විදුහල්පතීන්ට හමුදා පුහුණුව දීම හෙවත් පය බරවායට පිටි කය බෙහෙත් බැඳීම

Making principal the biggest bully of school
(2011 මැයි 28, W3Lankaඅධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් පසුගිය දිනෙක ඉසිපතන විද්‍යාලයේ පැවති උත්සවයකදී කරන ලද කතාවකින් හෙළිදරව් වූ කරුණක් වූයේ රජයේ පාසල්වල විදුහල්පතිවරුන් 1000කට ද හමුදා මෙහෙයවීමෙන් නායකත්ව පුහුණුව සැපයීමට සැලසුම් කර ඇති බවයි.


අධ්‍යාපන ලේකම්වරයාට අනුව විදුහල්පතිවරුන්ට මෙම පුහුණුව අවශ්‍ය වන්නේ තාප්පයකින් පැන ළමයකු අල්ලා ගන්නට පුළුවන් වන්නට හා ළමයින්ට බය නැති වන්නට ආදියටයි.


අහෝ දුකකි! මේ රටේ අධ්‍යාපන බලධාරීන් විදුහල්පතිගේ භූමිකාව හඳුනාගෙන ඇත්තේ එසේ ය: ඔවුන්ට අනුව, විදුහල්පති චණ්ඩියකු විය යුතු ය. මේ රටේ පිළිගැනුම අනුව නායකයා යනු චණ්ඩියෙක් ද?


අධ්‍යාපන කළමනාකරණයේදී විදුහල්පති විසින් කළ යුතුව තිබෙන කාර්යභාරය අතිශය වැදගත් ය. විදුහල්පති හොඳ අධ්‍යාපනවේදියකු වීම මෙහිදී අත්‍යවශ්‍ය දෙයකි. ලංකාවේ විදුහල්පතිවරුන්ගේ ගැටලුව එසේ නො වීමයි. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී ගුරුවරුන්ට නායකත්වය දීමට විදුහල්පතිවරයා දක්ෂ නො වීමයි. විදුහල්පති සේවයේ ඇති මෙම ගැටලුව විසඳීම සඳහා වැඩපිළිවෙලක් නො යොදා විදුහල්පතිවරුන්ට හමුදා පුහුණුවක් දීමෙන් ප්‍රශ්න විසඳන්නට යාම පය බරවායට පිටි කය බෙහෙත් බැඳීමකි.


පාසල් සිසුන්ගේ විනය පිළිබඳව ද, එතැනින් ඔබ්බට සමස්ත සමාජයේ ම හැදියාව පිළිබඳව ද ඇති ගැටලුව අධ්‍යාපන ක්‍රමයේ අර්බුදයකි. රජය මේ රටේ අධ්‍යාපනය සමග කරන ක්‍රීඩාවන්ගෙන් අවසානයේදී සිදු වන්නේ තත්වය තව තවත් ඔඩු දිවීමයි.


යුද්ධය අවසන් වීමෙන් පසු හමුදාවට වැඩක් නැති වීම බරපතල ප්‍රශ්නයකි. හමුදාවේ අපතේ යන ශ්‍රමය රට මිලිටරිකරණය කරන්නට යොදා ගැනීමට ආණ්ඩුව දරන උත්සාහය අරුත් සුන් එකකි.


රට මිලිටරිකරණය කරන්නට නම් ආණ්ඩුව අලුත් සතුරකු සොයාගෙන අලුත් යුද්ධයක් ආරම්භ කළ යුතුව තිබේ. දැන් කළ යුතුව තිබෙන්නේ මිලිටරිකරණය වී ඇති සමාජය මිලිටරිහරණය කිරීමයි.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. Hamudawa damu kumburu kottanna, api wawamu rata nagamu. Kohomath hamuda karayanta mole pawichchi karana weda karanna be ne...

    ReplyDelete
  2. මේ රටේ පිළිගැනුම අනුව නායකයා යනු චණ්ඩියෙක් ද? That is what most people in Sri Lanka believe.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා