කපුවා දේවාලයේ මළපහ කිරීම හෙවත් පන්විල හාමුදුරුවන්ට බෞද්ධයෝ ගසා වැදෑරීම
පන්විල පත්තේ පන්සලක හාමුදුරුවන්ට සිවුරු ගලවා සරමක් අන්දා පහර දී බස්පොළක ගස් බැන්ද බව කියන 28දෙනෙක් පන්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අය අතර ගැහැනු, පිරිමි සම සේ සිටිති. එක් අයෙක් 17 හැවිරිදි පිරිමි ළමයෙකි. ඒ පැත්තේ ජනතාව පොලිසිය වට කර පොලිසියට ගල් මුගුරුවලින් පහර දී නැත. පොලිසිය පිරිස විසුරුවන්නට කඳුළු ගෑස් ගසා නැත. හාමුදුරුවන් රෝහලෙන් පිට වී එන විට ප්‍රදේශයේ ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින් පිළි අරගෙන ලොකු රැස්වීමක් පවත්වා නැත. ඒ රැස්වීමට මධුමාධව අරවින්ද පැමිණ කැතට එස්. මහින්ද හිමිගේ කවි කියා සිය අග්‍රගන්‍ය ගායන කුසලතාව ප්‍රදර්ශනය කළේ නැත. ඥානසාර පැමිණ ගහපු එවුන්ගේ කඩවලට, ගෙවල්වලට අබ සරණ පැතුවේ නැත. හාමුදුරුවන් අරගෙන ගහපු එවුන්ගේ ගම මැදින් පෙළපාලි ගියේ නැත. ඒ නිසා ඒ පැත්තේ කිසිදු කලබලයක් ඇති වී නැත. ඒ ඇයි? රහස මේකයි. කපුවාට දේවාලයේ රෙන්න වුණත් පුළුවන් නිසා ය. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්...