වැහි නැති කාලෙට නැති ගල් අඟුරු බලාගාර ගිනි තපින්න ද?

(2011 ජුලි 05, W3Lanka) 2002න් පසු පළමු වරට රට පුරා තැනින් තැන පැය ගණන් විදුලිය කපන්නට විදුලි බල මණ්ඩලය ඊයේ සිට තීරණය කර තිබේ.


විදුලිය කපන්නට හේතුව වැස්ස නැතිකමයි. ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්‌ටම සියයට 25 කින් පමණ පහළ බැස තිබේ.


වැඩේ කියන්නේ හරියට ම ඒ වෙලාවට ම රුපියල් කෝටි 45,000ක් ණය චීනයෙන් පොළියට ගෙන ඉදි කළ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය කැඩිලා ය. හැබැයි මේක හදලාත් තව ම මාස හය හතකට වඩා නැත.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්න ද කීවා සේ වැහි නැති කාලෙට නැති ගල් අඟුරු බලාගාර ගිනි තපින්නයැ.


ඔය අස්සෙ කෙරවලපිටිය තාප විදුලි බලාගාරයත් කැඩිලාලු.


කෝ අර මක බාස්? පසුගිය කාලෙ කියපු නරිවාදං රෙද්ද පල්ලෙන් බේරෙන නිසා හැංගිලද? නැතිනම්, එක මාසයක විදුලි බිල ගෙවන්න බැරි වූ අයට ඊළඟ මාසෙ එවන්න රතු බිල් ලියනව ද? නැතිනම් බටහිර ගල අඟුරු වෙනුවට දේශීය පොල්කටු අඟුරුවලින් විදුලිය නිපදවීම ගැන රිසර්ච් කරනව ද? 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. "නැතිනම් බටහිර ගල අඟුරු වෙනුවට දේශීය පොල්කටු අඟුරුවලින් විදුලිය නිපදවීම ගැන රිසර්ච් කරනව ද? "

    අන්න කරනව නම් වැඩ .. භාවනා එහෙම කරල . නාථ දෙයියන්ගෙනුත් සප් එකක් අරගෙනම වැඩේට බැස්ස හැකි

    ReplyDelete
  2. මේ සියල්ල දේශපාලන කයිවාරු වලින් ඔක්කොම යට කරන්න ගියාම වෙන දේවල්. වංචාවට ඉඩ විවුර්තවීම සහ දුස්‌-කළමනාකරණය මීළඟට එනවා. අන්තිමට සාමාන්‍ය ජනතාවට කඩා පහත් වෙනවා. අද කොතනද හරියට යමක් කරන්නේ. ආසියාවේ ආශ්චර්ය තමා මෙහෙම ගියොත්...

    ReplyDelete
  3. දේශීය පොල් කටු අඟුරු හොයනව ඇති.. nice article

    ReplyDelete
  4. @buwa - හිකිස්... පව් බං නලියා...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න