විදුලි බල මණ්ඩලයේ මාෆියා කල්ලියට එරෙහිව චණ්ඩියෙක් සටනක

(2011 මැයි 30, W3Lankaදැන් ලංකාව චණ්ඩින්ට ම ගිය රටකි.


හැම තැන ම ඉන්නේ චණ්ඩි ය.


රජයේ දේශපාලනඥයන් පමණක් නො ව, නිලධාරීන් පවා චණ්ඩි ය.


මේ තවත් චණ්ඩියෙකුගේ චණ්ඩි කතාවකි.ඔහුගේ නම විද්‍යා අමරපාල ය.


"විදුලි ඉංජිනේරු සංගමය පවසා තිබෙනවා පෙර සභාපති එම තනතුරින් නෙරපා දැම්මා සේ වත්මන් සභාපති වන මාවත් අදාළ තනතුරින් නෙරපා හරිනවා කියලා. නමුත් මට කිව හැක්‌කේ ඔවුන් කරන අවසාන සටන මෙය බවයි."


රාජ්‍ය ආයතනයක සභාපතිවරයකු වන මෙම පුද්ගලයා ‍මෙම ප්‍රකාශය කරන්නේ ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී ය. ඔහුට අනුව, එක්කෝ මේ සටනින් පසු ලංකා විදුලිබල මණ්‌ඩල විදුලි ඉංජිනේරු සංගමය හෝ එහෙම නැතිනම් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් හෝ ඉවර විය යුතු ය.


විද්‍යා අමරපාල පවසන පරිදි ලංකා විදුලිබල මණ්‌ඩල විදුලි ඉංජිනේරු සංගමය මහජනතාව නොමග යවන මාෆියා කල්ලියකි. ලංකාවේ තරම් මාෆියා කල්ලි ඉතාලියේ ද නැත.


මාෆියා කල්ලිවල ඉන්නේ ද චණ්ඩි ය. ඒ නිසා ඒ සමග සටන් කරන්නට ද අවශ්‍ය වන්නේ චණ්ඩි ය. 


දැන් විදුලි බල මණ්ඩලය පිස්සු හැදෙන තරම් කාර්යක්ෂම ය. මේ මාසයේ බිල නො ගෙව්වොත් ලබන මාසයේ එන්නේ රතු බිලකි. රුපියල් පන්සීයේ හිඟය පවා දවස් තුනෙන් නො බේරුවෝත් ලයිට් කපන බව කියමින් රතු බිල් එයි. රතු බිල් හදන්නත් සෑහෙන වියදමක් කරනවා ඇත.


ඒ වුණාට නිතර නිතර විදුලිය විසන්ධි වන එක නම් තාමත් එහෙම ම ය. හදන්න පරක්කුවත් එහෙම ම ය. 


ඉංජිනේරු මාෆියා කල්ලි හා සභාපති චණ්ඩි පොර කති. පාරිභෝගික අපි තැලෙමු.  

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. oya sabapathiya amu gona. oka elawana eka hodai

    ReplyDelete
  2. ගොම්පිකයාගේ කරුමේ ගූ කොල්ලෝ...........

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා