නඩුත් සරත්ගෙ බඩුත් සරත්ගෙ

(2011 මැයි 12, W3Lankaලංකාවේ ඇතැමුන් ආණ්ඩුවට විරුද්ධ වන්නේ පැහැදිලි ප්‍රතිපත්තියක් මත සිටිමින් නො වේ. ආණ්ඩුවේ වැරදි ක්‍රියාකලාපයනට සහභාගි වන්නට තමන්ට අවස්ථාවක් නැති හෙයිනි. එවැන්නන්ට මහා වීරයෙකි, හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා.


ඔහු උඩ තබාගෙන, ඔහුගේ කතා මහ ඉහළින් ගන්නා මාධ්‍ය හා දේශපාලන අංශවල ඇස් අරවන නඩුවක් පිළිබඳ අද දිවයින පුවත්පත වාර්තා කරයි.


මෙම නඩුව පවරා ඇති ඩී.කේ. අභය පද්මසිරි අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ නිලබලය අයුතු ලෙස පාවිච්චි කොට පුද්ගලික පළිගැනීමක්‌ වශයෙන් තමන් දින 294ක්‌ රක්‍ෂිත බන්ධනාගාර භාරයේ තැබීම නිසා සිදුවූ මානසික පීඩාවට හා ආර්ථික හානියට වන්දියක්‌ වශයෙන් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාගෙන් රුපියල් ලක්‍ෂ 100 ක්‌ අයකර දෙන්නැයි ඉල්ලා ගොනු කොට තිබියදී කොළඹ දිසා අධිකරණය මගින් නිෂ්ප්‍රභා කළ නඩුවක්‌ නැවත විභාග කිරීමට නියෝගයක්‌ ලබාදෙන ලෙසයි.


එදා කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කළ එම නඩුව කැඳවූ අවස්‌ථාවේදී, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු උපදෙස් මත, එවකට දිස්ත්‍රික් විනිසුරු ටී. ඩී. ගුණසේකර හේතු විවෘත අධිකරණයේදී ප්‍රකාශ නොකොට එය නිෂ්ප්‍රභ කළ බවත්, සාමාන්‍ය තක්‌සේරු ගාස්‌තුව මෙන් පස්‌ ගුණයක්‌ ගෙවීමට නියෝග කළ බවත්, එමගින් තමන්ට අප්‍රතිකාරි පාඩුවක්‌ හා බලවත් අසාධාරණයක්‌ සිදුවූ බවත් පෙත්සම්කරු පෙන්වා දී ඇත.


මේ වනාහි දැන් නීතිය, යුක්තිය, සාධාරණත්වය පිළිබඳ මහ ඉහළින් කතා කරන්නකු වන සරත් නන්ද සිල්වාගේ අග විනිසුරු සමයේ ක්‍රියා කලාපය සංකේතවත් කරන සිද්ධියකි. ඔහුගේ නිල බලය අයුතු ලෙස භාවිතා කිරීමේ ක්‍රියා නිසා අගතියට පත් වූ තවත් බොහෝ අය සිටිති. ලංකාවේ නීතියේ පාලනයේ තත්වය වෙනස් කරන්නට වැඩි ම මැදිහත්වීමක් කළ පුද්ගලයකු ලෙස සරත් නන්ද සිල්වා ඉතිහාසගත වෙයි.


ඔහු දැන් ආණ්ඩු විරෝධීන්ට මහා ශක්තියක් වී ඇත්තෙකි. එහෙත්, තමන් ආරක්ෂා වී සිටින්නේ ජනාධිපතිතුමාගේ කළ ගුණ සැලකීමේ ගුණය නිසා බව අමතක කරන හේ වරින් වර ආණ්ඩුව අවුල් වන කතා දපවත්වයි. මෑතදී 19වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබද ඔහු කළ කතාව ද එවැන්නකි.


මේ නඩුව එයට ප්‍රතිචාරය වන්නට ද පුළුවන.


ලංකාවේ අද පවතින නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ තත්වය නිර්මානය කරන්නට සරත් නන්ද සිල්වා සෑහෙන්න දායක වූයෙකි.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. vinisuruwarayeku dun kisindu theenduwak gana ema vinisuruwarayaata viruddhawa nadi pavariya nohakiya. e bawa aandukrama vyawasthawe pahadiliwa sandahan we.. ebawin mebandu gon nadu dameemen ewaa damana ayage gon kama hara wena deyak pradarshanaya nowe..

    ReplyDelete
  2. සරත් නන්ද සිල්වාව වීරයෙක් කලේ ජ. වි. පෙ. ය. වීරයෙක් වූ සරත් ෆොන්සේකාව අද පවතින තත්වයට ඇද දැමුවේද ජ. වි. පෙ. ය.

    ReplyDelete
  3. ඉස්තෝප්පුව යකෝ ජවිපෙ උල තියන්න එපායැ

    ReplyDelete
  4. @Anonymous:ඡන්දදායකයෝ මැතිවරණ කීපයකදීම ජවිපෙ උල තිබ්බා.

    ReplyDelete
  5. මේ විස්තරෙන් කියවෙන විදිහට මෙහිදී විනිසුරුවරයෙකුට විරුද්ධව දඬුවම් දීමක් ගැන කියවෙන්නෙ නැහැ. අසාධාරණ යයි තමන්ට හැඟෙන තීන්දුවකට විරුද්ධව එම නඩුව නැවත විභාග කරන ලෙස කරන ඉල්ලීමක් ගැන පමණයි මෙහි සඳහන් වෙන්නෙ. ඕනෑම පුරවැසියෙකුට ඒ අයිතිය අනිවාර්යයෙන්ම තියෙනවා.

    සරත් එන්. සිල්වා ගැන නම් කතා නොකරන තරමට හොඳයි.චන්ද්‍රිකාගෙ පාලන කාලය තුල එයා කරපු අනික් ඔක්කොමත් හරි සරත් එන්. සිල්වා අග විනිසුරු ධුරයට පත් කරපු එකත් හරි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා