Posts

Showing posts with the label බලය බෙදීම

උතුර අවුල්! අපි නම් ෂෝක්!

Image
දෙමළ ජාතික සන්ධානය දිනුවත්, උතුරු පළාත් සභාව අවුල් යයි දකුණේ සිංහලයෝ සතුටු වෙති.  තවම බෝනස් ආසනවලට පත් කරන අය ගැන හා ඇමති මණ්ඩලය ගැන දෙමළ ජාතික සන්ධානය තුළ සංවාද තිබේ.  දකුණේ නම් එහෙම නැත. පළාත් සභාවලට තරග කරන්නේත්, දිනන්නේත් මැති ඇමතිවරුන්ගේ පවුල්වල සාමාජිකයෝ ය. බෝනස් ආසන දෙන්නේත්, මහ හා පොඩි ඇමතිවරු පත් කරන්නේත් ජනාධිපතිට ඕනෑ හැටියට ය. ඕනෑවට වඩා නටන්නට ඇවිත් පස්ස බිම ඇන ගත් එක්කෙනෙක් අද අවසන් ගමන් ගියේ ය. දකුණේ සංවාද නැත. ඇත්තේ රාජපක්ෂ පවුලට ඕනෑ හැටියට වැඩ කිරීමයි. ඉතින් සතුටුද? උතුරේ සංවාද ය. බෝනස් ආසනයක් මුස්ලිම් ජාතිකයකුට  දීමට යෝජනාවක් තිබිණි. ‍එයට එතරම් විරෝධයක් නැත. එසේම කාන්තාවනට, වෙනත් සුළු ජාතීන්ට, සුළුතර ආගමික නියෝජිතයන්ට බෝනස් ආසනයක් මාරුවෙන් මාරුවට දීමේ යෝජනාවක් ද තිබේ. යාපනය දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය කාන්තාවක් විසින් දිනා ගත්ත ද කාන්තා නියෝජනය මදි බවට අදහස් තිබේ. වයඹ හා මධ්‍යම පළාත් සභාවල‍ට කාන්තාවන් කීදෙනෙකු පත් වී තිබේ ද යන්න පිළිබඳ කිසිදු විමසුමක් දකුණේ තිබේ ද?  ආණ්ඩුකාරයා ඉදිරිපිට දිවුරුම් නො දීමට ද ජනාධිපතිවරයා යාපනයට ගෙන්වා ඔහු ඉද...

ආසයි බයයි නො වී ජනාධිපතිතුමනි ගමනේ යා!

අප විසින් ලියන ලද පසුගිය ලිපියකට ප්‍රතිචාර දැක්වූ පාඨකයෙක් මෙසේ කීවේ ය.  " ..........අද පැන නැඟිය හැකි සන්නද්ධ අරගල වනාහි කලින් පැවති ආකාරයේ භූමිය අත්පත් කරගෙන සටන් කරන ආකාරයේ ඒවා නො වේ. අතිශය ප්‍රචණ්ඩ ත්‍රස්තවාදී ප්‍රවණතා ය............... ඇයි උඹ සිංහලයා බය කරලද දෙමළට දෙන්න කියන්නේ උන්ගේ ප්‍රචන්ඩත්වය උපට වගේම උන්ටත් ඊට වැඩි ගුණයකින් අත් විදින්න වෙන බව උන් වගේම උබත් තාම ඉගෙන නැත්නම් මොනව කරන්නද ....  " සිංහල, දෙමළ සමාජයන් දෙකේ ම ප්‍රචණ්ඩත්වයට ලොල් කරන මෙවැනි අන්තවාදී කොටස් සිටින බව රහසක් නො වේ. ඔවුන් හැම විට ම කැමති ප්‍රශ්න සමාදානයෙන් විසඳා ගැනීමට නො වේ. ඒ වෙනුවට ඔවුන් සැම විට ම සොයන්නේ ගැටුම් සඳහා නිමිති ය.  අප විසින් පෙන්වා දෙනු ලැබුවේ  ජාතික සංහිඳියාව ඇති කිරීම පිණිස පියවර නො ගැනීමෙන් ඇති විය හැකි ආදීනවයි.  එසේ කටයුතු නො කිරීම ඇත්තෙන් ම වාසිදායක වන්නේ සිංහල හා දෙමළ ජාතිවාදීන්ටයි. අනෙක් ජාතිය කෙරෙහි වෛරය පතුරුවා සිය දේශපාලන අභිලාෂයන් ඉෂ්ට කර ගැනීමේ ඔවුන්ගේ අරමුණ ඉටු කර ගැනීමට ගැටුම්කාරී තත්වය මෝරා යාම මහඟු අවස්ථාවකි.  එහෙත්, රජයට මෙහි ඇත...

ජාතික ප්‍රශ්නයට විසඳුම් යෝජනා කිරීමේදී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය අනෙක් කාරණාවලදි කෝ?

(2011 ජුනි 29,   W3Lanka )   උතුරු නැගෙනහිර ප්‍රශ්නය සඳහා විසඳුමක්‌ ඉදිරිපත් කිරීම රටේ උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුවට පැවරීමට තමන් තීරණය කළ බවත් ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්‍ෂවල එකඟතාවෙන් යුතුව සම්මත කරන ඕනෑම විසඳුමක්‌ තම රජය භාරගන්නා බවත්, පාර්ලිමේන්තු කාරක සභාවක්‌ තරම් එයට සුදුසු වෙනත් විකල්පයක්‌ නැති බවත්  ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ප්‍රකාශ කරයි.   ජනාධිපතිවරයා මෙම කරුණු අවධාරණය කළේ ඊයේ (28 දා) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් සමග සුහද හමුවේදීය. හා, හා, ඉතා ම ප්‍රජාතන්ත්‍රවාදී යෝජනාවක්! ඒත්, රටේ ලොකු ම ප්‍රශ්නය විසඳීමේ ලා ඇති මේ 'ප්‍රජාතන්ත්‍රවාදය' කෝ මේ ප්‍රජාතන්ත්‍රවාදය අනෙක් කරුණුවලදී? මෙහෙම ස්ථාවරයක ඉඳිමින් දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා වට හතක් (අද සාකච්ඡාවත් සමග) පැවැත්වූයේ පාර්ලිමේන්තුවෙන් අහලා ද? මීට පෙර පත් කරන ලද තිස්ස විතාරණ සමසමාජ ඇමතිගේ සභාපතිත්වයෙන් යුත් සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ සාකච්ඡා වට සියයකට වැඩි ගණනකින් පසු සම්පාදනය කරන ලද වාර්තාව තිස්ස විතාරණත් සමග ම කුණු කූඩයට විසි කළ...

රැඳී සිටිමින් ඉන් ඔබ්බට යන ආණ්ඩුවට සුබ පැතුම්!

(2011 ජුනි 10,   W3Lanka )   උතුරේ ගැටලුවට දේශපාලන විසැඳුමක් ලබාදීමේදී රජය 13 වැනි ව්‍යවස්ථා සංශෝධන රාමුවෙහි රැඳී සිටිමින් ඉන් ඔබ්බට ගිය විසැඳුමක් ලබාදීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇමැති මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පවසා ඇත. හදිසි නීතිය හැකි ඉක්මනින් නිශ්චිත කාලසීමාවකදී සම්පූර්ණයෙන් ඉවත් කළ යුතුය යන්න ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මතය බව ද ඔහු පවසා ඇත. හොඳ දෙයක් නම් එය කරන්නේ ඉන්දියාවට හා බටහිරට බයේ ද නැද්ද යන්න අපට අදාළ නැත. අපි එය අගය කරන්නෙමු. රැඳී සිටිමින් ඉන් ඔබ්බට යනවා ය කියන එක නම් කුමක්දැයි අපට නො තේරේ. කමක් නැත. රඹුක්වැල්ල මහතා දන්නවා ඇත.  Something is better than nothing. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

බලය බෙදීම හා බාලගිරි අද නොවෙයි හෙට

Image
( 2011 ජනවාරි 18,  W3Lanka )   ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුවට අදාළව ස්ථාවර දේශපාලන විසඳුමක් ඉදිරිපත් කරන බවත්; එම විසඳුම සියලු දේශපාලන පක්ෂවල එකඟතාවකින් යුතු දේශපාලන යෝජනාවලියක් ලෙස නිසියාකාරව නිර්මාණය කරගන්නා බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පසුගියදා කියා සිටී.අරලියගහ මන්දිරයේ දී පැවති විදේශීය වාර්තාකරුවන්ගේ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ය. දේශපාලන විසඳුම් යෝජනාවලියේ දී බලය බෙදීම පිළිබඳ සංකල්පය සාකච්ඡාවේ ප්‍රධාන තැනට එන බව ද පොලිස් බලතල ලබාදීම වැනි කරුණු සැලකිල්ලට නො ගන්නා බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය. (දිනමිණ, 2011 ජනවාරි 15) 2005 වසරේදී ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සඳහා වූ දකුණේ එකඟත්වය ඇති කරගැනීම සඳහා බව කියමින් කැඳවන ලද සර්ව පාක්ෂික සමුළුවෙන් විසඳුම් යෝජනාවලියක් සැකසීමේ කාර්යය පැවරුණ සර්ව පාක්ෂික නියෝජිත කමිටුව රැස්වීම් 128කට වඩා පවත්වා යෝජනාවලියක් ඉදිරිපත් කරන ලදී. එම යෝජනාවලියේ බලය බෙදීම පිළිබඳ සඳහන් වන ආකාරය සමබිම වෙබ් අඩවියේ දක්වා ඇත්තේ මෙසේ ය: "බලය බෙදා හැරීම පිළිබඳ සර්ව පාක්ෂික නියෝජිත කමිටුව යෝජනා කරන්නේ ආණ්ඩු බලය මධ්‍යම ආණ්ඩුව, පළාත් සභාව සහ පළාත් පාලන ආයත...

මහ මැතිවරණයෙන් පසු බලය බෙදන්න ඉන්දියාව සමග අවබෝධයක්

Image
(2010 ජනවාරි 31 - W3Lanka )   මහ මැතිවරණයෙන් පසු ලංකාවේ පුළුල් බලය බෙදීමක් කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඉන්දියාව අතර අවබෝධයක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.  ඉන්දියාව මහින්ද රාජපක්ෂ පාලනයේ දේශපාලන චලනයන්ට පූර්ණ අනුග්‍රහය දක්වන්නේ මෙම අවබෝධය මත පදනම්ව බව ද දැන ගන්නට ඇත. පසුගිය ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ජය ගත් වහා ම ඉන්දීය අගමැති හා ජනාධිපති ඔහුට සුබ පැතූ හ.  දෙමළ ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති පිළි නො ගැනීම හා ඔහුට ඡ්නදය නො දීම කෙරෙහි ද, දැනට දෙමළ ඩයස්පෝරාවේ පැවැත්වෙමින් තිබෙන ඊලාම් ජනමත විචාරණ කෙරෙහි ද ඉන්දීය රජයේ අවධානය යොමු වී තිබේ. ලංකාවේ දෙමළ ජනයාගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම ඉන්දීය මධ්‍යම රජයට තමිල්නාඩුව සමග කටයුතු කිරීමේදී වැදගත් ය.  මේ අතර ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය යාපනයේ උප කාර්යාලයක් ආරම්භ කිරීමට ද සූදානම් කර තිබේ. මෙවැනි උප කාර්යාලයක් දැනට ඇත්තේ මහනුවර පමණි.