පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප හෙවත් Rob both Peter and Paul to pay Namal

(2011 මැයි 25, W3Lankaලංකාවේ ආණ්ඩුව නම් මාර ම ආණ්ඩුවකි.


පෞද්ගලික අංශයේ සේවකයෝ ලක්ෂ ගණනින් වීදි බැස දෙන්න යන විශ්‍රාම වැටුප එපා කියති. එහෙත්, ආණ්ඩුව එපා එපා කියද්දී බත් බෙදන පරණ පන්නයේ මගුල් ගෙවල්වල බත් බෙදූ බේබදු අයියලා සේ බලෙන් ම විශ්‍රාම වැටුප් දෙන්න හදයි.


දෙන්න යන විශ්‍රාම වැටුප හරියට ඌරාගේ මාළු ඌරාගේ ම ඇ‍ඟේ තබා කපනවා වැනි වැඩකි. ආණ්ඩු බදු අය කර සුබසාධනය සැලසීම ගැන ප්‍රසිද්ධ ඉංග්‍රීසි කියමනක් වන Rob Peter to pay Paul හෙවත් පීතරගෙන් සොරකම් කර පෝල්ට ගෙවීම යන්න පවා මෙම විශ්‍රාම වැටුපට නො ගැලපේ.


මෙයට ගැලපෙන්නේ Rob both Peter and Paul to pay Namal වැනි කියමනකි.


මේ ඊයේ දිවයින පත්තරයට කම්කරු සබඳතා හා ඵලදායිතා සංවර්ධන ඇමති ගාමිණී ලොකුගේ මෙම විශ්‍රාම වැටුප ගැන කළ විස්තරයකින් උපුටා ගත් කොටස් කීපයකි.


ප්‍රශ්නය - මෙම යෝජිත විශ්‍රාම වැටුප් අරමුදල ශක්‌තිමත් කර ගැනීම සඳහා මුදල් සපයන මාර්ග මොනවාද?


පිළිතුර - සේවක මහත්වරු දැනට අර්ථසාධක අරමුදලට ගෙවන මුදලට අමතරව තවත් 2% ක්‌ වැටුපෙන් කපාගන්නවා. ඊට අමතරව හාම්පුතුන් තවත් 2% ක්‌ ලබාදිය යුතුයි. අර්ථසාධක අරමුදලේ අක්‍රීය ගිණුම්වල මුදල් සියල්ල ලබාගන්නවා. ඊට අමතරව සේවක භාරකාර අරමුදලේ ලාභාංශවලින් 10% ක්‌ ද පාරිතෝෂිතයෙන් 10% ක්‌ ද, අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ගන්නා දිනයේදී ඒ මුදල්වලින් 2% ක්‌ ද රජය රුපියල් බිලියනයක්‌ද වශයෙන් යෝජිත විශ්‍රාම වැටුප් අරමුදලට යොදවනවා.


ආණ්ඩුව දෙන බිලියනය යනු පෞද්ගලික අංශයේ ලක්ෂ පනහක් පමණ වන සේවකයන් වෙනුවෙන් එක් අයකුට විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රු. 200 බැගින් දීමකි. අනෙක් සියල්ල සේවකයාගෙන් කපා ගන්නා සල්ලි ය. 


ප්‍රශ්නය - ඔබ මේ ආකාරයට ප්‍රකාශ කළත් අර්ථසාධකයේ සහ භාරකාර අරමුදලේ මුදල් යෝජිත විශ්‍රාම වැටුප් අරමුදලට මතු දිනයකදී නොගන්නා බවට දෙන සහතිකය කුමක්‌ද?


පිළිතුර - අමුතුවෙන් සහතිකයක්‌ අවශ්‍ය නැහැ. රජය සහ භාණ්‌ඩාගාරය කෙරෙහි ජනතාවට විශ්වාසයක්‌ තිබෙනවා.


අප දන්නා තරමින් එහෙම විශ්වාසයක් ඇති අය ඉන්නේ අංගොඩ පමණි. 


ප්‍රශ්නය - යම් හෙයකින් වසර 5-6 න් සේවයෙන් ඉවත් වුවහොත් ඔහුට හෝ ඇයට දායක වූ මුදල් ආපසු ලබාගැනීමේ හැකියාවක්‌ නැහැ නේද?


පිළිතුර - ඔව් බොහෝ දුරට මේ ප්‍රශ්නය ඇඟලුම් ක්‍ෂේත්‍රයේ සේවක සේවිකාවන්ට තදින් බලපානවා. ඒ ක්‍ෂේත්‍රයේ සේවකයන් බොහෝ විට වසර 5-6 අස්‌වෙලා යනවා. ඒ නිසා එලෙස ඉවත්වන සේවකයන්ගේ මුදලෙන් 60% ක්‌ ඔවුන්ට ආපසු ලබාදීමට අප තීරණය කළා. එම සංශෝධනයත් පනතට එක්‌කිරීම අපේ අරමුණයි.


එතකොට ඉතිරි 40% ආණ්ඩුවට. අනෙක මේ දෙනවා යයි කියන 60% ලැබෙන්නේත් හැට පිරුණාම ද?


වසර දහයක්‌ දායකත්වය සැපයීමෙන් පසු විශ්‍රාම වැටුප් ලැබීමට හිමිකම් ලැබුවත් වසර හැට (60) සම්පූර්ණ වීමෙන් පසුවයි ඔහුට හෝ ඇයට විශ්‍රාම වැටුප ලබාගත හැකිවන්නේ.


රජය කියන අන්දමින් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම ලබන වයස අවුරුදු 60 විය යුතුයි. 


ප්‍රශ්නය - නමුත් යෝජිත විශ්‍රාම වැටුප් පනතේ එහෙම දෙයක්‌ සඳහන් කර නැහැ. දැනට පවතින තත්ත්වය දෙස බලනවිට පෞද්ගලික අංශයේ සේවය කරන කාන්තාවක්‌ වයස 50 දී විශ්‍රාම යනවා. පිරිමියෙක්‌ 55 දී විශ්‍රාම යනවා. ඔබ ඔය කියන පරිදි වයස අවුරුදු 60 සම්පූර්ණ වනතෙක්‌ සේවය කරන්න නම් හාම්පුතා කැමැති විය යුතුයි. ඒ සම්බන්ධව පවතින රෙගුලාසි සංශෝධනය විය යුතුයි. ඒ අනුව විශ්‍රාම වැටුප් පනතත් සංශෝධනය කළ යුතුයි. එයට රජය සූදානම්ද?


පිළිතුර - ඔව් පැහැදිලිවම පෞද්ගලික අංශයේ හාම්පුතුන් වෙත රජය ඉදිරියේදී යෝජනා කරනවා සේවකයන්ට වයස අවුරුදු 60 සම්පූර්ණ වනතෙක්‌ සේවය කිරීමට ඔවුන්ට අවස්‌ථාව දෙන ලෙස.


ඇයි යෝජනා කරන්නේ? කරන්නකො අණ පුළුවන් නම්!


ප්‍රශ්නය - ඔව්, ඔය කියන පරිදි වැඩ කරන ජනතාවගේ යහපත සඳහාම මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය ඉදිරිපත් කරනවා නම් එය රටේ සෙසු පාර්ශ්වයන් අතර සාකච්ඡාවට බඳුන් නොකළේ ඇයි?


පිළිතුර - පනතක්‌ ගැන කතා නොකළත් රටේ විවිධ පාර්ශ්වයන්ගේ අදහස්‌ විශ්‍රාම වැටුප් ක්‍රමයට ලබාගත්තා. 1983 සිට මේ සඳහා විවිධ යෝජනා සහ අදහස්‌ ඉදිරිපත්ව තිබෙනවා.


කවුරුද මේ අදහස් දැක්වූයේ? කුමන ක්‍රමවේදයක් ඔස්සේ ද අදහස් ලබා ගත්තේ? එහි විනිවිදභාවය කොහොම ද? කරුණා කර හෙළි කරන්න. අප දන්නා අන්දමින් නම් මෙවැනි ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අදහස් ලබා ගන්නා ක්‍රමවේදය තමයි මහජන අදහස් කැඳවීමක් කිරීම නැතිනම් public consultation. 


ප්‍රශ්නය - යෝජිත විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. එලෙස සංශෝධනය කරන ලද්දේ මොනවගේ කරුණුද?


පිළිතුර - පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්‍රාම වැටුප් පනතට අනුව විශ්‍රාම වැටුප්ලාභියා හදිසියේ මියගියොත් වයස අවුරුදු 18 ට වැඩි දරුවකුට එය හිමිවෙනවා. නව සංශෝධනයත් සමඟ දැන් එය බිරිඳටත් ලබාගත හැකියි. ජීවිතාන්තය දක්‌වා විශ්‍රාම වැටුප ලබාගත හැකියි. විශ්‍රාම වැටුප අඛණ්‌ඩව සාමාජිකයන්ට ගෙවන බවට රජය වගකීම භාරගෙන තිබෙනවා. මහ බැංකුව විසින් විශ්‍රාම වැටුප් අරමුදලට යොදවන බිලියනයක මුදල ආයෝජනය සඳහා යෙදවීම ඇතුළු සංශෝධන කිහිපයක්‌ විශ්‍රාම වැටුප් පනතට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.


"මහ බැංකුව විසින් විශ්‍රාම වැටුප් අරමුදලට යොදවන බිලියනයක මුදල ආයෝජනය සඳහා යෙදවීම!" බලෙන් දෙන්න යන මේ විශ්‍රාම වැටුපේ රහස තියෙන්නේ මෙතන.


ලංකාවේ පීඩිතයන් පෙළන දැවැන්ත ම හා කෲරත ම සූරා කන්නා වන රජය නම් රජ පවුලේ සමාගම මේ විශ්‍රාම වැටුප් අරමුදල පිහිටුවන්නේ අන් කිසිවක් සඳහා නො ව, සිය උන්මත්තක ව්‍යාපෘතිවල ආයෝජනය කර පෞද්ගලිකව ලාභ ලබමින් මහජනතාව පිට පාඩු පටවන ව්‍යාපාර සඳහා ප්‍රාග්ධනය සොයා ගන්නට ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ජනතාව දුක්මහන්සියෙන් උපයනදේ වංචා කිරීම සහගහන අපරාධයකි!

    ReplyDelete
  2. ඇමති හොරාට කළින් කෙහෙල් කැන වැට පන්නා ඇත.

    ReplyDelete
  3. This too is robbery.
    අර්ථසාධක අරමුදලේ අක්‍රීය ගිණුම්වල මුදල් සියල්ල ලබාගන්නවා.

    ReplyDelete
  4. Rob Peter to pay Paul යන්න නිවැරිදිව සිංහලට පරිවර්ථනය කරන්නේ " පීතරගෙන් සොරකම් කර පාවුළුට ගෙවීම" වශයෙනි .....

    ReplyDelete
  5. ලංකාවේ පීඩිතයන් පෙළන දැවැන්ත ම හා කෲරත ම සූරා කන්නා වන රජය නම් රජ පවුලේ සමාගම මේ විශ්‍රාම වැටුප් අරමුදල පිහිටුවන්නේ අන් කිසිවක් සඳහා නො ව, සිය උන්මත්තක ව්‍යාපෘතිවල ආයෝජනය කර පෞද්ගලිකව ලාභ ලබමින් මහජනතාව පිට පාඩු පටවන ව්‍යාපාර සඳහා ප්‍රාග්ධනය සොයා ගන්නට ය. Absolutely correct. This is "ALI BABA & 40 THIEVES".

    ReplyDelete
  6. me panathata virudda nowana kattiya thamange nuugathkama saha moda kama, pennum karanawa.

    me panatha sammatha karana parlimenthu amathi horungeth pention eka me kramayata sanshodanaya karanawanam apith ekangai.....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා