ලාංකීය පාරිසරික හා ජන උරුමයන් විකුණා ආණ්ඩුව උපයන මුදල් යන මකර කටවල්
(2011 ජුලි17, W3Lanka ) ඇතැම් පැරණි වලව්කාරයන් සිය බොරු ෂෝක් පවත්වාගෙන යාමට කරන දෙයක් වන්නේ ඉඩම් විකිණීමයි. එහෙම විකුණාගෙන ගොස් ඉතිරි වී ඇති ඕවිටවල් ද අවසානයේ විකුණන්නට දෙයක් නැති වූ විට පවුලේ සොහොන් බිම ද විකුණති. ලංකාවේ ආණ්ඩුවත් දැන් කරමින් ඉන්නේ එයයි. ලාංකීය පාරිසරික හා ජන උරුමයක් වන ගාලු මුවදොර පිටිය ආශ්‍රිත පොදු ඉඩම් රජයේ ඉඩම් ලෙස හඳුන්වමින් දැන් රජය චීන හා වෙනත් සමාගම්වලට විකුණමින් සිටියි. හෝටල් ව්‍යාපෘතියක් සඳහා අක්කර 10ක් හොංකොං මූලස්ථාන කර ගත් ෂැංග්‍රිලා සමාගමට විකුණා දැමුවේ ඩොලර් මිලියන 125කට බව වාර්තා වේ. ගාලු මුවදොර තවත් ඉඩම් අක්‌කර දහයක් චීනයේ ප්‍රහාරක ගුවන් යානා හා මිසයිල නිෂ්පාදනය කරන කැතික් නමැති සමාගමකට හෝටල් ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 136 කට විකිණීමට යන්නේ අවලංගු වූ ගිවිසුමක් යටතේනීති විරෝධී ලෙස බව ද දැන ගන්නට තිබේ. ඉඩම් අක්‌කර දහය ඇමරිකානු ඩොලර් මිලියන 136 කට ලබාදෙන බවට කැතික් සමාගම හා ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමක් අත්සන් කළද නියමිත පරිදි සමාගම මුදල් නොගෙවූ නිසා එම ගිවිසුම මේ වන විට අවලංගු වී තිබියදී ඉඩම ලබාදීමට කට...