ලෝගු අස්සේ ඉන්න සත්තු එළියට එන කාලෙ

මේ වීඩියෝව දැන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත වෙන එකක්. ‍මේ කතා කරන්නේ ඇත්තට ම හාමුදුරු කෙනෙක් ද කියන එක මම දන්නෙ නැහැ. හාමුදුරු කෙනක් නම් පුදුම වෙන්න උවමනාවකුත් නැහැ.

1989 කැරැල්ල ආසන්න කාලෙ අපි රෑට හෝල්ට් ගහන්න ගියපු ලොකු පන්සලක් තිබුණා. එතන සාමනේර හිමිවරු රැසක් හිටියා. ඒගොල්ලෝ අපේ යාළු‍වෝ. ඒ කාලෙ ජවිපෙත් ජාතිවාදයට ආමන්ත්‍රණය කරමින් නේ හිටියේ.

ඒ අතර හිටපු පිරිවෙන් යන පුංචි හාමුදුරු කෙනෙකුට උවමනා වෙලා තිබුණා පිරිවෙනේ ශිෂ්‍ය වර්ජන අවස්ථාවලදී වේගවත් කතා පවත්වන්න. ඉතින් එයා කාමරේ ඇතුළේ කණ්ණාඩිය ඉස්සරහට ගිහින් කතා පවත්වන හැටි තව පොඩි හාමුදුරු කෙනෙක් අපට උපහාසයෙන් විස්තර කළේ අර කලින් කියූ පුංචි හාමුදුරුවෝ ගහන්න එළවද්දියි.

සිංහල සමාජයේ භික්ෂුව කියන්නේ පහසුවෙන් පිළි ගැනීමට ලක් වන කෙනෙක්. අද කාලෙ භික්ෂූන් වැඩි දෙනෙක් දුෂ්කර ගම්මානවල දිළිඳු පවුල්වලින් එන අය. ඒ අයට උසස් අධ්‍යාපනය ලබන්න, ආදායම් සහිත පන්සල් දේපලක් බුක්ති විඳින, කාගෙත් වැඳුම් පිදුම්වලට ලක් වන ධනවත්, බලවත් පුද්ගලයෙක් වෙන්න හරි පහසුයි. ඔවුහු ගිහියන්ට වඩා ස්ත්‍රී ආකර්ශනයටත් ලක් වෙනවා කියලායි මට හිතෙන්නේ.

සංඝ සමාජයේ මේ තිබෙන ලක්ෂණය නිසා ඇත්තෙන් ම තරුණ භික්ෂූන්ගේ ජීවිත අවුල් වෙනවා. ඒකට හේතුව තමයි, අධික උන්නතිකාමයක් ඔවුන්ගේ ඉහට ගහන එක. 

අධික උන්නතිකාමීන් සාමාන්‍යයෙන් ඉතා පහසුවෙන් සමාජයට අලෙවි කළ හැකි දෙයක් තෝරා ගන්නවා. මේ සඳහා නිදසුනක් ලෙස සැලකිය හැකි කලක් ජවිපෙ සමග සිටි දීප්තිමත් චරිතයක් වන චම්පික රණවක.

ජාතිවාදය, ආගම්වාදය කියන්නේ මෙහෙම පහසුවෙන් අලෙවි කරන්න පුළුවන් දෙකක්. සුළුතර ජාතින් හා ආගම් කරන්නේත් මේක ම තමයි. හැබැයි උන් බහුතර ජාතිවාදීන්ගේ හා ආගම්වාදීන්ගේ පීඩනයට ලක් වෙන නිසා උන් ගැන සමාජ අනුකම්පාවක් ඇති වෙනවා. හැබැයි උන් බහුතරය වුණත් වෙනසක් නැහැ. අන්තවාදියෝ ඔක්කොම එකයි.

දැන් ලංකාවේ දේශපාලනයේ අඩු ම පිරිවැයකින් ඉහළ යන්න තියෙන මාර්ගය තමයි සිවුරක් පොරවාගෙන අන්තවාදය දේශනා කරන එක. දේශපාලන බලය, රුපියල්, ඩොලර් විතරක් නොවෙයි අසපු, ගැහැනු ආදියත් ඒ සමග පහළ වෙනවා. ඒ නිසා සංඝ සමාජයේ ඒ පැත්තට ලොකු රැල්ලක් තිබෙනවා. රැල්ල නිසා ම තරගෙත් වැඩියි. දැන් තිබෙන තත්වය තුළ ආගම්වාදී සංවිධානයක ප්‍රාදේශීය තනතුරක් ගැනීම පවා අමාරුයි. ඒවායේ ලොක්කන්ගේ අවධානය දිනා ගැනීම හරි ම අමාරුයි.

විචිත්‍ර ධර්ම කථිකයකු වෙන එක මේ තරම් ලේසි නැහැ. ඔක්කොට ම ඉස්සෙල්ලා තමන්ගේ සිරුර ලස්සන කර ගන්න ඕනැ. පොඩි ගැහැනු පෙනුමකුත් තියෙන්න ඕනැනේ. හැබැයි ඒ පුයර බබ්බුන්ගේ ධර්ම කථික රැල්ල දැන් බැහැලා ගිහින්. දැන් රැල්ලේ සංකේත තමයි ගලගොඩඅත්තේ, ඉත්තෑකන්දේ ගණින්නාන්සෙලා.

මේ වීඩියෝවේ ඉන්න හාමුදුරුවෝ වගේ අය ඕනැ තරම් ඉන්නවා ජාතික මට්ටමට එන්න අවස්ථාවක් නැතිව. පේනවානේ, එයාගේ කාමරේ පසුබිම. පේන්න තියෙන්නේ කැලැන්ඩරේකුයි අයනිං බෝඩ් එකයි විතරයි. ලැප්ටොප් එක තියාගෙන ඉන්න මේසෙත් උස වැඩියි වගේ. එයාට මීට වඩා හොඳ ජීවිතයක් අවශ්‍යයි.

එයා මේ ඉදිරිපත් කරන්නේ ඔන්ලයින් ප්‍රොෆයිල් එකක්. එක්තරා විධියක ඇප්ලිකේෂන් එකක්. ඔන්න මං ඉන්නවා, ඔයාලා ඕනැ නම් මට කතා කරන්න. මං දෙන්නම් පොරි හැලෙන්න.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. 100 % True read this
    අතීත ඉන්දියාවේ සිදුහත් නම් රජ කුමරෙක් ජීවත් විය. ඔහු ගිහි ගෙය හැර දමා ගොස් මිනිසාට විමුක්තිය ලබා ගත හැකි දහමක් පිලිබඳ ගවේෂණය කළේය. ආත්ම ගවේෂණයෙන් පසු අහිංසාවාදී ප්‍රයෝගික දර්ශනයක් එම ශේෂ්ඨ මිනිසා විසින් ජනතාවට හඳුන්වා දෙනු ලැබිය. මේ ධර්මය ලෝකයේ බුද්ධිමතුන් විසින් මනා සේ පිළිගනු ලැබිණ . එම දහම වතිකානුව මෙන් රටවල් අල්ලාගෙන ජන ඝාතන කිරීමට අනුබල දුන්නේ නැත, කුරානය මෙන් අල්ලාහ් නොඅදහන්නාගේ බෙල්ල කැපිය යුතු බව කීවේ නැත. මේ නිසා මෙම දහම මානවවාදී දහමක් ලෙසට ලෝකය පුරා පිළිගැනීමක් ලැබුණි.

    මේ ධර්මය ලංකාවට ලැබුණු නමුත් කාලයාගේ ඇවෑමෙන් එහි බොහෝ විකෘති ඇති විය. දායකයන් විසින් ලබා දෙන සිව්පසේ ඇළුනු සමහර භික්ෂුන් ගිහියන්ටත් වඩා තන්හා අධික වී කාමභෝගී ජිවිත ගත කරන්නට පටන් ගත්හ. බොහෝ දෙනෙකු මහණ වුයේ සසර කලකිරී හෝ ආත්ම විමුක්තිය පතා නොව බඩගින්නෙන් මිදෙන්නටය. රැකියාවක් නොකොට අතපය නොසෙල්වා තුන්වේල කෑමට ඉතා සුදුසු පරිසරයක් සමහරු පන්සල් තුල ඇති කර ගත්හ. ඔවුන් දෙන දානයක් අපිට පමණක් දීපල්ලා යැයි ව්‍යංගයෙන් කිහ. මේ අනුව බඩගිනි බුදු දහම බිහි විය. දාන මාන කළමනා මුදල් වැඩිපුර ලැබීමේදී මේ පන්සල් සමහරු අසපු බවට පත් කර ගත්හ. දේශපාලකයන් පසුපස ගොස් ඔවුන්ට පිරිත් නුල් බැඳ ඔවුන්ගෙන් අනුග්‍රහ ලැබ ගත්හ. ගෞතම බුද්ධ නම් එම ශේෂ්ඨ දාර්ශනිකයාගේ ධර්මය තමන්ගේ උදර පෝෂණය සඳහා විකෘති කොට අමුතු දහම් දේශනා කළහ. මේ සිවුරුකාරයන්ගෙන් 99% නූගත්ය. ගැඹුරු ධර්ම දැනුමක් නැත. ගැඹුරු ධර්ම සකච්ඡාවක් කිරීමට නොහැකිය. පාලි , ඉංග්‍රීසි හෝ අනෙකුත් භාෂා දැනුමක් නැත. යන්තම් පන්සිල් දීමටත් ගථා දෙක තුනක් ජප කිරීමට හැර වෙන දැනුමක් නොමැත. මේ නිසා ඕනෑම අන්තවාදියෙකුට මේ නූගත් සිවුරුකාරයන් උසි ගන්වා උද්ඝෝෂණ සඳහා පාරට දැක්කීමට හැකිය.

    බුදුදහම රැකීම සඳහා කියමින් මොවුන් පොලු මුගුරු ගෙන බුදුදහම රකින තලිබාන්වරු බවට පත් සිටිති. ගෞතම බුද්ධ නම් දාර්ශනිකයා සංජය බෙල්ලට්ඨිපුත්ත,පූරණ කස්සප, අජිත කේසකම්බල වැනි ෂඩ් ශාස්තෘවරු , සච්චක බමුණා වැන්නවුන් සමග මතවාදීව ගැටී සත්‍ය ඉස්මතු කරගත් නමුත් ධර්ම ඥානයක් සමාජ දැනුමක් නොමැති එහෙත් හරකුන්ට මෙන් දෙගාත් හයිය පමණක් ඇති මොවුන් බුදු දහම බේරා ගැනීමට කරන්නේ බුදුදහම වැරදි ආකාරයට අර්ථකථනය කරන වඳුරඹ සිරිවර්ධන වැනි මානසික රෝගීන්ගේ හිස් මතට පොලු මුගුරු පත බෑමය , ඔවුන්ව බලහත්කාරයෙන් රඳවා ගැනීමය. සිංහල ජාතිය බේරාගැනීමට කියමින් සායන වැටලිමය , අන්‍ය ආගමික ස්ථාන ගිණි තැබීමය.

    මේ සිවුරුකාර තලිබාන්වරු බොහෝදෙනෙකු සාමනේර කාලයේ දී පන්සල් වලදී වැඩිහිටි භික්ෂුන් අතින් ලිංගිකව අපයෝජනයට ලක් වූ වින්දිතයන් වෙති. පසුගිය කාලයේ හෙළ උරුමයේ අපරැක්කේ පඤ්ඤාණන්ද වැනි සිවුරුකාරයන් සාමනේරවරුන්ට දානය නොදී ඔවුන්ව ගුද සංසර්ගයේ බලහත්කාරයෙන් යොදා ගත් අයුරු හෙළි වී තිබේ. මෙවැනි ලිංගික අපයෝජන බොහෝ සෙයින් සිදුවෙති. එම නිසා වාර්ෂිකව ලිංගිකව අපයෝජනයට ලක් වූ සාමනේර වින්දිතයන් විශාල ප්‍රමාණයක් අපගේ සමාජයට එක් වෙති. මොවුන් පසුකාලීනව තමන්ගේ හිතේ පැසවන වෛරය යොමු කරන්නේ සමාජයටය. මේවා ගැන ළමා ආරක්ෂක අධිකාරිය පවා නිහඬය. මේ නිසා සත්‍ය අවිහිංසාවාදී බුදුදහමට විශාල විනාශයක් වෙමින් තිබේ. මේ වියසනය ගැන කතා කිරීමට පවා වගකිවයුත්තන් ඉදිරිපත් නොවෙති. එම නිසා අවම වශයෙන් අප විසින් වටහා ගත යුතු කරුණ වනාහී මේ පොලු මුගුරු ගෙන බුදුදහම රකින තලිබාන්වරු යනු පුනරුත්ථාපානය සඳහා යොමු කල යුතු මානසික රෝගී වින්දිතයන් කොටසක් මිසක බුදු දහමේ ආරක්ෂකයෙන් නොවන බවයි.

    ReplyDelete
    Replies
    1. ඔබගේ දීර්ඝ කොමෙන්ටුවේ විශාල සත්‍යයක් ඇත.එක්තරා කාලයකදී අවශ්‍ය වූ මේ මොඩලයන් සම්මාජයට තිත්ත වීම මෙයින් සිදුවේ.යූ ටියුබ් රහතන් වහන්සේලා,ආනන්ද මෛත්‍රිය වැනි ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් රැල්ලක් ඒම ඉදිරියේදී සිදුවේ.වදුරඹ සිරිවර්ධන මානසික රෝගියෙක් යැයි කියන්නට ඔබ ඉක්මන් වී ඇත.එහෙත් වදුරඹ සිරිවර්ධනට දේවල් කළමනාකරනය කරගනීමට අසමත් විය.මම ඔහුගේ වෙබ් අඩවි බලුවෙමි.ඔහු තමන් බුදුවරයෙක් යයි කියා හසිරෙන විදියම ඔහුට පාරාවලල්ලක් වබ බව මට සිතුනි.බුදුවරයා කියන විට ජනතාව තුල මවෙන චිර්යක් අත.දෙතිස් මහා පුරුෂ ලක්ෂන වලින් හෙඹි විශේශ ගුණාංග ඇති කෙනෙකි.සිරිවර්ධන එලෙස රඟපාන්නට යාමෙන් ඔහු විහිලුවට ලක්වේ.
      දේවල් සිරිවර්ධනට වාසිදායක වුනානම් ඔහු ආගමක් දේශනා කර එය සාර්ථක වුනානම් සිරිවර්දන කියන්නේත් ශාස්තෲවරයෙකි.අපි ශාස්තෲ යයි කියන බොහෝ අය සිරිවර්ධනලා තමයි.
      සිරාට මොකක් නමුත් වැරදුනි.නැත්නම් ඔහු අපට සිතා ගන්නවත් අමාරු භූමිකාවක් රඟදක්වනු ඇත.

      Delete
  2. මෙයා අන්තිමට ‘තෙරුවන් සරණයි‘ කියන්නෙ‍ කාටද බං??

    ReplyDelete
  3. ලිපිය මෙන්ම පලවූ අදහස්ද බොහෝ සාමාන්‍ය මිනිසුන් අනුමත කරනු ඇත

    ReplyDelete
  4. පොර ටෙලි-ප්‍රොම්ටරේ බලාගෙන නේද පුරුදු වෙන්නේ?

    හැබැයි මේක අර වටරැක උන්නැහේගේ කතාවට වඩා අහන් ඉන්න පුළුවන් කොලිටියේ එකක්!

    ReplyDelete
    Replies
    1. MEKA (KAKKA) OONEMA BUDDHIMATHEKU, JANAPRIYA PUDGALAYEKU, POOJYA PAKSHAYE KENEKU, HANDUNWANNE "PORA" KIYALA, DANNE PUKAWAL, CHOO, PADA , JEE, WAGE, 3RD, CLASS TOPICS GENA LIYANNA PAMANI.

      Delete
  5. වටරැකවයි මෙයාවයි දාලා ආසනේ දෙකේ බණක් කියවන්න තිබුණනං නැගලා යයි!

    ReplyDelete
  6. ලෝකය තියෙන්නේ ලන්කාවේ කියා සිතන හිඟන ගෝත්‍රික ලින් මැඩි සමාජයක් පිලිබඳව බාහිර ලෝකයේ මාධ්‍ය පවසන දේ ......

    රොයිටර්ස් වාර්තාවේ ශීර්ෂ පාඨ මෙසේ විය: ” බෞද්ධ මැර කල්ලියක් මුස්ලිම් දේවස්ථානයට පහර දෙයි. 12කට තුවාලයි. මේ වනාහී බෞද්ධ බහුතරය විසින් සුලුතර මුස්ලිම් ප්‍රජාව වෙත එල්ල කරන ප්‍රහාර වැළක මෑත සිදුවීම ය
    “.
    ප්‍රංශ පුවත් සේවය ( ඒ එප් පී) මෙසේ වාර්තා කලේ ය: “බෞද්ධයින් විසින් මෙහෙයවනු ලැබූ මැර කල්ලියක් මුස්ලිම් දේවස්ථානයකට පහර දීමෙන් පසු මුස්ලිම් සුළුතරය යළි ප්‍රචන්ඩ ප්‍රහාරයක් ඇති වනු ඇතැයි බියෙන් පසුවෙති “.

    සී.එන්.එන්. ( ඇමෙරිකානු) බී.බී.සී. ( බ්‍රිතාන්‍ය) අල් ජසීරා ( මැද පෙරදිග) යන දශ ලක්ෂ ගනනින් ප්‍රෙක්ෂකයින් සිටින ප්‍රධාන පෙලේ අන්තර් ජාතික රූපවාහිනී සේවා ග්‍රැන්ඩ්පාස් මස්ජිඩ් දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරය මෙසේ වාර්තා කළේ ය:

    “සිංහල බෞද්ධයෝ කොළඹ මුස්ලිම් දේවස්ථානයකට පහර දෙති “. – අල් ජසීරා

    “බෞද්ධ මැර කල්ලියක් ශ්‍රී ලංකාවේ මුස්ලිම් දේවස්ථානකට පහර දෙති” – සී.එන්.එන්.

    “බෞද්ධ මැර කල්ලියක් පහර දීමෙන් පසු ශ්‍රි ලංකාවේ මුස්ලිම් දේවස්ථානය වසා දමයි” – බී.බී.සී.
    -

    ReplyDelete
    Replies
    1. බෞද්ධයන් ගේ පූජනීය වෘක්ෂයක් කපාදමා ඒ ගැටලුව විසඳුවා කියල විදේශ මාධ්‍ය වල පල වෙලා නැද්ද?
      නැත් නම් ඒකෙන් තෙරෙන්නේ බලවතා විසිනු දුබලයා පාගාදමන කැලෑ නීතිය හොඳින් ම ක්‍රියාත්මක බව නොවේද?
      (මා දුබලයා ලෙස දැක්වූයේ ලෝකයට සාපේක්ෂව දුබලයා වන සිංහල බෞද්ධයා යි)

      Delete
    2. ඒක මෙතනදී නොකියවෙන්නෙ පලමුව පහරදීමක්/දේපල අලාබහනියක් සිදුවී ඇති නිසා .. දෙවනුව කපා දැමු බෝ ගහා කාක බෝදියක් කියා බික්ෂුවරුන්ම ප්‍රකාෂකල නිසාත් විය හැකී..... තෙවනුව මෙම පහර දීම පලමුවන හෝ අවසාන පහරදීම නොවන නිසාත් විය හැක

      Delete
    3. නෑ, ලෝක ජනගහනයෙන් ගලිවරයන් බඳු ස්ලාම් භක්තිකයන්ට සිදුවන ගැටලුවක් මිස, ලිලිපුට්ටන් තරම් වත් නොවනා සිංහල බෞද්ධයන් ගේ ගැටලුවක් විදේශ ජනමාධ්‍යයන්ට එතරම් වැදගත් නොවන නිසයි ඒ.
      අත්තක් වත් කැඩීමට අකමැත් බෝධි වෘක්ෂයක් (පිරිත් දේශනා වලින් පසුව) කපා දැමීමෙන් බෞද්ධයන් කළ කැපකිරීම හෝ සහජීවනයට ඇති කැමැත්ත ලෝකයට සන්නිවේදනය කිරීමට මේ ජනමාධ්‍ය උත්සුක වන්නේ නෑ.

      Delete
    4. ජයශ්‍රී කියන කතාව ඇත්ත.මේ ගොන් වහන්සෙල කරන වඩ වලින් බුදු දහමට ඩැමේජ් එකක් වෙන එක වෙනම කතාවක්.මේව ජාත්‍යාන්තරයට යන්නෙ නම් සිංහල බෞද්ධයාට ඉතාම අවාසි විදියට.බී බී සී නිව්ස් එකේ මහරගම සිද්ධිය වාර්තා කරල තිබුන විදියට ලංකාවෙ ඇත්ත තත්වෙ නොදන්න විදේශිකයෙක් වැරදි අවබෝධයකට එන්න තිබුනා.ගොන් වහන්සෙල හසිරෙන්නෙ ඒ අසාධාරණ විදේශ මාධ්‍ය වලට උඩ ගෙඩි ලබෙන විදියට.කුඹුරෙ කොටසක් කුරුළු පාළුවට වෙන් කරපු,හේන ගිනි තියන්න ඉස්සර සත්තුන්ට පිටවෙන්න කියල කෑ ගහන අන්ත අහිංසක බෞද්ධයා ගැන භයානක ප්‍රචන්ඩ ප්‍රතිරූපයක් විදේශිකය තුල මැවෙනවා.අජාන් බ්‍රහ්මවංසො වාගෙ භික්ෂූන්ගෙ දේශනා අහන විදේශිකයො මේව අහල තක්කු බුක්කු වෙනව.

      Delete
  7. ප්‍රජාපතී ගෝතමිය බුදුරදුන් වෙත එලඹිලා..ධර්මය අධර්මයෙන් වෙන් කර ගන්නේ කොහොමද කියලා අහනවා...
    එතකොට බුදු හාමුදුරුව්වෝ දේශනා කරන්නේ නෑ තමුන් දෙසු දේ ධර්මය කියා..ඒ වෙනුවට එතුමා දේශනා කරනවා....ලෝභය, ද්වේශය , මෝහය වැඩි කරන යමක් වේද එය අධර්මයද, ලෝභය, ද්වේශය , මෝහය අඩු කෙරෙන , දුරු කෙරෙන යමක් වේද එය ධර්මයද වේ ය කියා.....

    දැන් ඉතින් මේ චීවරධාරී ඇත්තන් කියන්නේ ධර්මය කියලා කාටත් හොදට තේරෙනවනේ.....:))

    මොලය යෝදන්න ඕනා තැනට ක්‍රෝදය වැපිරෙව්වම...අර චෙල්වනායගම මහත්තයලට වෙච්ච්හි වැඩේ තමයි වෙන්නේ....චෙල්වනායගම්ලගේ වෛරය ප්‍රභාකරන්ව හැදුවා....ප්‍රභාකරන එයා විතරක් නෙවෙයි තව දස දහස් සීංහල, දෙමල මිනිසුන්ගේ අනාගතය අදුරු කලා....

    මොලය පෑදේවා...ක්‍රෝදය දුරු වේවා......

    ReplyDelete
    Replies
    1. බුදුන් වහන්සේ දෙසූ සද්ධර්මය බඩගිනි බුද්ධාගමක් බවට පත්වීම මා තේරුම් ගත්තෙ සමහර බණ පොත් කියවලයි.දේවාත්ම ලාබලා තිබෙන්නෙ හාමුදුරුවරුන්ට යමක් දුන් නිසයි.ඊට එරෙහි වුන අය ප්‍රෙතයන් වෙලා.හැබැයි සිල්වත් හාමුදුරුවරුන්ට නම් තව කමක් නෑ.සිවුර දාපු ඕනම කෙනෙක් ඉස්සරහ පෙරළි පෙරළි වදින සමාජයක් නම් අගාධයටයි යන්නෙ

      හැබැයි මේ අය කියන සමහර දේවල් වල හරයක් නැතිවාම නොවෙයි.බුදු දහම අවිහිංසාවාදී ආගමක් නිසා අන්‍යාගමිකයන්ගෙන් හා මාක්ස්වාදීන්ගෙන් වන හිරිහැර වළක්වා ගැනීමට පොඩ්ඩක් පෙනේ කරන එක හොඳයි කියන එක .නැත්නම් පොන්නයො වෙනවනෙ.අර සිල්ගත්ත නයෙක් ගෑනු දරමිටියට ගත්ත කියලත් කතාවක් තියෙන්නෙ

      Delete
  8. සාසනේ නමැති භාජනය ආරක්ෂා කර ගැනීම සඳහා එතුළ තිබුනු සද්ධර්මය නමැති අමා පැන් ඉවත දමා ඇති බව පැහැදිළි කරල තිබුන මට මතක හැටියට අජාන් බ්‍රහ්මවංස ස්වාමීන් වහන්සේ.

    මේ අමන රැළ ගැන කතා කරන එක කාලය නාස්ති වීමක් පමණයි.

    අහෝ දෙව්දත් නොදිටි මොක්පුර!

    ReplyDelete
    Replies
    1. ඔබේ උපමාව ඉතාම වටිනවා.ඇත්තටම ඒක තමයි වෙන්නෙ.

      Delete
    2. ඔබ හරියටම හරි ඒ පැහැදිලිකිරීම කලේ බ්‍රහ්මවංශ හාමුදුරුවෝ තමයි. උන්වහන්සේ මැයි මාසෙ මෙල්බර්න් වලදි කරපු දේශනයකදිත් මේ බව නැවත කිව්වා.ඒ මොනව කිව්වත් අපේ දේශප්‍රේමී කන්නාඩිය දාගෙන බලනකොට උන්වහන්සේත් අධිරාජයවාදී කුමන්ත්‍රනකාරයෙක් කියයි මොකද එංගලන්තෙ ඉපදුන නිසා.බුදුන් වැඩිය දේශයේ ඉන්න බුද්දාගමෙ අයිතිකාර අපේ හාමුදුරුවරුන්ට වඩා එයා දන්නෙ කොහොමද? භාජනයනෙ වටින්නෙ.

      Delete
  9. මම මේ වීඩියෝ ක්ලිප් එක බැලුව.මට නම් මේවගෙන් ලැබෙන්නෙ හාස්‍ය රසයක් විතරයි.ඔය හැම එකාම කරන්න කන්ට මන්ග සූත්තර තමයි.සිංහල බෞද්ධයාට එරෙහි වන එන් ජී ඕ ක්කාරයො කරන්නෙත් කන්ට මන්ග සූත්තරයක්.ඔය දේශප්‍රේමියො කියන එවුනුත් කරන්නෙ කන්ට මන්ග සූත්තරයක්.අරුන් විදේශීය ප්‍රාග්ධනය ගැන විශ්වාසය තබන කොට දේශප්‍රේම්යො දේශීය ප්‍රාග්ධනය ගැන විශ්වාසය තබනව .ඔය කෝකටත් තියෙන්නෙ පෞද්ගලික න්‍යාය පත්‍ර.
    හැබයි හාමුදුරුවරු පරුස වචන කතා කලාට මිනී මරල නෑ නේද? 1987-1989 කාලෙ ජේ වී පී කරපු එවුන් එක්කෝ මිනී මරල තිබෙනවා නත්නම් මිනීමරුවො එක්ක එකට ඉදල ඒව අනුමත කරල වක්‍රාකාරව සහාය දීල තිබෙන්නෙ.පැරා කියන්නෙත් එහෙම එකෙක් තමයි.මිනී මරන්නෙ ,මහජන දේපළ වනසන්නෙ නැතිව කටින් විතරක් වැරදි කරන මේ හාමුදුරුවන්ට වඩා අහිංසක ලීලෙ පාන හිටපු මිනීමරුවෙක් වන පැරා සමාජ හතුරෙක්.

    මම නම් ඔය හාමුදෘරුවරු කරන කන්ට මන්ග සූත්තර ගැන ඔය හාමුදුරුවරු ගනත් කිසිම පැහදීමක් නෑ.මට ඒ මහත්තුරුන්ගෙ කිසිම විශේෂත්වෙකුත් නෑ.හැබැයි තමන්ගෙ හෘද සාක්ෂියෙන් අහන්න පැරාත් හිටපු වැරදිකරුවෙක් නේද? දැන් විශෝධනයට ලක් වෙලා යහපත් කෙනෙක් වෙලා නම් ප්‍රශ්නයක් නෑ.ඒත් මම දැකල නෑ කිසිම ස්වයන් විවේචනයක්.

    ReplyDelete
    Replies
    1. //හැබයි හාමුදුරුවරු පරුස වචන කතා කලාට මිනී මරල නෑ නේද?//
      නෑ මරන්න උපදෙස් දුන්න විතරයි.

      Delete
  10. Patta Gangster banak...neda Paraa?

    ReplyDelete
  11. ගිය සිකුරාද මමත් ගමනාන්තය වෙනකම්ම බ්‍රහ්මවංස හාමුදුරුවන්ගෙ පොතක් කියවමින් තමයි ගියෙ.ඒ පොතේ අපූරු දෙයක් තිබුන ස්කොට්ලන්ත රජය ලොකර්බි බෝම්බකරුට සමාව දීම.අහිංසක මිනිස්සු ගමන් කළ ගුවන් යානයට බෝම්බයක් තිබ්බ ඒ මිනිසා ( යම් හේතූන් නිසා නොමඟ ගිය නිසා මිනිසා යන වචනය දිගිඩියාවක් නැතිව යොදනවා )පිළිකා රෝගයකින් පෙළෙන බව දැන ගෙන ඔහුට සමාව දීම.ස්කොට්ලන්ත රජය මොන තරම් මානසිකව දියුණුද කියල හිතුනා.ඉරානයේ ශා රජු මරනාසන්නව රෝහල්ගත කළ විට ඉරාන ජාතිකයන් ඔහුට ශාපකරන්නට රෝහල අවට රසි වුනාලු.දොඹකරවල මිනිසුන් එල්ලා මරණ ඉරානයට වඩා ස්කොට්ලන්ත ශිෂ්ට බවට මම කැමතියි.ස්කොට්ලන්තය එසේ නිදහස් කළ බෝම්බ කරු ලිබියාවට එන විට ඔහු කළ ම්ලේච්ඡ ක්‍රියාව මගින් ආහ්ලාදයට පත් ලිබියානුවන් ඔහුව පිළිගත්තේ මල් මාලා දාලාලු.ලිබියානුවන් තවත් පරිණාමය විය යුතු බව මට සිතුනා.
    මේ ස්වාමීන් වහන්සේලා සමාජය ආපස්සට ගෙන යන අය බව පේනවා.

    ReplyDelete
    Replies
    1. ලොකර්බි බෝම්බකරුට සමාව දීමේ වගේ ශිශ්ඨ බවට ටිකක් හරි ලංවෙන්න පුලුවන් වුන මානසිකව දියුනු ශ්‍රීලාංකිකයෙක් ඉන්නවානම් ඒ රූකාන්ත ගුනතිලක විතරයි!

      - Dimithri

      Delete
    2. Raja Thawa tikak Sarata kiwwa nam rukantha Samawa withrak newei......... chandralekawath dei........ hik hik.......

      Delete
  12. ඔබේ ලිපියේ මුලික දෝෂ කිහිපයක්ම තියෙනවා.

    1. හාමුදුරුවරු ලෝගු අඳින්නේ නැහැ. ලෝගු අඳින අය ඉන්නේ පල්ලියයේ.

    2.ලංකාවේ හාමුදුරුවරුන්ට තම බැබලීමට දේශපාලනය කරන්නට උවමනාවක් නැහැ.අපේ හාමුදුරුවරු මුල පටන්ම රජුන් තැනීමට ක්රියාකරිවම සහභාගිවී තිබෙනවා.

    3. වර්තමානයේදී පුංචි පවුල රත්තරන් සංකල්පය නිසා යමක් කමක් ඇති අය මහන වෙනවා අඩු බව ඇත්තයි.ඒ උනත් දුප්පත් අය මහනවිමම නිසා සාශනය පිරිහෙන්නෙ නැහැ. තම දේශපාලන මතවාදය ඉදිරියට ගෙනයාමට j.v.p. එක තරුණ භික්ෂුන් වහන්සේලා යොදා ගැනීම සාශනය පිරිහීමට විශාල හේතුවක් උනා. 71දි මෙන්ම 87/88 දීත් කලේ ඒකයි. වර්තමානයේදී විශ්ව විද්‍යාල වලදී වැඩි හරියක් කෙරෙන්නේත් ඒකයි. හැබැයි අමතක කරන්න නරකයි දුසිල්වත් හාමුදුරුවෝ නමක් උනත් දුසිල්වත් සාමාන්‍ය මිනිසාට වඩා උසස් බව.

    ReplyDelete
    Replies
    1. Paka Thamai Samarasekara............

      Delete
    2. ඇත්ත කියන කොට හුඟක් රිදෙනව නේද?

      Delete
  13. මෙතන ලෝගු කතාව කියනකොටම කියන එකාගේ හෙළුව පෙනෙනවා. මටනම් පෙන්නේ මේක මුම කරලා අන්තර්ජාලයට දාල දැන් බයිලා ගහනවා. මේක වගේ ඩොලර් කාක්කෙක් ලොකු කරගත්තු ගොන්රලකුත් මේකෙම ඉන්නවනේ. මුට මෙව්වා රටේ ඉන්න ගොන්නුන්ට පොවනවට ගෙවනවා. බලපල්ලකො මුගේ මුනේ හැටි දැක්කොත් කැදත් නැහැ. ජරාව කන ලංකා ඊ නිවුස් කරන සේනාදීර කියන ජඩයගේ මුණ වගේමයි NGO මුණක් මුට තියෙන්නේ. උබල එකෙක්වත් හිතුවද මු කරන ජඩ වැඩේ චීනෙක් චීනේ ඉදගෙන කෙරුවනම් හරි ඇමරිකන් කාරයෙක් ඇමරිකාවේ ඉගෙන කෙරුවනම් හරි ඔය ලියන පල් හෑලි ලියන්ඩ මේක වගේ එකෙක් ඉතුරු වෙයි කියල. ජනාදිපති ගේ වගේම ආණ්ඩුවේත් ඕනෑතරම් වැරදි තියෙනවා. බොදුබල සේනාව හොද විවේචනයක් නැහැ. නමුත් මු කරන්නේ ඒවාට මුවාවෙලා සුක්ෂමව හොද හෝ වේවා නරක හෝ වේවා හම්දුරුවරුන්ට මඩ ගහන එක. රට හදන්ඩ ඕන මිනිහෙක් ගෙනියන මත වදයක් නෙමෙයි මුට තියෙන්නේ ඩොලර් වලට තියෙන කෑදර මත වාදයක්.

    ReplyDelete
  14. දැන් ඉතින් මුගේ පස්ස ලෙවකන එවුන් මට බනියි, එහෙම නැත්නම් මු මගේ කොමෙන්ටුව අයින් කරයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා