ජයග්‍රාහී විශ්‍රාම වැටුප් සටන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා හා මානව හිමිකම් සඳහා අරගලයේ පූර්වාදර්ශයකි

(2011 මැයි 31, W3Lankaආණ්ඩුවට යෝජිත පෞද්ගලික අංශයේ සේවක විශ්‍රාම වැටුප් අරමුදල හකුලා ගැනීමට සිදු විය. එය ආණ්ඩුවට අන්ත පරාජයකි. කම්කරු පංතියට විශිෂ්ට ජයකි.


විශේෂයෙන් ම නිදහස් වෙළඳ කලාපයේ කම්කරු කාන්තාවන්ගේ නායකත්වයෙන් දියත් කරන ලද අරගලයට මුහුණ දෙන්නට රජයට බැරි විය. කර්මාන්ත සාමය හෙවත් ආයෝජකයන්ට නිදහසේ සිය සූරා කෑමේ ක්‍රියාවලිය කරගෙන යන්නට අවශ්‍ය සාමය තහවුරු කර දීම සඳහා ආණ්ඩුව අද දිනයේ කටුනායක නිදහස් වෙළඳ කලාපය වසා දමා ඇත.


නිදහස් වෙළඳ කලාප කම්කරුවන්ගේ පහර දීම්වලින් නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඇතුළු පොලිසියේ 15ක් තුවාල ලද බව බොහෝ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කළ මුත් කම්කරුවන් 200කට වඩා තුවාල ලැබ රෝහල් ගත කළ බව එම මාධ්‍යවලට නො පෙනිණි.


නිදහස් වෙළඳ කලාප සේවකයන් යෝජිත විශ්‍රාම වැටුප් ක්‍රමයෙන් නිදහස් කිරීමට රජය ඊයේ උදේ ම තීරණය කළේ ය. රජයේ තවත් නිවේදනයක කියැවුණේ විශ්‍රාම වැටුප් ලැබීම සඳහා සුදුසුකම් ලැබීමට අවශ්‍ය මාස 120 සේවය සම්පූර්ණ කර නැති අයට සිය ඉතිරි කිරීම් පොලියත් සමග ආපසු ලබා ගත හැකි බවයි. එහෙත්, මුල් පන‍තේ තිබුණේ එවැනි අය මෙම විශ්‍රාම වැටුප් අරමුදලට ගෙවන මුදලින් 60%ක් පමණක් ආපසු ගෙවන බවයි. පොලියක් ගැන ද සඳහනක් තිබුණු බවක් අපි නො දනිමු. එසේ ම, ඒ ආපසු දීම සිදු වන්න නියමිත වූයේ ද සේවකයා වයස අවුරුදු 60 සම්පූර්ණ කළ පසු ය.


වෙළඳ කලාප සේවකයන් අරගලය සඳහා බලමුළුගැන්වීම පසුපස ජනතා විමුක්ති පෙරමුණේ අන්තර් සමාගම් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති තිබුණු බව වාර්තා වේ.


කම්කරු නායකයන් යයි තමන් තමන්ව ම හඳුන්වා ගන්නා (වෙන කිසිවෙක් එසේ ඔවුන් හඳුන්වන්නේ නැත.) වාසුදේව නානායක්කාර, ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ වැනි සමසමාජ, කොමියුනිස්ට ආදී පක්ෂවල ආණ්ඩු ගැති නායකයන්ට අනුව මෙම විශ්‍රාම වැටුප් යෝජනාව ආණ්ඩුවේ වෙනත් ඕනෑම හත් වලාමක් සේ ම මාර හොඳ එකකි.


එහෙත්, මෙම විශ්‍රාම වැටුප් යෝජනාව අත්හිටුවීමේ තීරණය රජය ගන්නා තැන වන්නේ පාලක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවයි. වාසුලා, ඩිව්ලා, විතාරණලා තව ම එම තීරණය ගෙන නැත. මෙම මධ්‍යම කාරක සභා රැස්වීම නැගෙනහිර යුරෝපයේ පැවති සමාජවාදී ඒකාධිපති ජාතික රාජ්‍යයන්ගේ කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් සිහිපත් කරන්නකි. ඒවායේ ද රජයේ තීන්දු ගැනුනේ පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ය. (එසේ ම, එම රටවලදී ද ව්‍යවසාය සම්බන්ධ තීන්දු ගෙන ඇත්තේ ලංකාවේ පාලක පවුල හා සමාන කල්ලි ගැසීම් තුළයි.)


කොතැනදී හෝ ආණ්ඩුව ගත් තීරණය ඇත්තෙන් ම එහි බෙල්ල බේරා දුන් එකකි. රටේ උද්ඝෝෂණ රැල්ලක් ඇති වීම යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝන චෝදනා ලැබ සිටින ආණ්ඩුවට මේ මොහොතේ ඉතා අහිතකර ය. මන්ද, ලෝකය බලා සිටිද්දී ඒවා තලා දමන්න ගියහොත් ආණ්ඩුව තවත් අමාරුවේ වැටෙන හෙයිනි.


එහෙත්, වැඩ කරන ජනතා විරෝධය මැද්දේ සේවකයන්ගේ ඉපැයීම් සූරා කා සිය ව්‍යවසාය කටයුතු සඳහා අරමුදලක් තනා ගැනීමේ අරමුණින්, සේවක විරෝධය මෙල්ල කර ගත හැකි වනු ඇතැයි අධි විශ්වාසයෙන් ආණ්ඩුව ගෙන ආ මෙම ඊනියා විශ්‍රාම වැටුප් යෝජනාව පරාජය කරන්නට වැඩ කරන ජනතාව සමත් වීම ආණ්ඩුවට ලෙහෙසි පහසු පරාජයක් නො වනු ඇත.


ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදීව මුලින් ම කළ යුතුව තිබුණු, විශ්‍රාම වැටුප පිළිබඳ කම්කරු පංතියේ හා ජනතාවගේ අදහස් විමසීම කරන්නට යන්නේ දැන් ය. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මෙම ක්‍රමය තුළ තිබෙන එකක් නො ව, සටන් කර දිනා ගත යුතු එකක් බවයි. එක්ව සටන් කළොත් ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගන්නට බැරි නැති බව ද මෙම සටන ජනතාවට පෙන්වා දී ඇත.


බිය දුරු කරගෙන අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්නට හා සමගි වන්නට අවශ්‍ය පූර්වාදර්ශය විශ්‍රාම වැටුප් සටන විසින් සපයා තිබේ.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. වැඩ කරන ජනතාවට ජයවේවා....!!!
    කම්කරු ජනතාවට ජයවේවා...!!!

    වාසූ, තිස්ස, ඩ්වූ එකාබද්ධ නිවේදනය
    අරලිය ගහ මැදුරේ සිට....

    ReplyDelete
  2. ඔය කරේ මුට්ටිය දාලා බැලිල්ලක්. ඉස්සෙල්ල මුට්ටිය දාලා, කවුද මෙකට කැමති, කවුද අකමැති, මොන හේතු නිසාද අකමැති වගේ දේවල් හොයල බලනවා. ඊට පස්සෙ අකමැති හේතු වලට විසදුම් දෙනවට වඩා අකමැති අයට විවිධ ප්‍රතිකාර දෙනවා. ඊට පස්සෙ ඒ ගොල්ලන්ගෙ අකමැත්ත දියාරු වෙලා යනවා. ඊළගට, හිතාගන්න බැරි වෙලාවක එක පාරම නැවත ඉදිරිපත් කරල දඩි බිඩි ගාලා සම්මත කර ගන්නවා.
    18 සංශෝධනේ බලන්න. එක පාරක් දෙපාරක් යෝජනාව දැම්මා. එලියෙන් ඇතුලෙන් දෙපැත්තෙන් ම විරෝධය ආවා. විරුද්ධ වෙන්නෙ කවුද කියල හොයාගත්තට පස්සෙ සංශෝධනේ තාවකාලිකව අකුල ගත්තා. විපක්ෂෙයි අනිත් අයයි අය නම් ඕක නම් අයේ ගේන එකක් නෑ කියල හිතල බුදිය ගත්තා. ඇතුලෙන් විරුද්ධ වෙන ලයින් එකේ හිටිය අයට අදාළ ප්‍රතිකාර ලැබුණා. මාසයයි දෙකයි ගියේ මෙන්න බොලේ 18 සම්මතත් වෙලා.
    T

    ReplyDelete
  3. කම්කරුවන්ගෙන් යෝජනාවක්-
    අපිට පෙන්ෂන් එපා, පුලුවන් නම් ඊ ටී එෆ් තව 2%කින් වැඩි කරල දෙන්න...

    ReplyDelete
  4. The KFZ struggle is a clear signal that the ordinary people of this country think that the politicians are after their hard-earn money. First through indirect taxes (taxing their food - Plate of Dhal) now from their salary (PAYE and Pension schemes). They don't trust the politicians and the bureaucrats. The protest erupted on the pension bill took violent form due to that mentality. They know what is taking place in government led-development and investment schemes.

    ReplyDelete
  5. අහෝ මහින්ද නොදුටු මොක්පුර!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා