කුඹුරට බැස්ස සපත්තු බල්ලුක
(2011 ජුලි18, W3Lanka) මේ ජේ.ආර්. සපත්තු දමාගෙන කුඹුරට බැස්සා ය, රාජිත සේනාරත්න ගොවියන්ට ඩෙනිම් අන්දන්න යෝජනා කළා ය කියා හිනා වුණ කට්ටියගෙන් එක්කෙනෙකි.
මේ සරම ඩෙනිමකට වඩා ගණන් ය. සපත්තු අමුතු ම ජාතියකි. ගෝල බාලයන්ට සපත්තු නැත. උන්ගේ ඇස් බොස්ගේ කකුල් දෙකේ ය. කූඩැල්ලෙකුවත් එල්ලුණොත් ඌ මකවන්නට ය.
ගිය සතියේ පාරේ යද්දී මා දුටු දෙයක් වන්නේ තාර දාන මිනිහෙක් සපත්තු නැති නිසා කකුල් පිළිස්සීම වළක්වන්නට දෙපාවල පරණ පොහොර උර ඔතා ලණුවලින් බැඳගෙන වැඩ කරන අන්දමයි.
කුණු අදින මිනිසුන්ට අත් වැසුම් නැත. පාරේ වාහන හසුරුවන පොලිස් රාළහාමිලාට මුඛ වැසුම් නැත. (බොහෝ රාළහාමිලා කතා කරන්නට නො දන්නා නිසා මුඛ වැසුම්වල ප්‍රයෝජනවත්කම වැඩි වේ.)
ගොවීන්ට සපත්තු අවශ්‍ය ය. එසේ තිබෙනවා නම් ලෙප්ටස් පයිරෝසිස් හෙවත් මී උණෙන් මිය යන ගොවීන් සංඛ්‍යාව අඩු කර ගත හැකි ය. වසරකට සියයතට අධික පිරිසක් මී උණෙන් මිය යති.
අද කාලයේ කුඹුරු යනු කුඹුරට සෙරෙප්පු දමාගෙන යාම පවා පිළිකෙව් කළ අපේ සීයලාගේ කාලයේ කුඹුරු නො වේ. රසායනික පොහොර හා පලිබෝධ නාශක ඇනූ පොළවකි.
ගොවීන්ට සපත්තු ලබා දෙනු!
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

මේ ගම් බූට්ස් හෙවත් වෙලින්ග්ටන්ස් නේද?
ReplyDeleteදියවැඩියා කාරයෙක් විය යුතුයි!
මේ පින්තූරේ දැක්කම පුදුම හිතුණ. අපේ ගම්වල වුණත් අදටත් හරියට ගොවිකම් කරන මිනිස්සු සෙරෙප්පුවක්වත් දාගෙන කුඹුරට බහින්නෙ නෑ. රසායනික පොහොර, පලිබෝධ නාශක පාවිච්චි කළත් පාවහන් දාගෙන කුඹුරට බැසීම ඒ මිනිස්සු කරන්නෙ නෑ.
ReplyDelete"අද කාලයේ කුඹුරු යනු කුඹුරට සෙරෙප්පු දමාගෙන යාම පවා පිළිකෙව් කළ අපේ සීයලාගේ කාලයේ කුඹුරු නො වේ. රසායනික පොහොර හා පලිබෝධ නාශක ඇනූ පොළවකි"
ReplyDeleteහරිත විප්ලවයෙන් පස්සේ ලෝකේ වෙනස් උනා. එත් එක්කම කටවල් ගාන වැඩිඋනා . වගා කරන්න පුළුවන් ඉඩම් වතුර නැතුව හරි, සංවර්ධන වැඩ නිසා හරි, වෙනත් හේතුවකට හරි බෝග වගාවෙන් ඈත් උනා. සම්ප්‍රදායික අඩු අස්වනු බෝග වලින් මේ මිනිස්සුන්ට කන්න දෙන්න අමාරුයි. ඉතින් පලිබෝධ වලට, පෝෂක වලට ගොඩක් සංවේදී වැඩි අස්වනු බෝග නිපදවුණ. එහෙම වෙලත් ලෝකේ වැඩි හරියක් බඩගින්නේ. පරණ ක්‍රමේට ගොවිතැන් කරලා ඔක්කොම බඩවල් පුරවන්න අමාරුයි. මේ ධනවාදී ක්‍රමේට විකල්ප ගොවිතැන් කරමයක් ලෝකේ නැ. චීනෙට, උතරු කොරියාවට, හරි ඇමෙරිකාවට යුරෝපෙට බනින චාවෙස්ටවත්, ක්රස්තොට වත් නැ.
ගොවියන්ට සපත්තු යෝජනා කරට අමනාප නැ. එත් පොහරට , කෘෂි රසායන වලට බැනල කුමන්ත්‍රණ කාරයෙක් වෙන්න එපා.
koodellan makawannata kalina dimu jokaraya makawa huranta onaya.
ReplyDeleteකලකට ඉස්සර නම් ඔය මහත්තයත් නිරුවත් දෙපයින් කුඹුරු කොටන්න ඇති.වයස සහ සමාජ තත්වය නිසා අද මෙහෙම වෙලා ඇති.
ReplyDeleteකියන්න වදන් නැත, හිනා වෙන්නෙ කොතනින්දැයි සිතා ගත නොහැක ......
ReplyDeleteMod ගොවියා...
ReplyDelete