නිදහස් අධ්‍යාපනයේ පියාගේ සමාධිය දැන් | The tomb of father of free education of Sri Lanka

(2011 ජුලි15, W3Lanka) මේ සමග ඇති ඡායාරූපවලින් දිස් වන්නේ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සැලකෙන ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගරයන්ගේ දේහය සැතපෙන පවුලේ සුසාන භූමියයි. 


එය පිහිටා ඇත්තේ මතුගම නගරයේ සිට කිලෝ මීටර් 20ක් පමණ ඔබ්බබෙන් පිහිටි ඉත්තෑපාන හන්දියෙන් අවිත්තාව දෙසට කිලෝ මීටරයකට මඳක් වැඩි දුරක් යන විට හමු වන ලූල්බද්දූව නම් ගමෙහි ය. දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගම පාලම වන බෙන්තර ගඟ හරහා වැටුණු ගොරකදූව පාලම ඇත්තේ මෙම ස්ථානයට නුදුරිනි. 


ලූල්බද්දූව කන්නන්ගරයන්ගේ මුල් ගම ය. 


නිදහස් අධ්‍යාපන පනත ගෙන ආ කන්නන්ගරයෝ 1936 සිට 1947 දක්වා මතුගම ආසනයේ මන්ත්‍රීවරයා විය. (1932 සිට 36 දක්වා ඔහු ගාල්ල ආසනයේ මන්ත්‍රීවරයා ය.) 1947 මැතිවරණයේදී ඔහුගේ පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ ඔහුට සහාය නො දුන් අතර අනියමින් ඔහුගේ ප්‍රතිවාදියා වූ විල්මට් ඒ. පෙරේරාට උදව් කළ බව කියැවේ. 


නිදහස් අධ්‍යාපනයට මුල සිට ම විරුද්ධ වූ ඩී.එස්. සේනානායක, ජේ.ආර්. ජයවර්ධන වැනි අය එසේ කළේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කළ කන්නන්ගරගෙන් පළි ගන්නට බව විචාරකයෝ කියති.


විල්මට් ඒ. පෙරේරා යනු හොරණ ශ්‍රීපාලියේ ආදි කර්තෘවරයා ය. ස්වාධීනව මතුගම ආසනයට තරග කළ හේ කන්නන්ගර පරදා 1947දී මතුගම ආසනය ජය ගත්තේ ය. කන්නන්ගරයෝ තානාපති සේවයට පත්වීමක් ලැබ රට හැර ගියේ ය. 


කන්නන්ගරයන් ඡන්දයෙන් පරදා ඔහුගේ ‍දීප්තිමත් එකක් වන්නට තිබුණු දේශපාලන අනාගතය අන්ධකාර කරන්නට දායක වූ මතුගම ජනතාව අද ඔහුගේ සොහොන ද නො තකා හැර ඇති අන්දම ඡායාරූපවලින් පෙනේ


අප මෙම ස්ථානය ඡායාරූපගත කරනු දුටු ප්‍රදේශවාසී කාන්තාවක් කීවේ "එක එක්කෙනා ඇවිත් ෆොටෝ නම් ගන්නවා. ඒත් මොකවත් වෙන්නෙ නැහැ" කියා ය.







මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. W3ලන්කා වත් ශ්‍රමදානයක් සංව්ධානය කරලා සුසාන භූමිය ශුද්ධ කළොත් නරකද?

    ReplyDelete
  2. නිදහස් අධ්‍යාපනya wagemai

    ReplyDelete
  3. oya nidahas adyapanaya harida kiyana ekath sekai ban....even in extreme capitalist economies people dont have such a problem in obtaining higher education. if they dont have money.they get a loan. if they dont find suitable job they dont do "upawasa" . staying competitive is individual responsibility. lankawe ewunne puka iran dagalanne....nidahas adyapaneth chanda gunduwakda danne neha...yuddeth chandeta wikanapu ratakne...

    ReplyDelete
  4. කන්නන්ගර සමාධිය ඔහොම තිබුණාදෙන්. දැන් නිදහස් අද්යාපනයේ සමාධිය හදන්න කාලය ඇවිත් තියෙන්නේ. එකට ලේස්ති වෙමු. ආසියාවේ නොලේජ් හබ් එක දැන් නොලේජ් හපය වේගන යනවා.

    ReplyDelete
  5. balapan kollo kello serama CIMA karanne...unta kiyalada....dan un CIMA karanna salli neha kiyala pikat karanawada...onei eka horakam karala hari karanawa...nidahas adyapanen ena rilawu Art degree aran job diyaw kiyanawa...oya nidahas magulak kiyala ekak neha..

    ReplyDelete
  6. නිදහස් අධ්‍යාපනේ කන්නන්ගර බන්දේසියක තියල දුන්න කන්නන්ගරගෙ බූදලයක් නෙමේ මහත්තයෝ. ඒක ලංකා සම සමාජ පක්ෂය ඇතුළු වාමාංශයේ ශක්තිය හමුවේ ධනවාදී ආණ්ඩු ගත්ත මිනිසුන්ගේ නොසන්සුන්තාව සමනය කිරීමේ උපක්‍රමයක්.අදත් මේ වගේ දේවල් ආණ්ඩු දෙනවද ඒවත් කපනව මිසක්.

    ReplyDelete
  7. katapaadam karawana gobilayo set ekak teacherla wuna eka thamai oya redden wune. apita ponnayo set ekakata wadinna una ..chande kaaleta rassa denna hodai....education means building a philosophy ...it should be within people's mind.

    ReplyDelete
  8. මහත්තයො ඔය උන්නැහේ ඉස්‌කෝලේ ගියේ සල්ලි දීලද නැත්තම් වැස්‌සටවත් ඉස්‌කොලේ ගියේ නැද්ද?ඔහේ කියන ඔය එක එක මගුල් කරන්න සල්ලි තියෙන උන් ටික කොරයි...අනිත් උන්මොකද කරන්නෙ එතකොට...තමුන් නැහේට සල්ලි තිබුනට මේ රටේ කන්න වේල හොයා ගන්න බැරි මිනිස්‌සු ඕන තරම් ඉන්නවා..කොපි පොතක්‌ ගන්න බැරි මිනිස්‌සු ඕන තරම් ඉන්නවා....නිකම් බොරුවට කියවන්න එපා..කන්න තියෙන තරම් කලා කැම රස නැ කියල කැගහන්න එප මනුස්‌සයෝ..

    ReplyDelete
  9. cima exams are quite tough to pass but not impossible. If you can be a CIMA professional,your demand will be valued in all around the world. Practice tests academy helps students of CIMA to pass and prepare better.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා