මේධානි දේශප්‍රියගේ Ex-alien හා දකුණු කොළඹ වරාය
ආණ්ඩුවට බනින එක මෝස්තරයකි. එහෙත්, ඒ බනින එවුන් ම ආණ්ඩුව විසින් හාරන දූෂණය නම් පල් වලෙන් නාති. මැතිවරණවලදී රනිල්ගේ පිරිමිකම මදි ය කියා ගොස් මයිල් තියෙන යක්කුන්ට ඡන්දය දෙති. ඉන් පසු උන් අරිනවා ය කියමින් බනිති.
මේධානි දේශප්‍රියත් ආණ්ඩුව වගේ ය. ඇගේ එක්ස් ඒලියන් වීඩියෝව කවුරුත් බනින එකකි. එහෙත්, හැමෝ ම එය සොය සොයා බලන නිසා දැන් එය සමාජ මාධ්‍යවල වයිරල් වී තිබේ. බලන එක මෙන් ම බනින එකත් මෝස්තරයක් වී තිබෙන නිසා ඉන් පසු ඇයට බනිති.
තමන් අකැමැති දේ ප්‍රවර්ධනය කිරීම හා ඒවාට ආදරය කිරීම ලංකාවේ ජනතාවගේ සුවිශේෂ ලක්ෂණයක් ද නො දනිමි. මට නම් හිතෙන හැටියට ලංකාවේ ජනතාවගෙන් බහුතරය තමන් කැමති, අකැමැති දේවත් නො දනිති. ඔවුන් කරන්නේ වැඩි දෙනෙක් කරන දේ ය. උදාහරණයක් ලෙස පසුගිය දිනවල ජනතාව වැල නො කැඩී දකුණු කොළඹ වරාය බලන්නට ගිය හ. ඉන් පසු ගියේ නැද්ද, අපි නම් ගියා යි කියමින් අනෙක් අයට උජාරුව ද පෙන්වති. මේ අන්දමින් ම පසුගිය කාලයේ හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොට ආදිය ද බලන ලදී. දැන් කවුරුත් කරන්නේ ඒවාට නැව් හා ගුවන් යානා නො එන බව කියමින් හිනා වීමයි.
මේධානි දේශප්‍රිය විසින් නිර්මානය කරන ලද එක්ස් ඒලියන් වීඩියෝව අමුතු නිර්මානයකි. ඇය සමග ලයිෆ් ඔන්ලයින් විසින් කර තිබෙන තිබෙන සම්මුඛ සාකච්ඡාව ඇසූ විට ඇය සාමාන්‍ය පසළොස් හැවිරිදි දැරියකට වඩා වෙනස් සුබග ළමයකු බව පෙනේ.
කලා නිර්මානයක් විචාරය කිරීමේදී ඇතැම් විට විචාරය සඳහා අවශ්‍ය උපාංග අලුතෙන් ම සකසා ගන්නට සිදු වේ. මේ පිළිබඳ සංවාද දෙකකට මම සහභාගි වී ඇත. විශේෂත්වය වන්නේ ඒ සංවාද දෙක ම සිදු වූයේ කාන්තාවන් දෙදෙනෙකුගේ නිර්මාන හා සම්බන්ධව බවයි. ඉන් එකක් සිය විවාහ ජීවිතයේ සත්‍ය අත්දැකීම් මත පදනම්ව තිලිණා වීරසිංහ විසින් ලියන ලද මතක හැටියට 'අලුත ගෙනා මනමාලි' නම් පොතයි. එය විචාරය කිරීම සඳහා නව උපාංග තිලිණාට අවශ්‍ය විය. එහෙත්, ඇගේ 'නිර්මානයේ' තිබුණු ලක්ෂණයක් වූයේ රස විහීනබවයි.
දෙවන සංවාදය වුණේ කුමාරි කුමාරගම සමගයි. පොතේ නම මතක නැත. නම මතක් කරන්නට මහන්සි නො වන්නේ කුමාරිගේ අදහස් අනුව යමිනි. කුමාරිගේ අදහස මට තේරුණ විධිය වුණේ එය ඈ විඳි අත්දැකීම්වලට ඇගේ අව්‍යාජ ප්‍රතිචාරය බවයි.
නිර්මානයක අව්‍යාජත්වය තුළින් මතු වන රසය මට නම් එහි වැදගත් ම සාධකයකි. එහෙත්, ඉහත දක්වන ලද තෘති දෙක ම තමන්ගේ අත්දැකීම තමන් විඳි ආකාරයෙන් සහෘදයා තුළ ඇති කරන්නට ලේඛිකාවෝ අසමත් වූහ. එය ඇයට අත්දැකීමකි. සහෘදයාට එය අත්දැකීමක් නො ව විඳීමකි. අත්දැකීම සාහිත්‍යමය වියමනක් ලෙස බෙදා ගන්නා විට සහෘදයා එය විඳගන්නේ එය විසින් නිපදවනු ලබන රස ඔස්සේ ය.
මේ ලේඛිකාවන් දෙදෙනා ම මෙම යථාර්ථය තේරුම් ගන්නට අසමත් වූ බව මගේ අදහසයි. තමන්ගේ අත්දැකීම් විඳින්නැයි ඔවුහු සහෘදයන්ට කළේ බලපෑමකි. එය කලාත්මක මැදිහත් වීමක් වූයේ නැත. කුමාරිගේ කෘතිය තුළ තිබුණු කලාත්මක ලක්ෂණවලින් අංශු මාත්‍රයක්වත් තිලිණාගේ අලුත ගෙනා මනමාලි තුළ තිබුණේ නැත. කතන්දරකාරයාට අනුව නම් අ.පො.ස. ය. නිර්මානය කෙසේ වෙතත් කුමාරි නම් ඇසුරට රසවත් මිතුරියකි.
මා මේ නිදසුන් දෙක ගෙන හැර පෑවේ ඔවුන් නව සාහිත්‍ය කලා ෂානරයක් බිහි කිරීමට අසමත් වූ බව පෙන්වීමටයි. අප නිර්මාන කළ යුතුව තිබෙන්නේ අපට දී තිබෙන කලා ෂාරන ඔස්සේ පමණක් නො වන බව මගේ අදහසයි. නිර්මානාත්මක මිනිසුන්ට නව ශානර ද නිර්මානය කරමින් ඒවායේ නිර්මාතෘන් වන්නට පුළුවන. එය පහසු කාර්යයක් නො වේ. මා සිතන පරිදි මෑත කාලීනව මේ අන්දමින් නව ගැඹුරු කලා ශානරයක් ලෙස මුල් බැස ගත්තේ ප්‍රතිස්ථාපන කලා හෙවත් ඉන්ස්ටොලේෂන් ආට් විය හැකි ය.
රූපවාහිනිය ආශ්‍රිතව බිහි වූ සංගීත වීඩියෝ නිර්මානයන් හා මිනිසුන් අන්දා සජීවී ප්‍රතිචාර ප්‍රදර්ශනය කිරීමේ 'කලාව' ද අලුත් ශානර යයි මම සිතමි.
මිස්ටර් බීන් ද නව ශානරයක් ලෙස හඳුනා ගැනීමට මම කැමැති ය. ලංකාවේ නම් අපි නො දන්න ලයිව් නව ශානරයක මුලපිරුමක් විය.
මේධානි දේශප්‍රියගේ එක්ස් ඒලියන් එවැන්නක් ද? මගේ අදහස නම් එහි යම් පරිකල්පනයක් හා නිර්මානශීලිත්වයක් තිබුණත් එය නව ශානරයක් නිර්මානය කරන සුවිශේෂ කෘතියක් නො වන බවයි. එය අයත් වන්නේ සංගීත හෝ ගායනා නිර්මානශීලිත්වයට වඩා වීඩියෝව ද මිනිස් කුසලතාවන්ට හා තාක්ෂණය ද වැදගත් වන අලෙවි වීම සඳහා කුමන්ත්‍රණකාරී උපක්‍රම භාවිතා කරන නව ඩිජිටල් සංගීත කලාවටයි. එය භාතිය සන්තුෂ්, ඉරාජ්, චින්ති වැනි අය විසින් ලංකාවේ ප්‍රචලිත කරන ලද ඩිජිටල් සංගීත කලාවේ ම දිගුවක් හෝ කෙටි කිරීමක් මිස අන් යමක් නො වේ.
එය වයිරල් වුණේ කිසිදු තර්කානුකූල හේතුවක් නිසා නො වේ. අහම්බයකිනි. ගැන්ගම් ස්ටාර් ගීතය වයිරල් වීම ද මෙවැනි අතාර්කික අහම්බයකි. ලංකාවේ අයියලා ගැන්ගම් ස්ටරේට බැන්නේ නැත්තේ ඔවුන් ඉන්නේ තවම රට දෙල් මානසිකත්වයේ බැවිනි. ඒ කියන්නේ පිටරට දේවල් නම් අනිවාර්යයෙන් ලංකාවේ ඒවාට වඩා හොඳ ය යන මානසිකත්වයෙනි. අන්තර්ජාලයේ වයිරල් වී තිබෙන මෙම වීඩියෝව ලක්ෂ තිස් හතකට වඩා පිරිසක් බලන්නට හේතුව කුමක්දැයි කල්පනා කර බලන්න.
මේධානිගේ වීඩියෝව බැලීමත්, දකුණු කොළඹ වරාය බලන්නට යාමත්, මට හිතෙන හැටියට නම් එක ම මාස් මේනියාවක ලක්ෂණ දෙකකි. වත්මන් සමාජ ක්‍රමය නිරතුරු මෙවැනි මාස් මේනියා බිහි කරයි. එසේ වන්නේ ඇයිද යන්න අප විසින් අධ්‍යයනය කළ යුතුව තිබේ.
මාස් ඉරිසියාව කියා දෙයක් ද ඇති බව භාතිය සන්තුෂ්ගේ සිට විවිධ අය මේ වීඩියෝව ගැන පළ කළ අදහස්වලින් පෙනේ.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

හොඳ ලිපියක්.
ReplyDeleteරටේ වෙන දහසකුත් එකක් අසාධාරණවලට කටයි අහවල් එකයි වහගෙන ඉන්න චණ්ඩි අයියලා, ලෝක විනාසේ වුනා වගේ අවුරුදු පහළොවක ළමයෙකුට උඩ පැන තලනවා දකින කොට ලැජ්ජා හිතුනා.
මමත් ඔය ඉන්ටර්විව් එක බැළුව; ලස්සනම වැඩේ චණ්ඩි අයියල නිසා වයිරල් වුනු මේ ළමයා, චණ්ඩි අයියලගේ කමෙන්ට් සත විසිපහකටවත් ගණන් නොගෙන සෙලිබ්‍රිටි කෙනෙක් වගේ ඉන්ටර්විව් එක දෙන එක.
චණ්ඩි අයියලා කාපියවු දැන් පස්..!
//එය වයිරල් වුණේ කිසිදු තර්කානුකූල හේතුවක් නිසා නො වේ. අහම්බයකිනි. //
ReplyDeleteඑක වයිරල් වුනේ හිනා යන තරමට නරක නිසයි
ඇය කතා කරන විදිහත් ලංකාවට නව ශානරයක් වගේ.... පුංචි ගිරවියක් වගේ.
ReplyDeleteආණ්ඩුවට බනින එක මෝස්තරයකි. එහෙත්, ඒ බනින එවුන් ම ආණ්ඩුව විසින් හාරන දූෂණය නම් පල් වලෙන් නාති. මැතිවරණවලදී රනිල්ගේ පිරිමිකම මදි ය කියා ගොස් මයිල් තියෙන යක්කුන්ට ඡන්දය දෙති. ඉන් පසු උන් අරිනවා ය කියමින් බනිති.//
ReplyDeleteමේ මොන ගොන් කතාවක්ද? එහෙමනම් සිරිමා,චන්ද්‍රිකා වැනි ගෑණුන්ටත් චන්දෙ දීල තිබෙන්නේ.රනිල් ආවොත් මේ ප්‍රශ්න විසදනවා කියන්නට ඇථිස් අහතිකය මොකක්ද? රනිල් නොවෙයි කවුරු ආවත් කරන්න තියෙන්නේ ඔච්චරයි.1948 ඉදන් මේ වෙනකම් හැම ආන්ඩුවකටම එල්ල වුනේ එකම චෝදනා,මේව ආන්ඩු මාරු වලින් වෙනස් වෙන්නෙ නෑ.බඩු මිල,මර්ධනය,රැකියා ප්‍රශ්න,නාස්තිය දූෂනය වැනි චෝදනා මත තමයි හැම ආන්ඩුවක්ම පෙරලලා තිබෙන්නෙ.ඉස්සරහටත් ඔහොමමයි.මේව වෙනස් කරන්න බෑ.ක්‍රමය වෙනස් කරන්න ගිය උන්ගෙ බලුකම් ඉහටත් ඉඩින් නෙ.මානව ඉතිහාසයේ දැඩිම අම්‍රධනය සිදුවුනේ ඊනියා සමාජවාදී රටවල.අද චීනය ඊට හොඳම උදාහරණයක්
රනිල් ආවොත් ප්‍රශ්න විසෙඳෙන කතාවක් අපි නම් කියා නැත.
ReplyDeleteමේ ක්‍රමය වෙනස් කරන්න බැහැ කියන ඔබ වැනි අය කියන්නේ හොරුන් අපේ සාක්කුව සුද්ද කරද්දී එයට විරුද්ධ වුණා ම වෙඩි තියන ක්‍රමය දිගටම පවත්වාගෙන යා යුතු බවයි.
සමාජවාදය ඕනැ නැහැ. ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්නකෝ දැනට.
මෙතන ශානරයක් කියල කියන්නෙ ඉංග‍්රීසියෙන් genre කියන එකටද ? නැත්නම් genre කියන එකට සිංහලෙන් කියන්නෙ මොකද්ද?
ReplyDeletegenre වෙනුවෙන් මේ වචනය කලක සිට භාවිතා වෙනවා.
ReplyDelete>>>>ඉහත දක්වන ලද තෘති දෙක ම තමන්ගේ අත්දැකීම තමන් විඳි ආකාරයෙන් සහෘදයා තුළ ඇති කරන්නට ලේඛිකාවෝ අසමත් වූහ.එය ඇයට අත්දැකීමකි. සහෘදයාට එය අත්දැකීමක් නො ව විඳීමකි. අත්දැකීම සාහිත්‍යමය වියමනක් ලෙස බෙදා ගන්නා විට සහෘදයා එය විඳගන්නේ එය විසින් නිපදවනු ලබන රස ඔස්සේ ය. <<<<<
ReplyDeleteනිර්මාණයක්, අත්දැකීමක් වන්නේ නිර්මාණකරුට පමණක් යැයිද , ප්‍රේක්ෂකයාට එය රස නිෂ්පත්තිය හරහා විඳීමක් විය යුතු යැයි ද සිතීම පට්ට පල් පරණ අදහසක් නොවෙයිද? අජිත් මහත්මයා?
ඔබ installation art ගැනත් අවධානය යොමු කළ එකේ interactive art සහ එයිනුත් එහා නිර්මාණාත්මක මානයක් වන relational art ගැන මඳක් අවධානය යොමු කිරීම ඔබේ පර්යාවදර්ශනය පුළුල් කරනු ඇතැයි සිතමි.
උක්ත ලේඛිකාවන් පිළිබඳව ඔබ නිවැරදි යැයි මමද සිතමි. ඒ ලේඛිකාවන් එවන් මානයක් සිතන්නට වත් නැති වෙන්නට පුළුවන. එහෙත් කලාවේ මානයක් අද වන විට ඔබ හඟවන "රස" "වින්දනයෙන්" නවතින්නේ නැත. එය ප්‍රේක්ෂකයාගේ අත්දැකීමක් බවටද, ප්‍රේක්ෂකයාගේ අත්දැකීම නැවත කෘතිය මත වියවිමෙන් කෘතියේ වියමන තීරණය කරන තැනටද අද මහා දුරක් පැමිණ තිබේ.කලාව දුරටත් "කෘති" තුළ සිරවී නැත....
ReplyDeleteහොඳ අනාගතයක් ඇති දරුවෙක්
තව තවත් මෙවැනි මිහිරි ගීත ඔවුන් අතින් බිහිවේවා
සංගීතය දන්න වියතුන්, කලාවට ලැදි හා දරුවනට ආදරයක් ඇති අය විසින් මේ ගීතය විචාරායට ලක් කර ධනාත්මක උපදෙස් ඒ දරුවනට ලබා දිය යුතුය.
ඒ නිසා අත්තනායකලාද මෝඩ හා වංක මිනිසුන් ලෙස ඉතිහාසයට එක්වෙනු ඇත.
Dear Daughter darling, keep dreaming, you are amazing.
the super natural accent concept is amazing!
If I were you
I will not look at these envious lot?
So called 'diaspora' was never able to produce a song of your calibre.
//ඒ නිසා අත්තනායකලාද මෝඩ හා වංක මිනිසුන් ලෙස ඉතිහාසයට එක්වෙනු ඇත.//
Deletethis part has to be deleted.
කුමාරි කුමාරගමගෙ පොත " උරයිට්ටු සාප්පාඩ් "
ReplyDelete