩි තිබ්බාලු.එහෙම නම් කරන්න තිබුනේ මාධ්‍ය වලට ඒවා වීඩියෝ කර ගන්න ඉඩ හැරීම...කලේ මොකක්ද?මුලින්ම මාධ්‍ය වේදීන්ට තග දාලා ගැහුවා.කැමරා කුඩු කලා.මේ අයට ඕන වුනා කරන්න යන බිහිසුණු ම්ලේඡ්ඡ ක්‍රියාව රටෙන් ,ලෝකයෙන් වසන් කරන්න .මේ අය දැනන් හිටියා මොන තුප්පහි වැඩක් කලත් බේර ගන්න ගොබෙල්ස්ලා ඉන්න බව
    සමහරු කියනවා මුලින්ම කදුලු ගෑස් ගහලා බැටන් ගහලා මේක විසුරුවන්න තිබුනා කියලා.ඒත්එහෙම නොකර මේ අයට ඕන වුනා අනාගතයට පණිවිඩයක් දෙන්න.මොන ආකාරයේ විරෝධතාවකට උනත් උත්තර දෙන විදිය පෙන්නන්න ඕන වුනා.විශේෂයෙන් අනාගතයේ විරෝධතා කරන්නන්ට ලැබෙන ප්‍රතිඵලය පෙන්නන්න ඕන වුනා.
    ගල් මුල් ගැහුවා කියා පල්ලි ඇතුලට ඇවිත් අමානුෂික විදියට වෙඩි තියනවා නම් ත්‍රස්ථවාදීන්ගෙත් ,විනය ගරුක හමුදාවකත් වෙනස කුමක්ද?උඹලා තුවක්කු අත නොදැරූ පිරිසක් පාලනය කරන්න ක්‍රියා කලේ මෙහෙම නම්, කොටින් ටී 56 ,මෝටාර්වලින් සන්නද්දව සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස බාවිතා කරන වෙලාවේ වුනේ මොකක්ද කියා ජත්‍යන්තර ප්‍රජාව ඇසුවොත් දෙන්න උත්තරයක් තිබේද?

    ReplyDelete
    Replies
    1. AnonymousAugust 7, 2013 at 6:34 PM
      උඹලා තුවක්කු අත නොදැරූ පිරිසක් පාලනය කරන්න ක්රියා කලේ මෙහෙම නම්, කොටින් ටී 56 ,මෝටාර්වලින් සන්නද්දව සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස බාවිතා කරන වෙලාවේ වුනේ මොකක්ද කියා ජත්යන්තර ප්රජාව ඇසුවොත් දෙන්න උත්තරයක් තිබේද?
      ජත්යන්තර සමුළුවලදී උපකල්පන මත පිහිට මින් ප්රශ්න ඇසිය නොහැක .ප්රශ්න ඇසිය හැක්කේ ප්රබල ශාක්ෂි අත ඇත්නම් පමණි .මෙයින් පැහැදිලි වන්නේ ඔබේ මුග්ධ බවයි
      මේ සිදුවීමෙන් පසු ආණ්ඩුව ඊලග විරෝධතාවයේදී කොයි ආකාරයට ක්රියා කරයිද හිතුවා
      මේ ඔබ කියා ඇත්තේ සම්භාවිතාව පිළිබද ප්රශ්නයකි .මෙයම ඊලග අවස්ථාවේ හමුදාව හොදින් කටයුතු කිරීමට ඇති හැකියාවේ සම්භාවිතාව ගැන ඇසීමටත් පුළුවන එම නිසා මේ ප්රශ්නය වැදගත් නොමැත
      ගල් මුල් ගැහුවා කියා පල්ලි ඇතුලට ඇවිත් අමානුෂික විදියට වෙඩි තියනවා නම් ත්රස්ථවාදීන්ගෙත් ,විනය ගරුක හමුදාවකත් වෙනස කුමක්ද?
      එක අවස්ථාවකින් පමණක් මෙවැනි නිගමනයකට බැසිය නොහැක
      මුලින්ම මාධ්ය වේදීන්ට තග දාලා ගැහුවා.කැමරා කුඩු කලා
      ලංකාවේ මාධ්යවේදීන් කියා කොටසක් නොමැත ඉන්නේ එක එක හොර ක්රම වලින් රස්සා ලබාගත් මෝඩ රිපොටර්ලා කොටසක් පමණි
      හලාවත මිනී මැරීම් ජෙප්පන් පිට පැටෙව්වා
      මහින්දට චන්දෙ දෙන්න කියලා අපටත් වඩා ඒ කාලේ කිව්වේ ජෙප්පෝ නේද අතීතය පොඩ්ඩක් මතක් කරලා බලන්න

      Delete
    2. කිසිම තේරුමක් නැති තර්කයකි.උපකල්පන නොවේ ඕනම මෝඩයෙකු අසන ප්‍රශ්නයකි.උතුරේ දෙමළ මිනිසුන් අරභයා මුන් ක්‍රියාකරන්නට ඇත්තේ කෙසේ දැයි සිතේ.උද්ගෝෂනයක් අහල පහලක ඇත්නම් ගම රට දාල යන්නට සිදුවන තත්වයකි දැන් ඇති වී ඇත්තේ .හමුදාව ගැන භීතියකින් රට්ම ත්‍රස්ත වී ඇත.

      සම්භාවිතාව හෝ එක් අවස්ථාවකින් තීරණය කළ නොහැකි බව ඔබ කියයි.එසේනම් තීරණ ගන්න ඔබ කියන දෙක අවස්තාව එළැබෙන්නේ කොහොමද? ඒ සදහා හමුදා මිනීමරුවන්ගේ ලේ පිපාසය කොයි තරම් යැයි දන්නේ කවුද

      Delete
  14. උපකල්පනයකි -චන්ද්‍රිකාට භයවීමද?
    චන්ද්‍රිකාලගේ බණ්ඩාරනායකලගෙ බල ප්‍රදේශ ඕවා. ඒ ගොල්ලන්ට උනගැනෙන්නද මේ මිනිමැරුම්?
    ඥානසාර උන්නාන්සෙ පැටලෙන අය හා යන එන තැන් බලන්න.
    ඥාණසාරගේ 'අඩෝ උඹ කවුද ඩෝ' සූත්‍රය ශ්‍රවනය කරන්න, එවිට අපට තේරුම් ගන්න පුලුවන් ඔහුට භාරදී තිබෙන ව්‍යාපෘතිය.

    ඩිලාන් පෙරේරා,පැරණි විජය/චන්ද්‍රිකා හිතවාදියෙක්.

    ඒ ඇරුනහම පැරණි විජය/චන්ද්‍රිකා හිතවාදියෙක් වූ භාරත ලක්ශ්මන්ගේ ආසනයට ගොස් කුඩු නවත්වන්න දුමින්දට සපෝට් කරන බව දෙසුවා.

    ReplyDelete
  15. People grab the weapons from the SLA and shoot them selfs.

    ReplyDelete
  16. පෝස්ටුවේ කරුණු සමඟ 100% ක් එකඟයි. මින් ඉදිරියට මේ කර්මාන්තශාලාවේ නිෂ්පාදන මිළදී ගන්නා අයත් මේ යුද අපරාධයට උල් පන්දම් දෙන අය හැටියටයි සැළකිය යුත්තේ. මක් නිසාද යත්, ඒ නිෂ්පාදන බිහි කිරීම සඳහා මිනිසුන්ගේ පානීය ජල මූලාශ්‍ර දූෂණය කිරීම නිසාත්, ඒ ගැන සාමකාමීව විරෝධය දැක්වූවන්, විශේෂයෙන් ම බාල වයස්කාරයන්, කර්මාන්තශාලාවේ ආරක්ෂාව වෙනුවෙන් ඝාතනය කිරීම නිසාත් ය. මේ කර්මාන්තශාලාවේ අත් වැසුම් මිනිස් රුධිරය තැවරුණු ඒවා වේ.

    ReplyDelete
  17. සැබෑ අපරාධකරුවන්ට අඩු වශයෙන් තමන්ගේ දවස උදා වනු ඇතැයි බියක් හෝ ඇති විය යුතු ය.//

    මේ සිද්ධියෙන් පසු රටම කතා කළේ චැනල් ෆෝ හා උතුරේ යුධ අපරාධ කතා සත්‍ය විය හැකි බවයි.උතුරේ දෙමළ තරුණයන් මරාගෙන මැරෙන මට්ටමට තල්ලු කළේ හමුදාව බව පැහැදිලියි.ගල් ගහපුවම වෙඩි තබන හමුදාව ඊට වඩා දරුණු අවස්ථාවක හැසිරෙන විදිය හිතාගන්නවත් බැරිය.ඇමරිකාව හා බ්‍රිතාන්‍ය මේ ගැන අවධානය යොමු කිරීම සතුටකි.චීනයේ මතය රජය ක්‍රියා කළ ආකාරය දරදඩු මදි කියා විය හැක.
    කෙසේ හෝ මෙය මේ රටේ ජනතාවට බොහෝ පාඩම් කියා දුන් සිද්ධියකි.
    හමුදාව පිළිබද මිත්‍යාවන් බිද වැටුනි.
    බටහිර රටවල් ගැන මිත්‍යාවන්ද බිද වැටුනුනි.ප්‍රේමදාස සමයේ මිනීමැරුම්ද නතර වුනේ බටහිර බලපෑමෙනි.
    කැරළිකාරයෝද සමාජවාදී වුනත් සිරිමා මිනී මරන විට සමාජවාදී රටවල් ඇයට සහයෝගය දැක්වීය.
    ප්‍රජාතන්ත්‍රවාදය නොමැතිවිට ඇතිවන භයානක තතව්ය රටටම අවබෝධ විය

    එසේම ෆොන්සේකා චන්දෙ දිනපු නැති එක රටේ වාසනාවකි.ෆොන්සේකා දිනුවා නම් අද රට ලේ විලකි.ෆොන්සේකා දරුණු හමුදා මානසිකත්වයෙන් සිටින කෙනෙකි.

    සාමාන්‍ය මැතිවරනයකදී වුනත් ආමි කාරයෙකුට චන්දෙ දීම භයානකය.ආමිකාරයා ඉන්නේ නිතරම මිනීමරන මානසිකත්වයෙනි.හමුදාවෙන් පැන ආ අය රටේ සිදුවන අපරාධ වලින් 90% ක්ම කරති.

    ReplyDelete
  18. බල්ලො ටික බැරැක්ක වලම තියන්න කියල ජනතාව ඉල්ලා සිටිය යුතුයි.ආමි කෑම්ප් ලඟ ලොකු අකුරින් ගහන්න ඕන බල්ලන්ගෙන් ප්‍රවේසම් වනු කියල

    ReplyDelete
    Replies
    1. එහෙම කියල කොටි ටික එළියට දාමු

      Delete
  19. පාලකයාට දරු දුක දැනෙන්නේ නාමල්, රෝහිත හෝ යෝෂිත වෙඩි වැදී මිය ගියානම් පමණය. තව කොතරම් දරුවන් එකා දෙන්නා තැනින් තැන මැරී වැටුනාට ජාතියේ ආඩම්බරකාර තාත්තාට දැනෙන්නේ නැත. ජාතියේ ආඩම්බරකාර බාප්පලාට දැනෙන්නේද නැත. කොමිස් ගැසීමේ එකම අරමුණ සහිතව රට ලොවට ණයකර පාරවල් බිල්ඩින් හදනා මේ සිමෙන්ති සංවර්ධන අශ්චය්ර්ය වෙනුවෙන් තව බොහෝ ජීවිත ගණනාවක් වන්දි ගෙවනු ඇත. ඇසිඩ් වතුර, වකුගඩු රෝග, පිළිකා,මත්කුඩු සමග තක්කඩින්ට යටවී ගෙවන නිවට ජීවිත අපගේ ඉරණම වනු ඇත. රටම රතු පස්වලක් නොව රතු ලේ වලක් වීම වැලක්වීමට නම් මේ ම්දූෂිත මිනීමරු රෙජීමයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන විකල්පයක් නිර්මාණය කල යුතුව තිබේ

    ReplyDelete
    Replies
    1. hodama wade kiyanne janathawath namal marunoth divi naha ganda yayi

      Delete
  20. Machanla, Me wedi thiyala thiyenne Army Uniform walin aapu "Avant Garde" porawal tikak wenna barida?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා