Posts

Showing posts with the label ගාමිණී ලොකුගේ

පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප හෙවත් Rob both Peter and Paul to pay Namal

Image
(2011 මැයි 25,   W3Lanka )  ලංකාවේ ආණ්ඩුව නම් මාර ම ආණ්ඩුවකි. පෞද්ගලික අංශයේ සේවකයෝ ලක්ෂ ගණනින් වීදි බැස දෙන්න යන විශ්‍රාම වැටුප එපා කියති. එහෙත්, ආණ්ඩුව එපා එපා කියද්දී බත් බෙදන පරණ පන්නයේ මගුල් ගෙවල්වල බත් බෙදූ බේබදු අයියලා සේ බලෙන් ම විශ්‍රාම වැටුප් දෙන්න හදයි. දෙන්න යන විශ්‍රාම වැටුප හරියට ඌරාගේ මාළු ඌරාගේ ම ඇ‍ඟේ තබා කපනවා වැනි වැඩකි. ආණ්ඩු බදු අය කර සුබසාධනය සැලසීම ගැන ප්‍රසිද්ධ ඉංග්‍රීසි කියමනක් වන Rob Peter to pay Paul හෙවත් පීතරගෙන් සොරකම් කර පෝල්ට ගෙවීම යන්න පවා මෙම විශ්‍රාම වැටුපට නො ගැලපේ. මෙයට ගැලපෙන්නේ Rob both Peter and Paul to pay Namal වැනි කියමනකි. මේ ඊයේ දිවයින පත්තරයට කම්කරු සබඳතා හා ඵලදායිතා සංවර්ධන ඇමති ගාමිණී ලොකුගේ මෙම විශ්‍රාම වැටුප ගැන කළ විස්තරයකින් උපුටා ගත් කොටස් කීපයකි. ප්‍රශ්නය - මෙම යෝජිත විශ්‍රාම වැටුප් අරමුදල ශක්‌තිමත් කර ගැනීම සඳහා මුදල් සපයන මාර්ග මොනවාද? පිළිතුර - සේවක මහත්වරු දැනට අර්ථසාධක අරමුදලට ගෙවන මුදලට අමතරව තවත් 2% ක්‌ වැටුපෙන් කපාගන්නවා. ඊට අමතරව හාම්පුතුන් තවත් 2% ක්‌ ලබාදිය යුතුයි. අර්ථසාධක අරමුදලේ අක්‍රීය ගිණුම්...