ලාංකීය පාරිසරික හා ජන උරුමයන් විකුණා ආණ්ඩුව උපයන මුදල් යන මකර කටවල්

(2011 ජුලි17, W3Lankaඇතැම් පැරණි වලව්කාරයන් සිය බොරු ෂෝක් පවත්වාගෙන යාමට කරන දෙයක් වන්නේ ඉඩම් විකිණීමයි. එහෙම විකුණාගෙන ගොස් ඉතිරි වී ඇති ඕවිටවල් ද අවසානයේ විකුණන්නට දෙයක් නැති වූ විට පවුලේ සොහොන් බිම ද විකුණති.


ලංකාවේ ආණ්ඩුවත් දැන් කරමින් ඉන්නේ එයයි. ලාංකීය පාරිසරික හා ජන උරුමයක් ‍වන ගාලු මුවදොර පිටිය ආශ්‍රිත පොදු ඉඩම් රජයේ ඉඩම් ලෙස හඳුන්වමින් දැන් රජය චීන හා වෙනත් සමාගම්වලට විකුණමින් සිටියි.


හෝටල් ව්‍යාපෘතියක් සඳහා අක්කර 10ක් හොංකොං මූලස්ථාන කර ගත් ෂැංග්‍රිලා සමාගමට විකුණා දැමුවේ ඩොලර් මිලියන 125කට බව වාර්තා වේ.


ගාලු මුවදොර තවත් ඉඩම් අක්‌කර දහයක්‌ චීනයේ ප්‍රහාරක ගුවන් යානා හා මිසයිල නිෂ්පාදනය කරන කැතික්‌ නමැති සමාගමකට හෝටල් ව්‍යාපෘතියක් සඳහා  ඩොලර් මිලියන 136 කට විකිණීමට යන්නේ අවලංගු වූ ගිවිසුමක්‌ යටතේනීති විරෝධී ලෙස බව ද දැන ගන්නට තිබේ.


ඉඩම් අක්‌කර දහය ඇමරිකානු ඩොලර් මිලියන 136 කට ලබාදෙන බවට කැතික්‌ සමාගම හා ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමක්‌ අත්සන් කළද නියමිත පරිදි සමාගම මුදල් නොගෙවූ නිසා එම ගිවිසුම මේ වන විට අවලංගු වී තිබියදී ඉඩම ලබාදීමට කටයුතු කිරීම ගැන විශාල සැකයක්‌ මතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ගිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.


හර්ෂද සිල්වා පවසන පරිදි ගිවිසුමට අනුව ඉඩමේ අයිතිය ලබා ගැනීමට නම් අප්‍රේල් 21 වැනි දිනට පෙර කැතික්‌ සමාගම විසින් ඇමරිකානු ඩොලර් මිලියන 136 ක්‌ ශ්‍රී ලංකා රජය වෙත ගෙවිය යුතු අතර එදිනට පෙර නොගෙවන්නේ නම් එදා සිට ගිවිසුම අහෝසි වේ.


මුදල් මෙතෙක්‌ නොගෙවීම නිසා ගිවිසුම අහෝසි වී තිබියදී ආණ්‌ඩුව මීට ඉහතදී ගාලුමුවදොර ඉඩම් අක්‌කර 10 ක්‌ ලබාදුන් ශැන්ග්‍රිලා, සමාගම සමග ඇතිකරගත් ගිවිසුමට මුවාවී රහසිගතව මෙම ගනුදෙනුව සිදු කිරීමට සැලසුම් කර තිබෙන බවට හෙතෙම චෝදනා කළේය.


මෙසේ පොදු උරුමයන් විකුණා දමා ලබා ගන්නා මුදල්වලින් ආණ්ඩුව කරන්නේ මොනවා ද? හෙජිං වංචාව නිසා ආණ්ඩුවට විදේශ බැංකුවලට ගෙවන්නට තිබෙන වන්දි ගෙවන්නට හෝ මේ මුදල ප්‍රමාණවත් නැත.


හෙජිං වංචාව නිසා සිටි බෑන්ක්, ස්ටෑන්ඩර්ඞ් චාටර්ඞ් බෑන්ක් සහ ඩොයිෂ් බෑන්ක් යන බැංකුවලට ට ඇති වන්දිය ඩොලර් බිලියන 29 ඉක්මවයි.


හෙජිං ගිවිසුමට එරෙහිව වූ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයක් නිසා එය රජය විසින් අවලංගු කිරීමෙන් පසුව එම බැංකු තුන වන්දි ඉල්ලා සිටියේය.


එම බැංකුවලට වාසිදායක ලෙසින් ගිවිසුම සකස් කොට තිබූ බවට රජය ප්‍රශ්නය සමථ කර ගැනීම පිණිස සිංගප්පූරුවේ විනිශ්චය සභාවක් හමුවේ කළ තර්කය එම විනිශ්චය සභාව පිළි ගත්තේ නැත. ආණ්ඩුවේ ආර්ථික ඝාතකයන් එම ගිවිසුම හදා තිබෙන්නේ සමාගම්වලට වාසිදායක් අන්දමින් බව දැන ගත්තේ අත්සන් කර බොහෝ කලකට පසුවයි. මුන් රට වෙනුවෙන් ගිවිසුම් අත්සන් කරන්නේ කියවන්නේවත් නැතුව ද?


හම්බන්තොට වරායේ ගල කඩන්නට පෙර ජනාධිපතිගේ උපන් දිනය සමරන්නට වරායට වතුර පුරවන ලදී. දැන් ගල කඩන්නට අලුතෙන් වියදම් වන මුදල ඩොලර් මිලියන 50ක් පමණ වන බව ද වාර්තා විය.


පොදු ජන උරුමයන් විකුණා උපයන මුදල් සංසං ගා වියදම් වන්නේ ඔන්න ඔය අන්දමටයි. ලංකාවේ මිනිසුන්ට මෙළේ පෑදෙන තාක් කල් මේ රටට ඉර පායන්නේ නැත.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මම එකගයි, ඕක අපේ ජාතියේ ප්‍රශ්නයක්, අපේ ජාතකේ පටන් ගන්නේ සින්හයෙක්ගෙන් ලුගුනේ. උට කාල බීල නිදාගත්තම හොදටම ඇති. මහින්ද හාමුදුරුවෝ පන යනකන් ඕක කිව්වා. " ඇස් ගෙඩිවලට හෙන ගහලද කියල අහුවා" තේරුනේ නැ. අනගාරික ධර්මපාල තුමා රට අතහැරලා යන්ඩ ගියා.

    ඇත්ත ඔය වලව් කාරයෝ ටිකට දැන් ඔක්කොම අමතක වෙලා. උන් හිතන් ඉන්නේ මුළු රටම මැදමුලන වලවේ දේපල කියල. වන්දිබට්ට නඩේ බොරු අහල උන්ට එහෙම වෙන එක සාදාරනයි. එතින් උන් ඒවා විකුණලා ................ අනේ අපි නම් ඕව දන්නේ නැ

    ReplyDelete
  2. යූ ඇන් පී එකෙන් පර්චස් පහක් විකුණුවන් බලාගන්න තිබුන.. දේශප්‍රේමීන්ගෙයි, සංඝයලගෙයි පඩ ෂෝ හංදියක් හංදියක් ගානේ. මහින්ද මහත්තය උන්ගේ කර අඹල තියෙන්නෙ. ඒකයි මම මහින්ද මහත්තයට තවමත් කැමති.. කර අඹල විතරක් නෙමේ.. ඒක ගලවල අරන් කාළකන්නින් ගේ කටේ ඔබල තියෙන්නෙ.. කෑ ගැහුවොත් වැටිල නැතිවෙන නිසා කට අරින්නෙ නෑ.....

    ReplyDelete
  3. game seen waladi chandi unaata lankawe godayanta million ,billion ganan therenne neha...100km highway ekakui , port ekakui hadala pennuwoth un rajakamath pudanawa.. pal modayo.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා