මිනිසුන් කන්නේ බත් ද, පාන් ද යන්න සොයන බුද්ධි අංශ ඇති රටවල් ලොව තවත් ඇද්ද?

පාන් නැත්නම් කේක් කාපල්ලා
(2011 ජුනි 17, W3Lanka) ලංකාවේ මිනිසුන් කන බොන කෑම, බීම ගැන පවා තීරණය කිරීමේ අයිතියට මැදිහත් වීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටීම අපූරු තත්වයකි.


පසුගිය දිනවල ආණ්ඩුව පාන් පිටි ආහාර අනුභව කරන්නන් දේශද්‍රෝහීන් ලෙස හඳුන්වමින් ප්‍රචාරයක් කළේ ය. බත් කන්නට මිනිසුන්ට බල කළේ ය.


බත් දේශීය කෑමක් යයි කීවාට වී වගාවට අවශ්‍ය පොහොර, පලිබෝධ නාශක, ට්‍රැක්ටර්, වෙනත් යන්ත්‍ර, ඒවාට අවශ්‍ය අමතර කොටස් හා ඉන්ධන, උදලු ආදිය පවා ගෙන්වන්නේ පිටරටිනි. එවිට ‍දේශීය යයි කියන බත් ඇටයේ ද සෑහෙන කොටසක් රට සල්ලි ය.


තිරිඟු පිටි මුළුමනින් ම පිටරටින් ආනයනය කරන ආහාරයකි. ලෝකයේ සාගින්න දුර ලූ විස්මිත ආහාරය ලෙස සලකන තිරිඟු පිටි ලංකාවේ ආණ්ඩුවට පෙනෙන්නේ වසක් විසක් සේ ය.


මොනවා කීවත්, සිය වසකට වැඩි කාලයක් තිස්සේ ලංකාවේ මිනිස්සු තිරිඟු පිටිවලින් හැදූ කෑම කන්නට පුරුදු වී සිටිති. එහෙයින් ආන්ඩුව මොන ප්‍රචාරය කළත්, ලංකාවේ තිරිඟු පිටි හා එයින් හැදූ කෑම අලෙවිය අඩු වූ බවක් අපට නො පෙනේ.


පසුගිය දිනවල ආණ්ඩුවේ ම ජනමාධ්‍ය ලංකාවේ සහල්වල ආසනික් අඩංගු බවට භීතිකාවක් නිර්මානය කරන්නට සම්බන්ධ විය. දැන් බලාගෙන යන විට බත් කන්නත් හොඳ නැත.


ලංකාවේ රාජ්‍ය බුද්ධි අංශයටත් පැටවෙන්නේ මාර කොන්ත්‍රාත්තු ය. "ආසනික්‌ ප්‍රශ්නය මුල් කරගෙන සහල් පරිභෝජනයෙන් ඉවත්ව පාන් පිටි පරිභෝජනයට ජනතාව පෙළඹෙන පරිදි කරුණු සඳහන් කර (13 දා) කොළඹ නගරයේ අත්පත්‍රිකා බෙදා හරිනු ලැබූ සංවිධානාත්මක පිරිසක්‌ පිළිබඳ රාජ්‍ය බුද්ධි අංශ පුළුල් විමර්ශනයක්‌ අරඹා" ඇති බව ඊයේ දිවයින පුවත්පත වාර්තා කළේ ය.


එහෙම පත්‍රිකාවක් බෙදීම කුමන නීතියක් උල්ලංඝනය කිරීමක්දැයි අපට නම් නො තේරේ.


එසේ නම්, දේශීය කිරි වෙනුවට රට කිරි බොන්නැයි ජනමාධ්‍යවලින් ප්‍රචාරය කරන සමාගම්වලට එරෙහිව ද බුද්ධි අංශ පරීක්ෂණ ආරම්භ කළ යුතු ය. කරන්නට තවත් මෙවැනි පරීක්ෂණ එමට ය.


බුද්ධි අංශ මේවා ගැන හොය හොයා සිටින විට, රටට කුඩු ගෙන්නන එවුන්ට, සංවිධානාත්මක අපරාධ කරන එවුන්ට, දූෂණවල යෙදෙන එවුන්ට හොඳ ය. ඔවුන් ගැන සොයන්නට කෙනෙක් නැත. (දැනටත් ඉන්නවා ද දන්නේ නැත.)


බුද්ධි අංශ ගෙවල් පිළිකනු ගානේ යමින් මිනිසුන් කන්නේ බත් ද පාන් ද ආදිය ‍සොයන වෙනත් රටවල් ලෝක සිතියමේ ඇද්දැයි අපි නො දනිමු.


මිනිස්සු කන, බොන කෑම, බීම තීරණය කරන්නට ආණ්ඩුවට ඇති අයිතියක් නැත. මිනිස්සු ඒවා තීරණය කරන්නේ ආර්ථික, සමාජයික, අධ්‍යාපනික,සංස්කෘතික කාරණා හා වෙළඳ ප්‍රචාරණයේ බලපෑම් මත ය.


ආණ්ඩුවට කළ හැකි දෙයක් වන්නේ මිනිසුන් හොඳ දේ තෝරා ගන්නට දන්නා බුද්ධිමත් පිරිසක් බවට පත් කිරීම හා හොද ‍දේ මිළ දී ගැනීමට ආර්ථික ශක්තියක් ඇති පිරිසක් බවට පත් කිරීමට අවහ්‍ය පියවර ගැනීමයි.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. අපිත් එක්ක එක බඩ වැල කඩන් ආපු ඉරානෙ බටහිර පන්නෙ ඇඳුම් අඳින උන් අල්ලන්න 70000ක් පොලිස් කාරයො දාලා... ඔන්න වැඩේ කොරනවා නම්..

    http://english.aljazeera.net/video/middleeast/2011/06/2011615155013157336.html

    ReplyDelete
  2. මේ විතරක් නෙවෙයි ඉරානය විසින් චන්ද්‍රිකා නාලිකාත් තහනම් කලා ඉරානයේ ජනතාව බටහිර කෑම කන්න පුරුදු වෙනවා කියලා මේ චැනල් වල පෙන්නන කෑම වර්ග දැකලා..
    http://www.dailymail.co.uk/news/article-1354487/Iran-bans-foreign-cooking-shows-state-television.html

    ReplyDelete
  3. ඒ කියන්නේ අපි දැන් ඉරානය අනුගමනය කරනවා කියන එකද? නියමයි . . .

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා