Posts

Showing posts with the label නායකත්ව පුහුණුව

රාජ්‍ය නවක වධ වැඩසටහන දෙවන අදියර අද ඇරඹේ

Image
(2011 ජුනි 17,   W3Lanka )   සරසවි සිසුන්ට හමුදාව ලවා නායකත්ව පුහුණුව හා ධනාත්මක ආකල්ප පිළිබඳ කියා දීමේ දෙවන වැඩසටහන රට පුරා මධ්‍යස්ථාන 29කදී අද ආරම්භ වේ. මෙම පුහුණුවට මෙවර සිසුන් 10,032ක් කැඳවා තිබේ. උසස් අධ්‍යාපන ඇමතිවරයා පවසන පරිදි නවක වධය වැළැක්වීමේ ‍අරමුණින් පවත්වනු ලබන මෙම වැඩසටහන මෙහෙයවනු ලබන්නේ නවක වධය වැඩියෙන් ම කරන පිරිසක් වීම විශේෂත්වයකි. පසුගිය පුහුණුවට සිසුන් 9848ක් සහභාගි වූ බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය කියයි. රජය විසින් මෙම පුහුණුව අනිවාර්ය කරන ලද අතර, එයට සහභාගි නො වුවහොත් හො ඒය විවේචනය කළහොත් පළි ගැනීමට ලක් වනු ඇතැයි බියක් සිසුන් අතර ඇති කරන ලදී. පළමු අදියරේ පුහුණුවේදී සිසුන්ට (විශේෂයෙන් ම සිසුවියන්ට) සපයන ලද පහසුකම් ඉතා දුර්වල මට්ටමක තිබුණු බව වාර්තා විය. බරපතල හදිසි අනතුරු කීපයක් ද සිදු විය. මෙම ඡායාරූපයේ සිටින සිසුවියගේ පාදයේ අස්ථි බිඳී ගිය අවස්ථාවේ මාදුරුඔය හමුදා කඳවුරේ බලධාරීන් ඇය රෝහල් ගත කරන්නේ දින දෙකක් ප්‍රමාද වී ය. රෝහලේදී ඇයට හදිසි සැත්කමක් කරන ලදී. කෙසේ වෙතත්, ශාරීරික අභ්‍යාස, ක්‍රීඩා වැනි මෙම වැඩසටහනේ ඇතැම් අංග කෙරෙහි සිසුන්ගේ...

විදුහල්පතීන්ට හමුදා පුහුණුව දීම හෙවත් පය බරවායට පිටි කය බෙහෙත් බැඳීම

Image
Making principal the biggest bully of school (2011 මැයි 28,   W3Lanka )  අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් පසුගිය දිනෙක ඉසිපතන විද්‍යාලයේ පැවති උත්සවයකදී කරන ලද කතාවකින් හෙළිදරව් වූ කරුණක් වූයේ රජයේ පාසල්වල විදුහල්පතිවරුන් 1000කට ද හමුදා මෙහෙයවීමෙන් නායකත්ව පුහුණුව සැපයීමට සැලසුම් කර ඇති බවයි. අධ්‍යාපන ලේකම්වරයාට අනුව විදුහල්පතිවරුන්ට මෙම පුහුණුව අවශ්‍ය වන්නේ තාප්පයකින් පැන ළමයකු අල්ලා ගන්නට පුළුවන් වන්නට හා ළමයින්ට බය නැති වන්නට ආදියටයි. අහෝ දුකකි! මේ රටේ අධ්‍යාපන බලධාරීන් විදුහල්පතිගේ භූමිකාව හඳුනාගෙන ඇත්තේ එසේ ය: ඔවුන්ට අනුව, විදුහල්පති චණ්ඩියකු විය යුතු ය. මේ රටේ පිළිගැනුම අනුව නායකයා යනු චණ්ඩියෙක් ද? අධ්‍යාපන කළමනාකරණයේදී විදුහල්පති විසින් කළ යුතුව තිබෙන කාර්යභාරය අතිශය වැදගත් ය. විදුහල්පති හොඳ අධ්‍යාපනවේදියකු වීම මෙහිදී අත්‍යවශ්‍ය දෙයකි. ලංකාවේ විදුහල්පතිවරුන්ගේ ගැටලුව එසේ නො වීමයි. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී ගුරුවරුන්ට නායකත්වය දීමට විදුහල්පතිවරයා දක්ෂ නො වීමයි. විදුහල්පති සේවයේ ඇති මෙම ගැටලුව විසඳීම සඳහා වැඩපිළිවෙලක් නො යොදා විදුහල්පතිවරුන්ට හමුදා...

ජෝක්ලන්තයේ රාජ්‍ය නවක වධ වැඩසටහන අද ඇරඹේ

Image
ජෝක්ලන්තයේ සරසවි සිසුන්ගේ මිලිටරි පුහුණුව හෙවත් රාජ්‍ය නවක වධ වැඩසටහන අද ඇරඹේ. කලින් සැලසුම් කළ පරිදි සිසුන් කොටසක් ජෝක්ලන්ත රජ මැදුරට ගෙන්වා වාත කර රජතුමා නවක වධය නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිත ය.  ජෝක්ලන්ත සරසවි සිසුන් ඩබල් එකේ (double speed) යන්න, එන්න, කන්න, බොන්න, සෝටා (shorts) ඇඳගෙන ඩිප් ගහන්න, බැරි වුණොත් ඉසි පෝසන් (Easy position) ඉන්න, පැටික් (fatigue) කරන්න, හයියෙන් කතා කරන්න, වම දකුණ ගහන්න, කැටගරි (category) නො වී ඉන්න අද සිට ඉගෙන ගනිති.  මින් මතු ජෝක්ලන්තයේ සරසවි විවෘත වනු ඇත්තේ නායකයන්ට පමණි. ජෝක්ලන්ත උගතුන්ට මොළය ටිකක් හෝ තිබීමේ ප්‍රශ්නය විසඳීම සඳහා මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

එස්.බී.ගේ සරසවි සිසු නායකත්ව පුහුණුව කුමකට ද?

Image
(2011 මැයි 19,   W3Lanka )   2011 වසරේ අලුතෙන් සරසවියට ඇතුල් වන සිසුන්ගේ ඉසෙඩ් ස්කෝර් ලකුණු නිකුත් වන්නටත් පෙර 20,000ක් වූ කණ්ඩායමෙන් 10,000ක් 23දා සිට නායකත්ව පුහුණු හා ධනාත්මක ආකල්ප වර්ධන පාඨමාලාවකට හමුදා කඳවුරු 28කට කැඳවා තිබේ.  මෙම ‍ඓතිහාසික පුහුණුව ආරම්භ වන්නේ ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් ජනාධිපති මන්දිරයෙනි. එයට සහභාගි වීම අනිවාර්ය වේ. වලංගු හේතුවක් නොමැතිව සහභාගි නො වන්නන්ට සරසවි දොර වැසේ. ඒ නිසා එයට අකැමැති විය නො හැකි ය. කැඳවුම් ලිපියට අනුව, මෙම පාඨමාලාවට සහභාගි වූවා කියා සරසවිවලට අනිවාර්යයෙන් ම බඳවා ගන්නේ ද නැත.  උසස් අධ්‍යාපන ඇමතිවරයා වරින් වර කියා ඇති පරිදි මෙය නවක වධය වැළැක්වීමේ පියවරකි. ලංකාවේ සරසවිවල ඇති ලොකු ම ප්‍රශ්නය නවක වධය ද?  මේ කරන්නේ ඇතැම් විට නවක වධය ආණ්ඩුවේ තනි බුක්තියට පවරා ගැනීමක්දැයි සැක සිතේ. ආණ්ඩුව සිතන්නේ ජවිපෙ නවක වධය හරහා සිසුන්ගේ මොළ සෝදා අන්තරේට බඳවා ගන්නවා කියා ද? ඒ නිසා දැන් ඔවුහු ඒ වැඩේට තමන් ම බැස ඇතිවා වන්නට ද පුළුවන.  යුද්ධයෙන් පසු හමුදාවටත් ඒ තරම් වැඩක් නැත. රණවිරු රියල් ස්ටාර් වැඩසටහනට ද ප්‍රේක්ෂක ප...