ආගම යනු උත්සව පවත්වන්නන්ට නිමිති සපයන දෙයකි

(2011 මැයි 18, W3Lanka) ලේඛකයා ඊයේ හැන්දෑවේ පාරේ යමින් සිටියදී තරුණ පිරිසක් තර්ජනාත්මක අන්දමින් කොඩි වනා ඔහු ගමන් කළ වාහනය නතර කළේ ය. දුම් දමන යම් බීමක් ප්ලාස්ටික් කෝප්පවලින් බෙදා දෙමින් තිබිණි. ලේඛකයාට තිබහක් ද තිබිණි.


කලින් වාහනය නො නැවැත්වීම නිසා කොඩි වනන තරුණයෙක් කුපිත වී සිටියේ ය. "ඒ හු--- මේව බොන්නෙ නැහැ බං, මළ පනිනවා කැ--" ඔහු කීවේ ය.


ලේඛකයා වාහනය නවත්වන්නත් පෙර ම ඔහුගේ මුහුණ අසල කෝප්ප රැඳුණු තසිමක් දිගු විය. "ආ, මාමා බොන්න. අංකල් බොන්න."


"අන්න ඌ නම් බොනවා පාර මැද්දෙම වාහනය නවත්තගෙන." කෝප්පය දුන් තරුණයා අනෙකෙකුට කීවේ ඔලොක්කුවට ය.


ඔවුන් බෙදමින් සිටියේ ඉරමුසු වැනි තැම්බුමක් හා සීනිවලින් හැදූ බාල වර්ගයේ හකුරු වර්ගයකි.


තිබහට බොන්නට නරක නැති දෙයක් වුවත්, දන් දුන් උන්ගේ කුණු හැසිරීම නිසා ලේඛකයා එම බීම බිව්වේ නැත. මිනිසකුට කෑමක්, බීමක් දී නිගා කිරීම බෞද්ධකමට පමණක් නො ව, මිනිස්කමට ද නො හොබී.


දේශීය පාන දන්සැල් දෙනවා කියන්නේ මාර ලේසි හා හරි දේශප්‍රේමී, නව රැල්ලේ වැඩකි. පිදුරු ටිකක් සොයාගෙන තම්බා එක් වරක් පමණක් පාවිච්චි කිරීමට තිබෙන ප්ලාස්ටික් කෝප්ප නො සෝදා එයට බීම පුරව පුරවා දන්සැල් දෙති. දන්සැලේ වැදගත් ම දෙය බෆල් සෙට් එකයි. ඔවුන් අතැති බෞද්ධ කොඩිය අනෙකාට බාධා කිරීම සඳහා යොදා ගන්නා ආක්‍රමණශීලී, ප්‍රචණ්ඩ උපකරණයකි.


2600වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නමින් හඳුන්වනු ලබන, බොහෝ දෙනෙක් බුද්ධ වර්ෂ 2600 යයි වරදවා වටහා ගෙන සිටින, බුදුන් බුද්ධත්වය ලැබ 2600 වසරක් පිරීම නිමිත්තෙන් ඊයේ පන්සල් බෞද්ධයන්ගෙන් පිරී ඉතිරී ගියේ ය. සවස් වන විට ලොරිවල, වෑන්වල, අත් ට්‍රැක්ටර්වල නැගී වීදි සරන ජනයාගෙන් නගර උතුරා ගියේ ය. ඇතැමෙක් කොළ අතු එල්ලාගෙන නාගසලං ගසමින් ද, විකාර ඇඳුම් ඇඳගෙන ද බිග් මැච් දිනවල කොල්ලන් සතුටු වන්නා සේ ද වීදි සැරූ හ. හොර පොට්වල හැලි අරක්කු යහමින් විකිණිනි.


බලන්නට ඇති ඕනෑ ම ලයිට් එල්ලූ විගඩමක් ළඟ මිනිස්සු පොදි කෑ හ. පොකට් ගසන්නන්ට ඊයේ සරු දිනයක් විය.


මේ සටහන තබන අතරතුර හාල් ඉවර නිසා හන්දියේ කඩයට හාල් ගෙන එන්නට ගිය ලේඛකයාට කඩේ මුදලාලි කීවේ මිනිසුන් මෙතරම් පිං කරන්නේ 2012 ලෝක විනාශය සිදු වන නිසා බව ය.


ලේඛකයාට සිතෙන අන්දමින් නම්, දැන් අලුතෙන් ම පැතිරෙන ආගමික මතයක් අනුව, බුදුන් උපන් රට යයි ද කියන, ලෝකෙන් උතුම් රටේ ය, වෙනත් මිථ්‍යා දෘෂ්ටික රටවල ය කියා වෙනසක් නැත. මිනිස්සු එක් රැස් වන්නට, උත්සව පවත්වන්නට, ප්‍රීති වන්නට, නටන්නට, ගයන්නට, වයන්නට කැමති ය. නූතන ලෝකයේ ආගම් ඒ වෙනුවෙන් නිමිති සපයයි. ලෝකය එක ම යායකි.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. වෙසක් උත්සවය මිසක් වෙන එකක් නෙමෙයි උත්සවයක් කියන්නේ සතුටු වෙන එකක් නේ

    බීම දන්සැල් වල නොබීයන අයට බනින්නේ මුන්ට නිකන් දෙන එක බොන්න බැහැ නේ කියලා

    ReplyDelete
  2. ඔබ හරි. ඔයදේම මටත් ඊයෙ වුනා. මගේ වාහනයේ සිටියේ බිරිදයි, මමයි, දුවයි, අපේ නැන්දනියයි, මම ඔවුන්ට කිව්වා වැඩිය හිතන්න එපා. බුදු හාමුදුරුවෝ නැති වෙලා අවු 2555 වුනාට අපේ කට්ටියට උන් වහන්සේ බුදුවෙලා අවු 2600 වුනු එක කොච්චර වටිනවද ? බුද්ධාලම්භන ප්‍රීතිය වැඩි වෙලා අපිට එහෙම නැති එක අපේ කරුමේ, අපිත් මේකෙ ඉන්න ඕනෙනෙ කියලා. මොනතරම් මේ මිනිස්සු පිං කරගන්න ඇත්ද මෙහෙම බලෙන්ම. අනේ සාධු, සාධූ, සාධූ,

    ReplyDelete
  3. ඔබ සමග බොහෝ දුරට එකගයි.පසුව මේකට මම තරමක් දිර්ඝ අදහසක් දක්වමි.

    ReplyDelete
  4. කතාව සමග සම්පුර්නයෙන් එකගයි...වෙසක් උත්සවය මා ඉයේ දුටුවේ ඔබ දුටු අයුරින්මය .....මෙය අවන්කවම දෑඩි කල කිරිම මා තුල ඈති කලේ ය

    ReplyDelete
  5. මම නම් දන්සෑල් වල ඔවෑනි තත්වයක් දුටුවේ නෑහෑ.නවලෝක,සිරස,ආරක්ෂක අමාත්‍යන්සය මගින් කල දන්සෑල් මා නිරීක්ශනය කලා.එහි සිටි සOවිධායකයින් හා ජනයා බොහෝම සOවරව හෑසිරුනා.

    මම ඊයේ කොටුව,යූනියන් ප්ලේස්,ගOගාරාම,ඩෝසන් වීදීය,පාර්ක් ස්ට්‍රීට්,ටවුල් හෝල්,වොර්ඩ් ප්ලේස්,බෞද්ධාලෝක මාවත, ටොරින්ටන්,බම්බලපිටිය,කොල්ලුපිටිය,ගෝල්ෆේස්,ව්‍රල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් දිහාවේ රවුමක් ගියා.
    බොහෝ ස්ථාන වල කිසිම ගෑටලුවක් තිබුනේ නෑ.

    බෞද්ධාලෝක මාවත,කොල්ලුපිටිය හා ගෝල්ෆේස් වල නම් තරුණයින් යම්කිසි ප්‍රමානයක් ප්‍රීතී වෙමින් සිටියා.
    එහි වෑරද්දක් මා දකින්නේ නෑහෑ.
    අනික ඔවුන් සියලම බෞද්ධයනුත් නෙවෙයි.වෙනත් ජාතින් වල පිරිස් බෝහෝ සෙයින් සිටියා.

    හෑබෑයි කිසිම කෙනෙකු මත්පෑන් පානය කොට අශෝබනව හෑසිරුනේ නෑහෑ.එය මා බොහොම වගකීමෙන් කියන්නේ....

    විශේෂයෙන්ම කියයුතු කාරනය තමයි මා නිරීක්ශනය කල පිරිස් අතුරින් බොහෝම සOවරව හා විනීතව හෑසිරුනේ සිරස වෙසක් කලාපයේ සිටි ජනයා බව...

    තව කාරනයක් තිබෙනවා,එකවර බොහෝ ජනතාවක් ගෑවසෙන විට ඈතම් විට පාලනය කල නොහෑකි දේ සිදුවිය හෑකියි.නමුත් එවිට එම දේ පමනක් උලුප්පා,අනෙක් සියල්ල යටපත් කිරීම නම් බොහෝම නරක ක්‍රියාවක්.

    -නිරීක්ශකයා-

    ReplyDelete
  6. ඔබේ කතාවට සම්පූර්ණයෙන්ම එකඟයි. ඒ වගේම මෙහෙම කතා හිතෙන තව අය ඉන්න එක ගැන සතුටුයි

    මෙන්න මටත් ඒ ගැන හිතිලා ලියපු පෝස්ට් එක. ඔබේ කතාවට ඒක ලොකු ප්‍රතිචාරයක් විදිහට ගන්න පුලුවන්

    http://aagiyakatha.blogspot.com/2011/05/market.html

    ReplyDelete
  7. මොකක්දෝ වාසනාවකට වෙන රටක ඉන්න නිසා ඔය බහුරූ කෝලං නොදකින්ට ලැබීම ගැන සතුටුයි. මේ රටේ මං ඉන්න පලාතේ පංසලේ බොහොම චාමෙට 2600 වෙනි සංවත්සරය සැමරුවා.

    ReplyDelete
  8. ලේඛකයාගේ නිරීක්ෂණයට හසු වුණේ කොළම නො ව, 95%ක් පමණ සිංහල බෞද්ධයන් ජීවත් වන බස්නාහිර පළාතේ අර්ධ නාගරික ප්‍රදේශයකි. එම ප්‍රදේශයේ ද හොඳින් හැසිරරෙමින් දන්සල් දුන් අය සිටිය හ. එහෙත් බහුතරය එසේ වූයේ නැත. දැන් රටේ වැඩියෙන් තිබෙන ගමුත්, නගරත් නො වන නො දියුණු ප්‍රදේශවල තත්වය අග නාගරික කොළඹට වඩා වෙනස් ය. අග නගරවල ඇති හැදියාව දැන් ගම් කියා කියන මෙම නො දියුණු ප්‍රදේශවල නැත.

    ReplyDelete
  9. ලේඛකයටත් වාහනයක් තියනවා එහෙනම් ?

    ReplyDelete
  10. ඔබ සමඟ 100% ක් එකඟ වෙමි. වෙසක් වැනි උත්සව වල තිබිය යුතු චාම්,සංවර ස්වභාවය අද නැත. අධි වේගී විකාර රූපී රැල්ලක් මඟින් අද සියල්ල උඩු යටි කුරු ඇත.මිනිසුන්ගේ අධ්‍යාත්මික ගුණධර්ම නැවත යහපතට ගත නොහැකි තරමටම පිරිහී ඇත. ඇත්තටම මෙවැනි දන්සැල් දෙනවාට වැඩිය නොදෙනවානම් හොඳ යැයි සිතේ.

    උත්සව සිරියෙන් ඇලළුන මොවුන් සාමාන්‍යය දැනුමක් ඇත්තෙකුට පවා තේරෙන අතිශයින් සාමාන්‍යය සාදකයක් වන මාර්ග නීති අමු අමුවේ උල්ලංගනය කරමින් රිය ධාවනය සිදු කිරීම තවත් ‍ඛේදනීය තත්වයකි. ජනතාව වැඩියෙන් මග සැරිසරන මෙවන් දිනවල වෙනත් අවස්ථාවන්ටත් වඩා වගකීමෙන් මහ මඟ ගමන් කල යුතු වූවත් බහුතරයක් ඒ බව තුට්ටුවකටවත් මයිම් නොකරති. විශේෂයෙන්ම මෝටර්සයිකල් කරුවන් සහ ත්‍රීරොද රථ කරුවන් මග මරුවන් ලෙස හැදීන්වීමේ වරදක් නැත.

    මෙරට ධර්මද්වීපයකට වඩා මිලේඡ්ඡ - මිත්‍යා ද්‍රෂ්ටිකයන්ගෙන් පිරුණු භූමියක් බව මෙම වෙසක් සමයේද මා හට තවත් තහවුරු වූ බව කණගාටුවෙන් වුවද පැවසීමට සිදුව ඇත.

    ReplyDelete
  11. මම දන්නේ නෑ ඔ‍බ මොන ආගමක් අදහනවද කියා.අපි අනුන්ට දොස් කියනවාට වඩා අපි ගැන ටිකක් බලමුද?මා පිලිගන්නවා යම් පිරිස් ඔබ කියූ ආකාර යැයි කියා.නමුත් අවබෝධයෙන් බුදු සමිදානන් සරණ ගිය පිරිස් ගැන බැලුවේ නැත්තේ ඇයි.ඔබද ඒ පිරිස සමග සිටියානම් වෙසක් දින පමනක් නොව සැම දිනයකදීම බුදු සමිදානන්ගේ නිර්මල දහම් ඉගෙන ගනීවි.අන් අය ගැන නොව ඔබ ‍බෞද්ධ නම් ඔබ සිල් සමාදන් උනාද?මුලින්ම අප බෞද්ධ වෙමු.එවිට මේ ධර්මය සුරැකෙනු ඇත.අපි ඒ සද්ධර්මය ඉගෙනගෙන එලෙස හැසිරෙමු.එවිට ඔබට බොහෝ පිරිසක් මේ ධර්මය ආරක්ෂා කරන බව ඔබටද වැටහේ.කිවයුතු දේ බොහෝය.නමුත් තෙරැවන් සරණ ලැ‍බේවා.

    ReplyDelete
  12. කුරුණෑගල නගරයේ පොලිස් අධිකාරී කාර්යාලය අසල මැයි 18 දින රෑ කොත්තමල්ලි රස ඇති බීමක් දුන් තරුණ පිරිස, මහ පාරට පැන බලහත්කාරයෙන් වාහන නැවත්තුවා විතරක් නෙවෙයි ,තුටිටු දෙකේ කසිකබල් බජවි සින්දු කණ පැලෙන හඩින් දාගෙන, බෞද්ධ කොඩි අතේ තියාගෙන මහපාර මැද නැටුවා.

    ReplyDelete
  13. අල්ලා පුෙක් අරී මුහම්මද්ට

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා