(2011 මැයි 10, W3Lanka ) රජය සක්විති රණසිංහ වහා නිදහස් කළ යුතුව ඇති බව අපි යෝජනා කරමු. හේතුව, පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අරමුදල හා සක්විති රණසිංහගේ 'ව්‍යාපාර'ය අතර වෙනසක් නැතිකමයි. සක්විති රණසිංහ කළේ විශාල පොලියක් ගෙවන බව කියා මිනිසුන් ඉතිරි කරගෙන සිටි මුදල් තමන් අතට ලබාගෙන කැසිනෝ ගසා, වෙනත් ආතල් ගෙන පැන යාමයි. ආණ්ඩුව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අරමුදලෙන් කරන්න යන්නේ ද එය ම ය. පෞද්ගලික අංශයේ සේවකයන් විසින් ඉතිරි කරන ලද මුදල් සියල්ල රජය නම් පවුලේ සමාගම භාරයට ගෙන එයින් ආතල් ගැනීම ආණ්ඩුවේ අභිප්‍රායයි. කළාට කියනවා නො වේ; ඕනෑ නම්, උදාහරණයක් ලෙස මෙහෙම කරන්නත් පුළුවන. මේ සල්ලිවලින් මැද්දේ ගල් පර්වත සහිත වරායවල් හැදිය හැකි ය. වරාය හදන කොන්ත්‍රාත්තුවෙන් ඇති තරම් හම්බ කර ඉන් පසු වරායට වතුර පුරවා ගල කැඩීමේ කොන්ත්‍රාත්තුව පටන් ගත හැකි ය. සක්විති රණසිංහ ද කළේ එවැනි දේ නො වේ ද? මෙම විශ්‍රාම වැටුප් අරමුදලේ අරමුණ පෞද්ගලික අංශයේ සේවකයන් උපයා, ඉතිරි කර ගත් මුදල කොල්ල කෑම හැර අන් යමක් නො වේ. මෙම විශ්‍රාම වැටුප් අරමුදලෙන් විශ්‍රාම වැටුප් ලැබෙන්නේ වයස අ...