ජාතික ප්‍රශ්නයට විසඳුම් යෝජනා කිරීමේදී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය අනෙක් කාරණාවලදි කෝ?

(2011 ජුනි 29, W3Lanka) උතුරු නැගෙනහිර ප්‍රශ්නය සඳහා විසඳුමක්‌ ඉදිරිපත් කිරීම රටේ උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුවට පැවරීමට තමන් තීරණය කළ බවත් ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්‍ෂවල එකඟතාවෙන් යුතුව සම්මත කරන ඕනෑම විසඳුමක්‌ තම රජය භාරගන්නා බවත්, පාර්ලිමේන්තු කාරක සභාවක්‌ තරම් එයට සුදුසු වෙනත් විකල්පයක්‌ නැති බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ප්‍රකාශ කරයි. 


ජනාධිපතිවරයා මෙම කරුණු අවධාරණය කළේ ඊයේ (28 දා) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් සමග සුහද හමුවේදීය.


හා, හා, ඉතා ම ප්‍රජාතන්ත්‍රවාදී යෝජනාවක්! ඒත්, රටේ ලොකු ම ප්‍රශ්නය විසඳීමේ ලා ඇති මේ 'ප්‍රජාතන්ත්‍රවාදය' කෝ මේ ප්‍රජාතන්ත්‍රවාදය අනෙක් කරුණුවලදී?


මෙහෙම ස්ථාවරයක ඉඳිමින් දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා වට හතක් (අද සාකච්ඡාවත් සමග) පැවැත්වූයේ පාර්ලිමේන්තුවෙන් අහලා ද?


මීට පෙර පත් කරන ලද තිස්ස විතාරණ සමසමාජ ඇමතිගේ සභාපතිත්වයෙන් යුත් සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ සාකච්ඡා වට සියයකට වැඩි ගණනකින් පසු සම්පාදනය කරන ලද වාර්තාව තිස්ස විතාරණත් සමග ම කුණු කූඩයට විසි කළේ පාර්ලිමේන්තුවෙන් අහලා ද?


රු. කෝටි 26,500ක් වැය කර හම්බන්තොට 2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල පවත්වන්නට කරන ප්‍රචාරය වෙනුවෙන් PMP ලෙගසි නම් විදේශ සේවා මහජන සම්බන්ධතා සමාගමට රු. මිලියන 400ක් හෝ ඊට අඩු වැඩි ගණනක් මුදල් ගෙව්වේ පාර්ලිමේන්තුවෙන් අහලා ද?


පාලකයන්ගේ හෙංචයියන් විසින් අක්‍රමවත් ලෙස බලය අල්ලාගෙන නොකළමනාකරණය කර, මුල්‍ය අර්බුදයකට තල්ලු කර තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට රු. බිලියන දෙකක මහජන මුදල් ප්‍රදානයක් දෙන්නට යන්නේත් පාර්ලිමේන්තුවෙන් අහලා ද?


හම්බන්තොට වරායේ ගල කඩන්නට පෙර, උපන් දින සංදර්ශනයක් පවත්වන්නට වතුර පිරෙව්වේ පාර්ලිමේන්තුවෙන් අහලා ද?


පෞද්ගලීකරණය නො කරන බව ශපථ කරමින් හිඳිමින් ගාලු මුවදොර වටිනා ඉඩම් අක්කර 20ක්, කල්පිටියේ දූපත්, සාම්පූර් ඇතුළු රට පුරා රජයේ ඉඩම් පෞද්ගලික අංශයට හා පිටරටට විකුණා දමන්නේ පාර්ලිමේන්තුවෙන් අහලා ද?


බදු වැඩි කරන්න, මහජන වියදම් කප්පාදු කරන්න රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වුණේ පාර්ලිමේන්තුවෙන් අහලා ද?


පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ඉතුරුම් කොල්ල කෑමේ අරමුණින් පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුප් යෝජනාවක් ‍ගෙනැවිත්, රටේ කැළඹිලි ඇති කර, අහිංසකයකු මරා දමා, එම යෝජනාව තාවකාලිකව හකුලා ගත්තේ පාර්ලිමේන්තුවෙන් අහලා ද?


මෙහේදී බැන, බැන නිව්යෝක්හිදී දරුස්මාන් කමිටුව සමග සාකච්ඡා කළේ පාර්ලිමේන්තුවෙන් අහලා ද?


එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපිට ඇමතිවරුන් ලවා මාරාන්තික උපවාස කරමින් බකමූණා ලෙස නම් කරවූ බැන් කී මූන්ට දෙවන වරටත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ලෙස තේරී පත් වන්නට උදව් කළේ පාර්ලිමේන්තුවෙන් අහලා ද?


මේ ලැයිස්තුවට ඔබේ අදහසුත් ඇතුළත් කරන්න.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. 1.සරත් ෆොන්සේකා මහතා සිරගත කර සිටින්නේ පාර්ලිමේන්තුවෙන් අහලද?
    2.අධිකරණයෙන් වරදකරුවන් කළ අයට සමාව දී නිදහස් කළේ පාර්ලිමේන්තුවෙන් අහලද?
    3.විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා මුදලට විකුණුවේ පාර්ලිමේන්තුවෙන් අහලද?
    4.SLPL කියල එකක් පටන්ගන්නේ පාර්ලිමේන්තුවෙන් අහලද?

    ලියන්න ගියොත් කෙලවරක් නෑ.ඒ නිසා මෙතනින් නවත්වනවා.

    ReplyDelete
  2. හික්.. මේක දැක්කොත් ලොක්කට හිතෙයි "මේ මඟුල මොකට පාර්ලිමේන්තුවෙන් ඇහුවද, කලින් වගේ කලා නං ඉවර නේ" කියලා..හික් හික්

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. Boho dena rawata gena hitiyata...rawatanna beri tika denaku innawa...hebai Bohodenawatha hemadama rawatanna be...ship eka sinking wena welawa enawa...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා