මුළු රට ම ප්‍රජාතන්ත්‍රවාදයේ වැලිකන්දක් කරමු / Let us make entire Sri Lanka a Welikanda of democracy

(2011 ජුලි 25, W3Lankaජනතාවනි, ප්‍රජාතන්ත්‍රවාදයේ ආශ්චර්යය හදමු. මුළු රට ම වැලිකන්දක් කරමු.


වැලි කමු. ගල් රෙමු.

වැලිකන්දට විපක්‍ෂයක්‌ නෑ
අජිත් අලහකෝන් (දිවයින)

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට විපක්‍ෂයක්‌ නොමැති පළාත් පාලන ආයතනයක්‌ පෙරේදා පැවැති ඡන්දය නිසා බිහිවූ බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම්, ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා "දිවයින" ට කීය.

ඒ අනුව වැලිකන්ද ප්‍රාදේශීය සභාව විපක්‍ෂයක්‌ නොමැති පළමු ප්‍රාදේශීය සභාව බවට පත්වන බව ද මෛත්‍රිපාල සිරිසේන මහතා කීය.

වැලිsකන්ද ප්‍රාදේශීය සභාවට මන්ත්‍රී ධුර නවයක්‌ හිමිව ඇතැයිද ඉන් මන්ත්‍රී ධුර අටක්‌ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට හා එක්‌ මන්ත්‍රී ධුරයක්‌ ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයට බව ද කී මෛත්‍රිපාල සිරිසේන මහතා එම මන්ත්‍රී ධුරයද එජනිසයට සහාය දක්‌වන බව කීය.



මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. පාලු ගෙයි වලං බිදීමට දරන උත්සාහය හෙලා දකිමු!

    ReplyDelete
  2. හෙලා දකිනවා කියලා මෙහෙමත් හෙලා දකින්න පුළුවනෑ.. මට නං දැං හෙලා දැකලම ඇති වෙලා.. දැං ඔහේ බලං ඉන්නවා...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා