විදුහල්පති කර්නල් තනතුර ගැන කොරනෙල් පරීක්ෂණයක්
දෙමළ බැරි වුණත්, නිකම් දෙනවානම් දෙමළ පත්‍තරේ වුණත් ගෙදර අරන් යන මිනිස්සු ඉන්න රටේ උපන් තෙකට ව්‍යායාමයක් කරලා නැති විදුහල්පතිවරයෙකු වුණත් නිකම් දෙන කර්නල් තනතුරක් ගන්න කොර්නෙල් පරීක්ෂණයකට පවා මුහුණ දෙන්න යන එක ගැන පුදුම වෙන්න ඕනැ නැහැ. මගේ ජීවිතේ අවුරුදු දෙකක් මහරගම ගුරු විද්‍යාලේ ගෙවුණා. අල්ලපු වැටේ ජාතික අධ්‍යාපන ආයතනේ පුස්තකාලය තිබුණ නිසා මේ අවුරුදු දෙක සම්පූර්ණයෙන් ම නිෂ්ප්‍රයෝජන වුණේ නැහැ. අපට හිටියා හරි ෂෝක් ගුරු අධ්‍යාපනඥයෝ ටිකක්. එක්කෙනෙක් අවුරුදු දෙකක් අපට ශාරීරික අධ්‍යාපනය ඉගැන්වූවා පංති කාමරයේ, පිට්ටනියක පස් පාගන්නේ නැතිව. මනෝ විද්‍යාව උගන්වපු ගුරු අධ්‍යාපනඥයා අවුරුදු දෙකක් ම පරණ සටහන් පොතක් බලාගෙන සටහනක් කියෙව්වා. එහි ඉංග්‍රීසි අංශ ප්‍රධානි වෙලා හිටපු මැඩම් නම් ටිකක් යමක් කමක් දන්න කෙනෙක්. හැබැයි, එයාට ඔය අධ්‍යාපනඥ පට්ටම තිබුණෙ නැහැ. මේකෙ තව හාදයෙක් මුළු අවුරුදු දෙකම කළේ මිනිහා තමයි සුදුස්සා, ඒ වුණාට මිනිහාට තැනක් නැහැ කිය කියා අඬපු එක. පස්සෙ මේ හාදයා පළාතක ඉංගිරිසි විෂය භාරව වැඩ බලන තනතුරකට ගිහින් ඒක කෑවා. මේ ළඟදි දවසක් පරිවර්තන අතානාත්තුවක ගනුදෙනුවක බේරාගන්න ...