Posts

Showing posts with the label නිදහස් වෙළඳ කලාපය

රොශේන් ජානක කම්කරු සොයුර, ඔබට විප්ලවීය ආචාරය!

Image
මහින්ද රාජපක්ෂ රජයේ ශ්‍රම කොල්ලකාරී විශ්‍රාම වැටුප් පනතට එරෙහිව සාධාරණත්වය, කම්කරු හිමිකම් හා රටේ ප්‍රජාතන්ත්‍රවාද‍ය වෙනුවෙන් සටන් කර දිවි පිදූ කටුනායක එච්.එස්. ස්ටීල් ආයතනයේ සේවය කළ, මිනුවන්ගොඩ, ගල්ලොලුව පදිංචිව සිටි රොශේන් ජානක සොයුර, ඔබට පංතියේ විප්ලවීය ආචාරය! මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

රජය කටුනායක කම්කරුවන්ට එල්ල කළ අමානුෂික ප්‍රහාරය පොලිස් කුමන්ත්‍රණයක් ද?

Image
මෙම ඡායාරූපයේ සිටින්නෝ කවරහු ද? (2011 ජුනි 01,   W3Lanka ) මංකොල්ලකාරී විශ්‍රාම වැටුප් යෝජනාව හමුවේ මහජන අප්‍රසාදයට ලක් වී සිටින   රජය පසුගිය සඳුදා කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කම්කරුවන්ට පොලිසිය ලවා අතිශය අමානුෂික ප්‍රහාරයක් එල්ල කළේ ය. සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සමන් රත්නප්‍රිය පවසන පරිදි පොලිසිය හා ප්‍රදේශයේ ආණ්ඩුවේ දේශපාලකයන්ගේ මැරවරයන් එක්ව ‍දියත් කළ මෙම ප්‍රහාරයෙන් සිය ජීවිතවලට ස්ථිරව බලපාන තුවාල සිදු වූ 20ක් පමණ සිටින බවයි. රාගම රෝහලට අසාධය තත්වය නිසා එවන ලද අටදෙනෙකු ශල්‍යකර්මවලට භාජනය කරන ලද බව ද, සීදූව විජය කුමාරතුංග රෝහලෙන් 100ක් පමණ සුළු තුවාල සඳහා ප්‍රතිකාර ලබා ඇති බව ද, මීගමුව රෝහලෙන් ද 216ක් ප්‍රතිකාර ලබා ඇති බව ද හේ පවසයි. උදරය ආසන්නයේ වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලද මිනුවන්ගොඩ අශේන් ශානක නම් 22 හැවිරිදි තරුණයාගේ දකුණු කකුල කපා දමා ඇති අතර, වකුගඩු අක්‍රිය වී මරණාසන්න තත්වයට පත් වී ඇති බව ද වාර්තා වේ. සුරේශ් චන්දිමාල් නම් බයිපාස් සැත්කමකට භාජනය කර සිටි පුද්ගලයකු සිය කම්හලට ඇතුල් වූ පොලිසියට වැඳ වැටී සිය ප්‍රශ්නය කියා කමිසය ගලවා කැළැල් පෙන්වද...

ජයග්‍රාහී විශ්‍රාම වැටුප් සටන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා හා මානව හිමිකම් සඳහා අරගලයේ පූර්වාදර්ශයකි

Image
(2011 මැයි 31,   W3Lanka )  ආණ්ඩුවට යෝජිත පෞද්ගලික අංශයේ සේවක විශ්‍රාම වැටුප් අරමුදල හකුලා ගැනීමට සිදු විය. එය ආණ්ඩුවට අන්ත පරාජයකි. කම්කරු පංතියට විශිෂ්ට ජයකි. විශේෂයෙන් ම නිදහස් වෙළඳ කලාපයේ කම්කරු කාන්තාවන්ගේ නායකත්වයෙන් දියත් කරන ලද අරගලයට මුහුණ දෙන්නට රජයට බැරි විය. කර්මාන්ත සාමය හෙවත් ආයෝජකයන්ට නිදහසේ සිය සූරා කෑමේ ක්‍රියාවලිය කරගෙන යන්නට අවශ්‍ය සාමය තහවුරු කර දීම සඳහා ආණ්ඩුව අද දිනයේ කටුනායක නිදහස් වෙළඳ කලාපය වසා දමා ඇත. නිදහස් වෙළඳ කලාප කම්කරුවන්ගේ පහර දීම්වලින් නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඇතුළු පොලිසියේ 15ක් තුවාල ලද බව බොහෝ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කළ මුත් කම්කරුවන් 200කට වඩා තුවාල ලැබ රෝහල් ගත කළ බව එම මාධ්‍යවලට නො පෙනිණි. නිදහස් වෙළඳ කලාප සේවකයන් යෝජිත විශ්‍රාම වැටුප් ක්‍රමයෙන් නිදහස් කිරීමට රජය ඊයේ උදේ ම තීරණය කළේ ය. රජයේ තවත් නිවේදනයක කියැවුණේ විශ්‍රාම වැටුප් ලැබීම සඳහා සුදුසුකම් ලැබීමට අවශ්‍ය මාස 120 සේවය සම්පූර්ණ කර නැති අයට සිය ඉතිරි කිරීම් පොලියත් සමග ආපසු ලබා ගත හැකි බවයි. එහෙත්, මුල් පන‍තේ තිබුණේ එවැනි අය මෙම විශ්‍රාම වැටුප් අරමුදලට ගෙවන මුදලින් 60%...