රැඳී සිටිමින් ඉන් ඔබ්බට යන ආණ්ඩුවට සුබ පැතුම්!

(2011 ජුනි 10, W3Lanka) උතුරේ ගැටලුවට දේශපාලන විසැඳුමක් ලබාදීමේදී රජය 13 වැනි ව්‍යවස්ථා සංශෝධන රාමුවෙහි රැඳී සිටිමින් ඉන් ඔබ්බට ගිය විසැඳුමක් ලබාදීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇමැති මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පවසා ඇත.


හදිසි නීතිය හැකි ඉක්මනින් නිශ්චිත කාලසීමාවකදී සම්පූර්ණයෙන් ඉවත් කළ යුතුය යන්න ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මතය බව ද ඔහු පවසා ඇත.


හොඳ දෙයක් නම් එය කරන්නේ ඉන්දියාවට හා බටහිරට බයේ ද නැද්ද යන්න අපට අදාළ නැත. අපි එය අගය කරන්නෙමු.


රැඳී සිටිමින් ඉන් ඔබ්බට යනවා ය කියන එක නම් කුමක්දැයි අපට නො තේරේ. කමක් නැත. රඹුක්වැල්ල මහතා දන්නවා ඇත. 


Something is better than nothing.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. / රැඳී සිටිමින් ඉන් ඔබ්බට යනවා ය කියන එක නම් කුමක්දැයි අපට නො තේරේ. /

    මොනවද පරා, හතර විලි ලැජ්ජාවයි නෙව, ඕක තේරෙන්නෙ නැද්ද?

    ඔය කියන්නෙ 13 වන ව්‍යාවස්ථා සංශෝධන රාමුව ඇතුලෙ ඉන්නව කාටත් පේන්ඩ. ඒ කරල ඉන්දියාවෙන් එහෙම වදේ බැරි වෙන කොට ඔය දේසප් පෙරේමියො එහෙම එහෙ මෙහෙ වෙනකල් ඉඳල අඩි දෙක තුනක් හුටුස් ගාල ඔබ්බට යනව." ආං , ආං ඔබ්බට ගියා හරීම නෝටි අනේ" කියල කට්ටිය විලාප තියන කොට විජහට රාමුව ඇතුලට පැනල කියනව " නෑ, නෑ, පිස්සුද? මම මේ රාමුව ඇතුලෙමයි හිටියෙ" කියල

    ඔන්න ඔහොම තමයි පරා, 13 වන ව්‍යාවස්ථා සංශෝධනය තුර රැඳී සිටිමින් ඉන් ඔබ්බට යන්නෙ ......තේරුනෙයි ඔහෙට?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා