මෙන්න දේශපාලුවන් අපේ බඩට ගහන අන්දම

(2011 ජුනි 08, W3Lankaකොළඹ දිස්‌ත්‍රික්‌ එජාප මන්ත්‍රී රවි කරුණානායක ඇසූ පැනයකට පිළිතුරු ලෙස මුදල් නියෝජ්‍ය ඇමැති ගීතාංජන ගුණවර්ධන ඊයේ (07 දා) පාර්ලිමේන්තුවේ සභාගත කළ ලේඛනයක සඳහන් වන පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලින් ආණ්ඩුව බදු අය කරන අන්දම පහත් දැක්වේ.


දරුවාගේ කිරි බෝතලයෙන්, බඩගින්නට කන බත් පතෙන්, ළූනු ගෙඩියෙන්, පරිප්පු හොද්දෙන්, වැඩට යන මෝටර් සයිකලයට, බසයට ගහන තෙල් ටිකෙන් ගසා කන මේ කෲර බදු මුදල්වලින් ඔබට සැලසෙන සේවය කුමක් ද යන්න සිතා බලමින් ඒවා කියවන්න. මේවා ප්‍රධාන වශයෙන් යෙදවෙන්නේ තරබාරු දේශපාලක හැතිකරයක් හා අන්තේවාසික නිලධාරි පැළැන්තියක් නඩත්තු කරන්නට ය. සංවර්ධනය නමින් සිදු වන උමතු කොමිස් ව්‍යාපෘති දියත් කිරීමට ය. අප නියෝජනය කරන බව කියන අයට මෙන් ම අපට ද ලජ්ජාව කියා දෙයක් නැත.


2009 වසරේදී කිරිපිටි ආනයනයෙන් රුපියල් කෝටි 676 ක්‌, ගෑස්‌ ආනයනයෙන් රුපියල් කෝටි 357 ක්‌, සීනි ආනයනයෙන් රුපියල් කෝටි 749 ක්‌, පරිප්පු ආනයනයෙන් රුපියල් කෝටි 81 ක්‌, ලූනු ආනයනයෙන් රුපියල් කෝටි 349 ක්‌, අර්තාපල් ආනයනයෙන් රුපියල් කෝටි 222 ක්‌, සහල් ආනයනයෙන් රුපියල් කෝටි 41 ක්‌, ටින් මාළු ආනයනයෙන් රුපියල් කෝටි 101 ක්‌, ඛනිජ තෙල් ආනයනයෙන් රුපියල් කෝටි 1908 ක්‌ බදු ලෙස උපයාගෙන තිබෙන බව සභාගත කළ ලේඛනයේ සඳහන් වේ.


කිරිපිටි සඳහා 5% ක වරාය හා ගුවන් තොටුපළ බද්දක්‌ද, 2% ක ජාතිය ගොඩනැඟීමේ බද්දක්‌ද අය කෙරේ. ගෑස්‌ සඳහා 5% ක වරාය හා ගුවන් තොටුපළ බද්දක්‌ද, 2% ජාතිය ගොඩනැඟීමේ බද්දක්‌ද අය කරන අතර සීනි ආනයනයේදී කිලෝවකට රුපියල් 5 ක හා පරිප්පු ආනයනයේදී කිලෝවකට රුපියල් 10 ක විශේෂ වෙළෙඳ බද්දක්‌ද අයකෙරේ.


ලොකු ලූනු සඳහා කිලෝවකට රුපියල් 10 ක විශේෂ වෙළෙඳ බද්දක්‌ද, සහල් සඳහා කිලෝවකට රුපියල් 20 ක තීරු බද්දක්‌ද, 5% ක වරාය හා ගුවන් තොටුපළ බද්දක්‌ සහ 2% ක ජාතිය ගොඩනැඟීමේ බද්දක්‌ද අය කෙරේ.


ටින් මාළු සඳහා කිලෝවකට රුපියල් 85 ක විශේෂ වෙළෙඳ බද්දක්‌ද පෙට්‍රල් සඳහා ලීටරයකට රුපියල් 25 ක නිෂ්පාදන බද්දක්‌ද, 5% ක වරාය හා ගුවන් තොටුපළ බද්දක්‌ සහ 2% ක ජාතිය ගොඩනැඟීමේ බද්දක්‌ අය කෙරේ.


ඩීසල් ආනයනයේදී ලීටරයට රුපියල් 2.50 ක නිෂ්පාදන බද්දක්‌ද, 5% ක වරාය හා ගුවන් තොටුපළ බද්දක්‌ සහ 2% ක ජාතිය ගොඩනැඟීමේ බද්දක්‌ද අයකෙරෙන බව සභාගත ලේඛනයේ දැක්‌වේ.
(උපුටා ගැනීම දිවයින පුවත්පතෙනි)


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. අපිට සන්සන්දනය කරන්න පහත සංඛ්‍යාලේඛණ ලබාදෙන්න පුලුවන්ද?
    2009 වසරේ පහත සදහන් වියදම්
    1.පාර්ලිමේන්තු, පලාත්සභා, පලාත්පාලන ආයතන වල මංත්‍රී වැටුප් හා සියලු දීමනා
    2.ඇමතිවරුන් හා ඔවුන් ගේ පුද්ගලික කාර්ය මණ්ඩල වල වැටුප් හා සියලු දීමනා (ස්ථිර කාර්ය මණ්ඩල එපා)
    3.සංස්ථා හා මණ්ඩල වල සභාපතිවරුන්ගේ වැටුප් හා සියලු දීමනා (ස්ථිර කාර්ය මණ්ඩල එපා)
    4.දේශපාලකයන් සහ දේශපාලන පත්වීම් ලැබූ අනෙකුත් අය (උදා: උපදේශකයන්) රජයෙන් ලබණ වැටුප් හා සියලු දීමනා
    5.රජය ජනතා සුභ සිද්ධිය වෙනුවෙන් (සෞඛ්‍ය,අධ්‍යාපනය....) වෙනුවෙන් කළ සම්පූර්ණ වියදම
    මේවාත් දැන ගත්තොත් කතාව සම්පූර්ණ වෙනවා.නැත්නම් අපි දන්නේ බාගයයිනේ.

    ReplyDelete
  2. කාලකන්නි දේශපාලකයින් ගැන කියන කතාව ඇත්ත. හැබැයි මේ සල්ලි වලින් ම තමයි ආණ්ඩුවේ ඉස්පිරිතාල වලට බෙහෙත් ටික ගන්නේ, අධ්‍යාපනයට දාන සොච්චම දාන්නේ. ඔබ කිරි පොවන කොටි පැටියන් රට පුරා දඩයම කරන විට රටේ මිනිසුන්ට ආරක්ෂාව සපයන්නේ. බහුතරයක් රටට බරක් උන රජයේ සේවකයින්ට පඩි ගෙවන්නේ.

    කාලකන්නි දේශපාලනයටත් ලොකු කෑල්ලක් යන බව ඇත්ත. අනික් කෑල්ල ගොඩක් ලොකුයි හැබැයි.

    එඩිතර තුමා, ඔබට පුළුවන් මේ සංක්‍යා ලේඛන ලබා ගන්න. මේ ගැන සාධාරණ විවේචනයක් කලානම් නේද හොඳ?

    හැබැයි මා මේ අදහසත් එක්ක මුළු මනින අකංග නොවන්නේ නැහැ. රට වටේ අර සැබෑවයි මේ සැබෑවයි කියාගෙන අටවාගෙන රටේ සල්ලි කාබාසිනියා කරන බව නම ඇත්ත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා