සොසේජස් කන්නේ බලාගෙන / Beware of sausages

(2011 ජුලි 22, W3Lankaසොසේජස් නිෂ්පාදනය කිරීම සඳහා මෙරටට ගෙනා කල් ඉකුත් වූ කුකුළු මස් හා සෝයා ප්‍රෝටීන් කිලෝ ග්රෑම් දෙලක්ෂ අනුහයදහසක තොගයක් විනාශ කිරීමට පන්නල මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු පියවර ගෙන ඇත.


කන්ටේනර් හතරක බහා තිබූ මේ කුකුළු මස් හා සෝයා ප්‍රෝටීන් ප්‍රමාණය බෙල්ජියම රටෙන් ගෙන්වා ඇති බවත් මෙරට ඉතිහාසයේ මෙතරම් ආහාර තොගයක් එක්වර විනාශ කළ ප්‍රථම අවස්ථාව මෙය බව ද, මේ කල් ඉකුත් වූ ආහාර තොගය දින දෙකක් පුරා විනාශ කළ බව ද, පිටරටින් ආහාර ගෙන්වා ඒවා වරායෙන් හෝ ගබඩාවලින් මුදා හැරීමේදී අදාළ නිලධාරීන් ඒවා පරීක්ෂා කර බලා නිදහස් කළ යුතු යැයි ද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් සෙනරත් බණ්ඩාර මහතා පැවැසු බව පුවත්පත් වාර්තා කළේ ය.


පන්නල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලැබුණු තොරතුරක් මත මේ වැටලීම පන්නල මාකඳුර කර්මාන්තපුරයේ නිෂ්පාදන ඇසුරුම් ආයතනයේදී ම සිදුකර තිබේ.


පසුගිය පෙබරවාරියේදී ද පන්නල සොසේජස් කර්මාන්ත ශාලාවක තිබී කල් ඉකුත් වූ මස් අත් අඩංගුවට ගැනිණි. ඒ පිළිබඳ වාර්තා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ද ඉදිරිපත් කරන ලදී.


අපි අන්තර්ජාලය ඔස්සේ මෙම සොසේජස් කම්හලේ නම සෙව්වෙමු. මාධ්‍ය විසින් එය වාර්තා කර නො තිබිණි.  


පහත සඳහන් සම්බන්ධතා පුරුක ඔස්සේ අපට පන්නල පිහිටි මස් සැකසීමේ කම්හලක නම ලැබිණි. 


එය D; W Food Production (Pvt) Ltd.-Meat processing Plant -Pannala නම් වේ.


එම සමාගමේ වෙබ් අඩවිය මෙසේ ය:: http://dandwfood.com/


එහි සඳහන් ආකාරයට එම සමාගමේ වෙළඳ නාමය Malika ය. තමන්ගේ ම වෙළඳ නාමයක් තිබුණත් වෙනත් වෙළඳ නම් වෙනුවෙන් ද නිෂ්පාදන කරන බව සමාගම පවසයි.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා