Posts

Showing posts with the label ආහාර

සොසේජස් කන්නේ බලාගෙන / Beware of sausages

Image
(2011 ජුලි 22,   W3Lanka )  සොසේජස් නිෂ්පාදනය කිරීම සඳහා මෙරටට ගෙනා කල් ඉකුත් වූ කුකුළු මස් හා සෝයා ප්‍රෝටීන් කිලෝ ග්රෑම් දෙලක්ෂ අනුහයදහසක තොගයක් විනාශ කිරීමට පන්නල මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු පියවර ගෙන ඇත. කන්ටේනර් හතරක බහා තිබූ මේ කුකුළු මස් හා සෝයා ප්‍රෝටීන් ප්‍රමාණය බෙල්ජියම රටෙන් ගෙන්වා ඇති බවත් මෙරට ඉතිහාසයේ මෙතරම් ආහාර තොගයක් එක්වර විනාශ කළ ප්‍රථම අවස්ථාව මෙය බව ද, මේ කල් ඉකුත් වූ ආහාර තොගය දින දෙකක් පුරා විනාශ කළ බව ද, පිටරටින් ආහාර ගෙන්වා ඒවා වරායෙන් හෝ ගබඩාවලින් මුදා හැරීමේදී අදාළ නිලධාරීන් ඒවා පරීක්ෂා කර බලා නිදහස් කළ යුතු යැයි ද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් සෙනරත් බණ්ඩාර මහතා පැවැසු බව පුවත්පත් වාර්තා කළේ ය. පන්නල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලැබුණු තොරතුරක් මත මේ වැටලීම පන්නල මාකඳුර කර්මාන්තපුරයේ නිෂ්පාදන ඇසුරුම් ආයතනයේදී ම සිදුකර තිබේ. පසුගිය පෙබරවාරියේදී ද පන්නල සොසේජස් කර්මාන්ත ශාලාවක තිබී කල් ඉකුත් වූ මස් අත් අඩංගුවට ගැනිණි. ඒ පිළිබඳ වාර්තා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ද ඉදිරිපත් කරන ලදී. අපි අන්තර්ජාලය ඔස්සේ මෙම සො...

මිනිසුන් කන්නේ බත් ද, පාන් ද යන්න සොයන බුද්ධි අංශ ඇති රටවල් ලොව තවත් ඇද්ද?

Image
පාන් නැත්නම් කේක් කාපල්ලා (2011 ජුනි 17,   W3Lanka )   ලංකාවේ මිනිසුන් කන බොන කෑම, බීම ගැන පවා තීරණය කිරීමේ අයිතියට මැදිහත් වීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටීම අපූරු තත්වයකි. පසුගිය දිනවල ආණ්ඩුව පාන් පිටි ආහාර අනුභව කරන්නන් දේශද්‍රෝහීන් ලෙස හඳුන්වමින් ප්‍රචාරයක් කළේ ය. බත් කන්නට මිනිසුන්ට බල කළේ ය. බත් දේශීය කෑමක් යයි කීවාට වී වගාවට අවශ්‍ය පොහොර, පලිබෝධ නාශක, ට්‍රැක්ටර්, වෙනත් යන්ත්‍ර, ඒවාට අවශ්‍ය අමතර කොටස් හා ඉන්ධන, උදලු ආදිය පවා ගෙන්වන්නේ පිටරටිනි. එවිට ‍දේශීය යයි කියන බත් ඇටයේ ද සෑහෙන කොටසක් රට සල්ලි ය. තිරිඟු පිටි මුළුමනින් ම පිටරටින් ආනයනය කරන ආහාරයකි. ලෝකයේ සාගින්න දුර ලූ විස්මිත ආහාරය ලෙස සලකන තිරිඟු පිටි ලංකාවේ ආණ්ඩුවට පෙනෙන්නේ වසක් විසක් සේ ය. මොනවා කීවත්, සිය වසකට වැඩි කාලයක් තිස්සේ ලංකාවේ මිනිස්සු තිරිඟු පිටිවලින් හැදූ කෑම කන්නට පුරුදු වී සිටිති. එහෙයින් ආන්ඩුව මොන ප්‍රචාරය කළත්, ලංකාවේ තිරිඟු පිටි හා එයින් හැදූ කෑම අලෙවිය අඩු වූ බවක් අපට නො පෙනේ. පසුගිය දිනවල ආණ්ඩුවේ ම ජනමාධ්‍ය ලංකාවේ සහල්වල ආසනික් අඩංගු බවට භීතිකාවක් නිර්මානය කරන්නට සම්බන්ධ විය. ද...

ජනතාවට කුණු කවන ලංතාවේ 'හෝටල්'

(2011 මාර්තු 20,   W3Lanka )   කොළඹ නගරයේ පවත්වාගෙන යන හෝටල් හා ආපනශාලාවලින් ලබාගත් ආහාර සාම්පල් පරීක්‍ෂණයට භාජන කිරීමෙන් අනතුරුව ඉන් 18% ක විෂබීජ මිශ්‍රව තිබූ බවට රජයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හෙළි කර ඇති බව අද දිවයින වාර්තා කරයි. හෝටල්වල පිළියෙල කරන ආහාර මිලදී ගන්නා පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාව සහතික කිරීම සඳහා සෑම හෝටලයක්‌ම නිතර පරීක්‍ෂාවට භාජන කිරීමට දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව ද, හෝටල් හා ආපනශාලා පවත්වාගෙන යැමට බලපත්‍ර නිකුත් කිරීමේදී ජනතාවගේ සෞඛ්‍යය ආරක්‍ෂා වන පරිදි ක්‍රියා කළ යුතු බවට දැඩි කොන්දේසි මාලාවක්‌ පැනවීමට ද දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව දිවයින පවසයි. අපිරිසිදු ආහාර ‍අලෙවි කළ කොළඹ හෝටල් 100 කට එරෙහිව නඩු පැවරීමට කොළඹ මහ නගර සභාව පියවර ගෙන ඇති බව එහි මහජන පරීක්ෂක ඩබ්ලිව්.ජී.කරුණාතිලක මහතා අද ඊතලය වෙබ් අඩවියට පවසා ඇත. හෝටල් සේවකයන් අතර ක්‍ෂය රෝගය වැනි බෝවන රෝගවලින් පෙළෙන අය සිටිනවාද යන්න සොයා බැලීමට සෑම දෙනෙක්‌ම දැඩි පරීක්‍ෂාවට භාජන කිරීමට පියවර ගන්නා බව ද සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. කොළඹ නගරයේ හෝටල් සේවකයන් විශාල පිරිසකට සෙංගමාලය සහ ක්ෂය රෝගය වැළ...

වී ප්‍රශ්නයක් වී ඇත්තේ ඇයි? | How paddy became a problem to Sri Lanka

Image
( 2010 අගෝස්තු 27,  W3Lanka )   වී විකුණා ගැනීම නැවතත් ගොවීන්ට වහ බොන්නට හේතු වන ප්‍රශ්නයක් බවට පත් වී ඇති බව පෙනේ. දැන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කියන අන්දමට හේතුව එක්සත් ජාතික පක්ෂ රජය විසින් වී අලෙවි මණ්ඩලය වසා දමා දිවයින පුරා තිබුණු වී ගබඩා 378ක් අතරින් 61ක් පෞද්ගලික අංශයට විකුණා දැමීම නිසා වී ගබඩා කර තබන්නට ස්ථාන නැති වීම රජයේ වි මිළ දී ගැනීමේ වැඩසටහනට ගැටලුවක් වී ඇති බවයි. රසවත් කාරණයක් මෙම ගොඩනැගිලි මිළ දී ගත් අය අතර සිටින වත්මන් රජයේ ඇමතිවරු ද එජාප ආණ්ඩුවට බැන වැදීමයි. එහෙත්, ඇත්ත වශයෙන් ම වී අලෙවි මණ්ඩලය වසා දැමුණේ 1996දී වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ද කැබිනට් සාමාජිකයකු වූ පොදු පෙරමුණු ආණ්ඩුව විසිනි. එසේ කළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ උපදෙස් මතයි. 2000 වසරේදී වී අලෙවි මණ්‌ඩලය ඈවර කිරීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෘෂිකර්ම ඇමතිවරයා නම් වත්මන් අග්‍රාමාත්‍ය වන දි.මු. ජයරත්නයි. මහින්ද රාජපක්ෂ යනු එම පනත සැකසූ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු වන අතර පනතට පක්ෂව ඡන්දය දුන් කෙනෙකි. වී අලෙවි මණ්ඩලය පැවති සමයේ කළේ ගොවීන්ගේ වී නිෂ්පාදනයෙන් 10-15% අතර ප්‍ර...

පාන් පිටි බද්ද ඉවත් කිරීම ආර්ථික ඝාතකයින්ගේ ලනුවක් -දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය‍

Image
(2010 ජනවාරි 01 -W3Lanka) වෙළඳපලේ සහල් හිඟයක ලකුණු පහල වීම සහ නීතිවිරෝධි ලෙස වැඩි මිලට සහල් විකිණීමට වෙළඳුන් පෙළඹීමත් සමඟ රජය වෙළඳපළ හැසිරවීමට මැදිහත් වී ඇත. වෙළඳපළ පාලනය සඳහා රජය මැදිහත් වීම ඉතා හොඳ දෙයකි. මීට පෙරද රජය ඒ පදනම යටතේ සහල් වලට පාලන මිලක් නියම කිරීමට නිර්භීත විය. දැන් රජය බදු අඩු කිරීම සහ ආනයන සීමා ලිහිල් කිරීම හරහා සහල් මිල පහත හෙලීමට උත්සාහ කරයි. එය ක්‍ෂණික පියවරක් ලෙස රජයට කල හැකි පහසුම දෙයයි. එහෙත් ඊට අමතරව කල හැකි වඩා හොඳ දේද ඇත. පළමුවැන්න රජය විසින් වී සහ සහල් වශයෙන් වෙන වෙනම අවශ්‍ය තරම් ආරක්‍ෂිත තොග පවත්වාගෙන යාමයි. නමුත් රජය විසින් මිළදී ගත් වී මෙටි‍්‍රක් ටොන් 25,000ක් (එය ඇත්ත වශයෙන්ම මිළදී ගත යුතු ප‍්‍රමාණයෙන් 1/10 කි) සහල් වෙළඳපලේ ගැටළුවක් ඇතිවීමට පෙරම විකුණා දමන ලදී. දෙවැන්න සහල් හිඟයක් ඇතිවිය හැකි කාලවකවානු සඳහා, විශේෂයෙන්ම නොවැම්බර් දෙසැම්බර් කාල සඳහා නිශ්චිත සීමාවකට යටත් කොට (තදබල අවශ්‍යතාවයක් ඇතිනම් පමණක්), සහල් ආනයනය කිරීමට අවසර දීමයි. එහිදී වඩා හොඳම දේ වන්නේ රජය මඟින්ම අවශ්‍ය තොගය ආනයනය කර ගබඩා කර තබා ගැනීමයි. සතොස ඇත්තේ ඒ සඳහාය. එයද අවශ්‍ය වෙලාවට කෙර...

බිත්තර මිළ බස්සන්න "අපි බිත්තර දාමු - රට නඟමු"

Image
(2009 දෙසැම්බර් 25 -  W3Lanka )    අද නත්තල් ය. ලාංකික කිතුනුවෝ හොඳට කන බොන මිනිස්සු ය. ඔවුන් මස්, මාළු කන්නේ හොරෙන් නොවේ. කෑමෙන් පසු පශ්චාත්තාපයක් ද නැත. බීම පිළිබඳ කීමට ඇත්තේ ද එය ම ය. එහෙයින් නත්තල් සමරන්නට යහමින් කෑම බීම අවශ්‍ය ය. නත්තල් කනවා කියන්නේ ඒ නිසා ය.  රට කන දේශපාලකයන්ට නම් හැමදා ම නත්තල් ය. උන්ගේ බිල් බදු ඔස්සේ ගෙවන මහජනතාව නත්තල් කේක් ගෙඩිය හදන්නට බිත්තරයක් ගත්තේ ඉතිහාසයේ වැඩි ම මිළට ය. කුකුළු මස් හා බිත්තර හිඟ බැවින් ඒවා වහා ම ආනයනය කරන බව  පශු සම්පත් සංවර්ධන ඇමැති සී. බී. රත්නායක පවසයි.  තදියමේ කරන මේ ආනයන ඔස්සේ කුරුළු උණ රටට ඒම වැළැක්වීම සඳහා ගනු ලබන පියවර මොනවාදැයි අපි නො දනිමු.  පසුගිය කාලයේ දේශපාලකයන් අමුඩ ගසාගෙන "අපි වවමු- රට නඟමු" යයි කියමින් සී සෑවේ දේශීය ආහාර නිෂ්පාදනය වැඩි කරන්නට ය.  එහෙත්, වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන නොවැම්බර් මුල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සංඛ්‍යාලේඛන පෙන්නුම් කරන්නේ ආහාර ආනයනය වැඩි වී ඇති බවයි.  කිරිපිටිවලින් අධික ලෙස බදු අය කරන්නේ දේශීය කිරි ගොවියා නැංවීම සඳහා යයි ජනාධිපතිවරයා පස...