රාජ්‍ය නවක වධ වැඩසටහන දෙවන අදියර අද ඇරඹේ

(2011 ජුනි 17, W3Lanka) සරසවි සිසුන්ට හමුදාව ලවා නායකත්ව පුහුණුව හා ධනාත්මක ආකල්ප පිළිබඳ කියා දීමේ දෙවන වැඩසටහන රට පුරා මධ්‍යස්ථාන 29කදී අද ආරම්භ වේ. මෙම පුහුණුවට මෙවර සිසුන් 10,032ක් කැඳවා තිබේ.


උසස් අධ්‍යාපන ඇමතිවරයා පවසන පරිදි නවක වධය වැළැක්වීමේ ‍අරමුණින් පවත්වනු ලබන මෙම වැඩසටහන මෙහෙයවනු ලබන්නේ නවක වධය වැඩියෙන් ම කරන පිරිසක් වීම විශේෂත්වයකි.


පසුගිය පුහුණුවට සිසුන් 9848ක් සහභාගි වූ බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය කියයි. රජය විසින් මෙම පුහුණුව අනිවාර්ය කරන ලද අතර, එයට සහභාගි නො වුවහොත් හො ඒය විවේචනය කළහොත් පළි ගැනීමට ලක් වනු ඇතැයි බියක් සිසුන් අතර ඇති කරන ලදී.


පළමු අදියරේ පුහුණුවේදී සිසුන්ට (විශේෂයෙන් ම සිසුවියන්ට) සපයන ලද පහසුකම් ඉතා දුර්වල මට්ටමක තිබුණු බව වාර්තා විය. බරපතල හදිසි අනතුරු කීපයක් ද සිදු විය. මෙම ඡායාරූපයේ සිටින සිසුවියගේ පාදයේ අස්ථි බිඳී ගිය අවස්ථාවේ මාදුරුඔය හමුදා කඳවුරේ බලධාරීන් ඇය රෝහල් ගත කරන්නේ දින දෙකක් ප්‍රමාද වී ය. රෝහලේදී ඇයට හදිසි සැත්කමක් කරන ලදී.


කෙසේ වෙතත්, ශාරීරික අභ්‍යාස, ක්‍රීඩා වැනි මෙම වැඩසටහනේ ඇතැම් අංග කෙරෙහි සිසුන්ගේ ලැදියාවක් තිබුණු බව ද දැන ගන්නට ඇත. 


රටේ ව්‍යායාම හා ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීමට අධ්‍යාපන හා ක්‍රීඩා බලධාරීන් අසමත් වීම නිසා සරළ ශාරීරික ව්‍යායාම පවා සරසවි සිසුන්ට අලුත් ම දේ වී ඇති බව දැනගන්නට ඇත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මෙහි මාතෘකාව මදල් වෙනස් විය යුතුයැයි සිතේ.
    "රාජ්‍ය නවක වධ වැඩසටහන" ලෙස ඔබ එය අර්ථ දක්වන්නේ කුමන පදනමකින් දැයි මට නොතේරේ..පක්ෂ දේශපාලනය මඳක් පසෙක තබා බැලූ විට මේ ක්‍රියාත්මක වන්නේ සමාජ මෙහෙවරක් බව ඔබ ඇතුලු පිරිසක් තේරුම් නොගැනීම ජාතියේ අවාසනාවකි...එස්බී ගේ මෙන්ම මහින්දගේ බහුතරයක් වැඩ මටද දිරවන්නේ නැත, නමුත් හරි දේ අගැයීමට තරම් අප කුහක නොවිය යුතුය.. පළමු අදියර සැළකිය යුතු තරමේ සාර්ථකත්වයක් ලබද්දී ඉහත ලිපිය මම සළකන්නේ නොලියවෙන්නට තීබූ එකක් ලෙසටය..සහභාගී වූ සිසුන් 9848 ගානෙන් උපරිම වශයෙන් 10 දෙනෙකු හදිසි අනතුරු වලට ලක් වන්නට ඇත.ප්‍රතිශතය 0.1015% පමණ වේ, කොල්ලෝ-කුරුට්ටන් එකතුවී ෆුට්-බෝල් මැච් එකක් ගැසුවත් ඔයිට වඩා ප්‍රතිශතයක් අනතුරු වලට ලක් විය හැකි බැව් මාගේ දැනීමය.හදිසි අනතුරු පැත්තකින් තබා මෙහි කතා කල යුතුම පැත්තක් ඔබට මඟහැරී තිබේ.ඒ මෙහිදී ලබා දී තිබූ අධ්‍යාපනය පිළිබඳවය.ඔබ නිකමටවත් සහභාගී වූවෙක් හමුවී කතා කලා නම් ඒ ටික ඔබට දැන ගත හැකිව තිබිනි.සාමාන්‍ය පංති කාමරය තුල ඉගැන්වීමක් නොකෙරෙන නමුත් සමාජයේ ජීවත් වන්නට දැන සිටිය යුතු සමාජයීය දැනුමක් ලබා දී ඇති බව පමණක් කියමි. මේ දැනුම නොමැති කමේ පල විපාක අපි අද සරසවි තුල දකිමු.අඩුම ගනනේ කොඩියක් සිටුවීමට වලක් හෑරීමට නොදන්නා පියරු බබ්බු පිළිබද කතන්දර වැස්සකටවත් සරසවියකට ගොඩවී ඇති අයනම් දනී..ඒ කෙසේ වෙතත් අපි වාරි කර්මාන්තයේ අග තැන්පත් පරපුරකින් පැවත එමු.උපන්තේකට තම දෙමව්පියන් හැර වෙන අයෙක් සමග මිනිත්තු පහකට වඩා කතා නොකල සුකුමාලයන් සරසවියේ අවුරුදු හතර ගෙවන්නේ කෙසේද..? පීඩනය දරා ගත නොහැකිව ගෙල වැල ලා ගන්නේ ඔවුන් නොවේද..? මේවා වෙනස් වීමට යම් කිසි යාණ්ත්‍රනයක් අවැසිය මෙය මූලරම්භය පමණකි ඉදිරිය පැහැදිලි කර ගමන යායුතුය.. ස්තුතියි

    ReplyDelete
  2. ඔබ කියන ගැටලු අධ්‍යාපනයේ තිබේ. එහෙත්, කළ යුත්තේ ඒවාට මෙවැනි පැලැස්තර විසඳුම් දීම නො වේ. 'සමාජයේ ජීවත් වන්නට දැන සිටිය යුතු සමාජයීය දැනුමක් ලබා දීම' කරන්නට හමුදා අවශ්‍ය නැත. රටක අධ්‍යාපනය කියන්නේ 'සමාජයේ ජීවත් වන්නට දැන සිටිය යුතු සමාජයීය දැනුමක් ලබා දීම'යි. එය හරියට සිදු නො වේ නම් කළ යුතුව ඇත්තේ ලෙඩේ මුල සොයා බෙහෙත් දීමයි.

    ReplyDelete
  3. "ලෙඩේ මුල සොයා බෙහෙත් දීම" ට දැන් පමා වැඩි නම් කුමක් කරම්ද? මේ සිසුන් ටික අයාලේ යන්න හරිම්ද?.. එස්බීටත් ටිකක් දැනෙන වෙනසක් කර පෙන්වීමට අවැසිය,මුකුත් නැතිවාට දැමිය හැකි පැලැස්තරය වටිනා බව මාගේ විශ්වාසයයි...හමුදාව ප්‍රධාන සිද්දිය නොවේ මේ හා පිරිසක් ආං බාං කල හැකි තවත් රජයේ ආයතනයක් නම් කළ හැකිද..? ලගා කරගත හැකි විකල්පය මෙයයි.. අනෙක් අතට හමුදාව මගින් මොවුනට සිදුවී ඇති වරඳ කවරේද.? මේ කර්තව්‍යයේදී මොවුන් ඉතාමත් වගකීමෙන් කටයුතු කළ බැව් දැන ගතිමි.. උදාහරණයක් ලෙස ඔවුන් සිසුන්ට "මිස්ටර් (Mr)" ලෙස හා.. සිසුන් ඔවුනට ස්ටාෆ්(staff) ලෙස ආමණ්ත්‍රනය කිරීමේ ක්‍රමයක් පවතී..(වඩාත් හිතවත් හමුදා සෙබලුන්ට නම් අය්යේ කියා කියූ බැව් ආරංචි වේ)..ලංකාවේ හමුදාව ගැන ජාත්‍යන්තර විශ්වාසය කෙසේ වෙතත් ලාංකිකයන් සිතන ආකාරය ගැන සෑහීමකට පත් විය හැකිද..?

    ReplyDelete
  4. People join army because they cant find a better job. Not due to patriotism, thats the truth. There are serious issues with their standards. I dont see its good to let uni students learn anything from these people. Rather they could have been taught by uni lecturers and staff

    ReplyDelete
  5. metheek kal nayakain bihi uye mevani puhunuvalin nove.pasal vala aurudu 13 k thula diyya nohaki puhunuva 1 masayakin deemata sitheema vihiluvaki.sarasaviye meta vada visadiya uthu prasna emataya.acharyavarunta labena vatupa kisiseth pramanavath natha.oungen bahutaraya seevaya karanuye seevayak vasayen misa vatupatama novee.shisshathva labagena rata pena yalith lankavata noena ugathun pirisata ovn novatee siteema aganeeya.lokuma varada uyee ovn sama"harek" pasugiya samaye pata paksha valata kadee yammaya,samanya minisageee mola vikurthi kereemaya.konda kada ganeemaya.dan kadee giya ayama uda balan kela gasa ganithi.mein vanuyee avanka acharyavarungeda thathvaya pahala vateemai.pakshapathithvaya yanu karana hama deyakma hari yai keema yai samahara kadeyana acharyavaru ha rateee mahaganathava sethima gana sisun lesa pilikul karamu.amathi sisunta "ganjakarain"kiyaddeth noasuna lesa sitina demapiyan gana aththee veedanavaki.campus ekaata mudal geva ena davasa dura novee...edinatada "hari hodainee" kimatada piris sitinu atha.ovnge aramuna evita sabe vanu atha.avasanaye out vana sisuvata rakiya natha.mudal geva ema patamalavama kala sisun onataram sitinu atha.upadiya kola keellak ...vayasa giya sisu pirisak pamanak ithirive....(Sinhala type karanna bari veema gana samavenna.aseeruvenho kiyavavi sithami.mama jvp vath unpvath slfp vath novena sisuvekmi.me mata hagena deeya .)

    ReplyDelete
  6. ඔය පුහුනුවෙන් නායකයෝ බිහි වෙන්නත් පුලුවන්, හොද වැඩක් වෙන්නත් පුලුවන්, ඒත් මේක ප්‍රජාතාන්ත්‍රවාදි රටක්නෙ බලෙන් මිනිස්සු පුහුනු කදවුරු වලට දාන්න බෑනේ,මේක "අනිවාර්ය" විය යුතු නෑ. හොදනම් කැමති අයට මේකට සහභාගී වෙන්න පුලුවන්.

    ReplyDelete
  7. hamudaawe inne job nathiwa giya minissu kiyana eka ithama bolanda kathaawak....ehema ayath aniwaaren athi...eth me lamainwa puhunu karawanne hamudawe privatela kiyala kawda kiwwe ? e kattiya hugak welaawata rank walin ihala yanneth naa..me puhunuwata damme hoda winayak athi daksha niladhaareen....anika hamudaweth lecturers la innawa....KDU gana ahala nadda....Kothalawala diffence university eka....ekedi puhunuwai proffessional knowlege ekai 2ma danna kattiya thamai hamudaawata denne....katata aawata comment dana eka hoda na neda

    ReplyDelete
  8. hamudhawe inna job nathi minissu thamai bolaa wage bath kana haraktath jeewath wenna ratak ithuru kale..

    ReplyDelete
  9. මම දැන් 2වන වසර සරසවි සිසුවෙක්. මුලින්ම කියන්න ඕනා ඔය නායකත්ව පුහුණුව ගැන දැන් සරසවි ඇතුලෙ ඉන්න සිසුන්ගෙ කිසිම සැලකීමක් නැති වග. සරසවියට එන්නත් කලින් අලුත් බැච් එකේ මල්ලිලා නන්ගිලා එකිනෙකා බොහොමයක් අඳුරගෙන එන්නෙ.ඔවුන්ට ඉතුරු වෙන්නෙ සීනියර්ස්ලා සමඟ සහයෝගයෙන් වැඩ කිරිම පමණයි...... පිට ඉන්න උදවිය කොච්චර කෑගහුවත් සරසවි සිසුන් කුහකයො නෙවෙයි.

    ReplyDelete
  10. මේ වැඩසටහන හමුදා පුහුණුවකට වැඩ "මහින්ද චින්තන " පුහුණු වැඩසටහනක් යි කියන්නාට පුළුවන්.රටේ තරුර පරපුර මොළ සෝදන ලද එකම "මොඩලයේ" පිරිසක් බවට පත කීරීම මෙහි අරමුණ විය හැක.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා