ඉන්දියාවේ ලංකා ආණ්ඩුවේ කණෙන් අල්ලා හොල්ලා කී පසුවත් බැරි නම් ඉතින් බැරි දේ බෑ ම ය
(2011 මැයි 20, W3Lanka) විදේශ ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් ඉන්දියාවට ගියේ නම් එහි නායකයන් හමු වී රජය දරුස්මාන් වාර්තාව නමින් හඳුන්වන එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ට උපදෙස් දීම සඳහා පත් කළ කමිටුව විසින් සකසන ලද වාර්තාවට එරෙහිව ඉන්දියාවෙන් ප්‍රකාශයක් ලබා ගන්නටයි.
දැන් මේ වාර්තාවට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන්නට රටවල් සොය සොයා ඇවිද්දත්, ඇත්තෙන් ම ආණ්ඩුව මෙම කමිටුව හමු වී කරුණු ඉදිරිපත් කර ඇත. එහෙත් බාගෙට ය. ව
විදේශ ඇමතිවරයා ඉන්දීය අගමැති ආචාර්ය මන් මෝහන් සිං, විදේශ කටයුතු ඇමැති එස්.එම්. ක්‍රිෂ්ණා, මුදල් ඇමති ප්‍රනාබ් මුඛර්ජි, ජාතික ආරක්ෂක උපදේශක ශිවෂංකර් මෙනන් හා විදේශ ලේකම් නිරූපමා රාඕ සමග සාකච්ඡා පවත්වා ඇත. ඒ අනුව, ඔහුගේ ගමන ඉහළ පෙළේ දූත ගමනක් බව පෙනේ. බොහෝ විට එය ලංකාවේ ආණ්ඩුවට ඉන්දියාවෙන් ලැබුණු ඉහළ ම අවස්ථාව වන්නට පුළුවන.
නැතිනම් මේ වෙලාවේ යා යුතුව ඇත්තේ ජී.එල්. පීරිස් නොව බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ලලිත් වීරතුංග වැනි අයයි. මේ අය මින් පෙර ඉන්දියා ගොස් එකඟ වී ආ දේ නො කළ නිසා දැන් ඉන්දියාවට ආපසු පය ගහන්නට බැරි තත්වයක් තිබෙනවා විය හැකි ය. මී බෙටිත් බෙහෙතට ඕනෑ වනවා සේ ෆෙඩරල්වාදී මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ වටිනාකම ද මේ මොහොතේ ආණ්ඩුවේ නායකයන්ට දැනෙන්නට ඇත.
කෙසේ වෙතත්, විදේශ ඇමතිවරයා ගිහින් කතා කර එකඟ වී ආ දේ ගැන දිනමිණේ මැයි 18දා වාර්තා වූයේ මෙසේ ය: "එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට අයත් සාමාජික රටවල සංඛ්‍යාව වැඩිවිය යුතු බවට ශ්‍රී ලංකා හා ඉන්දීය රජයන් එකඟත්වයට පැමිණ තිබේ.මීට අමතරව එම ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකත්වය සහිත මුල් පෙළේ රටක් ලෙස ඉන්දියාව නම් කිරීම සඳහා පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකා රජය අවධාරණය කර ඇත."
ඇමතිවරයා තකහනියක් ඉන්දියා ගියේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකත්වය පිළිබඳ ප්‍රශ්නයක් නිසා ද? නැත.
මේ සාකච්ඡා පිළිබඳ කෙටි රසවත් වාර්තා කිරීමක් නෙත් රේඩියෝවේ වෙබ් අඩවියේ දුටිමි. ඒ මෙසේ ය: "ලක්රජයට මේ මොහොතේ උපකාර කිරීමට නම් ඔවුන් දේශීය වශයෙන් තමන්ට පැන නැගී ඇති ගැටලූ විසඳා ගත යුතු බව ඉන්දියාව පවසනවා. ඉන්දීය රජයේ විශේෂ ප‍්‍රකාශකයකු උපුටා දක්වන ද හින්දු පුවත්පත පවසන්නේ මේ පිළිබඳ පැහැදිළි පණිවිඩයක් පසුගියදා දෙරට රාජ්‍ය තාන්ති‍්‍රකයින් අතර සාකච්ඡාවේදී ලබාදුන් බවයි. ඉන්දීය රජය නිරන්තරයෙන් ලක්රජයේ මිතුරෙකු ලෙස කටයුතු කළා. එසේම ශී‍්‍ර ලංකාවේ පවත්නා ගැටලූ සම්බන්ධයෙන්ද තම රජය වඩාත් ඉහළ සැලකිල්ලක් දැක්වූ බවයි එම ප‍්‍රකාශකයා පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් දේශපාලන විසඳුමක් කඩිනමින් ළ්‍ඟා කර ගැනීම වැනි කඩඉම්වලට ළඟාවීමට බලධාරීන් තවදුරටත් අපොහොසත් වී සිටිනවා. එහෙත් යුද්ධය අවසන් වී දෙවසරක් ගත වී ඇති මොහොතක එවැනි ගැටලූවලට සාර්ථකව ආමන්ත‍්‍රණය කිරීමට ලක්රජය සමත් වී තිබිය යුතු බවයි ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ. දේශීය වශයෙන් ඇති වන ගැටලූ විසඳා ගැනිමකින් තොරව ජාත්‍යන්තරයේ නොයෙකුත් පාර්ශ්වයන් නගන පීඩනයන්ට මුහුණදීමටද සිය මිතුරාට නොහැකි බව එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් පෙන්වාදී තිබෙනවා."
ඇත්ත කතාව එයයි. මහාචාර්ය ජී.එල්. පීරිස් ඉන්දියාවෙන් අසාගෙන ඇවිත් සිය හාම්පුතුන්ට වාර්තා කරන තිත්ත කතාව ද එයයි.
මේ තිත්ත කතාව සැර බාල කර හෙවත් රාජපක්ෂ ආණ්ඩුවේ ගැත්තන්ට බොන්නට පුළුවන් ලෙස ෂැන්ඩි කර දිනමිණ ඉදිරිපත් කරන්නේ මෙසේ ය: "ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව අවධානය යොමුකළ දෙරටේ නියෝජිතයන් මේ රටේ පැවැති ගැටුම්වලින් පසුව ජාතික ප්‍රතිසංධානයකට යොමු වීම සඳහා හොඳ අවස්ථාවක් නිර්මාණය වී තිබෙන බවටද පිළිගෙන තිබේ. මේ අතර ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමින් ශ්‍රී ලංකාවේ දෙමළ පක්ෂ සමඟ තවදුරටත් සාකච්ඡා කරමින් ඔවුන් සමඟ සුහදව කටයුතු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇත."
ජාතික ප්‍රතිසංධානයක් යනු රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික වෙනසකි.
අපි මහා ලොකු මහාචාර්යවරුන් නො වුණත්, මේ සරළ ඇත්ත අපි 2008 මැයි 18දා ලංකාව කිරිබත් නාද්දී පවා අපි කීවෙමු. ඉන්දියාව එය මතක් කර දී ඇත්තේ ජී.එල්. පීරිස්ගේ කණෙන් ඇද හොල්ලා ය.
අවසානයේදී, මොනවා කතා කළත් දෙමළුන්ට මොකුත් නො දෙමු ය යන ජාතිවාදී ස්ථාවරයේ සිට ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානය සමග ආරම්භ කළ සාකච්ඡා වටය දැන් ආණ්ඩුවේ එක ම ගැලවිජ්ජාව වී තිබේ. ආණ්ඩුවේ නායකයන් ජාත්‍යන්තරව එන පීඩනයෙන් මිදිය යුත්තේ දෙමළ ජාතික සන්ධානය සමග බලය බෙදා ගැනීමකට එකඟ වීමෙනි.
මේ සාකච්ඡා පැවැත්වෙන්නේ 2002 සටන් විරාම ගිවිසුමෙන් පසු කොටි සංවිධානයත් සමග සාකච්ඡා පැවැත්වූ වාතාවරණයටත් වඩා යටත් මානස්කත්වයක සිටයි. කොටි සංවිධානය සාකච්ඡාවලදී දෙමළ ජනයාගේ එක ම නියෝජිතයන් ලෙස පිළි ගැනීම පිළිබද මහා කලබැගෑනියක් ඇති කළ අය අද ඔවුන් විසින් ම කොටි බළල් අණ්ඩක් ලෙස හඳුන්වනු ලබන දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනයාගේ එක ම නියෝජිතයා ලෙස පිළි ගෙන සාකච්ඡා කිරීම ගැන කියන්නේ කුමක් ද?
13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාත් සභාවලට දුන් බලතල ආපසු ගැනීම ගැන කතා කළ අය ලබන 23දා දෙමළ ජාතික සන්ධානය සමග 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවා යන බලය බෙදීමේ රාමුවක් පිළිබඳ කරන සාකච්ඡා ගැන කියන්නේ කුමක් ද?
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කොඳු නාරටිය වන්නේ දෙමළ අරගලය මර්දනය කිරීමට පක්ෂපාතී බලවේගයි. එවන් පදනමක් මත නැගී සිටින ආණ්ඩුවකට සාකච්ඡා මේ අන්දමින් ඉදිරියට ගෙන යාම බරපතල ගැටලුවක් වී ඇත. දැන් මේ සාකච්ඡා 'මග හිටියොත් තෝ නසී! ගෙදර ගියොත් අඹු නසී!" තත්වයට පැමිණ ඇත.
කුමන තත්වයක් තුළ හෝ දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා පවත්වාගෙන යා යුතු ව ඇත. ඔවුන් සාකච්ඡාවලින් ඉවත් වුවහොත් යන්නේ බෙල්ල ය. සාකච්ඡාවල ඔවුන් රඳවා ගන්නට නම්, දැන් ඉතින් බලය බෙදා ගැනීම පිළිබඳ වහෙන් එරෝ නැතිව කෙළින් කතා කඝ යුතු ය. දෙන්න කැමති දේ කිව යුතු ය. කල් ගැනීම අවසන් වී තිබේ.
ප්‍රශ්නය ඇත්තේ දෙමළ ජාතික සන්ධානය සතුටු වන අන්දමේ බලය බෙදා ගැනීමක් කරන්නට ආණ්ඩුවට හැකියාවක් හා ජනවරමක් තිබේ ද යන්න තුළයි.
මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නම් කිසි දිනෙක බලාපොරොත්තු වය නො හැකි අන්දමේ දුලබ රාජ්‍ය තාන්ත්‍රිකභාවයක් එක්සත් ජාතික පක්ෂය විසින් පෙන්වා තිබේ. ඒ වනාහි ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානය සමග ඇති කර ගන්නා එකගතාවන්ට එරෙහිව නො යන බවට එජාපය දෙමළ ජාතික සන්ධානයට ප්‍රතිඥාවක් දීමයි.
ජනතා විමුක්ති පෙරමුණ ද කඩය වසා ඇති, චම්පික රණවක බලවේගය දස සිල් සමාදන් වී සිටින මෙසමයේ හෝ ලංකාවේ තිරසාර සාමයක් වෙනුවෙන් පියවර ගැනීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අසමත් වන්නේ නම් ඉතින් බැරි දේ කවදාවත් ම බැරි ය.
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

කතාවට එකඟයි , ඔය තත්වය වලක්වා ගන්න රජයට අවස්ථාව ඔනි තරම් තිබුනා , දරුස්මාන් වාර්ථාවත් , ඒක හරහා ඇතිවන ඉන්දියානු පීඩනයත් මුලදිම අවංක දේශපාලන විසඳුම් ක්‍රියාවලියකට ගියා නම් වලක්වා ගන්න තිබුනා . එජාපයෙ සහය ඒ කාලෙදිත් ඔය වැඩෙදී ලබාගන්න තිබුන . එහෙම කලා නම් දෙමල සංධානයටත් මේ තරම් හෙට්ටු කිරීමෙ බලයක් ලැබෙන්නෙ නැ
ReplyDelete