ආණ්ඩුව හම්බන්තොට ඉවැන්ජලික ක්‍රිස්තියානි ආගමික ප්‍රචාරයේ යෙදෙන හැටි / Sri Lanka government entangled in evangelical Christianism spread

(2011 ජුලි 25, W3Lankaවරායකට නැවක් ආවා කීවා ම එහි කිසිදු විශේෂත්ටයක් නැතත්, හම්බන්තොට වරායට නැවක් ආවා ය කීවා ම නම් ඇත්තට ම අති විශේෂ දෙයකි.  ඇත්තෙන් ම බලන්න වටින දර්ශනයකි. 


ඒ නිසා පසුගිය දිනවල ආසියාවේ ආශ්චර්යයේ අගනුවර වන හම්බන්තොට පදිංචි වාසනාවන්ත ජනතාව රැස් කකා නැවක් බැලූ බව ආරංචි ය. නැව පොත් නැවකි. 


නැවේ නම ලෝගොස් හෝප් (Logos Hope) ය. කලින් ගාලු වරායේ නැංගුරම් ලා තිබියදී මෙම ලේඛකයා ද එම නැව බලන්නට දෙවරක් ම ගියේ ය. හේතුව එහි පොත් මිළ අඩු වීමයි. 


නැව බලන්නට සූ ගා සෙනග ආවත් ඒ වැඩි දෙනෙක් පොත් බලන බවක් හෝ මිළ දී ගන්නා බවක් දක්නට නො ලැබිණි. සෙනග රැස් කෑවේ එහි ඇති විවිධ සමරු භාණ්ඩ සොරකම් කර ගන්නට ය. පොත් ගත්තාදැයි නැව බලන්නට පාසල් දරුවන් කැටුව පැමිණි ගුරුවරියකගෙන් ඇසූ විට ඇය කීවේ පොත් හරි ගණන් ය කියා ය. එහෙත්, පොත් මිළ දන්නා අය එහි පොත් ලාභ බව දැන ගත් හ. 


කලින් සැලසුම් කර නො තිබුණ ද, නැව හම්බන්තොට වරායට ගෙන යාමට ද ආණ්ඩුව සමත් විය. ප්‍රමාණයෙන් එතරම් විශාල නැවක් නො වන නිසා ගල් පර අස්සෙන් ඇදගෙන එන්නට පුළුවන් වන්නට ඇත.


මේ නැව ගැන කිව යුතු දෙයක් වන්නේ එය වනාහි ක්‍රිස්තියානි සංවිධානයක් විසින් පවත්වාගෙන යනු ලබන ධර්ම ප්‍රචාරක‍ සේවාවක් බවයි. එහි අලෙවියට ඇති පොත් අතරින් අති බහුතරය ආගමික පොත් ය. නැව බලන්නට යන අයට සිංහලෙන්, දෙමළෙන් හා ඉංග්‍රීසියෙන් මුද්‍රිත ආගමික පොත් ‍දෙක තුනක් නො මිළේ ම ලැබේ. 


රට රටවලින් මුදල් එකතු කරගෙන, ධර්ම ප්‍රචාරයේ නමින් වැඩි මිළට පොත්, සංගත තැටි, බුද්ධ රූප ආදිය විකුණා, මුදල් උපයා, තට්ටු පිට තට්ටු ගොඩනැගිලි හදන බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය වැනි බිස්නස් මිස ධර්ම ප්‍රචාරක කටයුත්තක් නො දන්නා බෞද්ධ නායකයන්ට ලෝගෝස් හෝප් නැව ආදර්ශයකි. අභියෝගයකි. 


මේ 'ක්‍රිස්තියානි ආක්‍රමණය' ලංකාවට පැමිණියේ ශ්‍රී රෝහණ ජනරජනට ද පොත පෙරළා, නලින් ද සිල්වායන්ගේ අධි මානසික බලවලට අසු නො වී හා රතන සාදුගේ කණෙන් ද රිංගා ය. 


සිංහලයෙක් යාඥාවක් කළා නම් එතැනට පැන යකා නටන ජේතවනා‍රාමෙට ගල් ගැසූ, වඳුරන්ගෙන් බණ ඇසූ, බෞද්ධ වෙසින් සිටින අබෞද්ධ ගොන්නු සුද්දන්ගේ ලෝගෝස් හෝප් නැව හම්බන්තොට‍ට ද වඩම්මාගෙන ගොස්, කට්ට අව්වේ පෝලිම්වල ලගිමින් වන්දනා මාන කළ හ.  


වෙන කවුරු හෝ මේ ධර්ම ප්‍රචාරය කළා නම් අර ඉහත කී අන්දමේ 'බෞද්ධයෝ' උගේ කැවුතු කති. 


ලෝගෝස් හෝප් නෞකාව අයත් වන්නේ Operation Mobilisation නම් ඉවැන්ජලික ක්‍රිස්තියානි ආගමික සංවිධානයකට ය. එහි වෙබ් අඩවිය මෙතැනින් බලන්න. 


බෞද්ධ නායකයන් ලෙස පෙනී සිටින ජාවාරම්කරුවන් ඇතුළු ගතානුගතික ආගම් ජනයාට පිළිසරණක් වීමට අසමත් වීම හා ජනතාව ඒකාධිපති පාලනය තුළ ආර්ථික, දේශපාලන වශයෙන් අන්ත අසරණ තත්වයට පත් වීම හමුවේ මෙවැනි ඉවැන්ජලික නිකායන්ට ලංකාවේ සරු පොළවක් මැවේ. 


'අපට‍ මොකද අපි දස සිල් උපාසක - ඉබ්බන්නේ පුච්චන්නේ අනෙක් පිට' යි, ඉබ්බකු මැරීම සඳහා ඌ උඩුකුරු අතට හරවා ලිග්ගල් තුනක් උඩ තබා පුළුස්සන කොල්ලන් පිරිසක් දුටු උපාසකයකු කී බව ජන සාහිත්‍යයේ සඳහන් වේ. 


මෙම සටහන තබන ලේඛකයා දැනට කිසිදු ආගමක් අදහන්නේ නැත. කලින් මාක්ස්වාදය නම් ආගම ඇදහුවේ ය. අසරණකම, හුදකලාව වැඩි වන විට ලේඛකයා වුව මෙවැනි ආගමක් වෙත ආකර්ශනය විය හැකි ය. 



About OM

Operation Mobilisation's role in the Church is to mobilise people to share the knowledge of Jesus and His love with every generation in every nation. OM pioneers and leads initiatives to redeem lives, rebuild communities and restore hope in over 110 countries.
(Operation Mobilisation වෙබ් අඩවියෙනි) 


හම්බන්තොට වැඩ කරන තවත් ක්‍රිස්තියානි ධර්ම ප්‍රචාරක සංවිධානයක් ගැන විස්තර මෙතැනට කොටා දිනමිණෙන් ම කියවන්න.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. good point of view..thumbs up..lankaawe bijjanta pitaratin lokuwata enawanan samaaja rogayak hari kamak neha..

    ReplyDelete
  2. Me newe wedakarana aya ema agamata ayath wiya uthumai. nethnam rassawa neha. lankawe ayawa Swechcha sewaya kiyala Palliwalin aragaththa. poth Siyalla mila karala thibune pitarata salli walin. Entrance fees kiyala Rs. 50.00 ticket keduwa. Newa nam agama pracharaya karala Hondata hamba karagaththa. Godak Buddist aya me agamata giya. Web site eke theyena job application eka anuwa wena agamaka ayata me newe sewaya karanna beha.

    ReplyDelete
  3. මේක UNP කාරයෝ කරානම් බලන්න තිබුණා. පචවන්සයි, අතුරලියේ චීවරධාරියි , අනිත් අටසිල් උපාසකයෝ ටිකයි නටන නැටිල්ල. කරන්ඩ දෙයක් නැ. දේවාලේ රෙන්ට පුළුවන් කපුවට විතරයි.

    ReplyDelete
  4. රතන සාදු දැනගත්තම ගම්මිරිස් අඹරයි,ඉන්නකෝ පොඩ්ඩක් ඉවසලා

    ReplyDelete
  5. හොඳ පෝස්ට් එකක්. ඒ අතර ලිපියේ තිබුනු හොඳම වාක්‍යය මෙයයි.

    "..ප්‍රමාණයෙන් එතරම් විශාල නැවක් නො වන නිසා ගල් පර අස්සෙන් ඇදගෙන එන්නට පුළුවන් වන්නට ඇත."

    -Dimithri

    ReplyDelete
  6. @Dimithri -ඊටත් වඩා හොඳම එක මෙය විය නොහැකිද...?

    "මේ 'ක්‍රිස්තියානි ආක්‍රමණය' ලංකාවට පැමිණියේ ශ්‍රී රෝහණ ජනරජනට ද පොත පෙරළා, නලින් ද සිල්වායන්ගේ අධි මානසික බලවලට අසු නො වී හා රතන සාදුගේ කණෙන් ද රිංගා ය. "

    කතාව ඇත්තය.. නමුදු හැමවිට ඡන්දය උන්ටය...

    ReplyDelete
  7. කතාව ඇත්තය.. නමුදු හැමවිට ඡන්දය උන්ටය...
    මේක තමයි හොදම එක

    ReplyDelete
  8. This Hip is not a very big ship. Ship Size is measured in various calculations. (Gross tonnage, net tonnage, light ship, and dead weight etc.) Same size of a car carrier and a same size of a steel carrier will have completely different under water clearance. For Hambantota harbour, what mostly important is the underwater clearance. (Draft) Ship “Knock Nevis” has a draft of 97.8 feet. Hambantota harbour could be used as a large swimming pool for kids in the future as it is not very deep. The main reason to build the harbour was the Rajapakas could make billions of commissions. Sashindara Rajapaka had over 200 trucks rented for over Rs. 5 laks a month etc. It should be called as Hambantota Swimming pool. I am sure that was the main interest for spending 2 billion rupees to go to St. Kitts with Namal and Anarkale entourage with 211 people on a charter flight to bid for the Commonwealth games for 2018. If they won the Bid, they could have used the Hambantota harbour as a swimming pool. Logos hope is a book ship. It is not very much weighted. Maximum Draft on fully loaded Logos hope condition is 17 feet 2 inches Draft. (underwater Sinkage) When the ship entered Hambantota harbour it had only 6 feet of draft. (Sinkage) Average swimming pool deep end has 10 feet depth of water. Therefore if a swimming pool is very long, you can dock the Logos Hope there. True it was a religious public relations ship where they were charging Rs. 50.00 entrance fee per person (Except for the last day) and a bottle of water, ice cream or a coca cola was Rs. 250.00. Not only they deliver their religious message, also they made good money out of this project. All workers were volunteers. Buddhist Businessman monks kept their mouth shut because they were scared of losing their customers. (Buddhist customers were called devotees during Budda’s time)

    ReplyDelete
  9. මෙම සටහන තබන ලේඛකයා දැනට කිසිදු ආගමක් අදහන්නේ නැත. කලින් මාක්ස්වාදය නම් ආගම ඇදහුවේ ය. අසරණකම, හුදකලාව වැඩි වන විට ලේඛකයා වුව මෙවැනි ආගමක් වෙත ආකර්ශනය විය හැකි ය.//

    මෙම වෙබ් අඩවිය මම නොවරදවාම එන එකකි.ඊට හේතුව මේ අවංකකමය.මම ආන්ඩුවට චන්දය දුන් කෙනෙක්මි.ඊලඟ චන්ද වලදීද සමහරවිට චන්දය දීමට හෝ නොදීමට ඉඩ ඇත.ඇත්තෙන්ම සියලුම දෙනා මෙම ලේඛකයා මෙනි.උදාහරනයකට බන්ඩාර්නායකගේ හෝ ජයවර්ධනගේ මී මුත්තා මෙන් ඊනියා පාවාදීම මගේ මුත්තා නොකළේ මගේ මුත්තා ඔවුන්ට වඩා දේශප්‍රේමියකු හෝ ආගමාලයෙන් යුතු වූවකු නිසා නොවේ.පාවා දෙන කලාව ඔහු නොදැන සිටියේය.පෘතුගීසි භාෂාව ඉගෙන කතෝලික වී උසස් තනතුරු ලබන සිස්ටම් එක ඔහු නොදැන සිටියේය.සමහර විට ඔහු මේ සිස්ටම් එක ගැන හෝදිසි කරන්නටද ඇත,එහෙත් බන්ඩයියලාගේ මුත්තා අගේ මුත්තා පළවා හරින්නට ඇත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා